සියළුම හෙද නිළධාරීන් සඳහා 1 ශ්‍රේණියේ උසස් වීම්
Posted on October 8th, 2017

සමස්ත ලංකා හෙද සංගමය.

ජනක සුගතදාස මහතා
ලේකම්
සෞඛ්යෙ හා දේශීය වෛද් අමාත්යංශය
කොළඔ 10

මහත්මයානනි,

මුල් පත්වීමේ දින සිට සේවා කාලය වසර 12ක් සම්පූර්ණ කළ සියළුම හෙද  නිළධාරීන් සඳහා 1 ශ්රේණියේ උසස් වීම් ලබා ගැනීම

මෙරට 33000 පමණ  වන සමස්ථ හෙද කාර්ය මණ්ඩලය සැලකූ විට ඔවුන්ගේ විවිධ හෙද කණ්ඩායම් අතර වැටුප් විෂමතා ගණනාවක් නිර්මාණය වී තිබේ. ඒ තුල ඔවුන්ට ශ්‍රේණිගත උසස්වීම් සඳහා ගතකළ යුතු කාළය පිලිබඳව කර ඇති වෙනස්කම් නිසා සිදුව ඇති වැටුප් විෂමතා මෙන්ම, නව හෙද ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කිරීමේදී ශ්‍රේණිගත උසස් වීම් සඳහා කාළය වැඩිකිරීම මගින්ද වැටුප් විෂමතා ගණනාවක් නිර්මාණය කර ඇත. මේතුල හෙද හෙදියන් අතර වැටුප් අර්බුද ගණනාවක් හට ගෙන ඇත.

මෙම වැටුප් විෂමතා අතරට එක්වන අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ අමප /12/0074/509/003හා 2014/07/04 දිනැති ලිපියෙන් 2014/06/19 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප‍්‍රතිපත්තිමය කරුණක් ලෙස සලකා 2001/10/11 දින සිට 2005/12/31 දින දක්වා හෙද සේවාවේ 11 ශ්‍රේණියේ වසර 07 ක සක‍්‍රීය හා සතුටුදායක සේවා කාළයක් සහිත, මුල් පත්වීමේ දින සිට වසර 12ක සේවා කාළයක් සම්පූර්ණ කරන හෙද නිළධාරීන් 1 ශ්‍රේණියට උසස් කිරීමට ගෙන ඇති තීරණය නිසා හෙද සේවාවේ පැවති වැටුප් විෂමතා ගැටළු තවත් වැඩි වර්ධනය කර තිබේ.

ඉන් අනතුරුවද අමප/12/0358/509/015හා 2014/09/19 දිනැති ලිපියෙන් දැනුම්දුන් 2014/09/04 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද ප‍්‍රතිපත්තිමය කරුණක් සේ සලකා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ නිර්දේශයෙන් 2006/01/01 දින සිට 2010/10/31 දින දක්වා ඉහත උසස්වීම් සඳහා තවත් හෙද කණ්ඩායම් කීපයකට අවස්ථාව ලබාදී ඇත.

ඉන් පසුව හෙද සේවාවේ ඇති වී ඇති වැටුප් විෂමතා නිවැරදි කරන ලෙස ඉල්ලා හෙද වෘත්තීය සමිති ගෙන ගිය වෘත්තීය ක‍්‍රියාමාර්ග හමුවේ 2017/05/02 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නැවතත් ප‍්‍රතිපත්තිමය කරුණක් සේ සලකා අමප/16/1188/718/052හා2017/05/10 දිනැති ලිපියෙන් 2001/10/11 දිනට පෙරාතුව සිටි හෙද කණඩායම් සඳහාද වසර 12න් 1ශ්‍රේණියේ උසස්වීම ලබාදීමට කටයුතු කර ඇත.

මේවන විට හෙද සේවාව තුළ 2010/11/01 දිනෙන් පසුව මුල්පත්වීමේ දින සිට වසර 12 ක සේවා කාළය සම්පූර්ණ කළ හෙද නිලධාරීන් 4000කට ආසන්න පිරිසක් සිටී. නමුත් ඔවුන්ට 1ශ්‍රේණිය ලබා දී ඇත්තේ වසර 15 කිනි. ඔවුන් සඳහා ඉහත ක‍්‍රමවේදය අනුව උසස්වීම් ලබා දීමට කටයුතු කර නැත. එය ඔවුනට සිදුකර ඇති අසාධාරණයකි.

ඒ අනුව එම පිරිස් සඳහාද ඉහත උසස්වීම් ලබාදී ඇති ප‍්‍රතිපත්තිමය කරුණක් සේ සලකා ගෙන ඇති තීරණය පදනම් කරගෙන ඔවුන්ටද මුුල් පත්වීමේ දින සිට වසර 12 සම්පූර්ණ කිරීම මත 1වන ශ්‍රේණියේ උසස්වීම ලබා දීමට ක‍්‍රියා කරන මෙන් ඉල්ලා සිටිමු.

(මෙයට එරෙහිව 2017/10/10 වන දින පෙ.ව 10 ට බොරුල්ලේ පිහිිටි මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා සංගමය කටයුතු සූදානම් කර ඇති අතර ඉදිරියේදී වෘත්තීය අරගලයක් සඳහා සැලසුම් කර ඇත. 

ස්තුතිය.

මෙයට,

හෙද නිළධාරි ගාමිණී කුමාරසිංහ

සභාපති

සමස්ත ලංකා හෙද සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress