ජනවාරි 8 පොරොන්දු අද පුස්සක් වෙලා
Posted on November 7th, 2018

ආරියරත්න ගනේගොඩ ජායාරූපය – අනුරුද්ධ මැදවත්තෙගෙදර උපුටාගැණීම  මව්බිම

විධායක ජනාධිපති ක්‍රමය මූලිනුපුටා දමා හොරු කණ්ඩායම හිරේ විලංගුවේ දමන බව පවසමින් 2015 ජනවාරි 8 වැනිදා ජනතාවට ලබාදුන් පෙරොන්දුව පුස්සක් වී ඇතැයි ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා එළිය සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසීය.

එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කිරීම නීති විරෝධී යැයි බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ ව්‍යවස්ථාව පිළිබඳ කිසිවක් නොදැනය. ඒ ගැන කනගාටු වෙනවා. ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ධුරයට පත්කර තිබෙනවා. ඒ සමඟම ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතුරෙන් අමාත්‍යවරුන් පත් කළ යුතු වෙනවා.

ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමටද කරනු හැකිය. අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතුයි.

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 40 නොඉක්මවිය යුතුයි.

19 වැනි ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් අගමැතිවරයා ඉල්ලා අස්වීමත් නිසා ඒ සමඟම ඇමැති මණ්ඩලයත් විසුරු වෙනවා.

43 (3) උප වගන්තිය අනුව ජනාධිපති කවර අවස්ථාවකදී ඇමැති මණ්ඩලය සංයුතිය වෙනස් කරන්න පුළුවන්. අගමැතිවරයා පත්කළාට පසුව පාර්ලිමේන්තුවටවත් කථානායකවරයාටවත් එය වෙනස් කිරීමට නොහැකිය.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිටපු තමරා කුනායගම් මහත්මිය

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන මෙම සිද්ධිය පිළිබඳව බටහිර රටවල් විවිධ කෝණවලින් බලනවා. එසේ විවිධ කෝණ මඟින් බලමින් විවිධ දේවල් බටහිර නායකයන් තම සිත් තුළ ධාරණය කරගන්නවා.

මෙවැනි සිද්ධීන් නොව මෙයට වඩා බලවත් දේවල් රට රටවල සිදුවෙනවා. එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කළේ බටහිර රටවලට විශාල ගැතිකමක් දක්වමින්. ශ්‍රී ලංකාවේ මෙම සිද්ධිය අල්ලාගෙන ජාත්‍යන්තර වශයෙන් බටහිර රටවල් බහුතරයක්ම බොරු ප්‍රචාර ගෙනයනවා. එලෙස කරනු ලබන්නේ ඇමෙරිකාවට යටත්ව කටයුතු කරන රටවල්.

මෙම පෙරළිය ජාත්‍යන්තරව ප්‍රසිද්ධියක් ඉසුලුවත් ශ්‍රී ලංකාවට මෙය දැඩි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හිටපු පාලකයන් ජාත්‍යන්තර වශයෙන් විවිධ වුවමනාවන් සඳහා වෙනත් කණ්ඩායම් මෙරටට ගෙන්වා ගැනීමටත් ඔවුන් මාන බලමින් සිටිනවා.

මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රප්‍රේම
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලෙස පත්කිරීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය රට තුළත් පිටරටවලත් සාවද්‍ය දේවල් ප්‍රචාරය කරමින් සිටින බවට වාර්තා ලැබෙමින් තිබෙනවා. 19 වැනි සංශෝධනය කෙටුම්පත් කෙරුවේ නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා බව අමුතුවෙන් කිවයුතු නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පිටපත් කිසිවකු ළඟ නැහැ. මෙම ව්‍යවස්ථාව සම්මත කරන විට එදා පාර්ලිමේන්තුව පෑලියගොඩ මාළු වෙළෙඳසලේ මෙන් ඝෝෂාකාරී තත්ත්වයක පැවැතියා.

ආරියරත්න ගනේගොඩ

ජායාරූපය – අනුරුද්ධ මැදවත්තෙගෙදර

One Response to “ජනවාරි 8 පොරොන්දු අද පුස්සක් වෙලා”

  1. Christie Says:

    Christie Says:
    November 8th, 2018 at 2:36 am
    I hope Sirisena did what Mahinda did after being elected by India’s support and Indian Colonial Parasites’ block vote abstaining from voting.
    They failed again with Fonseka.
    2015 India won with Sirisena.
    I hope Sirisena has kicked India like Mahinda.
    We have to wait and see.
    Christie Says:
    November 8th, 2018 at 2:56 am
    “Sri Lanka has been at the receiving end of minority politics for the last 70 years and going even further backward. In my view, the reason Sri Lanka is in the current impasse is Sinhalese disunity brought about by the bifurcation of the Sinhala polity in 1951.”
    Thanks Ratnapala, This the truth about our nation or country which in fact an Indian Colony like other Indian Colonies from Fiji to Guyana.
    The so called British Empire in fact was a British-Indian Empire.
    The Indians run our country from 1792 and they have prospered and our economy is in their hands.
    It is the Indian Parasite merchants’ Cabal that financed most of our politicians, in particular the Socialists from the time of start of our democracy.
    This Indian Merchant Cabal included all kinds of Indian Parasite: Tamils, Malayalis, Boras, Parsis to name a few.
    Some Indian Parasites looked after individual Sinhala politicians and the Cabal financed, managed and even was involved with making policies.
    The best examples are Captain and N M Perera, Gnanam and Phillip. Banda and Hidramani.
    The Cabal has not changed and they still carry on with their agenda.
    I might be a lonely man saying these anti India things.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress