කොඳු ඇති සහ නැති නායකයෝ
Posted on December 5th, 2017

BY MALINDA SENEVIRATNE

හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග පහුගිය දා වේයන්ගොඩ උත්සවයකට සහභාගී වෙමින් මේ රටට කොන්ද පණ ඇති නායකයින් අවශ්‍යයි යැයි පැවසුවා.  

ඔව්.  අවශ්‍යයි.  හිතන දේ කියන, කියන දේ කරන, කරන දේ කියන, වංගු ගහන්නේ නැතුව, ඇල වෙන්නේ නැතුව, ඇඹරෙන්නේ නැතුව කෙලින් කතා කරන, කෙලින් වැඩ කරන අය අවශ්‍යයි. කොන්ද පණ ඇති නායකයෝ වගේ ම කොන්ද පණ ඇති වෘතිකයින්,  කොන්ද පණ ඇති රජයේ සේවකයින්, මාධ්‍යවේදීන්, ගුරුවරු, ආචාර්ය මහාචාර්යවරු අවශ්‍යයි.  

ඒ වගේ ම කොන්ද පණ ඇති පුරවැසියෝ අවශ්‍යයි.  

කොන්ද කෙලින් වුනාට මදි.  

චන්ද්‍රිකා ට කොන්ද පණ ඇති නායකයෙක් අවශ්‍ය වෙන්නේ රට හදන්න වත් දූෂණය වංචාව ට තිත තියන්න වත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න වත් නෙවෙයි.  එයාට ඒවා වැඩක් නැති බව 1994 සිට 2005 දක්වා හොඳට පැහැදිලි කෙරුව.  එයාට අවශ්‍ය වන්නේ (හැමදාම වගේ) සිංහලයා වගේම බෞද්ධයත් දුර්වල කරන්න. ඒ සුළු ජාතින් ගැන ඇතිවුන මහා කරුණාවක් නැත්නම් අනුකම්පාවක් නිසා නෙවෙයි, එයාගේ පන්තිය නැත්තම් පැලැන්තිය ආරක්ෂා කිරීම ට එය අනිවාර්යය කොන්දේසියක් නිසා.  

හොඳටම කෙලින් කොඳු තියෙන අය හොඳ වැඩ ම කරන්නේ නැහැ.  ඍජු කොඳු තියෙන අයට ජඩ වැඩ අකැපත් නැහැ. ජඩ වැඩ  නොකරන්නේත් නැහැ.  අවශ්‍ය කොඳු තියෙන හොඳ මිනිස්සු.  හොඳ මිනිස්සු (මම දකින විදිහට) තමන් ගැන නිවැරදි තක්සේරුවකින් ඉන්නේ.  තමන් ගැන මෙන්ම සමූහය ගැනද අවබෝධයක් තියෙනවා හොඳ මිනිස්සුන් ට.  වෛරය, ඊර්ෂ්‍යාව එයාලට නැහැ. සමූහයක් වෙනුවෙන් කැප වෙද්දී පුද්ගලික න්‍යායපත්‍ර නැහැ.  දන්න නොදන්නා දේ වගේම කල හැකි නොහැකි දේ ද දන්නවා.  බැරි දේවල් බාර ගන්නෙත් නැහැ කරන්න යන්නෙත් නැහැ — එත් පුළුවන් දේ අවංකව හැකි උපරිමයෙන් කරනවා.  මිනිසුන් අතර ඇති වෙනස් කම් දකින පිළිගන්න අතර සමානකම් පොදුකම් වලට වැඩි වටිනාකමක් දෙනවා. ඒ හැම ගුණාංගයක් ම ප්‍රගුණ කරන්න නම් කොන්දක් තියෙන්න ඕන.  මේ කිසි දෙයක් නැති  ඒත් කොන්දක් තියෙන නායකයින්ගෙන් රටට වැඩක් නැහැ.   අපට ඇත්තේ කොන්ද ඇද වෙලා තියෙන තක්කඩි නායකයෝ. 

තේරුම් ගත යුතු යමක් තියෙනවා.  අපට අවශ්‍ය විදිහෙ නායකයෝ උඩින් පාත්වෙන්නේ නැහැ. අවශ්‍ය විදිහේ නායකයෙක් ලැබෙන්නේ එවන් නායකයෙක් අවශ්‍ය රටකට, ජනතාවකට.  තක්කඩි ජනතාවකට, කොන්ද පණ නැති ජනතාවකට සුපිරි ගණයේ නායකයින් ලැබෙන්නේ නැහැ.  තක්කඩි නායකයින් ම ලැබෙනවා.  

ලැබී ඇති නායකයින් දිහා බලන කොට අපිට අපි මොන ජාතියේ ජනතාවක් ද කියල හිතා ගන්න පුළුවන් වෙනවා.  

එහෙනම් අපි වෙනත් ආකාරයක රටක්, ජනතාවක් බවට පත් විය යුතුයි.  ඇද වුනු කොඳු කෙලින් කර ගත යුතුයි.  නායකත්වය ගැන කතා කල යුත්තේ පසුව යි.

කියවන්න:
ශ්‍රේෂ්ඨාධිකරණය මහජන උවමනාව සහ දේශපාලන උවමනාව පටලවා ගෙන ද?
කොලේ ඉරාගෙන ඇඟේ හලාගන්නේ නැතුව ඉන්න නම්….
මැච්-ෆික්ස් කරල ඇප නැති කර ගැනීම

4 Responses to “කොඳු ඇති සහ නැති නායකයෝ”

  1. ranjit Says:

    Choura Rejina is history. Pointless answering her in any issue. She is an agent of the west. She has come back to divide our Sinhala population and the buddhist religion. She is evil in her heart. She must go back to England where she lives with her children and friends. She don’t have a place here in this country. She is a rejected person from Sri lankan society. We tell her to get lost.

  2. Kumari Says:

    The only leaders with backbones in today’s world are Russia’s Putin, Philippine’s Duterte, Syria’s Assad and the Chinese Government.

    The NWO killed Saddam Hussain, Gaddafi and helped oust our Rajapakse.

  3. SA Kumar Says:

    The NWO killed Saddam Hussain, Gaddafi and helped oust our Rajapakse & formed popat government for Western interest Only.

  4. aloy Says:

    Yes, we have no leader with a backbone. If not will he allow the selling of national assets in Hambanthota to foreign powers for good under any pretext, by traitors. People should remember those who raise their hands in favour in the parliament to confirm the sale.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress