බෙදුම්වාදී ව්‍යවස්ථා එපා – ජාතික සමුළුව – ඔක් 19 – මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී
Posted on October 18th, 2017

බෙදුම්වාදී නව ව්‍යවස්ථාවට එරෙහි ජන සමුළුව

– ඔක් 19 – මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සවස 3 ට
මාතෘභූමියට හිතැති ඔබත් එන්න…

ලංකාව ඔරුමිත්ත නාඩුවක් [ෆෙඩරල් රටක්] කිරීමේ යෝජනා

 ‘ශී‍්‍ර ලංකා ජනරජය එ්කීය රාජ්‍යයකි’ යන වර්තමාන ව්‍යවස්ථාවේ සරල නිරවුල් 2 වන වගන්තිය,
”ශී‍්‍ර ලංකාව නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජයක් වනු ඇති අතර ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල කි‍්‍රයාත්මක කරන මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්විත වන එ්කීය රාජ්‍යයක් / ඔරුමිත්ත නාඩු වනු ඇත.”

    යනුවෙන් වෙනස් කිරීමට යෝජනා කර ඇත. මේ ආකාරයට ව්‍යවස්ථාවේ සිංහල හා ඉංගී‍්‍රසි පිටපත්වලට පවා ෆෙඩරල් රට යන අරුත දෙන ‘ඔරුමිත්ත නාඩු’ යන දෙමළ වචනය යෙදීමෙන් මේ නව ව්‍යවස්ථා සම්පාදකයන් ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කිරීමට මෙන් ම සිංහල ජනයා රවටමින් බෙදුම්වාදීන් පිනවීමට මොනතරම් ප‍්‍රයත්නයක් දරනවා ද, එ් සඳහා මොනතරම් අධම නීච කි‍්‍රයාවන්හි පවා නිරත වනවා ද යන්න පෙන්නුම් කෙරේ.

  • නමින් පමණක් නොව ව්‍යූහාත්මක ව ද ශී‍්‍ර ලංකා එ්කීය රාජ්‍යය විනාශ කිරීම සඳහා අවශ්‍ය සියලූ ප‍්‍රතිපාදන යෝජනා කෙරී ඇත. පළාත් ආණ්ඩුකාරවරයා එ් එ් පළාතේ අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් මත කටයුතු කළ යුතු බව නිර්දේශ කිරීම, පළාත් ප‍්‍රඥප්තියක් සම්බන්ධයෙන් ආණ්ඩුකාරයාට වූ තීරක බලය අහිමි කිරීම, සමගාමී ලැයිස්තුව (එ් එ් පළාත් සභාවට හා මධ්‍යයට එක ලෙස මැදිහත් විය හැකි විෂය ලේඛනය* අහෝසි කිරීම. නැතිනම් දැඩි ලෙස සීමා කිරීම හා ජාතික ප‍්‍රතිපත්ති යන විෂයය සංවෘත්ත ලැයිස්තුවෙන් (මධ්‍යම රජයේ විෂයක් වීමෙන්* ඉවත් කිරීම ඉන් ප‍්‍රධාන ය. මේ අනුව පාලනයකින් තොර ව පළාත් මහ ඇමැතිවරුන් හට විධායක බලය කි‍්‍රයාවට නැ`ගීමේ අවකාශය විවෘත ව ඇති අතර මහජන සාමය හා නීතිය, ඉඩම්, කෘෂිකර්මය, ධීවර කටයුතු, අධ්‍යාපනය, සෞඛ්‍ය, වෙළෙඳාම ආදී වශයෙන් එදිනෙදා ජන ජීවිතය හා බැඳුනු විෂයන්ට මැදිහත් වීමේ අවකාශය පවා මධ්‍යම රජයට සහමුලින් ම අහිමි කර ඇත. 

 

  • ලාල් විජේනායක කමිටු වාර්තාව ම`ගින් දෙ වන පරිච්ෙඡ්දයේ ‘බුද්ධාගම’ යන මාතෘකාව ‘ආගම’ ලෙස වෙනස් කිරීමට, ලංකාව අනාගාමික රාජ්‍යයක් කිරීමට කර තිබූ යෝජනාවල පටන් මේ තාක් සියලූ අතුරු වාර්තාවන්හි දැනට ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන 9 වන වගන්තියට යෝජනා කර ඇති සියලූ විකල්ප යෝජනා මඟින් අපේක්ෂා කළේ දැනට බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති ප‍්‍රමුඛතාව හා ආරක්ෂාව අහිමි කිරීම ය. මේ යෝජනාවලියෙහි ද විකල්පයක් ඉදිරිපත් කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ එ් අරමුණ ඉෂ්ට කරගැනීමට ය. ශී‍්‍ර ලංකාව එ්කීය රාජ්‍යයක් නොවුනහොත් මේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන වගන්තිය කි‍්‍රයාවට නැ`ගිය නොහැකි බැවින් එය ව්‍යවස්ථාවේ තිබුණ ද එය අර්ථශූන්‍ය වනු ඇත. මේ නිසා රටේ එ්කීය ව්‍යූහය විනාශ කරන අතර සිංහල බෞද්ධ ජනයා නැවැත රැුවටීමට ලක්කරනු පිණිස මේ වගන්තිය එ ලෙස ම තබා විශාල ඝෝෂාවක් නැ`ගීමේ උපක‍්‍රමයට ද බෙදුම්වාදීන් යොමුවීමේ ඉඩක් පවතී.

 

  • මේ යෝජනාවලියෙහි ‘විධායකය’ යන ශීර්ෂය යටතේ දක්වා ඇති අදහස් ඉතා අපැහැදිලි ය. ජනයා සිය විධායක බලය පරිහරණය කරන්නේ කෙසේ දැ යි (ජනාධිපති මගින් ද අගමැති මගින් ද? විධායක බලය කා කා අතර කෙසේ බෙදේ ද?) එහි කිසි ම පැහැදිලි කිරීමක් නැත. එහෙත් පළාත සම්බන්ධ ව විධායක බලය පළාතේ අමාත්‍ය මණ්ඩලයට පැවරෙන තත්ත්වයක් තුළ මේ අරාජිකත්වය බෙදා වෙන් වීමේ වුවමනාවන්ට සේවය කරනු ඇත.

 

  • එක් පක්ෂයක අපේක්ෂකයකුට ද වෙනත් පක්ෂයකට ද ලෙස එකිනෙකට පටහැනි ඡුන්ද දෙකක් දැමිය හැකි ඡුන්ද ක‍්‍රමයක් යෝජනා කිරීම මඟින් හා අනුපාත ගණනය කිරීම පළාත්/ජාතික මට්ටම් අනුව කළ යුතු බවට යෝජනා කිරීම මඟින් ජාති, ආගම්, කුල ආදී සකලවිධ සමාජ බෙදීම් මතු කිරීමට ද බෙදී බෙදී ගිය, ස්ථාවර රජයක් පිහිටුවිය නොහැකි පාර්ලිමේන්තුවකට ද මඟ සලසා ඇත. අවසාන ප‍්‍රතිඵලයේ සමානුපාතිකත්වය තහවුරු විය යුතු බවට කරන යෝජනාවෙන් මධ්‍යයේ ප‍්‍රබල ආණ්ඩුවක් නොපිහිටෙන බව තවදුරටත් තහවුරු කර ඇත.

 

  • රජයේ ඉඩම් සම්බන්ධයෙන් කර ඇති නිර්දේශ අනුව මධ්‍යම රජයට මැදිහත් විය හැක්කේ මධ්‍යම රජයේ (සංවෘත ලැයිස්තුවේ ජාතික ආරක්ෂාව, විදේශ සබඳතා, ජාත්‍යන්තර වෙළෙඳාම වැනි)  කටයුතුවලට අදාළ ඉඩම් සම්බන්ධයෙන් පමණි. සෙසු සියලූ කරුණුවලට අදාළ ව රජයේ ඉඩම් පරිහරණය කෙරෙන්නේ පළාත් සභාවේ අභිමතය පරිදි ය. විවිධ සංවර්ධන ව්‍යපෘති ම`ගින් ජනයාට ඉඩම් ලබාදීමේ දී පළමුව එ් ග‍්‍රාමසේවක කොට්ඨාශයේ ද දෙවනුව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ ද තෙවනුව දිස්ති‍්‍රක්කයේ ද ඉන් අනතුරුව පළාතේ ද ඉඩම් අහිමි ජනයාට ප‍්‍රමුඛත්ව හිමිවිය යුතු බව නිර්දේශ කර ඇත. කොළඹ, ගම්පහ දිස්ති‍්‍රක්කයන්හි 20 ලක්ෂය ඉක්ම වූ ජනගහනයක් ද මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, වවුනියා දිස්ති‍්‍රක්ක හැර අන් හැම දිස්ති‍්‍රක්කයක ම 5 ලක්ෂය ඉක්මවූ ජනගහනයක් ද සිටිය දී එකී දිස්ති‍්‍රක්කයන්හි වසනුයේ ලක්ෂයකට අඩු ජනගහනයකි. අනිකුත් දිස්ති‍්‍රක්කවල ජනයා අධික ජනඝනත්වයෙන් පීඩා විඳිද්දී සංවර්ධනය කළ හැකි විශාල භූමිභාග සහිත ඉහත දිස්ති‍්‍රක්කයන්හි ඉඩම් එ් එ් දිස්ති‍්‍රක්කවල ජනතාවට ම – උතුරු පළාතෙහි ජනතාවට ම සිමා කර ගැනී ම මොනතරම් අසාධාරණ ද?

 

  • මේ යෝජනාවලියේ සඟවා ඇති කරුණු ද බොහෝ ය. මීට පෙර අතුරු වාර්තාවේ විස්තරාත්මකව දක්වා තිබූ පළාත් විසින් පොලිස් බලතල භුක්ති විඳින ආකාරය ගැන මේ අතුරු වාර්තාවේ වචනයක් වත් නැත. ග‍්‍රාම සේවා නිලධාරීන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ති‍්‍රක්ක ලේකම්වරුන් මධ්‍යම රජයෙන් ඉවත් කර පළාත් පරිපාලනය යටතට පත් කිරීමට, පළාත් අභිචෝදක තනතුරක්, පළාත් අද්වකාත් දෙපාර්තමේන්තුවක් හා පළාත් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවක් ඇති කිරීමට අනුපූරකතා මූලධර්මය යටතේ අනුකමිටු වාර්තාවල කර තිබූ යෝජනා ද මෙහි දක්නට නැත. එහෙත් අනුපූරකතා මූලධර්මය පිළිගන්නා බවත් එ්් අනුව බලය බෙදිය යුතු බවත් දක්වා ඇත!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress