පලාත් පාලන මැතිවරණය හා ඡන්දදායකයාගේ භූමිකාව
Posted on December 29th, 2017

ආචාර්ය චන්දන ජයලත්

ළඟ එන පලාත් පාලන මැතිවරණය හමුවේ ඡන්දදායකයින් තම ඡන්දය පාවිච්චි කිරීමේදී සලකා බැලිය යුතු සාධක නැතහොත් පාදක කොට ගත යුතු නිර්ණායක කවරේද යන්න පිළිබ`ද වූ කතිකාව ඉතා ප්‍රාථමික මට්ටමක පවතී. සුපුරුදු ලෙස ජාතික තලයේ ප්‍රධාන දේශපාලන චරිත තුන හතරක් වටා ගෙතුනු මාතෘකා ඔස්සේ පලාත් පාලන මැතිවරණය ද දියාරු වෙමින් පවතී. එකිනෙකාට මඩ ගසා ගනිමින් යෙදෙන බංකොලොත් දේශපාලනයක නිරත කොල නිල් දේශපාලනයට දැන් මාතෘකා ද නැත. ලිංගික අල්ලස් හොරකම් චණ්ඩිකම් හැරෙන්නට කියන්නට තවත් යමක් ඉතුරුවී නැත. දැක්මක්, වැඩපිළිවෙලක්, දිසානතියක් නැත. පලාත් පාලන ආයතනයේ භූමිකාව ගැනවත් කථාවක් නැත. මේ අනුව ජනතාවක් තීන්දු ගත යුත්තේ කුමක් අරඹයා ද?

මේ වන විට ගස්, ගල්, තාප්ප, බිත්ති, වටා සිනහවෙන් දෝර ගලා යන මුහුණත්තට්ටු වලින් ඉල්ලා සිටින්නේ කුමක් ද? මනාපය පමණි. කසල කලමනාකරණය, නගර අලංකරණය, ආලෝකය හා උපයන වෙළ`ද හා වරිපනම් බදු මුදල් පෙරලා මහජන උපයෝගීතාව පිණිස යෙදවීම ඇතු`ඵ ජන ජීවිතයට සමීප බලපෑමක් ඇති කළ හැකි ඉතා වැදගත් කාර්ය භාරයක් මෙම ආයතනවලට පැවරේ. එහෙත් ටෙන්ඩර් මගඩි හරහා කොමිස් මුදලක් උපයා ගැනීම බඩගෝස්තරය කරගත් දැනට දේශපාලනයේ නිරත බොහෝ අයවලූන් නුසුදුස්සෝ බවට පත්වෙති. තවද, මස් වැද්දන්, කසිප්පු වෙලදාමේ යෙදෙන්නන්, ගස්, පස්, ගල් හා වැලි ජාවාරම්කරුවන් එම ආයතනවලට වද්දවා ගැනීමම ඔවුන්ට එම ව්‍යාපාර කිසිඳු අවහිරතාවකින් තොරව සිය`ඵ නීති කඩකරමින් කරගෙන යාමට අවශ්‍ය මහජන බලපත්‍රයක් දුන්නා හා සමානය.

සුපුරුදු ලෙසට ප්‍රදේශයේ ආසන සංවිධායකගේ හෙන්චයියන්ට ඡන්දය ස`දහා නාමයෝජනා ලබා දීමෙන් පැහැදිලි වන්නේ තම ස්ථාවරය පවත්වා ගැනීම් වස් තමන්ට හිතවත් වන්දිභට්ටයින්ගෙන් සමන්විත තෙවන ස්ථරය ගොඩ නගා ගැනීමට දරණ උත්සාහය නොවේද? මෙම තුප්පහි තු=ට්ටු දෙකේ දේශපාලන සංස්කෘතියකට නෑකම් කියන ශ්‍රී ලංකා යු.ඇන්.පී. හා ඒවායේ පරන කොටස්කරුවන් ට ජනතාව පාඩමක් උගැන්විය යුතුමය. එසේ නොවනා තාක්කල් ජනතාවට සිදුවන්නේ හූල්ලමින් උඩ බලා ගෙන සිටීමටය. වසර 70ක් තිස්සේ සිදුවූයේ ද එයමය. ඒ අනුව නව අදහස් සහිත තරුණයින්ට හා කාන්තා පාර්ශවයට වැඩි අගයක් ලබා දිය යුතුව ඇත. ඔහු හෝ ඇය ලබා ඇති අධ්‍යාපනය, පවුල් පසුබිම, නායකත්ව ගුණාංග හා විනය මෙහිලා වැදගත්ය.

ජනතාවට වඩාත් සමීප සෘජුවම බලපෑම් කළ හැකි ඉතා වැදගත් තීරණ ගන්නා කුඩාම දේශපාලන අධීකාරිය පලාත් පාලන ආයතනයයි. ඒ ස`දහා උගත් තරුණ බුද්ධිමත් ජවසම්පන්න නවකයින්ට අවෂඇථාව ලබා දිය යුතුමය. මළ ගෙවල් වල පා`ඵ කැපූ පමණින් කිසිවෙකු සුදුස්සෝ නොවෙති. ඉඳින්, අතීත කාමයෙන් නොපෙලී අතීතය ගුරු කොට ගනිමින් අනාගතය දෙස බලමු. අශඇවයින්ගේ දත් ගණන් නොකොට ආකලඇපමය වෙනසකට යමු. සුපුරුදු කතිරයෙන් බැහැර වෙමු. දෙපාරක් සිතමු. වෙනස් තීන්දුවක් ගනිමු. නව දේශපාලන ගමන් මගක් කෙරෙහි විශඇවාසය තබමු. අත්හදා බලමු.

2 Responses to “පලාත් පාලන මැතිවරණය හා ඡන්දදායකයාගේ භූමිකාව”

  1. Christie Says:

    කොහෙද බොලව් අපේම අත්තනගල්ලෙ මාතාව?

    කොල්ල තාම රැජිනගෙ අස්සයො නිව්යෝර්ක් වලින් ගේනකන් බලන් ඉන්නව වගෙයි.

    ගොන් සිරිසේනයට කොල්ල ගමට එනකන් ඉන්න බැහැ රුදාව.

    නෑ බොලව් මෝඩිය කියනව ඔය ගම් කෙලිය එච්චර ගනගන්න එපා කියල.

  2. Christie Says:

    කොහෙද බොලව් අපේම අත්තනගල්ලෙ මාතාව; විස්කි මැඩම්?

    විමුක්ති කොල්ල තාම රැජිනගෙ රත්තරන් අස්සයො නිව්යෝර්ක් වලින් එන්ගලන්තෙ ගාලට ගේනකන් බලන් ඉන්නව වගෙයි.

    ගොන් සිරිසේනයට කොල්ල ගමට එනකන් ඉන්න බැහැ රුදාව.

    සිරිසේනයට මතක නැහැ මගෙ මහ එකා කොල්ලවගෙම එන්ගලන්තෙ ඉඳල ඇවිත් තමයි ඉන්දියාවට පක්කලිකම් කෙරුවෙ.

    අද මූ ජනපතිය වෙලා ඉන්නෙ මගෙ මහ එකයි මමයි හින්ඳ.

    නෑ බොලව් මෝඩිය කියනව ඔය ගම් කෙලිය එච්චර ගනගන්න එපා කියල.

    මොකද ඕකත් දෙමලුන්ගෙ ජල්ලි කුටිටි ; ගොන්නු හීලැහරක් කරනව වගෙ සෙල්ලමක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress