සැමට නීතිය සාධාරණ විය යුතුයි ! – ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි
Posted on March 21st, 2018

සාකච්ඡා කළේ චතුර පමුණුව උපුටා ගැන්ම දිවයින

වර්තමානයේ ශ්‍රී ලාංකිය සමාජය තුළ උද්ගතව ඇති භේදකාරී තත්ත්වය පිළිබඳව අපි දක්‌ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් විමසුවෙමු. සියලු ප්‍රශ්න පැන නැගීමට හේතුව උන්වහන්සේ සැකවින් පැහැදිලි කළහ. පහත දැක්‌වෙන්නේ ඒ සාකච්ඡාවයි.

omalpe134

ඇත්තටම අද සිදුවිය යුතු වැදගත්ම කාරණය වන්නේ රටේ නීතිය සැමට සාධාරණ ලෙස ක්‍රියාත්මක වීමයි. ජාතීන් අනුව නීතිය වෙනස්‌විය යුතු නැහැ. නීතිය හමුවේ මුස්‌ලිම්වරුන්ට වරප්‍රසාද වැඩියි කියන අදහස සිංහල ජනතාව අතර හොඳින්ම කිඳා බැහැලා තියෙනවා. පොදු නීතියට අවනත නොවන ෂරියා නීතිය මුස්‌ලිම් සමාජයේ ක්‍රියාත්මක වෙනවා. විවාහ නීතියට වෙනම වකුබ් උසාවි තියෙනවා. වෙනම පාසල් පද්ධතියක්‌ ක්‍රියාත්මක වෙනවා. ඒ පාසල්වලට යන්නට පුළුවන් මුස්‌ලිම් අයට විතරයි. ලංකාවේ සිංහල දෙමළ අයට මෙහෙම විශේෂ පාසල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රටේ නිල ඇඳුම් පිළිබඳ වෙනම නීතියක්‌ තියෙනවා. නමුත් ඒක මුස්‌ලිම් අයට අදාළ නැහැ. සිංහල ළමයාට නිල ඇඳුම් සඳහා ලබා දෙන්නේ රුපියල් 750 ක්‌ පමණයි. නමුත් මුස්‌ලිම් ළමයාට රුපියල් 1500 ක්‌ දෙනවා. මෙයින්ම විශේෂ වෙනස අපට හොඳින් වැටහෙනවා නොවේද? ලංකාවේ හැමෝටම විවාහ වෙන්න පුළුවන් අවුරුදු 18 ට වැඩිනම් විතරයි. නමුත් විවාහයේදී පවා මුස්‌ලිම් අයට ඒ නීති අදාළ වෙන්නේ නැහැ. පසුගියදා හම්බන්තොට විශේෂ සිද්ධියක්‌ වුණා අවුරුදු 14ක ගැහැනු ළමයෙක්‌ විවාහ වෙලා. ඒ දරුවා විවාහ වෙලා තියෙන්නේ මුස්‌ලිම් තරුණයෙක්‌ එක්‌ක. ගැහැනු ළමයා මුස්‌ලිම් ආගමට හැරිලා විවාහ වෙලා. මේ ගැහැනු ළමයා පැහැරගෙන ගොස්‌ විවාහ වෙලා තියෙන්නේ. නමුත් දැන් කිසිම චෝදනාවක්‌ නැහැ. නඩු යන්නත් බැහැ. අර ළමයා සිංහල තරුණයෙක්‌ එක්‌ක ගියා නම් ඒ තරුණයා හිරේ. මෙයින්ම විශේෂ වෙනස්‌කම් පෙනෙනවා නොවේද?

මුස්‌ලිම් අයගේ නඩු සාමාන්‍ය උසාවියට එන්නේ නැහැ. මුස්‌ලිම් උසාවියට අභියෝග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයටත් බැහැ. මෙහෙම වරප්‍රසාද සිංහලයන්ට නැහැ. ඒ නිසා සිංහල ජනතාව මේ ගැන විරෝධය පළකිරීම සාධාරණයි. රටේ සාමාන්‍ය උසාවියකදි මුස්‌ලිම් කාන්තාවක්‌ නීතිඥයන් ඉදිරියේ ප්‍රශ්න කිරීමට ලක්‌වීම අසාධාරණයි කියලා මුස්‌ලිම් අය කියනවා. මුස්‌ලිම් කාන්තාවන්ගේ විළිබිය නැතිවෙනවාලු. නමුත් සිංහල දෙමළ කාන්තාන්ගේ විළිබිය නැතිවෙන්නේ නැද්ද? මේ වරප්‍රසාද අපේ හාමුදුරුවන්ටවත් නැහැ. නඩුවකදී හාමුදුරුවන්වත් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමට ලක්‌කරනවා.

සිකුරාදාට මුස්‌ලිම් පල්ලිය ඉස්‌සරහ වෙනම නීතියක්‌ තියෙන්නේ. එදාට එතැන වාහන නීති රීති බලපාන්නේ නැහැ. ඒ තැන පුදුම නිදහසක්‌ තියෙන්නේ. මේ විශේෂත්වය මොකක්‌ද? මුස්‌ලිම් ජනයා වැඩි නගරයක හෙල්මට්‌ නීතිය ක්‍රියාත්මක වෙනවාද? එය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ගැන බෞද්ධයන්ට හින්දුන්ට ක්‍රිස්‌තියානි ආගමිකයන්ට කලකිරීමක්‌ තියෙනවා. එම නිසා එනම් ආගමික කොට්‌ඨාසයකට විශේෂ වරප්‍රසාදයක්‌ තිබිය යුතු නැහැ. නීතිය සර්ව සාධාරණ විය යුතුයි. හලාල් හරහා මුස්‌ලිම් නොවන පාරිභෝගිකයන්ට බදු බරක්‌ පටවනවා. මෙය සාධාරණ ක්‍රියාවලියක්‌ නම් නොවේ. මේ සියලු ප්‍රශ්න ගැන මුස්‌ලිම් මෙන්ම සියලු ආගමික නායකයන් විවෘතව කතා කළ යුතුයි. එසේ නොවන්නේ නම් සමාජ සාධාරණත්වය ඇතිවන්නේ නැහැ සමාජ සාධාරණත්වය ඉටු නොවන විට ඒ පීඩනය කොතනින් පුපුරා යයිද දන්නේ නැහැ.

One Response to “සැමට නීතිය සාධාරණ විය යුතුයි ! – ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි”

  1. Nanda Says:

    අනේ මාමේ තාත්තාව තියල යන්න

    (රොමේෂ් මධුෂංඛ )

    එදා බොම්බයක් පත්තු කරමින් මිනිස් ජිවිත තඹයකට මායිම් නොකළ ප්‍රභාකරන්ට දිට්ඨදම්ම වේදනීය කර්මය පල දුන්නේය. නමුත් ඔහුගේ ගෝල බාලයින්ට දැන් දැන් එදා කරපු පව් හොඳින් වැටහී ඇති බවක් පෙනෙන්නට ඇත්තේ ඔවුන්ද අදටත් එදා කළ පව් ගෙවන්නට සිදුව ඇති බැවිණි.

    ‘කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ යන වදන පසක් කරන සිදුවීමක් කිලිනොච්චිය මරදනගර් ප්‍රදේශයෙන් අසන්නට දකින්නට ලැබුණි.

    2008 වසරේදී කොටි නායකයාගේ කියමනකට අනුව කොළඹ බෝම්බ පිපිරුමකට සම්බන්ධව අධිකරණයේදී වරදකරුවී ජීවිතාන්නතය දක්වා සිරදඩුවම් විඳින පුද්ගලයකුට සිය පව් විදිමට සිදු වූ ශෝක ජනක අවස්ථාවක් හේතුවෙනි.

    ආනන්ද සුදාකර් නැමති මේ පුද්ගලයා හදිසියේම කිලිනොච්චිය මරද නගර් ප්‍රදේශයට පැමිණියේ සිය බිරිඳගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය.

    පසුගිය 16 වනදා ඇතිවූ හදිසි අසනීපයක් හේතුවෙන් ඇය මිය ගොස් තිබුණි. බිරිඳගේ අවසන් අවස්ථාවට සහභාගී වීමට කරන ලද ඉල්ලීමට අනුව බන්ධනාගාර නිලධාරීන් ඊට ඉඩ සලසා දී තිබුණේ දැඩි ආරක්ෂාවක් සමගින්ය. බිරිඳ වූ ආනන්ද සුදාකර් යෝගරාණිගේ දේහයට අවසන් ගෞරව පවත්වා සිය දියණිය හා පුතනුවන් දුටු සුදාකර් හඬා වැලපුනේ රුස්ව සිටි සියලු දෙනාගේ නෙතඟට කඳුලක් එක් කරමිණි.

    තමන් කොයි තරම් වරදක් කර ඇත්තේද ඉන් විඳවන්නේ කව්රුන්ද යන්න වැටහුණු ආනන්ද සුදාකර් මහුණ සගවාගෙන ඉකිගසමින් හඩා වැළපුණේ තම දරු දෙදෙනාගේද මුහුණ බැලීමට නොහැකි තරම් වූ ලැජ්ජාවකිනි.

    මවගේ වෙන්වීමෙන් ඇති වූ කඳුළු සතුටු කඳුළු බවට වුයේ පියා ගෙදර පැමිණීම නිසාය ඒ නිසාමදෝ දියණිය පියාගේ එඩොක්කුවෙන් බැස්සේ නැත.

    දියණියගේත් පුතණුවන්ගෙත් සතුටු කඳුළු නැවත් හඩූ කඳුළු බවට පත් වූයේ බිරිඳගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසුව ආනන්ද සුදාකර් නැවත බන්ධනාගාරයට රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදීය. එය දැනුණු දියණිය බන්ධානාගාර බසය දෙසට දිව ගොස් පියාගේ දෑතේ එල්ලී නැවත නොයන ලෙසටත් අනේ මාමේ අපේ තාත්තා අරන් යන්න එපා කියා හැඩූ අයුරු රැස්ව සිටි අයට මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේද නෙතගට කඳුළු ඉනුවා නොවෙන්නට බැරි නැත.

    නමුත් සියල්ලන් නීතියට හිස නැමිය යුතුය. දියණියටද එය නුදුරේම වැටහෙනු ඇත. ඔවුන් තම පියා නැවත නොයන්නට නිවසට පැමිණෙන තුරු බලා සිටියි. පුතනුවන් හා දියණිය මේ වන විට ආනන්ද සුදාකර්ගේ ඥාතීන්ගේ රැකවරණයේ සිටින අතර මේ සියලු දේ විඳි ආනන්ද සුදාකර් කොතරම් නම් ජීවිතයේ යථාර්තය වටහාගන්නට ඇත්ද? ඔහුට නැවත කෙදිනක හෝ නිවසට පැමිණිමට වාසනාව හිමිවන තුරු ඔහු විඳවමින් සිටිනු නොඅනුමානය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress