මැති ඇමති වැටුප් 215% වැඩිකර ගැනීමට යෝජනා කරන ආණ්ඩුව සමෘද්ධි සේවකයින්ගේ ගමන් වියදම් දීමනා, කාර්යාල දීමනා ගෙවීම් සදහා මුදල් ලබා දීම පැහැර හැරීම තරයේ හෙලා දකිමු.
Posted on August 7th, 2018
ජනමාධ්‍ය නිවේදනයයි.Samurdhi Development Officers Union
වැඩකරන ජනතාව ඇතුලූ සමස්ත ජනතාවම විශාල ආර්ථික පීඩනයකට ලක් කර ඇති මොහොතක පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ මාසික වැටුප 215% වැඩි කර ගැනීමේ යෝජනාව දැඩි පිළිකුල් සහගත ක‍්‍රියාවක් බැවින් ඊට අප සංගමයේ අප‍්‍රසාදය මෙයින් ප‍්‍රකාශ කර සිටින්නෙමු.
තවද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන සමෘද්ධි සේවකයින්ගේ විවිධ ගෙවීම් හා ආයතනික ගෙවීම් සදහා අවශ්‍ය වන පරිපාලන වියදම් ලබා නොදීම මත ගැටලූ ගණනාවක් හට ගෙන ඇත. ඒ අනුව ග‍්‍රාම නිලධාරී වසම් මට්ටමින් සේවය කරන සමෘද්ධි කළමණාකරුවන් ඇතුලූ සමෘද්ධි සේවකයින් හට ගෙවීය යුතු මාසික ගමන් වියදම් දීමනාව මාස 04 ආසන්න කාලයක සිට මෙතෙක් ලබා දී නොමැති අතර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හට කේෂත‍්‍ර කටයුතු වෙනුවෙන් කාර්යාලයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ලබා දුන් මාසික රු.500.00 ක් වු කාර්යාල දීමනාවද 2018 වසරටම ලබා නොමැති බව මෙයින් අවධාරණය කරන්නෙමු.
2017 වසරට ගෙවීමට අනුමත වු කාර්යාල දීමනා සදහා වු හිග මුදල් සමගින් අදාල ගෙවීම් කිරීම රු.මි.280 මුදලක් අවශ්‍ය වුවත් මෙතෙක් කිසිදු මුදලක් ඒ වෙනුවෙන් ලබා නොදීම කණගාටුවට කරුණකි. ඒ අනුව අදාල ගෙවීම් සදහා අයවැයෙන් වෙන් වු මුදල් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත මහාභාණ්ඩාගාරය විසින් ලබා නොදීම මෙම ගැටලූවට හේතුවී ඇති අතර පවතින මෙම ගැටලූව විසදීමට ආණ්ඩුව මැදිහත් නොවී මගහැරීම කණගාටුවට කරුණකි.
මැති ඇමති වැටුප් වැඩිවීමේදී රු.කෝටි 445 ක අමතර විශාල වැයබරක් ජනතා කරමතට වැටෙන බව පසුගිය දා මාධ්‍ය වාර්ථා කර තිබු අතර වැඩකරන ජනතාව පීඩාවට පත්කර ඇති ප‍්‍රශ්ණ විසදීම වෙනුවෙන් මුදල් ලබා නොදෙන්නේ මන්දැයි අප ආණ්ඩුවෙන් මෙයින් ප‍්‍රශ්ණ කර සිටින්නෙමු. පැවති ආණ්ඩු සමයේද සමෘද්ධි සේවකයින් හට මෙම ගැටලූව පැවති අතර, මෙවැනි ගැටලූ විසදනවා යැයි පවසමින් යහපාලනය නැමැති නමට මුවාවී බලයට පැමිණි වත්මන් හවුල් ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කරමින් ඔවුන්ගේ වරදාන වරප‍්‍රසාද වෙනුවෙන් මුදල් වෙන් කර ගන්නා බව ජනතාවට සනාථ කර ඇත.
මෙම තත්වය පිළිබදව අවධාණය යොමු කර සමෘද්ධි සේවකයින් හට ප‍්‍රමාදයකින් තොරව ගමන් වියදම් දීමනා කාර්යාල දීමනා ඇතුලූ සෙසු දීමනා ගෙවීමට අවශ්‍ය කරන මුදල් ප‍්‍රතිපාදන වහා ලබා දීමට කටයුතු කරන මෙන් අප ආණ්ඩුව වෙත මෙයින් අවධාරණය කරන්නෙමු.
ස්තූතියි.
මෙයට,
චාමර මද්දුම කළුගේ,
ප‍්‍රධාන ලේකම්.