ප්‍රභාකරන්ගේ ගෝලයන් 14 ලංකාවට ඇවිත් ගිහින්-මහින්ද හෙළි කරයි
Posted on June 22nd, 2018

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු උපුටාගැණීම  මව්බිම

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක් වී කටයුතු කළ විදෙස් ගත පුද්ගලයන් මෙරටට පැමිණ කිලිනොච්චියට ගොස් ඔවුන්ට අවශ්‍ය කටයුතු සිදුකරගෙන මුදල්ද රැගෙන රටින් පිට වූ පසුව ඔවුන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හාස්‍යයට කරුණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘ඉරිදා මව්බිම’ට ප්‍රකාශ කළේය.

ලෝකයේ බොහෝ රටවල් ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කාගේ වුවමනාවටදැයි කියා තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ දැනට විදෙස්ගතව සිටින පුද්ගලයන් මෙරටට ඇතුළු වීම වැළැක්වීමට පියවර ගතයුතු අවස්ථාවේදී එසේ ක්‍රියා නොකර එම පිරිස් පැමිණ ශ්‍රී ලංකාවෙන් පිටවූ පසුව මෙවැනි ගැසට් නිවේදන නිකුත් කිරීම සිහිගන්වන්නේ අශ්වයා පැනගියාට පසුව ඉස්තාලය වැසීම වැනි ක්‍රියාවක් බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. රටේ ජාතික ආරක්ෂාව ගැන අවදියෙන් සිටීමේදී හමුදා බුද්ධි අංශවල සේවාවන් ඉතාම වැදගත් බවත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට දායක වූ හමුදා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීමෙන් වත්මන් ආණ්ඩුව සිදුකර තිබෙන්නේ රටේ ජාතික ආරක්ෂාව නොසලකා හැර කොටි හිතවාදීන් සතුටු කිරීම බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress