දිනෙන් දින  වැනසෙන “උඩු දොළ” ජල මූලාශ්‍රය රැක ගැනීමට බලධාරීන් අපොහොසත් වන්නේ ඇයි?
Posted on May 27th, 2018

පේශල පසන් කරුණාරත්න සභාපති සමනල යෞවන සමාජය නාවලකන්ද, මීගහතැන්න

වලල්ලාවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මීගහතැන්න, මද්දෙගම ප්රදේශය හරහා ගලා යන්නා වූ උඩු දොළනමින් හඳුන්වන දොළ මාර්ගය, නාවලකන්ද කඳුපන්ති වල ඇති උල්පත් වලින් ආරම්භ වී ගම්වාසීන්ගේ එදිනෙදා ජල අවශ්යතා සපුරාලමින්, අවට පරිසර පද්ධතියට ජීවය දෙමින්, ආවේනික මසුන් ඇතුළුව විශාල ජීව ප්රජාවකට වාසස්ථාන හා ජීවය ලබා දෙමින් පහලට ගලා ගොස් බෙන්තර ගංගාව පෝෂණය කරයි.

මෙම දොළ මාර්ගය විවිධ පුද්ගලයන්ගේ ක්රියාකාරම් නිසා විනාශ වීමේ තර්ජනයට ලක්වෙමින් පවතින අවධියක, නාවලකන්ද සමනල යෞවන සමාජය විසින් මෙම දොළ මාර්ගය රැක ගැනීම සඳහා දොළ මාර්ගයට රක්ෂිත සීමාවක් වෙන් කර එය ආක්ෂක ප්රදේශයක් ලෙස නම් කොට සංරක්ෂණය කිරීමට පියවරගන්නා ලෙස ලිපි මගින් අදාල ආයතන දැනුවත් කරමින් ඉල්ලා සිටියේය.


මේ අනුව 2018 වර්ෂයේ ජනවාරි මස 05 වන දින වලල්ලාවිට ප්රාදේශිය ලේකම්, මතුගම අඩවි වන නිලධාරී සහ 2018 වර්ෂයේ අප්රියෙල් මස 12 වන දින මධ්යම පරිසර අධිකාරිය දැනුවත් කරමින් ලිපි යොමු කරන ලදි. අනුව මෙම දොළ මාර්ගයට නිශ්චිත දොළ රක්ෂිත සීමාවක් වෙන් කර නොමැති බැවින් සඳහා දොළ රක්ෂිතයට ආදාල සීමා මිනුම් කටයුතු සිදු කර සීමා මායිම් වෙන් කරන ලෙසට වලල්ලාවිට ප්රාදේශිය ලේකම් විසින් කළුතර දිස්ත්රික් මිනින්දෝරු අධිකාරී  වෙත ලිපියක් යොමු කිරීම මගින් ඉල්ලීමක් කර ඇත.

නමුත් දැනුවත් කිරීම් කර මාස 5 කාලයක් ඉක්මවා ගියද දොළ මාර්ගයට ඇතිවෙමින් පවතින තර්ජනය නැවතී නොමැත. මේ වන විට මෙම දොළ මාර්ගය අසල බැකෝ යන්ත් යොදා එලිපෙහෙළි කරන අතර එමගින්ද මෙම දොළ මාර්ගයට බල පෑම් එල්ල වේ. මෙලෙස  තව දුරටත් මෙම දොළ මාර්ගයට එල්ල වන තර්ජනයන් නැවැත්වීමට ක්රියා නොකල හොත් මෙම සුන්දර ජල මාර්ගය සදාකාලිකවම අහිමි වී යාමට ඉඩ තිබේ. එබැවින්  ආවේණික මිරිදිය මසුන් හා ජලජ ජීවීන් අතුළුව ජීවින් රැසකට ජීවය ලබා දෙමින් ප්රදේශ වාසීන්ගේ ජල අවශ්යතා සපුරන්නා වූ මෙම දොළ මාර්ගය රැක ගැනීම සඳහා ඔබ මාධ් ආයතනයේ සහය බලාපොරොත්තු වෙමි.

 

ස්තූතියි.

 

පේශල පසන් කරුණාරත්න

සභාපති

සමනල යෞවන සමාජය

නාවලකන්ද,

මීගහතැන්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress