‘ජනපති ඝාතන සැලසුම ගැන ජනපතිගේ නිහඬතාවය සැකයක්’
Posted on September 19th, 2018

නාලක සංජීව දහනායක උපුටාගැණීම ලංකාදීප

  තමන්ව ඝාතනය කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන නිහඬතාවය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි එකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (19) පැවසීය.

රාජ්‍ය නායකයා ඝාතනය ගොදුරක් බවට පත්වූ සමාජයක සාමාන්‍ය පුරවැසියාගේ ඉරණම ගැන කතාකිරීමට දෙයක් නැතැයිද ඔහු කීය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය පිළිබඳව හෙළිදරව් වී අදට දින අටක් වෙනවා. ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වේයැයි සමාජයේ කතාබහ වෙන වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඉලක්ක කරගනිමින් මෙම ඝාතන කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වෙනවා. ඒ නම් තුනෙන් දෙන්නෙක් ඝාතනය කරන්න සැළැසුම් සකස් වෙනවා.

මෙම ඝාතන සැලැස්මේ මහමොළකරු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයායි. ඔහු මෙම ඝාතන සැළැස්ම ක‍්‍රියාත්මක කරන්න පාතාලය සම්බන්ධ කර ගන්නවා. ඒ පාතලය පොලීසිය සමඟ සම්බන්ධ කරන්නේ පොලිස්පතිවරයායි. දැනට හෙළිදරව් වී ඇති ආකාරයට ඔවුන් මෙම සැලැස්මේ අරමුණ වී තිබෙන්නේ ජනාධිපතිවරයා දේශපාලනික වශයෙන් අවලංගු කරලා අගමැතිවරයාගේ ප‍්‍රතිරූපය පිම්බීමයි.

ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

3 Responses to “‘ජනපති ඝාතන සැලසුම ගැන ජනපතිගේ නිහඬතාවය සැකයක්’”

  1. Christie Says:

    ඇන් ඇම් කියන ඉන්දියානු පරපෝසිතයන්ගෙන් යැපුන කෙනාගෙ මැද ඉඳල කියන කතා ඔය කියන කොන්ත්‍රාත් එකවගෙම දෙයක්.

    සිරිසේනත් ගෝටාබයත් මරන්න කියල ඉන්දියාව කියන්නෙ ගෝටාබය ලොවින් තුරන් කරන්න සෙල්ලමක්.

    ඉන්දියාවත් පරපෝසිතයනුත් ගෝටාබයට සමාවක් දෙන්නේ නැත.

  2. Ratanapala Says:

    Sirisena has got himself as a victim to divert attention from the true target – which is Gota. Nobody is interested in killing a garandiya!

    Now that the ‘cat is out of the bag’, they are taking all precautions to scuttle the investigation. Very soon all evidence will vanish for it is the ‘accused’ themselves who are in charge of the investigation.

    It is clear that both Ranil and Sirisena are behind this attempt on Gota. Sirisena has only the chance of a snowball in hell in getting elected again. He is siding with Ranil because he knows that he will be in trouble in a future administration by Pohottowa. Ranil has not given up his hope of becoming President before he dies. That is why he is holding onto the Presidency of the UNP.

    The Joint Opposition is not putting up a serious protest about what is happening. All the drama inside the parliament are just for the eyes of the people. They bring no results.

  3. Christie Says:

    These are typical cunning Indian actions. Mahinda is invited and given the biggest Bharat award.

    Then Sirisena and Gota are put on the same electric chair.

    Thanks Ratnapala.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress