කුහුබියෝ
Posted on March 24th, 2018

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි 

කලාව යනු මහා බලගතු ආයුධයකි. ඒ ආයුධය මනාව බාවිතා කරන අය, තරාතිරම කුමක් වුවද අනිවාර්යෙන්ම ජයග්‍රාහනය ලබා ගනී. මේ දිනවල සමාජයේ කතා බහට ලක්වූ, “කුහුබියෝ” ටෙලි නාට්‍ය, මේ සමාජය තුල මහා පෙරලියක ආරම්භය සනිටුහන් කොට, එහි අවසන් කොටසද සමාජ ගතකර ඇත. මෙම ටෙලි නාට්‍ය විශේෂිත නාට්‍යයක් වන අතර, මෙවන් නාට්‍යයන් නිර්මාණය කල හැකි මිනිසුන් සමාජයකට උරුම වන්නේ ඉතා කලාතුරකිනි. ඉතා කලාතුරකින් රටකට ජාතියකට ලැබෙන මෙවන් කලාකාමින් පිරිස මේ කෘතිය නිර්මාණය කිරීමේ අරමුණ කුමක්ද? ඔවුන්ගේ ඉලක්කය කුමක්දැයි අපි නොදන්නෙමු. නමුත් සමාජයේ අල්පතරයක් මිනිසුන් අවබෝධකරගෙන සිටින සමාජ යතාර්ථය, මේ කළා නිර්මාණය විසින් ඉතා කෙටි කාලයක් තුලදී, මෙරට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාවට අවබෝධ කරදීමට සමත් විය. ඒ සිදුකල කාර්යය සමකල හැකි තත්වයන් රාශියක් ලෝක ඉතිහාසය තුලදී දක්නට තිබුනද, ලංකා ඉතිහාසය තුල  එවන් විශේෂිත කලා නිර්මාණයක් දක්නට නොතිබීම නිසා මේ නිර්මාණය ජනතාවට දිදුලන මානික්‍යක් ලෙස දිස්ව ජන මනස තුල මහා පරිවර්තනයක් සිදු කරන විප්ලවීය නිර්මානයක තත්වයක් පත්ව තිබේ. මෙය රුසියානු විප්ලවයට පෙර ලියෝ ටෝල්ස්ටෝයි, මක්ස්කිම් ගෝර්කිලා, විසින්, රුසියානු ජන සමාජයට ඉදිරිපත් කල කෘතීන් එදා සමාජය තුල ඒ මිනිසුන්ගේ මනස තුල සිදුකල කාර්යට සමාන කාර්යයක් සිදු කරනු ඇති බව අපේ විශ්වාසයයි. මේ නිර්මාණය මෙරට ජනතාවට “බලන් කඩතුරා හැර දෑසෙන් ” යයි හඩගා ඉතා සුක්ෂමව කරුණු ඉදිරිපත් කල මහා  සමාජ මෙහෙවරක් සිදුකිරීමේ හැකියාවක් ඇති උසස නිර්මාණයකි. අප හැම විටෙකම වටිනා යමක් ඉදිරිපත් කල ක්ෂණයකින්ම එහි ඇති භයානක තත්වය සම්බන්ධව නොසොයා, එය වැලද ගැනීමට පොර බදන ජන කොට්ඨාශයක් බව මෙනෙහි කරමින්ම, මෙය නිර්මාණය කිරීමට දායකත්වය සැපයු සෑම සියලු දෙනාටම අපේ උපහාරය පුද කරන්නෙමු.

කුහුබියෝ නාට්‍ය නිමව, කුහුබියෝ නාට්‍ය නිර්මාණය කළවුන්ගේ අරමුණද සර්ව සම්පුර්ණව ඇත. එනම් ජනතාව එය වැළදගෙන ඇත. දැන් එය වැලද ගත් ජනතාව විසින් මේ නාට්‍ය ඔවුනට පෙන්වා දෙන දර්ශනය මත පිහිටා මේ නාට්‍ය නිර්මාණය දෙස බලන විට, මේ එන්නේ පැනී තැවරූ විෂ ගුලියක් ලෙසද දැකිය හැක. එසේ සිතුවද කම් නැත. එසේ සිතන්නේ නම් මේ නාට්‍ය විසින් ජනතාවට ලබාදෙන සැබෑ පණිවුඩය සමාජගත වි ඇතැයි අපට සතුටු විය හැක. මේ තුලින් සමාජ යතාර්ථය අවබෝධ කරගත් පරපුරක් නිර්මාණය වීම හෝ ගොඩනැංවීම තරම් වටිනා පින්කමක් තවත් ඇතැයි අපි නම් දකින්නෙම නැත. එය සැබෑ ලෙසම සිදු වන්නේ නම්, එය ලක්මාතාව ලද විශාලතම ජයග්‍රහණයක්ද වේ. මෙම නාට්‍ය රටට හා ජනතාවට දෙන වටිනාම පණිවුඩය වන්නේ, ඔබේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින, ඉදිරිපත්වෙන සියල්ලන්ගෙන්ම ප්‍රවේශම් වන්න යන පණිවුඩයයි. මේ අනුව,

1. එක්සත් ජාතික පක්ෂය මේ වනවිට බලය රැකගැනීම සදහා ජාතිබේද හා ආගම් බේද වපුරන පක්ෂයක් ලෙසත්.
2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මේ වනවිට ශ්‍රී ලංකාවේ නිදහස විනාශ කරන පක්ෂයක් ලෙසත්.
3. ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට ජනතාවගේ විමුක්තියට එරෙහිව සෑම සියලු දෙයක්ම සිදුකරන පක්ෂයක් ලෙසත්.
සිතීමට ජනතාවට ඉඩ සලසයි. මේ පවතින වර්තමානයේ යථාර්ථයද එයයි. මෙතනින් පටන්ගෙන අප පියවරින් පියවර ඉතිහාසය තුලින් ගමන් කිරීම ආරම්භ කලවිට අපිට මුණ ගැසෙන්නේ අපුරු දේශපාලන මාවතක් බව අපට දක්නට හැකිය. එදා අපට විසදාගත නොහැකිවූ බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු කුමක්දැයි නිවැරදිව හදුනා ගැනීමට, මෙම නාට්‍ය ජනතාවට උපකාරිවී ඇත.

වර්තමානය රජකරවන්නේ යහපාලනය නම්වූ අපුරු ගේම් කාරයන්ගේ රාජ්‍යකි. ඒ ගේම් කාරයෝ තම ප්‍රධාන සතුරු කදවුර සේ සලකන්නේ එක පවුලකි. එනම් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පවුල් සංසදයයි. එයට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ, මේ පවුල ගේම් කාරයන්ට තේරෙන භාෂාවෙන්ම ගේම දීමට සමත් ජාතියේ බල කේන්ද්‍රය බවට පරිවර්තනයව පවත්නා පවුලක් බව, එම පවුලටත් වඩා හොදින් යහපාලන ගේම් කාරයෝ හදුනාගෙන සිටින බැවිනි. යහපාලනයේ පෙර ගමන් කරුවන් විසින් බොරුව ඉතා නිර්මානශිලිව කළමනාකරණය කර, බලය ලබාගත ආකාරය තරම්වූ දේශපාලන සුනාමියක් ඉතිහාසයේ කිසිදු තැනක අපට නම් හමුවන්නේ නැත. මේ සිදුවීම මනාව තේරුම් ගෙන සිටින ජනතාවට මිනිස් මනස තුල බොරුව රජකරවන ආකාරය මනෝවිද්‍යාත්මකව සිදුකරන්නේ කොහොමදැයි තේරුම් කරදීම ඉතා පහසු තත්වයකට පත්ව තිබේ. චන්ද්‍රිකා කවුද, රනිල් කවුද, සිරිසේන කවුද? මොවුන් කාගේ ඕන එපා කම් අනුවද වැඩ කරන්නේ යන පැනය සම්බන්ධව හිතන්නට බල කරන විද්‍යාත්මක පදනම මේ නාට්‍ය සමාජ ගත කර ඇත.

එදා පවතී මහින්ද රාජපක්ෂයන්ගේ රජය බිද වැට්ටවීමට සතුරාගේ බලමුළු රජය තුලට වැදී ක්‍රියා කල ආකාරය දන්නා වර්තමානයට මෙම නාට්‍ය විසින් හඩගා කියන්නේ  පොහොට්ටුව තුලද එම සතුරු බලමුළු වලින් පෙරටත් වඩා ප්‍රබලව සිටින බවත්, වඩාත් ප්‍රවේසම් විය යුත්තේ ඔවුන්ගෙන් බවත්ය. මෙවන් ප්‍රගතිශීලි ජනහිතකාමී සංඥාවන් රාශියක් නිකුත් කරමින් ජනහදවත් තුලන කා වැඩි මේ නාට්‍ය සතුරාගේ අවශ්‍යතාවය මත නිර්මාණය කරන ලද බුද්ධිමත් ජනතාව සමාජයෙන් වෙන්කර හදුනා ගැනීමට නිර්මාණය කරන ලද කලාත්මක පෙරනයක් විය නොහැකිද? සැබවින්ම විය හැකිය. එබැවින් ආලෝකය දකින පලගටියන්සේ මෙම නිර්මාණයද වලද ගැනීමට ඉක්මන් නොවෙනසේ මෙම නාට්‍ය අපට උගන්වයි. “ධර්මිෂ්ඨ රාජ්‍ය” තුල “පවන” නම් වූ කලා නිර්මාණය ජන සමාජයට සිදුකල විනාශයට සමානවූ විනාශයක් “යහපාලනය” නම්වූ මෙම රජය තුල, රාජ්‍ය අනුග්‍රහය ඇතිව නිර්මාණය වූ මෙම නාට්‍ය තුලින්ද සිදුවිය හැකි බව මෙම නාට්‍ය ජනතාවට ඉතා පැහැදිලිවම පෙන්වා දෙන බැවින් එම පණිවුඩය මත පිහිටා කටයුතු කරන ලෙස එම නාට්‍ය ජනතාවට හඩගා කියා සිටි. 

අපි යලි යලිත් ඉතා ගෞරව පුර්වකව මෙම නාට්‍ය නිර්මානශිලින්ට අපේ ආචාරය පුද කරන්නෙමු.

5 Responses to “කුහුබියෝ”

  1. Christie Says:

    Reorienting the Postcolonial.
    As a child I used to watch ants and aphids. They had a mutual relationship and my little sugar plants died away. The last British Empire or the British-Indian Empire was built with mutual partnership between British and Indians. There was no India before the British made it out of a large number of countries in the Indian subcontinent; the Indian Union. The British went with their violence and Indians with their nonviolence to invade and colonize tropical countries. The weather in the tropics did not suit the British but the Indians prospered. The Indians were kept away from coming to colder British colonies. In the tropical colonies the British were the absentee land lord and the Indians were the colonists.
    The WWII unsettled the British partner of the British -Indian Empire. The Indian partner supported the enemy of the British from behind. The Indian imperialists and colonists are going from strength to strength and their subjects are disappearing from the earth. The Indian Empire where the sun never sets extends from Fiji to Guyana. Today the colder British colonies are being colonized by Indians from the Indian Union and the Indian colonies of the Indian Empire.
    The Indians went with the British as Sepoys (soldier assistants) , Peons (administrators) and Coolies (laborers). The best example is Mohandas Karamchand who served the British as a Sepoy as well as a Peon.
    Again; when I was little, mum took us to a special place for a bath. We walked through a path lined with huge trees with a white band around them. My younger brother ran towards the shining waterfall and I heard a scream ‘chandals’. The bathers moved out but mum ushered us back and we had our bath later at the waterfall.
    British talk about divide and rule as their own but Indians divide you from birth. If you are a subject of an Indian colony you are an untouchable that is you are not a human being. British left Andaman and Nicobar Islands without interfering with the ecology or people there. British Partner gave them to India and today the local Bo people are museum pieces.
    Our back side is in the Indian Ocean and in the South; not South China Sea. India is arming itself with ICBMs, Peace Bombs (Nukes), Aircraft Careers, Nuke Subs, Stealth Aircrafts and other modern weapons. They are already testing some of their weapons in local and foreign conflicts. Third Eye; the most secretive and ruthless intelligence service in the world was formed long before the WWII. It is active in the Indian colonies of the Empire and in other countries, particularly in the West.
    Thanks for reading; this is an attempt to look at the colonial and postcolonial from my stand. The wounds of nonviolent aggression and oppression are not visible but the suffering is worse. The subjects of the Indian Empire, the untouchables of the Indian colonies will die away like my sugary plants. Contact: xyceliao@gmail.com

  2. Christie Says:

    මම කූඹියෝ බලා නැත.

    කූඹි ජාතියක් ඉන්නව උන් මැක්කන් වගයක් අරගෙන ගිහිල්ල පැලවල තබනව.

    මෙම මැක්කො නැත්නම් පරපෝසිතයො පැලෑටියේ යුස උරාබීල ජීවත් වෙනව.

    මෙම මැක්කො කිරි වගයක් එරවනව. කූඹියෝ එම කිරි උරාබීල තමයි ජීවත්වෙන්නෙ.

    මැක්කො නිසා පැලෑටිය මැරිල යනව.

    සුද්ද තමයි කූඹියෝ.

    මැක්කො තමයි ඉන්දියානු පරපෝසිතයො.

    අපි වගෙ මිනිස්සු තමයි පෑලෑටි.

    සින්හල අපිටත් යනකල මුරිසියේ, ගුයානා, ෆිජි, අන්දමන් හා නිකොබාර් දූපත් වල මුල් පදින්චිකාරයන්ට ගිය කලමය.

  3. Nanda Says:

    Very good similie by Christie.
    But even Christie doen not see the Arabic Koombiyo or මැක්කො. They too are as dangerous as ICPs, especially since Saudi is now changing Sharia gradually to an acceptable level to all.

  4. Christie Says:

    Thanks Nanda.

    There is a big difference between Indian Colonial Parasites and the local hosts.

    Muslims in our country are Sinhala Muslims like Sinhala Buddhists and Sinhala Christians.

    Indian High Caste Parasites are Hindus who came on the back of British.

    They are the problem.

  5. Hiranthe Says:

    Thank you CP for a fine analysis of the “Kumbio” theme to actually what happened through the Yahaps to our country.

    Hope people draw the similarities of JVP supporting UNP and manipulation organised by master game planners to bring Yahaps to power.

    Kudos to the Kumbio team, especially the writer and director Lakmal, Producer and main actor – two Dodanthenna brothers.

    This I compare to the success of “Breaking Bad” in the West in which a drug dealer became the favourite actor of the audience. This shows the frustration of the people of the SYSTEM.

    The main actor of “Kumbio”, Thumidu Dodanthenna won the most popular actor’s award a few days ago for his role in “Kumbio”. At the award ceremony what he said is the same. He said that awarding the most favourite actor award to a “GAME man” shows the frustration of the mass on the System and it is a reflection of the feelings of the people.

    People should learn from this tele drama and as CP says, they should not straight away believe what they see and what they hear because it could be a result of a master game, similar to 2015 regime change project.

    One thing to clear. This is not a product of Yahap government. This tele drama was produced before the regime change happened and they were waiting for 3 years to get a TV channel accept it. Everyone rejected it saying it will not get people’s attention. Even ITN bought it for a cheap price and there is a talk saying the producer is at a risk of recovering the money spent.

    Beauty of the script is, it predicted a regime change by a master gamer. Most probably the last episode # 58 was cut by the Yahaps and the drama ended in 57 episodes due to a drastic last minute edition of the last two episodes by the current regime.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress