මහින්දට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය නැවත පැවරීමට කාලයයි
Posted on November 10th, 2018

තිස්ස ගුණතිලක සිඩ්නි නුවර සිට

රට ජාතිය විනාශකර තම වර්ගයා පෝෂණය කරමින් සිටි රනිල් ප්‍රමුඛ එජාප නායකත්වයට ‘ඉල්ලපු දේ’ ලැබී ඇ‌ත. ජනපති ව්‍යවස්ථාව මගින් ඔහුට ලැබී ඇ‌ති ප්‍රතිපාදන වලට අනුව, ජනතා හද ගැහෙන රාවය හඳුනාගෙන, රටටම පිලිකාවක්ව වෙමින් තිබූ දැලඹු ගොට්ට (මුන්ට සමනල නාමය කිසිසේත්ම නොගැලපේ) ඉවත්කර මහින්දව අගමැති තනතුරට පත්කර ඉතාම සාමකාමි සශ්‍රීක ශ්‍රී ලංකාවක් කරා අපව ගෙන යාමට කල්පනා කලා විය යුතුය. නමුත් රටේ යහපතක් නොපතන කාලකන්නින් එයට ඉඩ දුන්නේ නැත. ජනපති ව්‍යවස්ථානුකූලව ගත් තීරණයට එරෙහිව එය සිදුවූ දින සිටම මේ දැලඹු ගොට්ට ජනපති හා සංග්‍රාමයකට එලැඹුනි. රනිල්ගේ ලවුඩ්-ස්පීකර් එලිපිටම ජනපති තීරණයට එරෙහි ප්‍රකාශ නිකුත් කරන්නට විය. එමගින් ඔහු සිය හාම්පුතුන් වන බටහිරයින්ට අප රටේ දේශපාලනයට අත පෙවීමට දොර හැර දුනි. මෙවැනි තත්වයන් හමුවේ වගකිව යුතු රාජ්‍ය නායකයෙක් ගත යුතු තීරණය අප ජනපතිතුමා ගෙන ඇ‌ත. ව්‍යවස්ථාදායකයේ ඇ‌තිවිය හැකිව තිබූ ගැටුම හා එමගින් රට තුල ව්‍යාකූලත්වයක් ඇ‌ති නොවනු පිනිස පවතින පාර්ලිමේන්තුව විසුරවා හැර නව ජනතා තීරණයකට මග විවෘතකර ඇ‌ත.

මෙම තත්වය යටතේ නැවත ජනතාවට රට හා ජාතිය දිනවීමට අවස්තාවක් උදාවීම අප සියළු දෙනාම සතුටට පත්විය යුතු කාරනයකි. අප ඒ‌ සඳහා කැපවිය යුතු වන්නේ මතු උපදින දූ දරැවන් වෙනුවෙනි. ජනතා විශ්වාසය දිනාගැනීම මෙතිදී පලමු පියවරයි. ජනතාව ඉදිරියට යාමට මහින්දට අවශ්‍ය සියළුම ශක්තීන් අපට හැකි පමනින් සම්පූර්ණකර දිය යුතුය. ජයග්‍රහණය අබියස සිටි මහින්දට පසුගිය මැතිවරණයේදි ‘දිනුවත් අගමැතිකම නොදෙන බවට’ කල ප්‍රකාශයෙන්වූ හදිය තවමත් ජනතාවගේ මතකයෙන් ඇත්වී නැත. ඒ‌ නිසා ජනතා විශ්වාසය තහවුරැකීරීම අංක එකට ඇ‌ති ප්‍රධානම කාර්ය්‍යයි. මහින්දගෙන් නැතිකල දේ නැවත ඔහුට ලබාදී ඔහුව අප්‍රමාදීව ශක්තිමත් කිරීම ජනතා විශ්වාසය ගොඩනැගීමේ ප්‍රථම පියවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මහින්දට නැවත ලබාදීමෙන් එම පක්ෂයට ප්‍රාණයත් ජනතාවට ප්‍රබෝධයත් ලැබී මහින්ද වටා ජනතා පෙලගැසීමකටද ඉවල්වනු නොඅනුමානය. ලබන මැතිවරණය ජයග්‍රහනය කරවීමට නම් මෙය අදම කල යුතු කාරියකි.

එ මෙන්ම අපට පැවරී ඇ‌ති වගකීමවන්නේ බටහිර ඩොලර්වලට ගිජුවී රට ජාතිය වැනසීමට කැසකවන එජාප නායකත්වය ප්‍රමුඛ සිවළුන් කෙසේ හෝ පලවා හැරීම ප්‍රධානතම රාජකාරිය ලෙස සලකා අද සිටම සූදානම් වීමයි.

අද හෙටම සයිබර් අවකාශය එජාප තරැණ බලකාය අරක්ගනු ඇ‌ත. බටහිර ඩොලර්වලිනුත් මතබැංකු මංකොල්ලයේ මුදල් වලිනුත් විශේෂයෙන්ම ඡංදහිමි තරැණ සිත් සතන් දූෂණය ඇ‌රඹේ. මේ මොවුන්ගේ අවජාතක මානසිකත්වයයි. රට ජාතියට හෙන ගැසුවත් කම්නැත. මොවුන්ගේ පරම සතුට ප්‍රවුඩ සංස්කෘතියක් ලෙස අපට හිමි තැන නැතිකර බටහිරයන් ඉදිරියේ ලක්මෑණියන් දනගැස්සවීමයි. මෙවර එයට කිසිසේත් ඉඩ නොතබමු. එම ක්‍රියාවලියේ ප්‍රථම පියවර මහින්දට ශ්‍රීලනිපයේ නායකත්වය අදම පිරිනැමීමයි.

 

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක සිඩ්නි නුවර සිට

2018 නොවැම්බර් මස 11 වනදා

One Response to “මහින්දට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය නැවත පැවරීමට කාලයයි”

  1. Ratanapala Says:

    I beg to differ. It is time the SLFP died its natural death and so too the UNP. These two political parties though brought into existence on lofty ideals have over the years failed to bring peace and prosperity to the citizens of Sri Lanka. The only thing that they did famously is to divide the Sinhala polity in the middle. This brought in the minority racists and religionists to the fray and made them kingmakers of Sri Lanka. The end result is for all to see.

    After 70 years what the nation needs is time and space to move forward as one nation leaving behind the enmity and divisiveness. For this to happen the Sinhalese must be united.

    What ailed Sri Lanka during the last 70 years is the constant demands of minority Shylocks asking for their pound of flesh and nothing else. Even after making the TNA with only 16 seats in the Parliament did they have anything to do with the governance of the nation? They abstained from every that had to do with the governance of Sri Lanka and only participated in legislating actions that would lead to the balkanization of Sri Lanka and in the end her destruction as an independent political entity in South Asia.

    And so it goes for the Islamists spreading Wahabbism throughout the length and breadth of SrI Lanka. Just at the eleventh hour when there was a clear need for ousting mega-thief Ranil they left to Mecca indicating that they will return to enjoy the spoils!

    It is time, Sinhalese of all hues, be they UNP, SLFP, Buddhist or Christian unite behind Pohottuwa to take the country away from the cannibalistic politics of today and towards prosperity. It is time the Sinhalese demanded from Pohottuwa that it cannot be ‘ Politics as Usual’ as it used to be. It is time they got rid of the useless riff raff , the traitorous, self serving and the bribe-taker lot among them and move forward with only those who can be trusted to make way for progress. Pohottuwas must leave space only for the best in the SLFP and the UNP to join.

    Unless and until the Sinhalese unite as one there is no solution to the minorities. This is what ailed Sri Lanka for the last 70 years. It is only the United Sinhalese who can accommodate those peaceful intentions of the minorities and take the nation towards progress. Other nations such as Malaysia and Singapore sorted similar problems right at the beginning of their independence from Colonial Powers. This is why these countries prosper and Sri Lanka not!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress