ඇමති මංගල විසින් නොම්මර එකේ කුඩු ජාවාරම්කරුවන් යයි නොකියා කියන්නේ අගමැති රනිල්ටද..? ඇමති රුවන්ටද…?
Posted on July 16th, 2018

අරවින්ද අතුකෝරල lanka C news

ඔය හිරගෙවල් වල ඉන්නෙත් දෙවැනි පෙළේ ඉන්න කුඩු බිස්නස් කාරයෝ. මේ රටේ පළවෙනි පෙලේ කුඩු බිස්නස් කාරයෝ වෙන කොහෙවත් නෙවෙයි  ඉන්නේ හොද හොද  ලයන්ස් ක්ලබ් වල, රොටරි ක්ලබ් වල, බෞද්ධ සංවිධානවල සභාපතිවරු හැටියට ප්‍රධාන උපාසක මහත්වරුන් මහත්මියන් හැටියටයි මේ අය ඉන්නේ. මම මේ දන්නා නිසයි කියන්නේ’ යනුවෙන්  මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දින  මාධ්‍ය හමුවක් අමතමින්  සිදුකරන ලද  ප්‍රකාශයට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින්  පොලිස්පතිතුමා වෙත පැමිණිල්ලක් කොළඹ කොටුව  පොලිස් මූලස්ථානයේ දී සිදු කරන ලදී.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා සහ පක්ෂයේ ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මහතා දැක්වූ අදහස්.

මංගල කළේ බරපතල අපහාසයක් –  මධුමාධව අරවින්ද

වගකිවයුතු අමාත්‍යවරයෙක් වශයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා ඉතා බරපතල ප්‍රකාශයක් වගේම අපහාසාත්මක ප්‍රකාශයක් පසුගිය 13 වැනිදා පැවැති  මාධ්‍ය  හමුවකදී සිදුකරනවා. එහිදී එතුමා සඳහන් කරනවා මේ මොහොතේ වැලිකඩ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වශයෙන් සිටින පිරිස නොවෙයි ලංකාවේ මුල්පෙළේ අපරාධකරුවන්  කියලා.  ඒ වගේම එතුමා කියනවා  මුල්පෙළේ  ජාවාරම්කරුවන් සිටින්නේ කොහෙදැයි එතුමන් දන්නා බව. සිංහ සමාජයේ,  රොටරි සමාජයේ, වගේම උපාසක මහත්වරුන් ලෙසින් පන්සල් ආශ්‍රිතවත් මෙම පළමු පෙල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  කටයුතු කරන බව එතුමා කියනවා.

මේ මොහොතේ ජනාධිපතිවරයා ඇත්තට හෝ බොරුවට රටේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන තැනට ප්‍රශ්නය ලොකු කර ගත් අවස්ථාවක, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන  ප්‍රධාන  පෙලේ පිරිස අමාත්‍යවරයා හොඳින්ම දන්නා නිසා  අපි පොලිසියට ආරාධනා කළා මංගල සමරවීර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරලා ඒ මුල් පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න කියලා.

ඒ වගේම ලංකාවේ වැදගත් මිනිසුන් සිය සමාජ සේවා කටයුතුවල යෙදෙන සිංහ සමාජයේ ඔබ සාමාජිකයෙක් නම් රොටරි සමාජයේ ඔබ සාමාජිකයෙක් නම් ඔබට මේ අගෞරවය දැනුණේ නැද්ද? විශේෂයෙන්ම නොම්මර එකේ කුඩුකාරයන් ඉන්නේ සිංහ සමාජයේ කිව්වට පස්සේ මෙවැනි සංවිධානවල සාමාජික සාමාජිකාවන් කොහොමද සමාජයේ කටයුතු කරන්නේ. ඒ වගේම උපාසක මහත්වරුන් කටයුතු කරන්නේ පන්සලත් එක්ක. ඒ නිසා මේ එල්ලන්නට හදන්නේ පන්සලට යන මිනිස්සු නම් මේ එල්ලන්නට හදන්නේ සමාජයේ වැඩදායි මිනිසුන් නම් ඒ අපහාසයටත් එතුමා පිළිතුරු දීම අවශ්‍යයි.

මංගල නොම්මර එකේ කුඩු ජාවාරම්කරුවන් ලෙස හඳුන්වන්නේ   රනිල්ද?  රුවන්ද ? –  තුෂාර දිසානායක

අපරාධකරුවෙක් පිළිබඳව දැනුවත් වෙලා අපරාධයක් සැඟවීම සහ අපරාධකරුවෙකු සැඟවීම වරදක් ලෙසයි අප දකින්නේ. ඒ අනුව මංගල පි. සමරවීර ඇමතිවරයා විසින්  නොම්මර එකේ කුඩු ජාවාරම්කරුවන් පිළිබඳ දැනගෙන ඒ පිළිබඳ මාධ්‍ය හරඹයන් කරනවට වඩා මීට අදාළ ආයතන වලට එම තොරතුරු යොමු නොකළේ ඇයි කියන ප්‍රශ්නය අප සතුව තිබෙනවා.

අපරාධයක් වසන් කිරීමේ වරදට මංගල පී  සමරවීර අමාත්‍යවරයා වරදකරුවෙකු වන නිසා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි අද පොලිස් මූලස්ථානයෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

ඒ වගේම මගේ දැනුවත්වීම අනුව මේ රටේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ‍ෙ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා බියගම සිංහ සමාජයේ සාමාජිකයන් දෙදෙනෙක්. ඒ අනුව මංගල පින්සිරි සමරවීර අමාත්‍යවරයා දන්න නොම්මර එකේ කුඩු ජාවාරම් කරුවන් ලෙස හඳුන්වන්නේ මෙතුමන්ලා ද කියන ප්‍රශ්නය අපට පැන නගිනවා.

ඒ නිසා අපි මංගල සමරවීර ඇමතිතුමා මෙලෙස වගකීම් විරහිතව රටේ සම්භාවනීය මිනිසුන් අරබයා සිදුකරන ලද මේ චෝදනාව හෙලාදකින අතරම මේ රටේ අපරාධකරුවන් ගැන දැනුවත් වී අපරාධයන් ගැන දැනුවත් වී ඒ පිළිබඳ අදාළ අංශ වෙත තතු නොකීම පිළිබඳව වූ චෝදනාව අපි ඔහු වෙත එල්ල කරනවා. එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක්. ඒ නිසා මේ  සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනීවි යැයි බලාපොරොත්තු වෙනවා.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන්ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

– අරවින්ද අතුකෝරල

One Response to “ඇමති මංගල විසින් නොම්මර එකේ කුඩු ජාවාරම්කරුවන් යයි නොකියා කියන්නේ අගමැති රනිල්ටද..? ඇමති රුවන්ටද…?”

  1. Christie Says:

    මන්ගල කීවේ සහතික ඇත්ත. ඔය හිරේ ඉන්න කුඩුකාරයෝ වැඩි දෙනෙක් සින්හල. රටට සුද්දො ආපුදා ඉඳල අබින් කන්සා ගෙනාවේ ඉන්දියන් කාරයෝ. උන් තමයි සින්ගප්පූරුවෙත් අබින් වික්කෙ. ලී ක්වාන් ආපු ගමන් කලේ ඔය ඉන්දියන් කාරයො එල්ලල මරපු එකයි.

    අපේ රටට කුඩු ගේන්නෙ කවුද? ඒස්වරන්ලගෙ සීනි කන්ටේනර් වල කොකේන් කෝ? උන්ගෙන් කවුද හිරේ ඉන්නෙ? ඔය කියන සමාජවල ඉන්දියන් කාරයො කොච්චර ඉන්නවද. ඔය කියන පන්සල්වල උන් ලොකුම දායකයො. මට හරිම කනගාටුයි සින්හලයන් වෙනුවෙන් කතා කරන අයගේ දැනුම ගැන . සමහරවිට ඔය අය දෙපැත්තෙන්ම කන පෙරකදෝරුවද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress