ජනාධිපති මෛත‍්‍රී මැතිවරණ නීති කඩමින් රාජ්‍ය දේපල අවභාවිතයේ.. ලිඛිත සාක්‍ෂි සහිතව පැමිණිලි කෙරේ..
Posted on December 28th, 2017

– කුසල් පෙරේරා  lanka C news

මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාලව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන්නේ යයි ශ‍්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වෙත බවට ස්වාධීන මාධ්යවේදී කුසල් පෙරේරා මහතා විසින් දන්වා ඇත.

මැතිවරණ මහලේකම් කාර්යාලයට ලිපියක් යොමුකරමින් ඔහු එසේ චෝදනා පැමිණිලි කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය යොදා ගැනීමට විරෝධය දක්වමින් ඔහු විසින් යොමු කර ඇති ලිපිය මෙසේය.

මේ සමග යොමු කෙරෙන ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂය සහිත ලිපියෙන් ඉතා නිරවුල්ව හෙළි කෙරෙන අයුරු, ශ්‍රී.ල.නි.පයේ සභාපති ධූරය වෙනුවෙන් ඉටු කළ යුතු මැතිවරණ කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති ලේකම් කාර්යාලය යොදා ගන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයේ තරග වදින දේශපාලන පක්ෂයක් වන අතර එහි ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මැතිවරණ ප්‍රචාරක කටයුත්තකි.

ජනාධිපති මෛත‍්‍රී මැතිවරණ නීති කඩමින් රාජ්‍ය දේපල අවභාවිතයේ.. ලිඛිත සාක්‍ෂි සහිතව පැමිණිලි කෙරේ..

ඒ වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (දෙසැම්බර 28 වන දින) උදය වරුවේ පැවති මැතිවරණ ප්‍රචාරක උත්සවය සඳහා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සනත් වීරසූරියගේ අත්සනින් ආරාධනා ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ සහිතව නිකුත් කර ඇත.

මෙය සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ජනාධිපති රාජ්‍ය ආයතනයක් යොදා ගැනීමකි.

ඒ සමග මතුවන අනෙක් බරපතල කාරණාව වනුයේ මෙම උත්සවය වෙනුවෙන් මුදල් ප්‍රතිපාදනය කොතැනින් සිදුවූයේද යන්නය. එවගේම අද උදය වරුවේ මෙම උත්සවය සජීවීව ජාතික රූපවාහිනිය මගින් විකාශනය කෙරුණු බවද දැන ගන්නට ඇත.

එබැවින්,
1. ජනාධිපති ලේකම් කාර්යාලය මැතිවරණ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් යොදා ගැනීම
2. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ගාස්තුව සහ එම උත්සවය වෙනුවෙන් සිදු කළ අනෙක් වියදම් පිළිබඳව වහා පරීක්ෂණයක් පැවැත්වීම
3. ජාතික රූපවාහිනිය එම මැතිවරණ ප්‍රචාරක කාර්ය සඳහා යොදා ගැනීම
යන කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වහා පියවර ගත යුතු වන්නේය.

එකී පියවර පිළිබඳව නොපමාව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන මෙන්ද මෙයින් ඉල්ලමි.

 

One Response to “ජනාධිපති මෛත‍්‍රී මැතිවරණ නීති කඩමින් රාජ්‍ය දේපල අවභාවිතයේ.. ලිඛිත සාක්‍ෂි සහිතව පැමිණිලි කෙරේ..”

  1. Dilrook Says:

    Sirisena will be an exceptional president if he doesn’t misuse state funds. All previous presidents misused state resources for family and political party benefit. It is the norm (not the exception) in Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress