මහනුවර ගරිල්ලා ප්‍රහාරයේ සැගවුනු මුහුනු
Posted on March 12th, 2018

ලියුම්කරු කීර්ති රත්නායක

මහනුවර ජාතිවාදී ගිනිදැල් උත්සන්න වත්ම එක්සත් ජාතීන්ගේ දේශපාලන කොමසාරිස් ජෙෆ්රි ෆෙලෙට්ම්ර් ශ්‍රී ලංකාවේ දින 3ක සංචාරයක යෙදුනේය. මාර්තු මස 8 වන දින ඔහු කොළඹට සැපැත් වූයේය. රඛායන් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රහාර තිව්ර වෙත්ම ජෙෆ්රි ෆෙලෙට්ම්ර් මේ ආකාරයෙම සංචාරයක් මියන්මාරය තුලද කලේය. එය සිදුවූයේ පසුගිය වසරේය. 2017 මාර්තු 12 දින මියන්මාරයට එරෙහිව ඒ.ජා සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් විය . නමුත්  චීනය සහ රුසියාව ඊට එරෙහි වීම හේතුවෙන් ගෙන ආ යෝජනාව උඩින්ම පරාජය විය . මියන්මාරය අද එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ‘අපි තරහයි’ නාටකය රග දක්වමින් සිටියි  .මියන්මාරය විසින් එ.ජා නියෝජිතයන්ට  සියරටේ දොර දොර වසන්නේ ඒ අනුවය.
ජෙෆ් රි ෆෙලෙට්ම්ර් යනු කවුරුද? මොහු යුදෙව් ජාතිකයෙකි. මොහුට  අරාබි භාෂාව මනා ලෙස හැසිරවිය හැකිය . 1985 වර්ශයේදී මොහු අමෙරිකානු විදේශ  දෙපාර්තමේන්තුවට බැදුනි. එතැන් පටන් වසර 25 පමන සේවය කලේ මැද පෙරදිගය. අරාබි වසන්තය ව්‍යාපෘතියේ එක් මහ මොලකරුවෙකු වූයේ ජෙෆ්රි ෆෙලෙට්ම්ර්ය. අරාබි වසන්තය  පලමු අදියෙර දියත් කිරීමෙන් අනතුරුව ඔහු ඇමෙරිකානු විදේශ සේවයෙන් විශ්‍රාම ගත්තේය. 2009 වසරේ ඔහු එක්සත් ජාතීගේ සංවිධානයට බැදුනේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ඔහු සේවය කලේ නියර් ඊස්ට් ඩිවිෂන් නොහොත් මැදපෙරදිගය. නියර් ඊස්ට් ඩිවිෂන් එක හරහා  අරාබි වසන්තය අති සාර්ථක අවසානයක් දක්වා ‍රැගෙන ගියේය. 2012 වර්ශයේදී එක්සත් ජාතීන්ගේ දේශපාලන කොම්සාරිස් ලෙස උසස් වීමක් ලැබුනේය. ඒ මුස්ලිම් ජනයාට ඔහු කල සේවය ලෝක ව්‍යාප්ත කිරීම උදෙසාය.

ජෙෆ් රි ෆෙලෙට්ම්ර් සිරිසේන රනිල්, සම්බන්දන් ,හකීම්, රිෂාඩ්, කබීර් , ෆයිසර් සියල්ලන් මුන ගැසුනේය. කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටය.  එය මේ ආකාරයට සංශිප්ත කල හැක. 

දින 7 ක් පුරා මහනුවර වෙලා ගත් දැවැන්ත භීෂනයේ මහා මොල කරු අත් අඩංගුවට ගෙන ඇත.  මහසොන් බලකාය නම් අති බිහිසුනු සටන්කාමීගේ  අනුත්තර අනදෙන්නා මොහුය.උන්ගෙ ප්‍රමුඛ පෙලේ සටන්කාමීන් සියල්ල අත් අඩංගුවට ගෙන ඇත. මොවුන් අතර පුපුරණ ද්‍රව්‍ය පිලිබද විශේසඥයෙන් කිහිපදෙනෙකුද වෙයි.  සයිබර් අපරාධ පිලිබද  ජර්මන් සහ චීන විශේසඥයන්ගේද සහාය ලබා ගනිමින් පරීක්ෂණ අති සාර්ථකව ඉදිරියට ගමන් කරයි. සයිබර් විශේසඥයන්ගෙන්  සහ ෆේස්බුක් මූලස්ථානයෙන් ලද තොරතුරු අනුව දරුනු සටන්කාමීන් ගනනාවක්ම ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමට නියමිතය. අත් අඩංගුවට පත්වූ සැකකරුවන්ගෙන් 99% ප්‍රධාන ජන වර්ගය නියෝජනය කරන වුන්ය.රාජපක්ෂලාගේ  ගම්පෙරලිය සමග මොවුන්ගේ ඇති  සම්බන්ධතාවය විශේෂ කන්ඩායමක් විසින් විමර්ෂනය කෙරෙමින් පවතියි  

ආන්ඩුවේ වැඩ සටහන මුස්ලිම් සමාජයටත් ආනන්දජනකය. පරීක්ෂණයේ වාර්ථාව පිලිගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ලෑස්තිය. නමුත් මේතරම් ‍රැවටීමක් තවත් වෙත්ද? ආන්ඩුව විසින් අත් අඩංගුවට ගත්තා යයි කියන මහනුවර භීෂණයේ මහා මොලකරු හුජ්ජ කොල්ලෙකි. අති බිහිසුනු සටන් කාමීන්  යයි කියන මහසොන් බලකාය කරන්නේ උදේ ඉදන් රෑ වෙනතුරු ෆේස් බුක් කෙටීමය. පැට්‍රොල් බෝම්බ හදන හැටි දැක්වෙන වීඩියෝ ඕනෑ තරම් අන්තර් ජාලයේ ඇත. එවන් වීඩියො ශෙයා කල උන් බෝම්බ විශේසඥයන්ය.  පැහැදිලිවම ආන්ඩුව මේ කරන්නේ මුස්ලිම් ජනතාවට කොකා පෑමකි. සමාජ ජාලා වාරණය හරහා සැරසෙන්නේ දවසින් දවස කුජීතවන  ආන්ඩුවේ හෙලුව වසා ගැනීමටය.තානාපති කාර්යාල වල පිහිටෙන් රනිල්ගේ ආන්ඩුව තව දුරටත් පවත්වා ගෙන යාම සදහා යෙදූ උපක්‍රමයකි. මහනුවර කෝලාහලය දේශපාලන ගෝනි සෙල්ලමකි

2002 වසරේ චන්ද්‍රිකා රජය පෙරලීම සදහා ඇමක් ලෙස යොදා ගත්තේ මුස්ලිම් ජනතාවයි. මාවනැල්ල භීෂනය ඇතිවූයේ චන්ද්‍රිකා ජනාධිපති ස්මයේය . හකීම් අෂ් රොෆ් ඇතුලු මුස්ලිම් නායකයන් සිතුවේ මාවනැල්ලේ භීෂණය චන්ද්‍රිකා ගේ අනුදැනුව මත සිදුවූ බවය.ඒ අනුව මුස්ලිම් නායකයන්  චන්ද්‍රිකාගෙන් වෙන් වී රනිල් සමහ එක් වූයේය. ඒ සමගම එස්.බී දිසානායක ඇතුලු 17 දෙනෙකුගේ කල්ලියක්ද රනිල් සමග එක් වුනි.පාර්ලීමේන්තුවේ ඔලුගෙඩි  මාරුවකින් රනිල් බලය පැහැර ගත්තේය . සැබැවින්ම මාවනැල්ලේ සිද්ධිය පිලිබද කිසිම අයුරකින් චන්ද්‍රිකා ගෑවී නොතිබුනි.මාවනැල්ලේ  කෝලාහලයේ පසුබිම ඔර්ලෝසු කනුව අසල බුදු පිලිමයක් ඉදි කලේය. ‍රැයක් දවාලක් නොමැතිව ලවුඩ්ස් ස්පීකර් දමා පිරිත් කීමය. පසුව එය ගැ‍ටුමක් දක්වා වර්ධනය විය . මෙම කෝලාහලය මෙහෙය වූයේ මහීපාල හේරත් විසිනි . මහීපාල හේරත් ඉ‍ටුකලේ එස්.බී ගෙන් සහ රනිල් ගෙන් ලද කොන්ත්‍රාත්තුවකි. රනිල් එස්.බී ලා මුස්ලිමුන් රවටා ආන්ඩුවක් හැදුවේය 

 මේ කිසිවක් නොදත් අෂ්රොප්   චන්ද්‍රිකාට බිච් කියා දෝශාරෝපනය කලේය .අනතුරුව ටැක්සි  එම්.අයි 17 න් අම්පාරේ ගියේය.  ගිය අෂ්රොෆ් නොඑන ගමන් ගියේය. මස්ටර් මයිඩ් සැලසුම අනුව අෂ් රොප්ද ගැ‍ටුමේ වින්දිතයෙකු විය . 2014 දී අලුත්ගම කෝලාහලය නැවතත් රනිල්ට ආන්ඩුවක් හදා දුන්නේය .එය  මෙහෙය වූයේ චම්පික රනවකය නමුත්  සාලවනයේ රිලවා මෙන් ගෝටාබය නිකරුනේ තලා ගත්තේය. 2018 මහනුවර කෝලාහලය රනිල්ගේ නිෂ්පාදනයකි චම්පිකගේ අධ්‍යෂණයකි.  ඇහින්දාස් නලු නිලියන්ය. එදා රනිල්ගේ මී මුත්තා දොන් ඒඩ්‍රියන් කොලඹ ලන්දේසි කොටුවේ අණදෙන නිලධාරීයා වූ කර්නල් ඩ්‍රිබර්ග් සමග එක්ව මුස්ලිමුන් මල්වානට පැන්නුවේය . ඒ අගනුවර වෙලදාම පැහැර ගැනීමටය. මෙදා රනිල්ගේ  බල සන්නියට බිලි දෙන්නේ මුස්ලිම් ජනතාවය.

චම්පික රනවකගෙ  විවාහය දෙදරා යාම ඔහුගේ අස්වාභාවික කාමය  පිලිබදව ප්‍රදීප් එක්නැලි ගොඩ ලිපියක් ලියූ බව ප්‍රද්ද්ධ කථාවකි.ප්‍රදීප් පසුව ඝාතනය විය. ඝාතනයට සැක පිට චම්පික ලගින් ඇසුරු කල යුධ හමුදා කර්නල් වරෙයෙකු ඇතුලු පිරිසක් සිරගත විය .මෙම නඩුව විභාග කරන අතරතුර ඥානසාරහිමි අධිකරනයට කඩා වැදුනේය .ඥානසාර හිමි 2016 වසරේ හෝමාගම නඩුකාරයාට සත්තමක් දැම්මේය.  සුද්දගේ නීතිය පිලිගන්නේ නෑ යයි කීවේය. නඩුකාරයාට නීතිය ඉගැන්වීමට ගියේය. විහාරමහාදේවිය වූ එක්නැලිගොඩ බිරිදට මහපාරේ හිගා කන්න කීවේය.එය කෙලවර වූයේ ඥානසාර හිමිට උසාවියට අපහාස කිරීමේ නඩුවක් වැටීමෙනි. උසාවියට අපහාස කිරීම යනු අපරාධ නඩුවකි. 

නමුත් ඥානසාර හිමි අදටත් යහමින් කල් ගෙවයි . වරෙන්තු පිට වරෙන්තු, නඩුපිට නඩු ඇති ඥානසාර දිගන දිගන කොලාහලයේ පලමු වෙඩිල්ලද පත්තු කලේය .ඥානසාර වැඩ කරන්නේ කාගේ හයියකින්ද ? ඉ‍ටු කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුද.    ඥානසාර හිමි බේරාගත්තේ චම්පික සහ රනිල්ය.ඉ‍ටුකරන්නේ චම්පිකගේ කොන්ත්‍රාත්තුය . හිරේයාමට සිටි ගොන්වස්සා බේරා ගත්තේ ආදරයට නොව 2020 මැතිවරණ කෙත අස්වැද්දීමටය. අප වටහා ගත යුතු සත්‍ය නම් , න්‍යාය ක්‍රියාත්මක කරන හිස ආරක්ෂිතය.  උන්ඩය පිට කරන හස්ථය අනාරක්ෂිතය. භූ දේශපාලනයේ ග්‍රවුන්ඩ් රියලිටිය මෙයයි.

ලියුම්කරු කීර්ති රත්නායක

8 Responses to “මහනුවර ගරිල්ලා ප්‍රහාරයේ සැගවුනු මුහුනු”

  1. Dilrook Says:

    This contains mistakes and misstatements.

    Ashraff died in September 2000. Mawanella riot happened in April 2001. Not the other way round. The PA government was toppled in late 2001.

    Mahasohon Balakaya is not a very violent fighting organisation as the writer says! And its members are not combatants.

    “මහසොන් බලකාය නම් අති බිහිසුනු සටන්කාමීගේ අනුත්තර අනදෙන්නා මොහුය.උන්ගෙ ප්‍රමුඛ පෙලේ සටන්කාමීන් සියල්ල අත් අඩංගුවට ගෙන ඇත.”

  2. Nanda Says:

    “ඝාතනයට සැක පිට චම්පික ලගින් ඇසුරු කල යුධ හමුදා කර්නල් වරෙයෙකු ඇතුලු පිරිසක් සිරගත විය ” – I thought MR and others too are still fighting to get these accused released.
    Is the writer saying the accused of Eknaligoda are the actual murderers ? This is fully against JO’s election speeches.

    https://www.youtube.com/watch?time_continue=18&v=rFJ_aRSFr0o
    https://www.youtube.com/watch?time_continue=4&v=hvDALg-MK08

    Are these people saying that the main suspects are GR and MR ? If Champika is the one gave orders, was he above GR ? Then why these suspect didn’t reveal his name ?

    “මහසොන් බලකාය නම් අති බිහිසුනු සටන්කාමීගේ අනුත්තර අනදෙන්නා මොහුය.උන්ගෙ ප්‍රමුඛ පෙලේ සටන්කාමීන් සියල්ල අත් අඩංගුවට ගෙන ඇත.”- This statement may be refering to මහසොන් බලකාය of Sri Lanka army, which fought LTTE, but they are not under arrest. I don’t think Amith Weerasinghe was a ex-commando.
    මහසොන් බලකාය lead by Amith is only a group exposing Wahabi infiltration in Sir Lnaka and supporting Sinhala Buddhist communities living in the border villages and towns with Muslim dominated areas.

  3. Christie Says:

    Since 1930s any violent act in the island nation is part of the Indian hegemony.

    Victims are always non-Indians.

    Something that we should think about!

  4. Vaisrawana Says:

    Keerthi Ratnayake seems to be writing these utter lies for dollars. Amith Weerasinghe is not a terrorist combatant. Mahasohon Balakaya is not an armed outfit. Gnanasara Thera is not a terrorist either in spite of his harsh language and threatening postures. See the hundreds of You Tube videos these people have uploaded. Both of them are engaged in legitimate protest movements on behalf the much abused majority community, the Sinhalese Buddhists. They are trying to raise awareness of the very real danger of religious fundamentalism of both kinds, Christian and Islamic, creating havoc in Sri Lanka. Both have collected evidence of what they are protesting against and submitted this to the proper authorities. But nothing has been done about their complaints by either the former government or the present. What they demand is Hold transparent legal investigations and take remedial steps to stop the crimes against the nation including majority Sinhala Buddhist community: suspicious adulteration of food served to Sinhalese customers about which evidential proof is being claimed to have been produced; a Muslim owned pharmacy known by the name of the Royal Pharmacy at Katugastota with a number of outlets in the provincial towns is alleged to be the property of the regional representative of the Jamad Islami (or some such fundamentalist organization); he allegedly deals in outdated drugs including poisonous drugs not fit for human consumption……. Amith Weerasinghe has helped the police and the government drugs control authorities to raid this place and collect incriminating evidence. Where is justice? Rishad Badiuddin is clearing forest reserve land for setting up an exclusive enclave for Islamists, some of them foreigners. Environmentalists also have agitated against the wanton destruction of virgin jungle. Archaeological sites are being vandalized by non-Buddhists….. Both the government and the JO are silent about this. The innocent helpless citizens who raise a voice against these criminal activities are condemned as racist chauvinists. Why don’t the authorities investigate these various charges and either refute them or recognize their validity and take appropriate action? If they do that, these protesters will definitely stop their agitations. Just as in the case of the treasury bond case, Ranil W’s hand as the mastermind of the recent crimes, is obvious. He blamed the bank robbery on MR, and today he is transferring responsibility for the recent racial conflagration to MR. There are mercenary journalists like Keerthi Ratnayake to support the scoundrel . If KR is not that kind of journalist, then he is an abysmally ignorant, ill informed donkey of a scribe.

  5. NeelaMahaYoda Says:

    All of you misunderstood what Keerth Ratnayake says

    Keerth Ratnayake says what the government concluded

    කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටය. එය මේ ආකාරයට සංශිප්ත කල හැක.

    දින 7 ක් පුරා මහනුවර වෙලා ගත් දැවැන්ත භීෂනයේ මහා මොල කරු අත් අඩංගුවට ගෙන ඇත. මහසොන් බලකාය නම් අති බිහිසුනු සටන්කාමීගේ අනුත්තර අනදෙන්නා මොහුය.උන්ගෙ ප්‍රමුඛ පෙලේ සටන්කාමීන් සියල්ල අත් අඩංගුවට ගෙන ඇත. මොවුන් අතර පුපුරණ ද්‍රව්‍ය පිලිබද විශේසඥයෙන් කිහිපදෙනෙකුද වෙයි. සයිබර් අපරාධ පිලිබද ජර්මන් සහ චීන විශේසඥයන්ගේද සහාය ලබා ගනිමින් පරීක්ෂණ අති සාර්ථකව ඉදිරියට ගමන් කරයි. සයිබර් විශේසඥයන්ගෙන් සහ ෆේස්බුක් මූලස්ථානයෙන් ලද තොරතුරු අනුව දරුනු සටන්කාමීන් ගනනාවක්ම ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමට නියමිතය.

    But he is refuting all that and says
    නමුත් මේතරම් ‍රැවටීමක් තවත් වෙත්ද? ආන්ඩුව විසින් අත් අඩංගුවට ගත්තා යයි කියන මහනුවර භීෂණයේ මහා මොලකරු හුජ්ජ කොල්ලෙකි. අති බිහිසුනු සටන් කාමීන් යයි කියන මහසොන් බලකාය කරන්නේ උදේ ඉදන් රෑ වෙනතුරු ෆේස් බුක් කෙටීමය. පැට්‍රොල් බෝම්බ හදන හැටි දැක්වෙන වීඩියෝ ඕනෑ තරම් අන්තර් ජාලයේ ඇත. එවන් වීඩියො ශෙයා කල උන් බෝම්බ විශේසඥයන්ය. පැහැදිලිවම ආන්ඩුව මේ කරන්නේ මුස්ලිම් ජනතාවට කොකා පෑමකි. සමාජ ජාලා වාරණය හරහා සැරසෙන්නේ දවසින් දවස කුජීතවන ආන්ඩුවේ හෙලුව වසා ගැනීමටය.තානාපති කාර්යාල වල පිහිටෙන් රනිල්ගේ ආන්ඩුව තව දුරටත් පවත්වා ගෙන යාම සදහා යෙදූ උපක්‍රමයකි. මහනුවර කෝලාහලය දේශපාලන ගෝනි සෙල්ලමකි

    Police is still trying to keep the same story alive and according to Lankadveepa on 13/03/18
    apparently Pacha Ranavaka is now trying to put the blame on this guy and escape.

    මහසෝන් බලකා කාර්යාලයෙන් ප්‍රචණ්ඩත්වයේ වැලගිය මුලගිය තැන් හමුවෙයි (උපුටාගැණීම ලංකාදීප)

    (ඉන්දිකා රාමනායක)

    මහනුවර ප‍්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට මේ දක්වා සිදු වු සියලූ ප‍්‍රචන්ඩ කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය අද (13) සෝදිසියට ලක් කළේය.

    එහි තිබී ජාතින් අතර අසමගිය, වෛරය ,ප‍්‍රචන්ඩත්වය ඇති කිරීම සඳහා බෙදාහැරීමට සුදානමින් තිබු අත්පති‍්‍රකා පෝස්ටර්, බැනර් ඇතුලූ භාණ්ඩ රැසක් හා පෙට්ට‍්‍රල් බෝම්බ ලෙසට සැකකරන බෝතල් හතක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    මෙම භාණ්ඩ වලට අමතරව මොවුන් ප‍්‍රවෘත්ති සාක්ච්ඡා පැවැත්වීම සඳහා භාවිතා කිරීමට තිබු මහසොන් බළකාය වශයෙන් ලංඡනය සඳහන් මයික්‍රෝෆෝනයක්, බැංකු පොත් රැසක්, මුදල් ලැබුණු රිසිට්පත්, වාහන බලපත‍්‍ර, ජාතීන් අතර අසමගිය, වෛරය ඇති වන ආකාරයේ වැකි සඳහන් අත්පළඳනා, පරිගනක ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය (සී.පී.යු) ආදි භාණ්ඩ රැසක් තිබු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

    අත්අඩංගුවට ගෙන ඇති මෙම ප‍්‍රධාන සැකකරුගේ ප‍්‍රකාශ මත ත‍්‍රස්තවාදී විමර්ශන දිසාවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

    මොවුන් සතුව ඇති ජංගම දුරකතන වලට මෙම කාලය තුළ ලැබුණු ඇමතුම් හා තබාගත් ඇමැතුම් සම්බන්ධයෙන් ඇමතුම් ජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති නිලධාරීන් යොදවා පරීක්ෂා කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

    ප‍්‍රධාන සැකකරු ඇතුළු 10 දෙනෙක් ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කරමින් පසු බව බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

  6. Nanda Says:

    Yes. Poor writing. But my points are still valid.

    The real truth is Muslim youth extremists have been caught with Petrol Bombs. They have been released. ‘Mastermind’ has a CPU and I too have one.
    Anyone who has watched Youtubes could see what MB has been doing, that is helping Sinhlaa people and monks. Whoever his boss should be commended for the service too.
    If LTTE diaspora can collect money to buy so many weapons, why can’t a Sinhala person ( whoever he is, let him be Champika, BBS or any other) do it ?

  7. Vaisrawana Says:

    NeelaMaha Yoda, thank you for this clarification. My unreserved apologies to Keerthi Ratnayake. However, except for the parts that unfairly condemn the columnist, my comments printed above reinforce the validity of Keerthi’s criticism of the government. Actually, my misunderstanding was due to the unpardonable cursoriness of my reading of his valuable contribution. It was unintentional, though. We have got so used to the prevailing bad press that the majority community is constantly subjected to nowadays that this sort of hasty judgement on the part of the reader is highly likely. Carry on your good work, Keerthi. Extremely sorry about the harshness of my censorious remarks about you made due to my careless misconstruing of your meaning.

  8. Dilrook Says:

    Thank you Neela.

    Corrected – Mahasohon Balakaya in the context is not a very violent or fighting organisation!

    The rest stands.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress