පාර්ලිමේන්තුව විසිරවීමට ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට ජනමතවිචාරණයක් පැවැත්වීමට ජනාධිපති ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ඇති බව දැනගත් වහාම අරලිය මැදුරේ ඇත්තෝ, එංගලන්තය සහ ඇමෙරිකාව ගොලු වී ඇත
Posted on November 7th, 2018

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසරවීමට බලය ලැබෙන අවස්ථා 03ක් ඇත. ඒවා නම්…..

  1. පාර්ලිමේන්තු ව මුල් වරට කැදවා වසර 4 1/2 ක් ගතවීම. (70 වන ව්‍යවස්ථාව)
  2. පාර්ලිමේන්තුව මුල් වරට කැදවා වසර 4 1/2 කට පෙර නම් පාර්ලිමේන්තු වේ මන්ත්‍රීවරුන් 2/3 කගේ කැමැත්ත තිබීම.(70 වන ව්‍යවස්ථාව)
  3. ජනමතවිචාරණය ක් මගින් පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනතාව විසින් අනුමත කිරීම (86, 3 සහ 4.(අ), 4.(ඉ), 33.2.ඇ, සහ 70 ව්‍යවස්ථා)

මෙම ක්‍රම වලින් නොවන වෙනත් ක්‍රම වලින් පාර්ලිමේන්තුව විසුරවා දැමීමට ජනාධිපතිවරයා ක්‍රියා කළහොත් එය බරපතල අහිතකර ප්‍රතිඵල අත් කරනු ඇත.

(පාර්ලිමේන්තුව විසිරවීමට ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට ජනමතවිචාරණයක් පැවැත්වීමට ජනාධිපති ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ඇති බව දැනගත් වහාම අරලිය මැදුරේ ඇත්තෝ, එංගලන්තය සහ ඇමෙරිකාව ගොලු වී ඇත.)

*****

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනතාවගේ මතය ලබා ගැනීමට ජනමතවිචාරණයක් කැදවන්න එපා…!-නීති විශාරදයෙක් ජනාධිපති ට කියයි.

ජනවරම ලැබුණොත් පාර්ලිමේන්තුව විසුරුවන්න ම වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවීමට ලැබෙන ජනවරමට එරෙහිව අධිකරණය ට යන්නත් බෑ. එක්තරා නීති විශාරදයෙක් ජනාධිපති ට කියයි.

*****

අරලිය මැදුරෙන් අදෝනා ….!

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනමතවිචාරණය ක් තියන්න දෙන්න එපා. ඇමතිධූර නැතිව අපට චන්ද කරන්න බෑ. ජනමතවිචාරණය උඩින්ම දිනාවි. ඊට පස්සෙ අපට පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රී වෙන්නත් බැරිවෙනව. අරලිය මැදුරෙන් අදෝනා  ….!

******

අලුත්කඩේ කලු සුද්දන් කියන පරිදි මුලින්ම පාර්ලිමේන්තුව විසුරුවන්න එපා.

ජනාධිපතිතුමනි…….! 

අගමැති පත්කිරීම….පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම සම්බන්ධව ඔබ කර ඇති සියලු ක්‍රියා නීතියට අනුකූලයි. අලුත්කඩේ කලු සුද්දන් කියන පරිදි මුලින්ම පාර්ලිමේන්තුව විසුරුවන්න එපා. වහාම ජනමතවිචාරණයක් කැදවන්න.. ජනමතය ලබාගෙන පාර්ලිමේන්තුව විසුරුවන්න. අඩුව තියෙද්දි අත පුච්චාගන්න එපා….. මැතිවරණ වලට වියදම් කිරීම බස්, දුම්රිය, පොලීසි ගිනි තියනවට වඩා ලාබයි කියා රටට කියන්න.

*******

ජනාධිපතිවරයා ජනමතවිචාරණයකින් බලය ලබා නොගෙන පාර්ලිමේන්තුව විසුරුවාහැරියහොත් මැතිවරණයෙන් පසුව ශක්තිමත් විපක්ෂයක් බිහිවී නැවත රට ආරාජික වේ.

*****

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress