ජවිපෙ රට අනතුරේ දාලා -ගෙවිඳු කුමාරතුංග
Posted on June 4th, 2018

අංජුල මහික වීරරත්න උපුටාගැණීම ලංකාදීප

ජනතා විමුක්ති පෙරමුණ තම ඡන්දදායකයාට අවංක නම් කළ යුත්තේ 20 වන සංශෝධනය හරහා වත්මන් අගමැති සහ පාර්ලිමේන්තුව තවත් ශක්තිවත් කරනවා වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවාහැර නව රජයක් පත්කර ගැනීමට උපකාර කිරීමකැයි යුතුකම” සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (3) පැවසීය.

වත්මන් පාර්ලිමේන්තුවට රටේ ජනපති පත් කිරීම සඳහා කිසිදු ජනවරමක් නොමැති බව කී කුමාරතුංග මහතා, 20 වන සංශෝධනය මගින් ජනාධිපති ධුරය බල රහිත කර විධායකය සහ ව්‍යවස්ථාදායකය අනතුරට ඇද දමන බව ද කීය.

කොළඹ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී මෙම මාධ්‍යහමුව පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගෙවිඳු කුමාරතුංග මහතා මෙසේද පැවසීය. 

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අදහස් දැක්වීම අපේ අරමුණයි.
ජනතාව විසින් පත්කරන ජනාධිපති වෙනුවට පාර්ලිමේන්තුවෙන් තෝරන අගමැතිට රටේ නායකත්වය පැවරීම 20 වන සංශෝධනයේ අරමුණයි.

ජනතා විමුක්ති පෙරමුණ අවංක නම් මේ යෝජනාව ඉල්ලා අස්කර ගත යුතුයි.

පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයකින් ජනපති පත්කර ගත යුතු බව 20 වන සංශෝධනයේ කියැවෙනවා. විධායක ජනපති ජනතා ඡන්දයෙන් පත්වීමෙන් ස්ථාවර බවක් තිබූ නිසා අස්ථාවර පාර්ලිමේන්තු තිබියදී හෝ රජය පවත්වාගෙනගොස් තිබෙනවා.

කිසිම පක්ෂයකට තනිව ස්ථාවර රජයක් පිහිටුවීමට නොහැකි මැතිවරණ ක්‍රමයක් තබාගෙන ජනාධිපති ධුරය බල රහිත කිරීම විධායකයට සහ ව්‍යවස්ථාදායකයට යන දෙකටම අනතුරක් බව කිව යුතුයි.

මෙයින් වාසි සැලසෙන්නේ කුඩා ජාතිවාදී කල්ලිවලටයි. මහජන නියෝජිතයන්ට ජනතාවගෙන් සැඟවී ජනපති පත් කිරීමේ විධි විධිවිධානවලට මෙම නව සංශෝධනයෙන් ඉඩ ලැබෙනවා.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලිය යටපත්වී ඇති මොහොතක ජනතා විමුක්ති පෙරමුණ මෙම 20 වන සංශෝධනය ගෙන එන්නේ යටපත් කරගත් යෝජිත නව ව්‍යවස්ථාවේ අඩුව පිරවීමටද?

මහ බැංකු හොරකමට සම්බන්ධ අයට පවා මන්ත්‍රීවරුන් මුදලට ගෙන 20 වන සංශෝධනය යටතේ රටේ ජනාධිපති ධුරයට පත් වීමට හැකියාව තිබෙනවා.

පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරන යෝජනාවක් සමග එලෙස පත් කරන්නේ රහසිගත ඡන්දයකින් විය යුතු බවට යෝජනාවක් ඇතුළු කළේ ඇයිදැයි ජනතා විමුක්ති පෙරමුණ රටට හෙළිදරව් කළ යුතුයි.

අපට කිව හැක්කේ මෙය රට අනාථ කරන සංශෝධනයක් බවයි.

වත්මන් පාර්ලිමේන්තුවට ජනපති පත් කිරීමට ජනවරමක් ලැබී නැහැ. දැන් රජයේ තිබෙන අස්ථාවර බව ගැන කියන්නේ අප නොවෙයි. ජනපති කියන කතා ඇසූ විට ඒ බව හොඳින්ම අවබෝධ කරගත හැකියි.

දැන් පවතින්නේ ණයට පවත්වාගෙන යන ජාතික ආණ්ඩුවක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව මගින් මහ බැංකුවේ වංචාවක් වූ බව රහසක් නොවේ. ඒ සම්බන්ධයෙන් අගමැතිට ගෙන ආ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ජනතා විමුක්ති පෙරමුණ දැන් 20 වන සංශෝධනය හරහා අගමැතිවරයා තවත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ රටට පැහැදිලි කළ යුතුයි.

මේ ක්‍රියාවලියෙන් වන්නේ රට සම්පූර්ණයෙන්ම අරාජිකත්වයට පත්වීමයි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දදායකයන්ට අවංක වෙනවා නම් කළ යුත්තේ වත්මන් රජය තවත් ශක්තිමත් කරනවා වෙනුවට රජය වහාම විසුරුවා හැර නව රජයක් පත් කිරීම යැයි ද කීය.

One Response to “ජවිපෙ රට අනතුරේ දාලා -ගෙවිඳු කුමාරතුංග”

  1. Ananda-USA Says:

    The JVP drafted 20th Amendment requires the vote to select the non-Executive President by SECRET BALLOT! NO ONE CAN FIND OUT HOW the 118 (now reportedly 164 according to CaFFE) MPs who took BRIBES from Perpetual Treasuries have voted to ELECT the President!

    I ALSO wonder HOW the 118 (now reportedly 164 according to CaFFE) MPs who took BRIBES from Perpetual Treasuries voted to DEFEAT the NO-CONFIDENCE MOTION against the Ali-Baba Ranil Wikunanasinghe!

    I think Perpetual Treasuries fell a little SHORT in that PTL failed to buy the ENTIRE 225 MPs in PARLIAMENT!
    A little inefficiency there, don’t you think??

    Pana-Nathi Jana-Pathi SIRISENAAAAA!

    DISSOLVE this CROOKED Parliament …. NOW, and CALL FOR NEW PARLIAMENTARY ELECTIONS … RIGHT NOW!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress