උතුරු පළාත් සභාව උග්ර මූල්ය අර්බුදයක
Posted on November 8th, 2018

දිනසේන රතුගමගේ

2018 වර්ෂය සදහා රජය මගින් උතුරු පළාත තුළ දියත් කොට ඇති සංවර්ධන  කටයුතු වෙණුවෙන්  වෙන් කළ මුදලේ අවසන් කොටස  ලබාගැනීමට යාමේදී ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වී ඇති නිසා උතුරු පළාත් සභාව උග් මූල් අර්බුදයකට මුහුණ පා සිටින බව පළත් සභා ලේකම්වරු ප්රකාශ කොට සිටිති.

උතුරේ විවිධ සංවර්ධන කටයුතු සදහා 2018 වර්ෂයට රුපියල් මිලියන 8628 ක්  වෙන්කොට ඇති බව පළාත් ලේකම්වරු කියා සිටිති.

මේ මුදලෙන් මේ වන විට රුපියල් මිලියන 6683 ක් ලැබී ඇති අතර මේ වර්ෂයේ අවසාන මාස තුන සදහා ලැබිය යුතු රුපියල් මිලියන1945 ක මුදල මෙතෙක් නොලැබීම උතුරු පළත් සභාවේ මූල්‍ය අර්බුදයට හේතුව වී ඇති බවද ඔවුන් කියා සිටිති.

මේ පිළිබදව මීට පෙර අවස්ථා කීපයක්ම  දැණුම් දෙනු ලැබුවත් මේ දක්වාම මුදල් නොලැබුණු බව කියන උතුරු පළාත් සභාවේ ලේකම්වරු තවදුරටත් කියා සිටින්නේ අමාත්‍යවරු මාරුවීම ලේකම්වරු මාරුවීම යන කාරණා මත මේ ඉතිරි මුදල ලැබීම තවත් ප්‍රමාද විය හැකි බවයි.

උතුරු පළාත් සභාවෙන් කොන්ත්රාත් කරුවන්ට ගෙවිය යුතු මුදල් ගෙවීම් මෙම මුදල් නොලැබීම නිසා සිදු කිරීමට හැකියාවක් නොමැතිව සිටින බවද ලේකම්වරු කියා සිටිති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress