රටට ආදරේ නම් ව්‍යවස්‌ථාවට ඡන්දය දෙන්න එපා – ඇල්ලේ ගුණවංශ හිමි
Posted on October 28th, 2017

ලසිත දුමින්ද උපුටා ගැන්ම දිවයින

රටට ආදරයක්‌ තිබේනම් යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙසට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ.
 
 ‘ලංකාව ඔරුමිත්තනාඩුවක්‌ නොකරනු – බෙදුම්වාදී ව්‍යවස්‌ථා එපා’ යන තේමාව  යටතේ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ ඊයේ (27 වැනිදා) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.
 
 රට වෙනුවෙන් කතා කරන චරිත ජාතිවාදීන් ලෙස නම් කර ඇතැයි පැවැසූ උන්වහන්සේ ජාතිවාදී වචනය ගෙනැත් තිබෙන්නේ කාලකන්නි දේශපාලනඥයන් යෑයි ද සඳහන් කළහ.
 
 වරදාන ලබා ගැනීමේ අරමුණින් රට පාවා නොදෙන ලෙසට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇමැතිවරුන්ගෙන් සහ ගමේ සුවඳ හඳුනන එක්‌සත් ජාතික පක්‍ෂ ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ.
 
 මේ වන විට හිතාගන්න බැරි අන්දමට විශාල මුදල් ප්‍රමාණයක්‌ රට තුළ සංසරණය වන බව ද, මුදලට රට සහ ජාතිය පාවානොදෙන ලෙසට සියලුම දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

2 Responses to “රටට ආදරේ නම් ව්‍යවස්‌ථාවට ඡන්දය දෙන්න එපා – ඇල්ලේ ගුණවංශ හිමි”

  1. Senerath Says:

    225 is better.
    පාර්ලිමේන්තුවට බෝම්බ 100ක් ගහන්න ඕනෑ – කෙහෙළිය

    මොහොමඩ් ආසික්
    පාර්ලිමේන්තුවේ බලතල නැති කරලා නාමික පාර්ලිමේන්තුවක් කරලා පළාත්වලට අසීමිත බලතල ලබා දෙන්න හදන මේ වගේ පාර්ලිමේන්තුවකට බෝම්බ එකක් නොව බෝම්බ සීයක් ගහන්න ඕන යැයි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.
    මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගේ නුගවෙල පිහිටි කාර්යාලයේදී අද 28 දහවල් පැවැති රැස්වීමකදී මන්ත්‍රීවරයා එසේ කීය.
    මෙහිදී තව දුරටත් අදහස දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.
    ශ්‍රී ලංකාව කියන්නේ ආසියාවේම වැදගත් රටයි ඒ නිසයි හැම කෙනාම මේකට ඇහ ගහගෙන ඉන්නේ. කිලෝමිටර් 65,000 ක මේ පුංචි රටේ තියෙන සම්පත් ගැන අපට වැඩිය හොඳට ඇමරිකාව දන්නවා.ඒ නිසයි මේ රට කෑලි නවයකට කඩල පාලකයන් නවයක් දාන්න සැලසුම් කරන්නේ . ඔවුනට කෙලින්ම වැඩ කර ගන්න පුළුවන් වන්නේ එතකොටයි. ඒ නිසයි ප්‍රභාකරන් ඉන්න කොටත් කීවේ අපට උතුර විතරක් මදි නැගෙනහිරත් ඕන කියලා.මේ ගෙනත් තියෙන ව්‍යවස්ථාවේ ටී.එන්.ඒ. එකේ යෝජනාවේ පැහැදිලිව තියෙනවා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න කියලා.මුළු ජාත්‍යන්තරයටම ඕන වෙලා තියෙනවා මේ රට කෑලිවලට කඩල වෙන් කරන්න එතකොටයි ඔවුන් සමඟ ගනු දෙනු කරන්න පුළුවන්. කොන්ද පණ නැති නායකයන් දාලා ඔවුන්ට යටත් වන කණ්ඩායමක් දාලා මේ රට ගෙනයන්න සූදානමක් තියෙනවා යැයිද මන්ත්‍රීවරායා මෙහිදී කීය.

  2. ranjit Says:

    Money can do wonders. Money and power is the motto of these evil creatures in our parliament today. They damn care about the people or their voices. Servants have become masters and play havoc with our lives. Murders, accidents, robberies, drugs galore in this beautiful land more than any other times due to the Yamapalanaya led by three traitors to our Motherland. Nobody should question Maha Sanga because they were the saviours of democracy and my motherland for generations in this country. Let’s hope Maha Sanga will save our motherland same like old times and bring peace to our beloved nation. Down with traitors. Get united to expel the evils from our country. This is the chance my dear sinhala brothers and sisters.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress