ජපන් ශිෂ්‍යත්ව ලබා දීම සඳහා තොරා ගන්නා ලද සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල්වල තරුණ තරුණියන් සඳහා එම අවස්ථාව අහිමි කිරීමෙන් සිදුව ඇති අසාධාරණයට විසදුමක් ඉල්ලා සිටීම.
Posted on August 16th, 2018

චාමර මද්දුම කළුගේරධාන ලේකම්.Samurdhi Development Officers Union

ගරු අමාත්,
පී හැරිසන්,
සමාජ සුභ සාධන අමාත්යාංශය
සෙත්සිරිපාය

ජපන් ශිෂ්යත්ව ලබා දීම සඳහා තොරා ගන්නා ලද සමෘද්ධි රතිලාභී පවුල්වල තරුණ තරුණියන් සඳහා එම අවස්ථාව අහිමි කිරීමෙන් සිදුව ඇති අසාධාරණයට විසදුමක් ඉල්ලා සිටීම.

හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ මුලිකත්වයෙන් සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල්වල තරුණ තරුණියන් සදහා ජපන් භාෂාව සහ තාක්ෂණික නිපුණතාවය ලබාදීම සදහා ජපන් රටෙහි ජපන් ශිෂ්‍යත්වයක් ලබා දීම සදහා සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගන්නා ලද දරුවන් හට එම අවස්ථාව මෙතෙක් ලබා නොදී ඔවුන් වෙත සිදු කර ඇති අසාධාරණය සම්බන්දව ඔබගේ විශේෂ අවධානය මෙයින් යොමු කරවමු.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසන් සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල්වල තරුණ තරුණියන් සදහා ජපන් භාෂාව සහ තාක්ෂණික නිපුණතාවය ලබාදීමේ ජපන් ශිෂ්‍යත්ව වැඩසටහන මැයෙන් 2017 පෙබරවාරි 13 දින පල කරන ලද පුවත් පත් දැන්වීම් පල කර පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයකට  අනුව ජපන් රටෙහි උක්ත ශිෂ්‍යත්වය ලබා දීම සදහා දරුවන් 25 දෙනෙකු තෝරා ගෙන ඇත. එසේ තෝරා ගන්නා ලද දරුවන් 4 දෙනෙකු අදාල ශිෂ්‍යත්වය සදහා ජපන් රටට යවා ඇතත් තෝරා ගත් සෙසු දරුවන් 21 දෙනාහට නැවත අවස්වක් නොමැති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේවන විට ඔවුන් වෙත දැනුම් දී ඇත.

අඩු අදායම් පවුල් වල අ.පො.ස. උසස් පෙළ සමතුන් පමණක් අයදුම් කල යුතු බවට එම පුවත් පත දැන්වීමේ අයදුම්කරුවකු සපුරා තිබිය යුතු මුලික අධ්‍යාපන සුදුසුකම වී තිබිණ. ඒ අනුව විශ්ව විද්‍යාල ප‍්‍රවේශ හිමි දරුවන්, රැකියාවන් වල නිරතව සිටි දරුවන් හා වෙනත් උසස් අධයාපන අවස්ථාවන් වල නිරතව සිටි දරුවන් එම අවස්ථාවන්හි ඉවත්ව මෙම ශිෂ්‍යත්වය අපේක්ෂාවෙන් සිටි අතර මේ අනුව එම දරුවන්ගේ අනාගතය මුළුමනින්ම අදුරු කර ඇත.
 
රාජ්‍ය ආයතනයක් පුවත් පත් දැන්වීමක් පල කර මෙවැනි අසාධාරණයකට ලක් කිරීම බරපතල තත්වයක් වන අතර මෙවැනි කටයුතු හේතුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට බලවත් කැලලක් සිදුවන බව මෙයින් අවධාරණය කරන්නෙමු.. අප විසින් පෙන්නා දෙන සියලූ කරුණු සම්බන්දව අවධාණය යොමු කර අසාධාරණයට පත්ව ඇති දරුවන් සඳහා පොරොන්දු වු පරිදි අදාල ශිෂ්‍යත්වය ලබා දීමට මැදිහත් වන මෙන් අප සංගමය මෙයින් ඉල්ලා සිටිමු.
 
ස්තූතියි.

මෙයට,
චාමර මද්දුම කළුගේ,

රධාන ලේකම්.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress