සල්ලි ගත්තු අයගේ නම් හෙළි නොකළොත් ජනාධිපතිත් වංචාවේ කොටස්කරුවකු වෙනවා
Posted on June 4th, 2018

අනුරාධා හේරත්  උපුටාගැණීම  මව්බිම

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාවෙන් මුදල් ගසා කෑ පුද්ගලයන් කවුද යන්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හෙළි නොකළොත් ඔහුද එම වංචාවේ කොටස්කරුවකු වනු ඇතැයි “දූෂණ විරෝධී හඬ” කැඳවුම්කරු වසන්ත සමරසිංහ කියයි.

අදාළ වංචනිකයන් කවුද යන්න රටට හෙළිකිරීමට මහා ප්‍රාතිහාර්යයක් පෑමට අවශ්‍ය නොවන බවද සමරසිංහ මහතා පෙන්වා දෙයි.

සමරසිංහ මහතා පැවැසුවේ බැඳුම්කර වංචාවෙන් මුදල් චෙක්පත් ලබාගත්තවුන් 118ක් සිටින බවට මතයක් ප්‍රචාරය කළේ සත්‍ය වසන් කිරීමට බවත් මීට පෙර රුපියල් මිලියන 1190කට අයත් චෙක්පත් එකම පෞද්ගලික බැංකුවක් හරහා මාරු කර ඇති බවත්ය.

මෙකී වංචාවෙන් රුපියල් මිලියන 1190ක් නොව මිලියන 3000කට අධිකව බෙදා ඇති බව අර්ජුන් ඇලෝසියස්ට සමීප කිහිපදෙනෙක් විවිධ ස්ථානවල පවසා ඇතැයි දැනගන්නට ලැබී ඇති බවද ඒ මහතා කීය.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ එකී වංචාවෙන් මේ වනවිට රටට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 24,000ක් පමණ වන බවය.
සමරසිංහ මහතා මේ බව පැවැසුවේ ඊයේ (03දා) මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

පළමු කොමිසම අවසන් වෙලා කාලයක් ගත වෙලා. වහාම දෙවැනි ජනපති කොමිසම දාලා මීට අදාළ තොරතුරු හෙළි කරන්න. පළමු කොමිසමේ වාර්තාවේ පිටු 106ක් ගැලෙව්වා. මෙහි සංවේදී තොරතුරු තියෙන නිසා ඒවාට අදාළව කඩිනම් පරීක්ෂණ කළ යුතුයි කියලා. දැන් ආරංචියි ඒ පිටු 106 නැති වෙලා කියලා.

හොරු රකින්න මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. දේශපාලනඥයන්ට, මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට, තව අයට මේ බැඳුම්කර මුදල් ලබාදී තියෙනවා. මේ වංචා සහගත මුදල්වලින් මිලියන අටදහස් ගණනක් අයිති සේවක අර්ථ සාධක අරමුදලේ සල්ලි. ඒවා වහාම නිදහස් කළ යුතුයි.
2015 පෙබරවාරි 27 සිට අප පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම අවස්ථා ගණනකදී මෙන්ඩිස් අරක්කු සමාගමක ගිණුමකින් මුදල් හුවමාරු කරලා තියෙනවා. අධිකරණයට වාර්තා කරපු කරුණු අනුව 166 වතාවක් ගනුදෙනු සිදුවෙලා තියෙනවා. පෞද්ගලික බැංකුවකින් මිලියන 1190ක්. දැන් මේ බැංකුවේ සල්ලි නෑ. අල්ලස් දෙන්න මේවා යොදාගෙන. අර පිටු 106 තුළ මේ රුපියල් මිලියන 1190 බෙදලා දුන්නෙ කාටද කියලා අපිට දැන් පැහැදිලි සැකයක් තියෙනවා. දයාසිරි මන්ත්‍රිගේ ආරක්ෂකයෙක් තමයි මේ මිලියනයක චෙක්පත මාරුකර තියෙන්නෙ. මේ ඉතිරි චෙක් 166 හොයන්න ප්‍රාතිහාර්ය පාන්න අවශ්‍ය නෑ. මේවා හෙළි වූදාට විශාල සුනාමියක් ඇතිවෙලා ඒ අයට පාර්ලිමේන්තුව හැර යන්න වෙයි.

අපි අද මේ ගැන සඳහන් කරලා ජනපතිට ලිපියක් යැව්වා. අපේ ජාතික විධායක සභාව එතුමා හමුවෙලා මේ ගැන සාකච්ඡාවක් කරන්න සූදානම්. තැන් තැන්වල ඇලෝසියස්ලාගේ ගෝලයෝ කියලා තියෙනවා මිලියන 1190ක් නෙවේ මිලියන 3000ට වැඩිය බෙදලා තියෙනවා කියලා.

දැන් ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ චෙක් පත් බෙදුවේ කාටද කියලා. හැබැයි හොයන්නෙ නෑ. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටය වගේ ජනාධිපතිත් කටයුතු කරන්නෙ. සමහරුන් අද ඇටිකෙහෙල් ගිලපු උගුඩුවන් වගේ. සද්දයක් නැහැ. ඒකාබද්ධ විපක්ෂය අය අද හැසිරෙන්නෙ බැඳුම්කර වංචාවක් සිදුවුණේ නෑ වගේ.

අර්ජුන මහේන්ද්‍රන් තවම සිංගප්පූරු වරෙන්තු තියෙන අය. මේ රටට වහාම ගෙන්වන්න. සිංගප්පූරුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවකින් මෙය කළ හැකියි. ඒ කිසිවක් කරන්නෙ නෑ. අපි ජනපතිගෙන් ඉල්ලනවා වහාම මේකට මැදිහත් වෙන්න කියලා.

One Response to “සල්ලි ගත්තු අයගේ නම් හෙළි නොකළොත් ජනාධිපතිත් වංචාවේ කොටස්කරුවකු වෙනවා”

  1. Ananda-USA Says:

    The JVP drafted 20th Amendment requires the vote to select the non-Executive President by SECRET BALLOT!
    NO ONE CAN FIND OUT HOW the GANGT of 118 (now reportedly 164 according to CaFFE) MPs who took BRIBES from Perpetual Treasuries will vote to ELECT the President!

    Talk about the FOXES running the HEN HOUSE!

    I ALSO wonder HOW the GANG of 118 (now reportedly 164 according to CaFFE) MPs who took BRIBES from Perpetual Treasuries voted to DEFEAT the NO-CONFIDENCE MOTION against the Ali-Baba Ranil Wikunanasinghe!

    I think Perpetual Treasuries fell a little SHORT in that PTL failed to buy the ENTIRE 225 MPs in PARLIAMENT!
    A little inefficiency there, don’t you think??

    Pana-Nathi Jana-Pathi SIRISENA!

    DISSOLVE this CROOKED Parliament …. NOW, and CALL FOR NEW PARLIAMENTARY ELECTIONS … RIGHT NOW!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress