බැදුම්කර වංචාවේ ‘සුපිං විමර්ශන‘ මුලාවක්. පළමු රැස්වීමට සහභාගි වූවේ යැයි කියන කබීර්, මලික් අමාත්‍යවරුන්ගෙන් සත්‍ය සොයා ගත යුතුයි
Posted on October 8th, 2017

මාධ්‍ය ඒකකය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය

බැදුම්කර වංචාවට සම්බන්ධ තැනැත්තන් හදුණාගැනීමට පත් කළ ‘බැදුම්කර කොමිසම‘ රාජ්‍ය බැංකු බාර කබීර් හෂීම් අමාත්‍යවරයාත්, එදා කිසිම රාජ්‍ය තනතුරක් නොතිබුණු මලික් සමරවික්‍ර‍මත් අතහැර ‘අක්‍ර‍මිකතා පිළිබද වගකිව යුතු තැනැත්තා හෝ තැනැත්තන් හදුණාගන්නට උත්සහ දැරීම ‘ඇරලා බලන්න ලයිෂන් තිබිය දී ඔබලා බලන කොමිෂන් වැඩක්‘ යැයි  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 

අද රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් තෙන්නකෝන් මහතා ප්‍ර‍කාශ කළේ ගැසට් නිවේදනයට අනුව ‘ රාජ්‍ය බැංකු විෂය භාර අමාත්‍යවරයා කබීර් හෂීම් මහතා යි.  මහ බැංකුව තියෙන්නේ අග්‍රාමත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා යටතේ යි.  එසේ තිබිය දී, නමට පමණක් මුදල් ඇමති රවී කරුණානායක මහතා පිටින් සියළු කුණු යවා ‘බැදුම්කර මහ මගඩිය‘ යට ගැසීමට උත්සහ දරනවා.  අප කථා කරන්නේ රුපියල් බිලියන 12 කට වැඩි වංචාවක් පැය 72 ක දී සිදු වූ විෂයක් ගැනයි.  සේවක අර්ථසාධක අරමුදල ඇතුලු ලංකාවේ වැඩ කරන පන්තියේ ජනතාවට සිදු වූ පාඩුව ගැන තවම අදහසක් හෝ නෑ.  කොමිසම පත් කළේ මේ ‘අක්‍ර‍මිකතාවන්ට සම්බන්ධ වී ඇති තැනැත්තන් හදුණාගැනීමටයි‘.  එහෙම නැතිව ඇලෝසියස් ගේ මුදලින් නිවාස මිලදී ගත්, ව්‍යාපාර සිදුකරන පුද්ගලයින් හදුණාගැනීමට නොවෙයි. රවී ගේ ශරීර කුඩුවට මුවා වී මහ මගඩිය පිටුපස සිටි පුද්ගලයින් සැගවීමට ඉඩ නොදිය යුතුයි.  කබීර් හෝ මලික් බැදුම්කර වංචාවට අදාළ මුල් රැස්වීමට සම්බන්ධ වූයේ කෙසේද? ඒ සදහා ඔවුන් පෙළඹවූයේ කවුරුන්ද? යන්න හෙළදරව් කර ගැනීම වැදගත්.  ඔවුන් දෙදෙනා ද මෙම අක්‍ර‍මිකතාවට සම්බන්ධ නොවන්නටත් හැකියි. නමුත්, ඔවුන් ඉහළම වැදගත්කම ඇති සාක්ෂිකරුවන් බව නම් පැහැදිලියි. 

බැදුම්කර මගඩිය පටන්ගන්නේ කබීර් හෂීම් හා මලික් සමරවික්‍ර‍ම දෙදෙනා සිටින රැස්වීමකින් බව කෝප් කමිටුවෙත්, විගණන වාර්තා හා බැදුම්කර කොමිසමේ අනාවරණය වී තිබෙනවා.  ඒ බව රටම දන්නවා. හැබැයි තවමත් කබීර් හෂිම් හෝ මලික් සමරවික්‍ර‍ම කොමිසම හමුවට ගෙන්වා නෑ.  ඔවුන්ට තමන් දන්නා කරුණු හෙළි කිරීමට අවස්ථාවක් ලබාදීමට කොමිසම කටයුතු කළ යුතුයි.  අනෙක් අතට, මෙය ඔවුන් දෙදෙනා පටවලා වෙනත් අයෙකුට ගැලවීයාමට ලබාදුන් අවස්ථාවක් නම් එය ද හෙළිදරව් කර ගැනීම කොමිසන් සභාවේ රාජකාරියක්.  මහ බැංකුවේ මධ්‍ය මට්ටමේ නිලධාරීන්ට ලැබෙන ප්‍ර‍මුඛත්වය හෝ ප්‍ර‍මුඛ දේශපාලනඥයින්ට ලැබී නැ.     

රවී කරුණානායක මහතා පෙන්වා මේ වංචාවේ මහ මොළකරුවන් ගැලවී යාමට උත්සහ දරන බවක් පෙනෙන්නට තිබෙනවා.    මේ වන විට මහ බැංකු වංචාව පිළිබද චෝදනා එල්ල වී ඇති මහ බැංකු නිලධාරියෙකුට රජයේ උපදේශක පත්වීමක් ලබා දෙන්නට සුදානම් වෙනවා.  බැදුම්කර කොමිසම තවත් සති 2 කින් සිය කටයුතු අවසන් කළ යුතුයි.  කොමිසම හෙමින් හෙමින් ඉනිමග නැගලා, අන්තිම පඩි දෙක තුනට ඉස්සර ඉණිමග පෙරළිය යුතු නෑ.  රටම බලාගෙන ඉන්නවා. ලෝකයම බලාගෙන ඉන්නවා.  යහපාලන රජයේ දුෂණ විරෝධය ඇත්තක් ද? බොරුවක් ද? කියලා.  ඇස්බැන්දුමක් ද? කියලා.

පරිගණක දත්ත විනාශ කිරීම, දුරකථන දත්ත විකෘති කිරීම ගැන රහස් පොලිස් පරීක්ෂණ සිදුවීම හොදයි.  නමුත්, සැබෑ ලෙසම අපරාධ පරීක්ෂණයක් ඇරඹිය යුත්තේ බැදුම්කර කොමිසම විසින් අනාවරණය කර ගන්නා තැනැත්තන් පිළිබදවයි.  ‘සූපිං කෑලි‘ පිළිබද කථා ඇස්බැන්දුමක් නොවිය යුතු යැයි ද, තෙන්නකෝන් මහතා පැවසීය.

මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය

2017 ඔක්. 8

One Response to “බැදුම්කර වංචාවේ ‘සුපිං විමර්ශන‘ මුලාවක්. පළමු රැස්වීමට සහභාගි වූවේ යැයි කියන කබීර්, මලික් අමාත්‍යවරුන්ගෙන් සත්‍ය සොයා ගත යුතුයි”

  1. Ratanapala Says:

    There is enough evidence before the public as well as in front of the law enforcing authorities to arrest and remand several individuals pending further investigations and subsequent trials before courts of Law. There is enough material now in the public sphere for the Attorney General’s Office to file charges against all those implicated, as the money involved run into Billions. It is only the other day at Hambantota several were arrested and put in remand prison for damaging public property.

    The reasons as to why this has not been done, now even after nearly two and half years since the first scam coming to light is a mystery. Or is it really a mystery knowing the forces at play? The perpetrators of the crime went onto a repeat performance on 29 March and 31 March 2016.

    The people, the citizenry of Sri Lanka has been robbed and now they are paying for the losses through higher taxes, increased interest rates, the sale of national assets etc. Apparently every single individual in Sri Lanka – now over 22 Million are indebted to the tune of Rs 50,000 because of this day light robbery. This is public money, public property and as far as I know non-bailable offenses.

    The people of Sri Lanka are waiting with baited breath when among others those named as AA, AM, RK, Hon RW, Charlie,Little Johnny, Kanishka etc will be arrested and arraigned for the alleged crimes.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress