ජේ.ආර්ගේ කාලෙවත් විරෝධතාවක් වළක්වන්න බස්වලට මෙහෙම නියෝග දීලා නෑ (video)
Posted on September 2nd, 2018

 Lanka Lead News

ප්‍රවාහනය විධිමත් කිරීමේ මුවාවෙන් 5 වැනිදා පැවැත්වෙන් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව වැළැක්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ ඊයේ (02) කොළොන්නාවේදී පැවැති ජනහමුවත් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

”දැන් මේ ආණ්ඩුව කොයි තරම් බය වෙලාද කියනවනම් ප්‍රවාහනය විධිමත් කිරීමට සතියක් නම් කරලා. ඊට පස්සේ පෞද්ගලික බස් හිමියන්ට යවනවා ලියුම් නියමිත කාලසටහනට අනුව මේ සතියේ අනිවාර්යයෙන් බස් ධාවනය කළ යුතුයි කියලා. ඒකෙන්ම පේනවා ආණ්ඩුව බය වෙලා තියෙන තරම. මේ රටේ ඉතිහාසයේ කවරදාකවත් මම හිතන්නේ ජේ.ආර්ගේ කාලෙවත් විරෝධතාවක් වළක්වන්න බස් වලට මෙහෙම නියෝග කළේ නෑ. එහෙම දෙයක් අපි අහලා නෑ. ජේ.ආර්.ගේ බෑණා පොඩ්ඩ සහ සිරිසේන මහත්තයා එක්ක අත්වැල් බැඳගෙන තමයි මේවා කරන්නේ. අපි කියනවා පිටපලාත්වල මිනිස්සුන්ට කොළඹට එන්න බස් දුන්නේ නැත්තං පයින් හරි කොළඹට එන්න කියලා. නැත්පුතම්ද්ග බර කරත්ෙත් හරි කමක් නෑ. පුද්ගලික වාහන තියෙන හැම කෙනෙක්ගෙන්ම අපි ඉල්ලනවා තමුන්නාන්සේලාගේ වාහනේ නාග්ග ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය නග්ගගෙන 5 වැනිදට කොළඹට එන්න. අපි පෙන්නමු උඹලාගේ පෝමිට් බැරියර් කඩාගෙන මේ රටේ ජනතාව සූදානාම් මේ පාහර ආණ්ඩුව පළවා හරින්න කියලා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress