කිසිදු ව්‍යාකූලතාවයක් නෑ… මහින්දට නැවත ජනාධිපතිවරණයට තරග කළ හැකියි..
Posted on September 2nd, 2018

Lanka Lead News

හිටපු ජනාධිපතිවරුන්ට නැවතත් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ කිසිදු බාධාවක් නැතැයි අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා සඳහන් කරයි.

නිහාල් ජයවික‍්‍රම මහතා 1970-77 සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ස්ථිර ලේකම්වරයා විය.

හොංකොං විශ්වවිද්‍යාලයේ ව්‍යවස්ථා නීතිය පිලිබද හා කැනඩාවේ විශ්වවිද්‍යාලයක මානව හිමිකම් පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස ඒ මහතා කටයුතු කර ඇත.

එමෙන්ම ට‍්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසින් ද කටයුතු කර ඇති ඒ මහතා වාර්තාමනයේ නිදහස් නීති උපදේශකයෙකු ලෙස කටයුතු කරයි.

2000 වසරේ සිට එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය පිහිටා ඇති අධිකරණය සාධාරණත්වය උදෙසා වන කණ්ඩායමේ සම්බන්ධීකාරකවරයා වශයෙන්ද ඒ මහතා කටයුතු කරයි.

ඔහු පෙන්වා දෙන්නේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයකුට ධුරය දැරිය හැකි කාලසීමාව අවස්ථා දෙකක් යැයි නිශ්චිතවම තහවුරු කිරීමටත් අසමත් වී ඇති බවයි.

මෙය අතීතයට බලපාන ලෙස වෙනස් නොකලහොත් හෝ විසිවෙනි සංශෝධනය ක්‍රියාත්මක නොවුනහොත් හිටපු ජනාධිපතිවරුනට යලි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවද ඔහු කියයි.

දහනමවැනි සංශෝධනය මගින් දෙවරකට වඩා ජනාධිපති ධුරය දැරිය නොහැකි යැයි සඳහන් වුණේ පැහැදිලිවම අලුතින් පත්වන ජනාධිපතිවරයකුට බවත් එය අතීතයේ සිටි ජනාධිපතිවරුන් හට බලනොපාන බවත් ඒ මහතා කියා සිටී.

හිටපු ජනාධිපතිවරුන්ට නැවත තරග කිරීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය ව්‍යාකූලත්වයක් ඇති බවක් තමා නොසිතන බවද පවසන ඔහු දැන් ක්‍රියාත්මක වන්නේ පෙර තිබූ විධායක ජනාධිපති ධුරයක් නොව නව ධූරයක් යැයි ද අවධාරණය කරයි.

සති අන්ත ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පල කර තිබේ.

One Response to “කිසිදු ව්‍යාකූලතාවයක් නෑ… මහින්දට නැවත ජනාධිපතිවරණයට තරග කළ හැකියි..”

  1. Hiranthe Says:

    Dear Patriots, Is there is a procedure to check with the Supreme Court about this prior to nomination?

    Otherwise it is a big risk.

    We need Gota as the visionary leader for the next stage phase of this country. If MR is contesting, Gota will be limited to his previous roles under MR’s government.

    If MR’s nomination is challenged and rejected as not valid, it will be a one-sided win for Yahaps. A further free pass to totally destroy this Island.

    If that is the case, let MR apply through “Pohottuwa” and let Gota apply as an independent applicant. If MR’s one is rejected, Pohottuwa can declare that they are supporting Gota and all votes will come to him. If MR can stay in the race, Gota can withdraw his application.
    But I prefer this to happen and MR’s application to get rejected by the Supreme court.

    This could be the ideal situation for Mother Lanka because Gota has no commitment to maintain the “Pohottuwa” political machinery and he can easily declare abrogation of 13A and dissolve all PC’s.

    By the following election, he would have brought into action his plans and the people will want him back for completion of the mission.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress