පියවරෙන් පියවර ඊළම එන්නේ මෙහෙමයි
Posted on May 27th, 2018

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර උපුටා ගැන්ම දිවයින

“මෙම ප්‍රතිඵලය ලබා ගැනීමට වෙහෙස නොබලා දායකවූ බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ ත්‍රස්‌ත ප්‍රහාරක වෘත්තිකයනට අපගේ ගෞරවය සහ ස්‌තුතිය පුදකර සිටිනවා. ඇමෙරිකානු ජනතාව ඔවුන්ගේ ක්‍රියාවන් හෝ ඔවුන්ගේ නාමයන් නොදන්නා වුවද අද රාත්‍රියේ ඒ ප්‍රතිඵලය දුටුවා. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ වීරයන්ගේ වෘත්තීමය දැනුම, දේශප්‍රේමීත්වය සහ ඇදහිය නොහැකි ධෛර්ය සම්බන්ධයෙන් අප ආඩම්බරයට පත්වෙනවා. මව්බිම වෙනුවෙන් සේවය කළ ඔවුන්, සැප්. 11 ත්‍රස්‌ත ප්‍රහාරයට පසුව ඉන් බරපතල ලෙස පීඩාවට පත් පරම්පරාවේම කොටසක්‌.
 
 රටක්‌ වශයෙන් අප අපගේ ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌ වනවිට කිසිවිටක ඉවසන්නේ නැතිවාක්‌ මෙන්ම අපගේ ජනතාව නිකරුණේ ඝාතනය වන විට නිකම් බලා සිටින්නේත් නැහැ. අපේ රටවැසියන් ආරක්‌ෂා කිරීමට අප ඕනෑම දෙයක්‌ කරනවා. අපි අපව ගොඩනඟා ඇති අගයන්ට සත්‍යවාදී වන්නෙමු. අද මේ රාත්‍රියේ අල්කයිඩා ත්‍රස්‌තවාදයෙන් දිවි අහිමි වූ තම ආදරණීයයන්ගේ ඥාතීනට මා කියනුයේ යුක්‌තිය සහ සාධාරණය ඉටුවූ බවයි.”

p19

 ඇමෙරිකාවේ 6 වන සීල් බල ඇණිය අල්කයිඩා ත්‍රස්‌ත කණ්‌ඩායමේ නායක ඔසාමා බින්ලාඩන් මරා දැමූ මොහොතේ එවකට සිටි ඇමෙරිකන් ජනාධිපති බරක්‌ ඔබාමා, ජාතිය අමතා කළ කතාවේ කොටසකි ඒ.
 
 අපද වසර 30 ක්‌ තිස්‌සේ අහිංසක ලාංකික වැසියන් දහස්‌ ගණනක්‌ ඝාතනය කළ කොටි ත්‍රස්‌තවාදී සංවිධානයේ නායක ප්‍රභාකරන් නසා, යුද්ධය ජයග්‍රහණය කළෙමු. නමුත් අද සිදුවී ඇත්තේ කුමක්‌ද? ත්‍රස්‌තවාදය නිම කළ රණවිරුවා සිරගෙදර යෑවීමට සලස්‌වා කොටි ත්‍රස්‌ත නායක ප්‍රභාකරන්ව උතුරේ සැමරීමට ඉඩදී බලා සිටීමයි.

p19 2

 බරක්‌ ඔබාමා අද ජනාධිපති නොවේ. ඔහුගෙන් පසුව ජනාධිපති වී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඔහු කවදාවත් ඔසාමා බින්ලාඩන් ඝාතනය කළ මෙහෙයුමට සහභාගි වූ බුද්ධි නිලධාරීන් සහ සීල් 6 වන බල ඇණියේ සෙබළුන් බන්ධනාගාරගත කොට බින්ලාඩන් සැමරීමට ඇමෙරිකාව තුළ අල්කයිඩා හිතවාදී කණ්‌ඩායම්වලට ඉඩ දෙයිද, නමුත් ප්‍රභාකරන් විනාශ කොට ත්‍රස්‌තවාදය ජයගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිට පසුව පත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා එසේ කරමින් සිටී. සිරිසේන ජනාධිපතිගේ ආණ්‌ඩුවේ ඇමැතිවරුන් එය සාධාරණීය කරමින් සිටී. එසේනම් ලෝකයේ කිසිම රටක සිදුවී නැති, කිසිම රටක කවදාවත් සිදුවන්නේ නැති, අප සිහිනෙන්වත් නොසිතූ මෙවන් නින්දිත තත්ත්වයක්‌ උදාකරදුන් සියල්ලන්ම දේශද්‍රෝහීන් නොවන්නේ කෙසේද?
 
මෙවර උතුරේ දස දහස්‌ ගණන් දෙමළ ජනතාව, රජයෙන් වේතනය ලබා ගන්නා ද්‍රවිඩ දේශපාලනඥයින්ගේ නායකත්වයෙන්, කොටි ත්‍රස්‌ත නායකයාගේ ඡායාරූපයද අතැතිව, යුද්ධයේදී මියගිය අය සැමරූ අන්දම අප දුටුවෙමු. උතුරේ ප්‍රධාන ඇමැති විග්නේෂ්වරන් කියා සිටියේ මේ වසරේ සිට සෑම වසරකම මැයි 18 වන දින දෙමළ ජනතාව සමූල ඝාතනය කළ දිනය ලෙස ප්‍රකාශයට පත්කරන බවයි. උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් තර්ජනය කළේ සිංහලයන්ගේ කෙනෙහිලිකම් නැවැත්තුවේ නැතිනම් ඉදිරියේ එක්‌සත් ජාතීන්ගේ සංගමය සමඟ එක්‌වී උතුරු නැගෙනහිර අනිවාර්යයෙන්ම බෙදා වෙන්කර ගන්නා බවයි. උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිවරයා උතුරේ සියලුම රජයේ පාසල්වලට නිල චක්‍රලේඛයක්‌ නිකුත් කරමින් නියෝග කර සිටියේ පාසල් සහ පළාත් කොටි අඩකුඹු කර තබන ලෙසයි. උතුර දැන්ම වෙනම රාජ්‍යයක්‌ වී හමාරද? රජයෙන් වේතනය ලබා ගන්නා සියලුම දේශපාලනඥයන් රටේ භෞමික අඛණ්‌ඩතාවය ආරක්‌ෂා කිරීමට දිවුරුම් දී තිබේ. එසේ දිවුරුම් දී මෙසේ රට බෙදීමට තැත් කළ ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් ස්‌මාරක ඉදිකරමින් ඔවුන්ට ගෞරව කිරීමට සහ ඔවුන්ව සැමරීමට ජනතාව පෙළගස්‌වයි නම් රටේ ජනාධිපති, අගමැති සහ කැබිනට්‌ මණ්‌ඩලය, ඔවුන්ව වහා එම තනතුරුවලින් ඉවත්කොට දඬුවම් නොකොට ඇටිකෙහෙල් ගිල දැමූ උගුඩුවන් සේ නිහඬව බලා සිටී නම් ඒ කුමන ඝනයේ පාලකයන්ද?
 
 බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන්ගේ ඊළාම් රාජ්‍යය උතුරේ පිහිටුවීමේ දීන කුමන්ත්‍රණය වර්තමාන පාලකයන් නොදැන සිටීමට ඔවුන් නොදරුවන් නොවේ. එය දියත් කරනුයේ යහපාලන ආණ්‌ඩුවේ සිටින බලයේ සිටීමට සුළු ජාතීන්ගේ ඡන්ද ලබා ගැනීම සඳහා රට පාවාදීමට සැරසී සිටින සිංහල දේශපාලනඥයන්ගේ සහ වර්තමාන ජ. වි. පෙ. නායකයන්ගේ පූර්ණ අනුදැනුම ඇතිව බව අප දනිමු. ඒ සියලු දෙනාට, ඉදිරියේදී, බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයනට ප්‍රථමයෙන්, ජනතාව අතින් දඬුවම් විඳීමට සිදුවන බැව් ඒ සියල්ලෝම දත යුතුයි.
 
 උතුරේ වෙනම ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීමට දීර්ඝ කාලීන වශයෙන් දියත් කර ඇති කුමන්ත්‍රණය සහ එහි ප්‍රගතිය සැකෙවින් මෙසේය. මෙහිදී අප විසින් අද වනවිට ලෝකයේ රටවල් 26 ක්‌ බෙදී වෙන්වී ගොස්‌ ඇති බව ද දත යුතුය. පෘතුගාලය සහ ඔස්‌ටේ්‍රලියාව විසින් ගොනු කරන ලද සුප්‍රසිද්ධ ඊස්‌තිමෝ නඩු තීන්දුවේ සඳහන් කර ඇති පරිදි වෙනම රටක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීමට නම් පහත සඳහන් ප්‍රධාන කරුණු සම්පූර්ණ කළ යුතුවේ. එනම් ඒ රටේ
 
 (අ) සුවිශේෂී අනන්‍යතාවකින් යුත් ජනතාවක්‌ වෙසෙන විට
 
 (ආ) එසේ වාසය කරන එවන්වූ ජනතාවට පරමාධිපත්‍ය බෙදී ගොස්‌ ඇත්නම් ඒ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීම මධ්‍යම ආණ්‌ඩුව විසින් වළකනවිට
 
 (ඇ) එවන්වූ ජනතාව සමූල ඝාතනයට ලක්‌වී සිටින විට
 
 (ඈ) එම ජනතාවට දීර්ඝ කාලයක්‌ මුළුල්ලේ නිරතුරුවම අවමන් සහගත ලෙස සලකනවිට යනාදී වශයෙනුයි.
 
 අද උතුරේ 99% ක්‌ම වෙසෙන්නේ දෙමළ ජනතාවයි. එහි පෙර සිටි සිංහල සහ මුස්‌ලිම් ජනතාවට සිදුවී ඇත්තේ කුමක්‌ද? ඔවුන්ව ජනවාර්ගික ශුද්ධයකට භාජනය කොට ඝාතනය කරමින් ඒ ප්‍රදේශයෙන් පලවා හැරීමයි. අද වර්තමාන ප්‍රධාන ඇමැති ඉතා ප්‍රසිද්ධියෙන් කියා සිටින්නේ සිංහල මුස්‌ලිම් ජනතාවට උතුරේ ජීවත්වීමට අයිතියක්‌ නැති බවත් එය ඔවුන්ගේ “නිජභූමිය” බවත්ය. උතුරේ විසූ සිංහල මුස්‌ලිම් ජනතාවට උතුරේ නැවත පදිංචිවීමට ඉඩ නොදෙමින් එහි කිසිම සිංහල මුස්‌ලිම් වෙළෙඳසලක්‌ ස්‌ථාපිත කිරීමට අවසර නොදෙමින්, උතුරේ පන්සල් සෑදීම විවෘතව තහනම් කරමින් වර්තමාන ද්‍රවිඩ දේශපාලනඥයින් මේ සම්පූර්ණ කරනුයේ ඉහත සඳහන් පළමුවන කරුණ වන “උතුරේ සුවිශේෂී වූ දෙමළ අනන්‍යතාවකින් යුත් ජනතාවක්‌ සිටින බැව්” තහවුරු කිරීමය. එය දැනට ඔවුන් සිදුකර හමාරය.
 
 දෙමළ ජනතාව යුද්ධය පවතින කාලය තුළ සේම අනෙකුත් අවස්‌ථා වලදීද සමූල ඝාතනයට ලක්‌ව ඇතැයි උතුරු ප්‍රධාන ඇමැති විග්නේෂ්වරන් පුන පුනා කියන්නේ එවන්වූ අනන්‍යතාවයක්‌ ඇති ජනතාවක්‌ සමූල ඝාතනයට ලක්‌ව සිටී නම් යන කොන්දේසිය සම්පූර්ණ කිරීමටය. දෙමළ ජනතාව සමූල ඝාතනයට ලක්‌ව සිටියා යෑයි උතුරු පළාත් සභාවේ යෝජනාවක්‌ ද සම්මත කොට ඇති අතර එය අද වන තෙක්‌ මධ්‍යම රජය මගින් ප්‍රතික්‌ෂේප කොට හෝ එයට විරුද්ධ වී හෝ නොමැත. එසේ නිශ්ශබ්දව සිටීමෙන් රජය ද එය ද්‍රෝහී ලෙස පිළිගෙන තිබේ. අපේ හමුදාව එදා ත්‍රස්‌තවාදී යුද්ධය ජයග්‍රහණය කළේ 2,95,000 ක්‌ වූ දෙමළ ජනතාව බේරා ගනිමිනි. එසේ බේරා ගැනීමට ගොස්‌ රණවිරුවෝ විශාල සංඛ්‍යාවක්‌ තම ජීවිත ද අහිමි කර ගත්හ.
 
 ත්‍රස්‌ත ග්‍රහනයෙන් මිදී හමුදා ආරක්‌ෂාව පතා දිව ආ ලක්‌ෂ ගණන් දෙමළ ජනතාවට වෙඩි තබමින් ඉන් සමහරක්‌ අමු අමුවේ මරා දැම්මේ ත්‍රස්‌තවාදීන්ය. සමූල ඝාතනයක්‌, සංහාරයක්‌ යනු යුද අපරාධයකි. යුද්ධයේදී එවන් සංහාරයක්‌ සිදු නොවූ බව පරණගම කොමිසමට අනුයුක්‌ත වූ ශ්‍රීමත් ජෙෆaරි නයිස්‌, ශ්‍රීමත් ඩෙස්‌මන්ඩ් ඩී සිල්වා, මේජර් ජනරාල් ජෝන් තෝම්ස්‌, මහාචාර්ය මයිකල් ක්‍රේන්, රැජින නීතිඥ රොඩ්නි ඩික්‌සන් යන ලෝක ප්‍රසිද්ධ යුද අපරාධ විශේෂඥයන් සඳහන් කර තිබියදී අප යුද අපරාධ කළ බව යහපාලන ආණ්‌ඩුවේ මංගල සමරවීර ජිනීවාහිදී පිළිඅරන් තිබේ. “දෙමළ සමූල ඝාතන” කොන්දේසිය වර්තමාන පාලකයෝද වක්‍රව නොව සෘජුව ස්‌ථිර කොට ඇත්තේ එසේය.
 
 පෙර සඳහන් කළ පරිදි උතුරු පළාත් සභාවේ සිංහල ජනතාවට විරුද්ධව විග්නේෂ්වරන් සම්මත කරගත් යෝජනා සියල්ලම සම්මත කළේ වර්තමාන රජය යටතේය. එම යෝජනා කිසිවකටත් අද වනතුරු මේ රජය විරුද්ධත්වය ප්‍රකාශකොට නොමැත. එයින් එක්‌ යෝජනාවක්‌ වනුයේ අප රට 1948 නිදහස ලැබූ දිනයේ සිට රට පාලනය කළ සියලුම සිංහල පාලකයන් දෙමළ ජනතාව සමූල ඝාතනයට ලක්‌ කළ බවත් දෙමළ කාන්තාවන් සැළසුම් සහගත ලෙස වඳභාවයට පත් කළ බවත්ය. “දෙමළ ජනතාව දීර්ඝ කාලයක්‌ මුළුල්ලේ අවමන් සහගත සැලකිල්ලටත් භාජනය වන්නේය යන කොන්දේසිය මොවුන් සපුරා ගන්නේ එසේය. ඒවගේම හමුදාව යුද සමයේ අත්පත්කොට සිටි ඉඩම්වලින් 90% දැනටමත් නිදහස්‌කොට ඇති නමුත් හමුදාව ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් තබා ගෙන ඇතැයි පුන පුනා කියන්නේ ද, එසේ අවතැන්වී ඇති දෙමළ ජනතාවට රජයෙන් ලබාදී ඇති විකල්ප ඉඩම්වලට යැමට නොදෙන්නේද ඉහත කී “නිරතුරුවම හිංසාවට/ පීඩාවට පත්වන ජනතාවක්‌ ලෙස ලෝකයාට පෙන්වා දීමටය.
 
 ඉන් පසුව තිබෙන්නේ පරමාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නයයි. දැනට 13 වන සංශෝධනයෙන් උතුරට පරමාධිපත්‍ය බලය දී ඇත්තේ මධ්‍යම රජයට යටත්වය. ජනාධිපතිවරයාගේ විධායක බලය පාවිච්චි කරමින් පළාත් ප්‍රධාන ඇමැති ඉදිරිපත් කරන ඕනෑම රටට අහිතකර ප්‍රඥප්තියක්‌ හරවා ගැනීමේ බලය තිබෙන ආණ්‌ඩුකාර තනතුර, මධ්‍යම රජයේ අනුමැතියකින් තොරව නීති සම්පාදනය කළ නොහැකි විෂයන් 36 ක්‌ අඩංගු සමගාමී ලැයිස්‌තුව සහ ජාතික ප්‍රතිපත්ති සැකසීමේ මධ්‍ය රජයේ අයිතිය යනාදිය හේතුවෙන් අද උතුරට ස්‌වාධීනව සහ අනන්‍යව පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට රටේ ව්‍යවස්‌ථාවෙන් බාධක පනවා තිබේ. එබැවින් දැනට ඔවුන්ට දී ඇති පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය ඉඩ නොදේය යන කොන්දේසි සපුරාගත නොහැක්‌කේ මධ්‍යම රජයට එසේ කිරීමට රටේ ව්‍යවස්‌ථාවෙන් බලය දී ඇති නිසාය. නමුත් දැන් ඔවුන් මේ කිරීමට යන්නේ කුමක්‌ද? ඉතා සූක්‍ෂම ලෙස, කුමන්ත්‍රණකාරීව, මා ඉහත සඳහන් කළ මධ්‍යම රජය සතු බලය ව්‍යවස්‌ථා සංශෝධනයකින් කාටත් නොපෙනන සේ අහිමි කිරීමයි. ජනාධිපතිගේ විධායක බලය අහෝසි කළවිට හෝ ප්‍රධාන ඇමැතිගේ එකඟතාවය මත ආණ්‌ඩුකාරවරයා පත්කළවිට ප්‍රධාන ඇමැතිගේ ප්‍රඥප්තියක්‌ කිසිවිටක ආපසු හරවා නොයවනු ඇත. එසේ හරවා නොයන ලද ප්‍රඥප්තියක්‌ අනුමත කොට ක්‍රියාත්මක කරනවිට එයට මධ්‍යම රජය විරුද්ධ වුවහොත් එවිට පෙර සඳහන් කොන්දේසිය සපුරාගත හැකිවේ. කරුණු එසේ බැවින් මේ 20 වන ව්‍යවස්‌ථා සංශෝධනයේදී ජ. වි.පෙ. මන්ත්‍රීවරුන් සමඟ…. වර්තමාන “සිංහල” දේශපාලනඥයින් . කාරක සභා අවස්‌ථාවේදී, ආණ්‌ඩුකාරයා පිළිබඳවද, සමගාමී ලැයිස්‌තුවේ ප්‍රධාන විෂයන් සම්බන්ධවද, ජාතික ප්‍රතිපත්ති සෑදීමේ බලයද සූක්‍ෂමව පළාත් සභාවලට ලැබෙන අයුරින් සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ. 19 වන සංශෝධනයේද මොවුන් අනුගමනය කළේ මේ පිළිවෙතමය. අවසානයේ සිදුවූයේ ජනාධිපතිවරයාටද නොදැනී අගමැතිවරයාට විශාල බලයක්‌ ලැබෙන ලෙස කාරක සභා අවස්‌ථාවේදී සංශෝධන එකතු කිරීමය. 19 වන සංශෝධනය අනුමත වන විට එහි තිබු සංශෝධන සියල්ලම දැන සිටි එකම පුද්ගලයා අගමැතිවරයා පමණක්‌ බව අප වගකීමෙන් යුතුව පවසන්නේ එබැවිනි.
 
 20 වන සංශෝධනයෙන් ඉහත කී අනන්‍ය වූ පරමාධිපත්‍ය බලය උතුරු පළාත් සභාවට, මධ්‍යම රජයේ පාලනයෙන් තොරව, ලැබුණු විගස දෙමළ දේශපාලනඥයින් තම කාර්ය වහාම ආරම්භ කරනු ලබයි. උදාහරණයක්‌ ලෙස හමුදා කඳවුරක්‌ අසල විශාල ගොවිපලක්‌ ඉදිකිරීමට යෝජනාවක්‌ සම්මත කරයි. ඉන්පසු ගොවීන් දහස්‌ ගණනක්‌ කැති උදළු රැගෙන හමුදාවට ඉවත්වන ලෙස බල කරයි. පසුව දිනක හමුදා සෙබළෙකුට නාඳුනන මිනිහෙක්‌ පිහියෙන් ඇන හෝ වෙඩි තබා මරා දමයි. ඉන්පසු “සිංහල” කතා කරමින් යුද හමුදා නිල ඇඳුම් ඇඳ ගත් කණ්‌ඩායමක්‌ දෙමළ ගම්මානයට වැද වැසියන් 100 ක්‌ පමණ මරා දමයි. අන්තර් ජාතිය එවිට මෙම ගැටුමට මැදිහත්වේ. මෙය එක්‌ ආකාරයක්‌ පමණි. මේ ආකාරයේ තමන්ට දී ඇති බලයක්‌ ක්‍රියාත්මක කිරීමට නොදේය යන්න සනාථ කිරීමට ඔවුනට ඕනෑතරම් ක්‍රම සහ විධි තිබේ. එසේ කටයුතුකොට සැලසුම් සහගත ලෙස “මනුෂ්‍ය ඝාතනයක්‌” සිදුවූ විගස එය එ.ජා. සං. යේ ආරක්‌ෂක මණ්‌ඩලය කරා හෝ ඊස්‌කිමෝ/කොසෝවා හි වූ පරිදි තත්ත්වය උදාවූ පසු අන්තර්ජාතික නඩු තීන්දුවල වෙන්ව යාම සාධාරණීය කරන්නාවූ ඉහත සඳහන් කොන්දේසි සියල්ලම උතුරේ සිටින දෙමළ ජනතාව සපුරා ඇති බැවින් බටහිර රටවල ආශිර්වාදයෙන් ඊළම බිහිවනු ඇත. වසර 2500 ක්‌ තිස්‌සේ ලක්‌ෂ ගණනක්‌ දිවිපුදා රැකගත් රටේ ඒකීය භාවය “දෙමළ සහ සිංහල ද්‍රෝහීන් කිහිප දෙනෙක්‌ විසින් නින්දිත ලෙස පාවා දීම සැලසුම් කර ඇත්තේ මේ අයුරිනි. 20 වන ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව ඡන්දය දෙන සියලුම මන්ත්‍රීවරුන් ජාතිය පාවා දෙන දේශද්‍රෝහීන් ලෙස ඉතිහාස ගත වන්නේද ඒ ලෙසිනි.

3 Responses to “පියවරෙන් පියවර ඊළම එන්නේ මෙහෙමයි”

  1. Ancient Sinhalaya Says:

    This traitor foreigner cancer getting pushed aside by the Fastest Breeding Relgion aka Religion of Utter Peace mussies
    who multiply like …. to ounumber the Sinhalese and tamils. What these traitors do? Keeping quiet and slowly disappearing into Sinhalese areas. That’s how these traitor low lives react. These traitor low lives regard
    Sinhales as its ultimate enemy. Go live in akurana or beruwala with them and see. Problem has been Sinhalese
    have been too good because they are mainly followers of the only true religion (Buddhism) in the world.

    Traitor foreigners do you know how many hindus live in pakesthan today? It is 00000000. Before the partition there
    were millions. That’s what is going to happen to
    these traitors. Are the foreigner cancer going to leave Colombo and all other areas when they get exclusively tamils
    only drealam? Traitor, ungrateful low life pigneshwaran who got to its highest position in its profession in so called discriminatory Sri Lanka going to leave Colombo?

    These traitor foreigners are believers of religions of conveniences and don’t regard killing, stealing, lying, sexual
    misconduct, drug abuse etc. as sins while all honest people in the world including all the law courts do. This is the
    core problem with these traitors. What can you expect from these traitors who believe in mythical gods in this
    scientific era? Charles Darwin’s Theory of Evolution destroyed the creator god myth. Then his book The Tree of Life
    explained how all these millions of creatures came to being. Just like Lord Buddha explained more than 2,500 years ago.
    Still thanks to fear of god punishing people (can’t be a god if he is up to bad things?) mythical gods live on. In the
    meantime these mythical god followers accrue a lot of sins by lying, stealing, killing and end up becoming not two
    legged creatures in their next lives. Good for traitors like pigneshwaran, church acolyte sumanthiran, xxxxhim,
    bada udin, a sad ali (not enough children to be sad?), r@ sambanthan, mango nation from the up country drealam
    etc. etc. who keep lying to get more and more of the cake.

  2. Ancient Sinhalaya Says:

    Traitor anti Sinhalese, anti Buddhist, anti Sri Lanka catholic run UNPatriotic_rats’ traitor chief alugosuwa (to Sinhalese
    only) thambi mudiyanselage jr@ created diasporats. These diasporats are all over the world (sorry, developed
    countries please!) and settled down in 1000s close to each other. Then vote-greedy low life deshapaluwan in
    those countries started to lick the backsides of these traitor diasporats for their votes.

    Now these traitor diasporats who
    fled Sri Lanka to save their lives from barrel man hitler mala paharan’s catholic tigers of tamil drealam forced
    conscription paying back Sri Lanka by
    trying to dismember Mother Lanka at every opportunity. Still who created all these troubles for the Sinhalese,
    Sri Lanka and Buddhism traitor UNPatritoic_rats keep destroying Sri Lanka, Buddhism and Sinhalese race with traitor
    tamils, mussies and church acolytes like pxke lapaya, die hard catholic token Buddhist Batalande Wandakaya r@ni_
    leech wickrama Sinhala killer, minister of erection (permanent) john mara etc. etc.

  3. Christie Says:

    පියවරෙන් පියවර එන්නේ ඊලාමය නෙමෙයි සම්පූර්න ඉන්දියානු යටත් ව්ජිතයක්.

    ඉන්දියාවේ දකුනු කාශ්මීරය.

    Where is Malay Nadu in the picture.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress