ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වූ ඡන්දය කල් දමමින් මේ ආණ්ඩුවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක්දයක් ගැන කතා කරනවා. ගෝඨාභයගෙන් ආණ්ඩුවට කනේ පහරක්.
Posted on September 30th, 2018

 Lanka Lead News

මේ ආණ්ඩුවට කිසිම දෙයක් සාර්ථකව කරගත නොහැකි වී ඇත්තේ රාජ්‍ය සේවකයන්ට කිසිඳු තීරණය ගෙන නිදහසේ ක්‍රියා කිරීමට තිබූ ඉඩකඩ ඉඩකඩ පොලිස් විමර්ශනය මගින් අහිමි කිරීම නිසයි. හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාබය රාජපක්ෂ මහකා ප්‍රකාශ කළ සිටියේ එළිය සංවිධානයේ අද දින කඩුවෙලදි පැවති සම්මන්ත්‍රණයේදී.

ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික අංගයක් වූඡන්ද කියක් මේ ආණ්ඩ්ව කල් දැම්මද? එහෙම කරන මේ අය තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා

මෙවැනි අදූරදර්ශී නායකත්වයක් යටතේතේ සිදු වූ දෙය දෙස බලන්න. අගමැතිවරයාගේ indrustrial hub ආදිය ගැන කතා කරා. නමුත් කළ කිසිවක් නැහැ.

එදා හමුදාවේ පිරිස් බලය වැඩි කළ යුතු යැයි කියා මා ආරක්ෂක මණ්ඩලයට යෝජනා කලාට පසු දින ජනාධිපතිතුමන් විමසුවේ කීයකින්ද කියලයි. කොටස් වශයෙන් වැඩි කිරීමට එතුමන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නා. ඒ ආකාරයේ නිර්භීත තීරණ ගත්නත් එවැනි දේ ක්‍රියාත්මක කළ යුතු අති දක්ෂ නිලධාරීන් තෝරා ගෙන සිටියා.

අද විශේෂ උසාවි පිහිටිවල තිබෙනවා. ආර්ථිකය කඩා වැටීමට හේතු වූ අය අද ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ. මත්තල හම්බන්තොට දියුණු කිරීමට අපට අපට සැලසුමක් තිබුණා.

ඇවන්ගාර්ඞඞ් ව්‍යාපෘතිය නාවික හමුදාවේ රත්නා ලංකා සමාගම යටතේ ඇවන්ගාඩ් සමාගම යන තුන් කොට්ඨාසය යොදාගෙන අපි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙනත් දුන්නා. විශාල පිරිසක්ට අපිත් රැකියා දුන්නා. මේ සියල්ල මේ ආණ්ඩුව නැතිකර දැම්මා. මෙවැනි අැතිකරපු ව්‍යාපෘති මේ ආණ්ඩුව නැති කළා. යුද්ධයෙන් පසුව මෙරටට ගෙන ආ ව්‍යාපෘති සැන්ග්‍රිල්ලා හෝටලය, ඉන්දියානු දුම්කොල සමාගමේ සේවක ව්‍යාපෘතිය ටාටා ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති දෙස අපි මේ රට ගෙනාවා. ඒවා මේ අය නවතා දැම්මා. මෙවැනි තත්වයක් ඇතිවුනේ මේ ආණ්ඩුවේ දූරදර්ශී ක්‍රියා පිළිවෙත හා දූෂිත ක්‍රියාදාමයක් නිසා. මේ සියල්ල දේශපාලන පළිගැනීම් පමණයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress