ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකත්වයට නිතරගයෙන් පත්වූ Mark Zuckerberg.
Posted on March 12th, 2018

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

යහපාලනය ශ්‍රී ලංකාවට පමණක් සුවිශේස්හිවූ අම්නොඥයින් රංචුවක් එකතුව නිර්මාණය කරන ලද පාලන රටාවකි. ජාතික හා ජාත්‍යන්තර සුප්‍රකට හොරුන් හා අත්වල බැදගෙන හිටපු ජනාධිපතිවරියකගේ මාර්ගෝපදේශකත්වයෙන් මෙරට රෝපණය කරන ලද හොරකම පමණක්ම ඉලක්ක කරගත් මේ දේශපාලන ක්‍රමය, ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, හා විපක්ෂයේ සංවිධායක යන තනතුරු සියල්ලක්ම තමන් විසින්ම බලහත්කාරයෙන් අත්පත් කරගෙන, දේශපාලන ගනන්කාරයාගේ ක්‍රියාපිළිවෙත සිදුකරගෙන ගියේ දැන් අපිට එරෙහිව කිසිදු විපක්ෂයේ බලවේගයක් නැත, යන මතයෙන් පොෂිතවය. නමුත් ලෝක ධර්මතාවයට අනුව විපක්ෂය අනිවාර්ය අංගයක් වන බවත්, එය කෙසේ හො ඉස්මතුවෙන බවත් මොවුන් දැන සිටියේ නැත. විපක්ෂය හැමවිටම විපක්ෂයේ කාර්යය කිරීමට ඉදිරිපත් වෙන්නේ  ආණ්ඩුපක්ෂයේ කිසිවෙක් නොසිතන ආකාරයෙනි.ඒ සදහා හොදම සාධකයවන්නේ වර්තමානදී යහපාලන රජයේ ක්‍රියා පිළිවෙතයි.

පවතින රජය දුෂිතය, එය මෙරට යහපාලනයට චන්දය දුන් ජනතාවට වඩා දැඩිව ප්‍රකාශය කරන ලද්දේ මෙරට ජනාධිපතිවරයාමය. ජනාධිපතිවරයාම  දුෂිත රජයක් ලෙස හංවඩු ගසමින් රටපුරාම ප්‍රචාරක රැලි මාලවක්ම පවත්වා නිමවීමත් සමගම රජයට දැඩි පරාජයකට මුහුණදීමට සිදුවිය. ඒ සිදුවීම දේශපාලන අර්බුදයක් නිර්මාණයවි අගමැතිතුමාට ඉල්ලා අස්වෙන තත්වයක් රටතුල නිර්මාණය විය. ඒ සමගම සිංහල මුස්‌ලිම ගැටුමක් නිර්මාණයවී පළාත්පාලන මැතිවරණය විසින් නිර්මාණය කරන ලද රාජකීය අර්බුදය, මදකලකට යටපත් විය. මේ නිර්මාණිත ගැටුම රජයට මහත් අස්වැසිල්ලක් විය. තමනට ලැබුන මේ මද අස්වැසිල්ල තුලදී තමන්ට එරෙහිව සටන් කල සැබෑ විපක්ෂයේ සටන් පදනම වුයේ  Mark Zuckerberg විසින් ලොවට හදුන්වාදී තිබු ෆේස් බුක් එකට එරෙහිව අවි අමෝරා ගෙන, සැබෑ විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන  ෆේස් බුක් තහනම් කිරීමට මේ අමනොඥයින් රංචුව තීරණය කර ඇත. මෙය රජ්ජුරුවන් වහන්සේව මැස්සාගෙන් ආරක්ෂා කිරීම සදහා කඩුවෙන් රජ්ජුරුවන්ට කෙටුවා වැනි කාර්යයකි. රජතුමාට එරෙහි අප මේ ෆේස් බුක් තහනමට සැබෑ ලෙසම ආදරය කරන්නෝ වෙමු. අප කලෙක පටන් මිනිසුන්ව දේශපාලන වශයෙන් ඉහල තත්වයකට ඔසවා තැබීමේ අරමුණින් වචන ලක්ෂ ගණන් ලියන පරපුරක සාමාජිකයෝ වෙමු. අප සැම එකතුව ඒ ලියන ලද වචන සමුහයට කල නොහැකිවූ කාර්ය භාරයක් මේ දින 6යෙ ෆේස් බුක් තහනම විසින් සිදු කර ඇත. එය අප ලද මහා ජයග්‍රහනයකි. අප ඒ සම්බන්ධව ඉතා සතුටට පත්වෙමු. ඒ සම්බන්ධව සැබෑ විපක්ෂයේ කාර්යභාරය කිරීමට අපට ශක්තිය ලබාදුන් Mark Zuckerberg මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවය පුද කරමු. 

Dear Mr Mark Zuckerberg

Thank you very much for established facebook mechanism. We use it as you wish to build up corruption free Sri Lanka.

Thank you.

2 Responses to “ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකත්වයට නිතරගයෙන් පත්වූ Mark Zuckerberg.”

  1. Lorenzo Says:

    This govt. came to power with FACEBOOK and now they have banned it!!

  2. Kumari Says:

    Lorenzo, I think you too helped to bring this idiotic government in to power.

    We have to challenge all the bills passed by the goverment during the period of unrest. I am sure there will be legal provisions for this.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress