ශ්‍රී ලංකාවට අනාගතයක් තිබේද ?
Posted on January 28th, 2018

ජානක පෙරෙරා 

ජාති භේදයෙන් තොරව, සමාජ මට්ටමින් තොරව අද මෙරට වර්තමාන තරුණ පරපුරේ වැඩි දෙනෙකුගෙන් ඇසුවොත් ඔවුන් කැමති රට හැර ගොස් පිට රට රැකියා කරන්නටය. සමහරු එසේ ගිය පසු නැවත නොඑති.  අද මෙරට ඔවුන්ට පැහැදිලි අනාගතයක් පෙනෙන්නට නැත.    
වසර 1980 ‘කළු’ ජූලියේදී බොහෝ දෙමල ජනයා මෙරට හැර ගියේ  මෙරටට නොමැකෙන කළු පැල්ලමක් එකතු කරමිනි. ඉන් උපරිම පල නෙලා ගත්තෝ කොටි ත්‍රස්තවාදීන් සහ ඔවුන්ට අනුබල දුන් අනෙකුත් බෙදුම්වාදී පිරිස්ය.    
පසුව 1987-90 ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂ භීෂණය  නිසාත් බෙදුම් වාදී යුද්ධය නිසාත් මෙරට හැම ජනවර්ගයකටම අයත් ජනයා  බොහෝ පිරිසක් රට හැර ගියහ.  එහෙත් ඒ ව්‍යසන දෙකම අවසන් වී වසර නවයක් ගෙවී ඇති නමුත් අද අප ලබා ඇති ප්‍රගතිය හෝ විමුක්තිය හෝ ජාතික එක්සත්කම කුමක්ද? එදාට වඩා අද චන්දදායකින් ඥානවන්තද? 
යමෙක් මොකක්‌ හෝ බරපතල වරදක් කිරීම නිසා යම් ලෙසකින් සිර දඬුවම් විඳ දේශපාලනයට අවොත් ඒ  “අපේ මිනිහා” කියා ඒ අමනයාට ත් චන්දය දෙන කාලකන්නි මෝඩ ජන පිරිසකුත් ඉන්න රටක් මේක. 
ලංකාවේ දේශපාලනය කරන්නේ නම් පක්ෂය කුමක් වුවත් ලජ්ජාව නැති කරගත යුතුය  , කබර හමක් තිබිය යුතුය  – සැබෑ මහජන මතය තඹේකටවත් ගණන් නොගන්න (තමන්ට වාසි නම් මිසක). 
දුෂණ චෝදනාවලට ලක්වී ඇති ඉහල මට්ටමේ දේශපාලන හොරුන් (කුමන පක්ෂයකට අයත් වුවත්) ඔවුන් උසාවියෙන් වරදකරුවන් වී වසර ගණනකට සිරගතවන බවක් පෙනෙන තෙක් මානයකවත් නැත 
මගේ කණගාටුව ලංකාවේ උපන්, උගතුන් යයි සිතාගෙන සිටින (ලංකාවේ හෝ පිටරට පදිංචි) ඇතැමුන්ට මේ  තත්වය නොවැටහීම හෝ වටහා ගැනීමට වුවමනාවක් නැතිවීමයි. පක්ෂපාතිත්වය ඉක්මවා සිතීමට ඒ උගත්කම ඔවුන්ට පිහිට වී නැත.  පිටරට හිඳගෙන මෙරට දේශපාලන පක්ෂ වල ශාඛා ඒ රටවල පිහිටුවාගෙන (එහෙත් මෙරට පදිංචියට ඒමට අදහසක් නැති නමුත්) ඒ ඒ පක්ෂවලට ආවඩන්නන්ට මා කරන ඉල්ලීම නම් ඔය ප්‍රෝඩාව නවත්වන ලෙසටයි.  මොකා බලයට ආවත් උන්ගේ විලම්බීත වලට මුහුණ දෙන්නේ මේ දිවයිනේ ජීවත්වන අප මිස ඒ රටවල භෞතික සම්පත් විඳිමින් නිදහසේ සිටින ඔබ නොවේ.
ඒ නිදහස ඔබේ අයිතියකි. එහෙත් මෙරට ඉන්නා නොයෙකුත් දේශපාලන තක්කඩින්ට අනුබල දීමෙන් ඔබ කරන්නේ මෙරට යුක්ති ගරුක පුරවැසියන්ගේ බුධියට නිග්‍රහයකි. එසේ නොවේ නම් ඔවුන්ගේ සැබෑ ප්‍රතිරූපය ඔබ ඔවුන්ටම පෙන්වා දිය යුතුය.  එය ඔබේ මව් රට වෙනුවෙන් කල හැකි ඉහලම සේවයකි. 

4 Responses to “ශ්‍රී ලංකාවට අනාගතයක් තිබේද ?”

  1. Dilrook Says:

    රට වෙනුවෙන් සිතා කටයුතුකරන අය අතලොස්සකි. එවැනි නියම දේශප්‍රේමීන්ට රටේ ජනතාව අතර තැනක් නැත. දේශපාලුවන් ජනතාවගේ ඇස් අන්ධ කර හමාරය.

    මහින්ද-වාදීන්ට මහින්ද පෙරමුණේ වැරදි නොපෙනේ. උන්ට ඔවුන් දෙවියන්ය.
    රනිල්-වාදීන්ට රනිල් පෙරමුණේ වැරදි නොපෙනේ. උන්ට ඔවුන් දෙවියන්ය.
    සිරිසේන-වාදීන්ට සිරිසේන පෙරමුණේ වැරදි නොපෙනේ. උන්ට ඔවුන් දෙවියන්ය.
    JVP -වාදීන්ට JVP පෙරමුණේ වැරදි නොපෙනේ. උන්ට ඔවුන් දෙවියන්ය.

    මේ සිව්බෑ ජටිලයන්ගෙන් ඔබ්බට සිතන්නට සිංහල චන්දදායකයාට අසීරුය.

    මෙවැනි තත්ත්වයක් යටතේ හොඳම ප්‍රතිඵලය උන් එකිනෙකා කා කොටා ගෙන එකිනෙකා දේශපාලනයෙන් නෙරපීමයි. ළදබොළඳ සිංහල චන්දදායකයා මෝඩයෙකු නොවේ. මෙවර චන්දයේදී ඔවුන් කරන්නේ මෙයයි. දේශපාලුවන් එක් වුනොත් සැමදාම උන් කෙළේ සමාදානයෙක් රට කොල්ලකෑමය. උන් බෙදී කා කොටා ගත් සෑම විටම වඩා ජනතා හිතැති පාලනයක් තාවකාලිකව පවා බිහි විය.

  2. Christie Says:

    සින්හලයාට අනාගතයක් ඇද්ද?

  3. Susantha Wijesinghe Says:

    NEHE

  4. Ratanapala Says:

    The conditions that led to the Russian Revolution in 1917 are similar to what we have in Sri Lanka. Corruption was sky high and those who were close to the Zsar enjoyed all the plums of the nation. People rose up in revolution leading to the extermination of hundreds of thousands of the corrupt of the land. This is not to say innocent people too were not caught up in the mayhem that followed and by the excesses of the Bolsheviks. How much corruption and unmitigated misuse of power can the nation tolerate? Is Sri Lanka walking towards a bloody end or will it go down quietly as a vassal state of India or of the Christian West?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress