නාලක ද සිල්වා වහාම අත්අඩංගුවට ගන්න
Posted on September 15th, 2018

 උපුටාගැණීම  මව්බිම

ජනාධිපතිවරයා ඝාතන චෝදනා එල්ල වී ඇති ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සේවයෙන් පහකර විමර්ශනයක් පැවැත්විය යුතු යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

ඔහු එසේ පැවැසුවේ පසුගියදා (14දා) එම පක්ෂය රාජගිරිය වැලිකඩවත්තේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ දුරකථන හඬපටය දෙස විපරමින් බලද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිගටම බලයේ තබාගැනීමේ වැඩපිළිවෙළක් දැනටමත් සකස් කරමින් පවතින බවද ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ අනුව එජාපයේ වත්මන් නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ව්‍යවස්ථාව බලහත්කාරයෙන් වෙනස් කර බලයට පත්ව අවුරුදු 24ක්ම නායකයා ලෙස කටයුතු කරමින් 2030 දක්වාම බලයේ සිටීමට පිඹුරුපත් සකසමින් සිටින බවද ගුණරත්න මහතා පැවැසීය.

ජනාධිපති බලතලත් පාවිච්චි කිරීමට කටයුතු කරන එජාප නායකයා බලය අතට ගෙන හැකිනම් අනෙක් නායකයා නැති කරන්නත් කටයුතු කරනු ඇතැයිද මෙහිදී ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.


ගුණරත්න මහතා එහිදී තවදුරටත් මෙසේද පැවැසීය.

“රනිල් ගැන අපි දන්නවා. ඇත්ත කතා කිරීම නිසා අපිට පක්ෂයෙන් යන්න වුණා. පක්ෂය වෙනුවෙන් ජීවිතය පවා විනාශ වෙන්න පුළුවන් බව දැනගෙනයි කටයුතු කරන්නේ”
එජාපයේ කට්ටිය අද කෂාය බීපු ගොළුවන් වගෙයි කටයුතු කරන්නේ. කිසිවෙක් විරුද්ධව කතා කරන්නෙ නෑ. එජාප නායකයාට එරෙහිව කතා කිරීමට කශේරුකාවක් නැති පිරිස වැඩියි. මේ වනකොට අගමැතිවරයා බලය අතට අරගෙනයි ඉන්නේ.

නාලක ද සිල්වා මහතාගේ අවශ්‍යතාව වී තිබෙන්නේ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා ඉවත් කිරීමත් එක් කරුණක්!

නාලක සිල්වා වැනි වන්දිභට්ටයකු පත්වනවාට වඩා දක්ෂයන් තව කොපමණ ඉන්නවාද?

ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යවස්ථා සංශෝධන රනිල් වික්‍රමසිංහ මහතාව ශක්තිමත් කිරීමකුත් ඇති කිරීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ සිටින තාක් කල් කිසිම මැතිවරණයක් තබන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු සියලුම දේවල් වළපල්ලට යවන්න කටයුතු කරාවි. අණදෙන නිලධාරියා ලෙස ජනාධිපතිවරයාට ආරක්ෂාව සහිත බලතල තියෙනවා. නාලක සිල්වා සේවයෙන් පහකර විමර්ශනයක් පැවැත්විය යුතුයි. වත්මන් පොලිස්පතිවරයා කටයුතු කරන්නේ විකටයෙක් වගෙයි. පොලිස්පතිවරයාවත් ඉවත් කරන්න ඕනෑ. හොඳ පොලිස්පතිවරයකු පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. වත්මන් පොලිසිය පසුගිය කාලයේ කුලියට මිනීමැරුවා. (සමහරු අදටත් හිරේ සිටිනවා) අනාගත දේශපාලන නායකයන්ද විනාශ කරාවි. නාලක සිල්වා ජනාධිපතිතුමාගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා. උව්ර්ථී බහිරවයා දිගටම ඉඳීවි.

වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා හංගාගෙන සිටින ගොඩක් දේවල් තිබෙනවා. 2010දී අපි වැඩ කළා. හිරේ ඉඳලා ආවාට පස්සේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණ සරත් ෆොන්සේකාගේ රැස්වීමට ගියා කියලා අපිට ‍ෙදාස් තැබුවා. කිසිම හිරිකිතයකින් තොරව රනිල්ගේ කෝට්එකේ එල්ලුණේ රනිල් වික්‍රමසිංහ සරත් ෆොන්සේකා විස්තර ළඟදී හෙළිවේවි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress