ඥානසාර හිමිගේ සිර දඬුවම පිළිබඳව රාමඥ්ඥ මහා නිකායේ මහනායක හිමි දැක්වූ අදහස්
Posted on August 17th, 2018
රාජකීය පණ්ඩිත   පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබාදුන් අධිකරණ තීන්දුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා බොදුබල සේනා සංවිධානයේ ස්වාමීන්වහන්සේ පිරිසක් ඊයේ (14)  ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ මහනායක අති ගෞරවාර්හ නාපාන ප්‍රේමසිරි මහනායක හිමිපාණන් වහන්සේ හිමි බැහැ දකින ලදි.

එහිදී අදහස් දක්වමින් මහනායක හිමි සඳහන් කර සිටියේ,

“නඩුවේ තීන්දුව ගන්නකොට විනිශ්චයකාරතුමා ඥානසාර හිමි ඔය ප්‍රකාශය කරන විට චින්තනයේ තිබුනේ කුමක්දැයි සලකබැලිය යුතුයි. ගරු විනිශ්චයකාරවරු පැහැදිලිකර ගත යුතුයි ඥානසාර හිමි ප්‍රකාශය කරන අවස්ථාවේදී උන්වහන්සේගේ අදහස තිබුනේ කුමක්ද කියලා. ඒ අවස්ථාවේ ඥානසාර හිමිගේ අදහස උසවියාවත් විනිශ්චයකාරවරුවත් නොවෙයි. උන්වහන්සේගේ හදවතේ තිබුනේ ජාතියට විපත්තියක් වෙන අවස්ථාවේදී  මා ඉදිරිපත්වෙනවා කියන හැගීමයි. අපේ විනය පොතේ සඳහන් වෙන්නේ භික්ෂුන් වහන්සේ නමකට ඒ ඒ අවස්ථාවේදී ඇතිවන තත්වය මතයි දඬුවම් දෙන්නේ. මම අදහසේ හැටියට විනිශ්චයකාරවරු තව ටිකක් හිතුවනම් හොදයි කියන එකයි.

දැන් තියෙන්නේ අවස්ථාව අනුව කල යුත්තේ කුමක්දැයි විමසා කටයුතු කිරීමයි. ඊළඟට මේක පුර්වාදර්ශයක් වෙයි. මීළඟට මහා සංඝයා ඔක්කොම හිරේ ගිහින් තියෙයි. සංඝ සභා එක් වෙලා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කල යුතුයි.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress