ලසන්තගේ ඇටසැකිල්ල තියෙන්නේ ෆොන්සේකාගේ අල්මාරිය ඇතුළේ
Posted on May 16th, 2018

උදයන්ති මුණසිංහ උපුටාගැණීම  මව්බිම

ලසන්ත වික්‍රමතුංගගේ ඇටසැකිල්ල සරත් ෆොන්සේකාගේ අල්මාරිය ඇතුළේ තියෙද්දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල කරමින් ඔහුව සිරගත කිරීමට උත්සාහ කරන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සරත් ෆොනසේකා සමඟ එක් වී කුමන්ත්‍රණයක කොටස්කරුවන් බවට පත්වී සිටින බවත්, මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න පවසයි.

මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ඊයේ (15දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් ප්‍රසන්න මහතා

මාධ්‍යවේදීන්ට පහර දුන්නා සහ මරා දැම්මා කියලා අද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශයේ හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් කපිල හෙන්දවිතාරණට චෝදනා එල්ල වෙලා තියෙනවා. එවකට බුද්ධි අංශයේ හිටපු අමල් කරුණාසේන මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා.

අපි මීට පෙරත් පැහැදිලිව මේ රටට හෙළි කළා එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා එහෙම නැත්නම් ෆීල්ඩ් මාර්ෂල්, එහෙමත් නැත්නම් දැන් වනජීවී ඇමැති මොහු ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිටුපස ඉන්නවා කියලා.

කීත් නොයාර්ට පහර දුන්නේ මොහුගේ කණ්ඩායම මොහුගේ නියෝග මත. රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ මොහුගේ කණ්ඩායම කියලා මම මීට පෙරත් කිව්වා.

ලසන්ත වික්‍රමතුංගගේ ඇටසැකිල්ල තියෙන්නේ සරත් ෆොන්සේකාගේ අල්මාරිය ඇතුළෙ. කීත් නොයාර්ගේ දෑත් බැඳපු නයිලෝන් කඹය තියෙන්නෙ සරත් ෆොන්සේකාගේ අල්මාරියේ. උපාලි තෙන්නකෝන්ට ගහපු උපකරණ තියෙන්නෙත් ඔහුගේ අල්මාරියේ. මේ සියල්ලට වගකියන්න ඕනි සරත් ෆොන්සේකා. නමුත් මේ වෙනකන් සරත් ෆොන්සේකා මේ චෝදනාවට පිළිතුරු සපයලා නැහැ.

මේ සියලු දේ ගෝඨාභය රාජපක්ෂ කළා කියලා ඔහුව අත්අඩංගුවට ගැනීමේ ඇමක් ලෙස දැන් විවිධ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්නවා.
කීත් නොයාර්ට පහර දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. කීත් නොයාර් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව කිසිම දෙයක් ලිව්වෙත් නැහැ. සරත් ෆොන්සේකා යුද හමුදාව තුළ කටයුතු කළ ආකාරය ගැන එදා කීත් නොයාර් ලිව්වා. ‘යුද හමුදාව හමුදාපතිගේ බූදලයක් නොවේ’ කියලා සරත් ෆොන්සේකා තමන්ගේ බූදලයක් විදියට යුද හමුදාව තුළ කටයුතු කරපු ආකාරයට එරෙහිව තමයි ඔහු පුවත්පත්වල ලිව්වේ.

දැන් සීඅයිඩී එකේ ශානි අබේසේකරලා කියන විදියට හිටපු ආරක්ෂක ලේකම් මාධ්‍යවේදීන්ට පහර දෙන්න. ඝාතනය කරන්න කිව්වා. ඔවුන් කියන්නේ. අපි අහනවා ශානි අබේසේකරලාට මොළේ කළඳක් නැද්ද කියලා මාධ්‍යවේදියකුට පහර දුන්නා නම් ඒකට හේතුව මොකක්ද කියලා හොයලා බලන්න. කීත් නොයාර්ට පහර දුන්නා නම් ඔහු පත්තරවල ලිව්වේ මොනවාද කියලා ශානි අබේසේකරලා බලන්න ඕනි. ඔහු දැඩි ලෙස සරත් ෆොන්සේකාට පහර ගහලා 2008 මැයි මාසේ 11 වැනිදා ලියලා තිබුණා. ඊට ටික දවසකට පස්සේ තමයි ඔහුට පහර දුන්නේ. ඔහු ඒ බව ඕස්ට්‍රේලියාවේ ඉඳලත් කිව්වා. ඒ ලිපි නිසා තමයි ඔහුට පහර දුන්නේ කියලා.

සැබෑ අපරාධකරු වෙලා ඉන්න සරත් ෆොන්සේකා නිදැල්ලේ ඉන්නේ. ඔහු සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන නැහැ.
සරත් ෆොන්සේකාගෙන් සීඅයිඩී එක ප්‍රශ්න කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි සීඅයිඩී එක නීතිපති දෙපාර්තමේන්තුව සරත් ෆොන්සේකලාත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණයක් කරන්නේ. ඔවුන් එක කුමන්ත්‍රණයක කොටස්කාරයෝ.

තව ඇමැතිකම් තියෙද්දීත් ඔහු ඉල්ලන්නේ පොලිස් ඇමැතිකම. ඇයි ඔහු ඒ ඇමැතිකමම ඉල්ලන්නේ කියලා අපි දන්නවා. හේතුව තමයි ඔහු දැන් කරවටක් ගිලිලා ඉන්නේ. ලසන්ත ඝාතනයට, කීත් නොයාර්ට පහරදීමට, උපාලි තෙන්නකෝන්ට පහරදීමට මේවාට සාක්ෂි තියෙනවා. ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට, නවනීදන් පිල්ලේට පැමිණිලි කරනවා මගේ සහෝදරයා මැරුවේ සරත් ෆොන්සේකා කියලා. ඉතාම පැහැදිලියි ඔහු මේවාට වගකිවයුතුයි කියලා.

පසුගියදා මැයි රැලිය පවත්වපු සුගතදාස ක්‍රීඩාංගණයට රනිල් වික්‍රමසිංහ ඇතුළු වෙනකොට ඇමැතිවරු ඔහුව ආයුබෝවන් කියලා පිළිගත්තා. හැබැයි සරත් ෆොන්සේකා දෙකට නැමිලා තමයි රනිල් වික්‍රමසිංහව පිළිගත්තේ. ෆීල්ඩ් මාෂල් කෙනෙක් ඒ විදියට දේශපාලනඥයකුට දෙකට නැමිලා පිළිගන්න ඕනි නැහැනේ. ‘බුදු මහත්තයෝ මාව බේරාගන්න. කියන ඕනිම දෙයක් මං කරන්නම්’ කියන හැඟීම එන විදියට දෙකට නැමිලා පිළිගත්තේ.

 

One Response to “ලසන්තගේ ඇටසැකිල්ල තියෙන්නේ ෆොන්සේකාගේ අල්මාරිය ඇතුළේ”

  1. Christie Says:

    I am sure Lasnntha was killed by Sunday Leader mob. That is the way India Indian Colonial Parasites behave.

    We Sinhalese are blaming each other.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress