අධිකරණයෙන් ලබා දෙන්නේ දේශපාලනඥයන්ට අවශ්‍ය තීන්දුයි
Posted on September 6th, 2018

දෙනගම ධම්මික රණවීර ඡායාරූප – අකිල ජයවර්ධන උපුටාගැණීම  මව්බිම

දේශපාලනඥයන් අපේක්ෂා කරන තීන්දු අධිකරණවලින් දෙන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම පිටුපස පටු දේශපාලනයක් ඇති බවත් බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක ආචාර්ය ඩිලන්ත විතානගේ පැවැසීය.

බොදුබල සේනා සංවිධානය පෙරේදා (04දා) රාජගිරියේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. ගල්ගොඩඅත්තේ ඥානසාර හිමියන්ට උසාවිය දුන් තීන්දුවට අපි අභියෝග කරන්නේ නැහැ. ඒත්
එම තීන්දුව අසාධාරණ බව අපි විශ්වාස කරනවා.

ඥානසාර හාමුදුරුවෝ හැමවිටම රටට, ජාතියට මඟ පෙන්වීමක් කළා. අයි.එස්.අයි.එස්. තර්ජන ගැන පළමුව පෙන්වා දුන්නේත් උන්වහන්සේයි. 2015දී ඒ ගැන පොලිස්පතිවරයාටත්, ජනාධිපතිවරයාටත් ලිපි යොමු කළා. ඒත් කිසිම පිළිතුරක් නැහැ.

ඕස්ට්‍රේලියා පොලිසිය ශ්‍රී ලාංකික තරුණයකු අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ බවට සැක කොට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට මෙරට ඇමැති කෙනකුගෙ සම්බන්ධයක් තිබෙන බවත් කියැවෙනවා. ඒත් අපි ප්‍රාර්ථනා කරන්නෙ මේ තරුණයාට එවැනි සම්බන්ධයක් නොතිබේවා කියලයි. එසේ නොවුණොත් මේක බැරෑරුම් ප්‍රශ්නයක් වෙනවා.

මෙවැනි අනතුරු හෙළි කරපු ඥානසාර හාමුදුරුවො සිරගත කිරීම් පිටුපස දේශපාලනයක් තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ සැලකිය හැක්කේ දේශපාලන සිරකරුවකු ලෙසයි.
ඥානසාර හාමුදුරුවෝ මේ රටේ නීති වෙනස් වෙන්න ඕන කියන කාරණාව හැම විටකම පෙන්වා දුන්නා. ඒක සියලු දෙනාට සාධාරණය විය යුතු බව අවධාරණය කළා. එවැනි පසුබිම් තුළ උන්වහන්සේට යම් යම් දේශපාලන කාරණා වෙනුවෙන් පෙනී සිටින්න සිදු වුණා.

උන්වහන්සේ රණවිරුවන්ට ඇප දෙන්න කියලා බලපෑම් කළේ නැහැ. රජයේ නිලධාරීන්ට නපුංසකයො කිව්වෙ නැහැ. ඒත් උසාවියට අපහාස කළා කියලා දඬුවම් කොට තිබෙනවා. උන්වහන්සේ උසාවිය තුළදීම සමාව ඉල්ලුවා. ඒත් දඬුවම්
කළා. අධිකරණ කොමිසම, ඔම්බෝඩ්ස්මන්ලා මේ ගැන සොයා බලන්න ඕන.

ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි,
භික්ෂුන්ට ඓතිහාසිකව පැවරුණු කාර්ය භාරයක් මේ රටේ තිබෙනවා. රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට අනතුරක් වන ඕනෑම අවස්ථාවක ඊට එරෙහිව නායකත්වය දුන්නා.
එදා සිංහලේ නිදහස වෙනුවෙන් නායකත්වය දුන් වාරියපොළ සුමංගල හාමුදුරුවො යාපනයේ සිරගත කිරීමට ඉංගී්‍රසි ආණ්ඩුව පියවර ගත්තා. භික්ෂුවක් ලෙස තරුණ ජීවිතයේ සිටම රටට, ජාතියට, සංස්කෘතියට, පුරාවිද්‍යාවට ආදී වශයෙන්සියලු ජාතික අංශවලට එරෙහිව නායකත්වය දුන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියොත් මේ වන විට සිරගත කොට සිටිනවා.

උන්වහන්සේ රටේ පොදු ප්‍රශ්න ඉදිරියේ නැඟූ හඬ නිසාම නඩු විසි ගණනක් පවරා තිබෙනවා. වසර 19ක සිර දඬුවමක් දී තිබෙන්නේ රණවිරුවන් වෙනුවෙන් කතා කළ නිසායි. රණවිරුවන්ට සිදුවන අසාධාරණ වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් නොවන අවස්ථාවකයි උන්වහන්සේ ඉදිරිපත් වුණේ. ඒ සඳහා රණවිරු පවුල්වලින් ඉල්ලීම් කෙරුණා.
ඥානසාර හාමුදුරුවො සිරගත කිරීම පිටුපස දේශපානඥයන්, එන්.ජී.ඕ. සංවිධාන හා අන්තවාදී සංවිධාන සිටිනවා.

පස්සරමුල්ලේ පඤ්ඤාජෝති හිමි,
ඥානසාර හිමි සිරගත කිරීම කුමන්ත්‍රණයක්. බොදුබල සේනාව බලු කුක්කො වගේ කූඩු කරනවා කියලා හොරගොල්ලෙ නෝනා 2015දී කිව්වා.

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප – අකිල ජයවර්ධන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress