අගමැතිට එරෙහි විශ්වාසභංගය සම්පූර්ණයෙන්ම සූදානම්.. තීරණාත්මක චෝදනා 14යි.. ජය ස්ථිරයි.. විස්තරේ මෙන්න..
Posted on March 5th, 2018

 lanka C news

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

අගමැතිතුමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව දැන් සම්පුර්ණයෙන්ම සකසා අවසන්. ඇතමුන් ප්‍රශ්න කරනවා මේ විශ්වාසභංගය ගෙන එන්නේ අගමැතිතුමන්ට එරෙහිවද නැතිනම් ආණ්ඩුවට එරෙහිවද කියලා. අගමැතිතුමන්ට එරෙහිව ගෙන ඒමේදී අනිවාර්යයෙන්ම එය ආණ්ඩුවට එරෙහිවද ගෙන ආ විශ්වාසභංගයක් වෙනවා. මන්ද අගමැතිතනතුර පුරප්පාඩු වෙනව කියන්නේ අමාත්‍ය මණ්ඩලයද විසිරී ගිහිල්ලා නව අගමැතිවරයෙක් සමග නව ඇමති මණ්ඩලයක් පත්කරන්න සිදුවෙනවා.

චෝදනා 14 කින් මෙම විශ්වාශභංගයට සමන්විතයි. මෙම විශ්වාසභංගයට සහය දෙන ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත්ජාතික පක්ෂය යන පාර්ශව තුනේම ප්‍රධානීන් එයට එකගතාවය පලකර තියෙනවා. අපි විශ්වාසකරන එහි අඩංගු කරුණු අනුව ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සංධානය රටේ පැත්තෙන් හිතලා ඉදිරිපත්කරන මේ විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදේවි කියලා.

අපි මුලින්ම බලාපොරොත්තු උනා තුන් පාර්ශවයෙන් අත්සන් එකතුකරලා මේ විශ්වාසභංගය භාරදෙන්නයි. නමුත් මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පාර්ශවයෙන් සහ එක්සත් ජාතික පක්ෂ පාර්ශවයෙන් ප්‍රකාශ කෙරෙනවා ඒ අය මේ අවස්ථාවේ මෙයට අත්සන් තබලා තමන්ව හෙළි කිරීම හරහා අගමැතිතුමා වෙනත් විශ්වාස භංග වලදී කටයුතු කල ආකාරයට මෙය පාර්ලිමේන්තුවේ විවාද කිරීමට යම් කාලයක් ලබාගෙන ඒ කාලය තුලදී අත්සන් කල මන්ත්‍රීවරුන්ට යම් බලපෑමක් කිරීමේ අවදානමක් තිබෙන බවට

ඒ නිසා අපි ඊයේ තීරනය කලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සහ විපක්ෂයේ අපත් එක්ක වෙනත් දේශපාලන පක්ෂ මන්ත්‍රීවරුන් එක් වෙනවා නම් ඔවුන්ගේ ද අත්සන් ලබාගෙන විශ්වාසභංග යෝජනාව භාර දීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාව විවාද කර අවසානයේ ඡන්දය විමසීමේදී මේ සදහා එකතුකර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ ඔවුන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට එරෙහිව අනිසි බලපෑම් එල්ල වීම වලක්වා ගැනීම සඳහායි.

ප්‍රශ්නය : විශ්වාසභංගය ඔබතුමන්ලා ජයග්‍රහණය කරයි කියා විශ්වාසයක් තියෙනවාද?

පිළිතුර : මේ රටේ ජනතාව මේ වසරේ පෙබරවාරි 10 වෙනිදා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයක් සම්මත කලා. මේ රටේ ජනතාවගෙන් 67% අගමැතිතුමන්ට හා එතුමන් නායකත්වය දෙන පක්ෂයට එරෙහිව ඡන්දය දී තිබෙනවා. ජනතාවගේ තුනෙන් දෙකක් අගමැතිතුමන්ට විරුද්ධ නම් පාර්ලිමේන්තුවේ දෙකෙන් පංගුවක් වත් විරුද්ධ වෙන් ණෑ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතා මතය නියෝජනය කරන් නෑ කියන එකයි. ඒ නිසා මම විශ්වාස කරනවා මන්ත්‍රීවරුන් මොන බලපෑම ආවත් එයට යට නොවී බිය නොවී ජනතා මතය පාර්ලිමේන්තුව තුල ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කටයුතු කරයි කියලා.

ප්‍රශ්නය : විශ්වාසභංගය කුමණ කරුණු මුල්කරගෙන සකසා තියෙන්නේ ?

පිළිතුර : විශ්වාසභංගය ප්‍රධාන වශයෙන්ම කේන්ද්‍රිය වන්නේ මහ බැංකු වංචාව සහ පසුගිය වසර තුන තුල ශ්‍රි ලංකා ආර්ථිකයේ සිදු වූ බරපතල කඩා වැටීමයි.

– අරවින්ද අතුකෝරල

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress