(ලවුඩ්)ස්පීකර් සංදර්ශණ නොහොත්  අනවශ්‍ය බහුතරයකට උඩගෙඩිදීම (Quest for unnecessary majority)
Posted on November 10th, 2018

තිස්ස ගුණතිලක

බහුතරයක් නොපෙන්නුවහොත් ජල්තරයක් දමන බව ගරැතර “ලවුඩ්-ස්පීකර්” තුමා පවසයි. අප රටේ ව්‍යවස්ථාව තුල බහුතරයක් පෙන්වීමේ අවශ්‍යතාවයක් හෝ අද ඒ‌ සදහා අනුමත න්‍යයාය පත්‍රයක් හෝ නැත. රටේ හා ජනතාවගේ සුභසිද්ධිය හා උන්නතිය පිනිස ජනපතිතුමා ‘තමාට හැගෙන පරිදි’ සුදුස්සෙකු අගමැති ලෙස පත්කරීම ජනතාව එතුමාට ව්‍යවස්ථාවෙන් පවරන ලද රාජකාරියයි. එම පත්වීම කල දින සිට රට කරවීම පත්කල අගමැතිට අයත් රාජකාරියයි. පත්කල නව අගමැතිට බහුතරය නොමැතිනම් ව්‍යවස්ථාදායකය තුල නව පනත් සම්මතය දුෂ්කර විය හැකිය. නමුත් රටපාලනය කරවීමට එය අදාල නොවේ. පවතින නීතිමය රාමුවතුල රට කරවීමට එය බාදාවක්ද නොවේ. මෙසේ දිගින් දිගටම නව පනත් සම්මත නොවන පරිසරයක්තුල ඔනෑම මහජන නියෝජිතයෙකුට අගමැතිට විරැදධව විශ්වාසභංගයක් ගෙන ඒ‌මට ප්‍රතිපාදන අප ව්‍යවස්ථාව තුල ඇ‌ත. එම විශ්වාසභංගය ජයගෙන අගමැති පරාජය කලහොත් පාර්ලිමේන්තුවේ වයස අවුරැදු 4 1/2 කට නොවැඩිනම් වෙනත් අයෙකු එම තනතුරට පත්කර රට කරවීමට ජනපතිට ව්‍යවස්ථාවෙන් වරම් ලැබේ. අවශ්‍යතාවය අනුව මෙය චක්‍රයක් මෙන් දිගටම සිදුවිය හැකි සරල ක්‍රියාවලියකි.

තවද පාර්ලිමේන්තුවේ වයස අවුරැදු 4 1/2 කට වැඩිනම් විශ්වාසභංගයකින් එවකට සිටිනා අගමැති පරාජය වුවහොත් වෙනත් අයකු එම තනතුරට පත්කිරීමට අමතරව පාර්ලිමේන්තුව විසුරවා හැර මැතිවරණයකට යාමට අවස්තාවද ජනපතිට ව්‍යවස්ථානුකූලව හිමිවේ.

තවද නව අගමැති යටතේ පාර්ලිමේන්තුව රැස්වන මුල්දිනයේම හෝ පසුව හෝ බහුතරයක් පෙන්විය යුතු බවක් හෝ අවශ්‍යතාවයක් හෝ ව්‍යවස්ථාව තුල අඩංගු නොවේ. මන්ද අගමැතිතුමා ව්‍යවස්ථානුකූලව ජනපති විසින් පත්කල අයකු බැවිනි. රනිල්ගේ ලවුඩ්-ස්පීකර්ට මෙන් බහුතරය බලාගැනීමට අවශ්‍යනම් පමනක් (පොඩි එකාගෙ සොමියට මෙන්) පාර්ලිමේන්තුව නැවත රැස්වු දිනක (මුල් දිනයේම විය යුතු නැත) යෝජනා සම්මතවී අයිතමයක්සේ න්‍යයාය පත්‍රයට ඇ‌තුළුවී විවාදයකට දින සම්මත කරගත යුතු තවත් එක් කටයුත්තක් පමනි. විවාදයකින් පසු ඡංද විමසීමකින් බහුතරය සොයාගත හැකිය. බහුතරය නැතත් ඉහත කී පරිදි ජනපති පත්කල අගමැති වරයෙක් (ජනපතිගේ අකමැත්තෙන්) ඉවත්කල හැකි නොවේ. ඒ‌ නිසා එම කර්තව්‍ය නිෂ්ඵල එකකි.

කොටින්ම පවසත හොත් අගමැතිවරයෙක් පත්කිරීමට හෝ නෙරපීමට ව්‍යවස්ථානුකූලව හැක්කේ ජනපතිට පමනි.

තනතුරෙන් පහකල රනිල් ශ්‍රේෂ්ඨාධිකරණයට නොයන රහසත් ගියත් පලක් නොවන හේතුවත් මෙයයි.

ශයිලොක්ගේ මස් රාත්තල මෙන් බහුතරයක්ම ඉල්ලන අයගේ (‘රනිල්ගේ ලවුඩ්-ස්පීකර්’ද ඇ‌තුළුව) නොදැනුම දුරැකරනු පිනිස මෙය මෙසේ ලියා දක්වා දන්වන බව කරැනාවෙන් සලකත්වා.

රටේ ජනතාවගේ හඞට සවන්දුන් හා ජනතා අවශ්‍යතාවය දැනුන ජනපති කෙනෙකු කලයුකු දෙය අද අපේ ජනපති විසින් සිදුකර ඇ‌ත. ඒ‌ ගැන කිසිවෙක් සැක පහලකල යුතු නැත. සියල්ල ජන හද ගැහෙන රාවයට අනුව සිදුවී ඇ‌ත.

රටේ රීරි මාංෂය බුදිමින් එහි දුවන රැධිරය උරා බීබී තම වර්ගයා පෝශණයකල එජාප නායකත්වය රට නිරැද්ධකර මරාදමා ලක්මෑණියන්ගේ ඇ‌ටකටුද කුඩුකර මිහිපිට අපායකට හැරවීමට ගත් උත්සාහය ජනපතිතුමා පමාවී හෝ අවබෝධකරගෙන ගත් මේ උදාර පියවර මව්බිමට ආ‌දරයක් දක්වන, දයාවක් පතන ඹබ සියළු දෙනාම අගය කල යුතු ක්‍රියාවක් වනවා මෙන්ම එය ආ‌පසු හැරවීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුවන්නේය.

ලවුඩ්-ස්පීකර් නැති ව්‍යවස්ථා වියවුලක් ඇ‌තිකිරීමට මාන බලයි. විදෙස් බලවතුන් හමුවේ ඔබත් මමත් දිවි දෙවනි කොට රකින මව්බිම දැනටමත් අපකීර්තියට ලක්කර හමාරය. මේ තත්වයන් හමුවේ නැවත අප මව්බිමේ ප්‍රතිරෑපය ගොඩනගාගෙන ප්‍රවුඩ ජාතියක් ලෙස ලොව බලවතුන් සමග එකට සිට ගැනීමට නම් දැනට එජාප නායකයින් ප්‍රමුඛ ලවුඩ්-ස්පීකරයා ඇ‌තුඑ පරාජිතයින් ගෙනයන මේ වසල ක්‍රියාවලියට අදම තිත තැබිය යුතුය. ඒ‌ සදහා නව අගමැති මහින්ද මැතිඳුන් සමග පෙල ගැහෙමු. රට හා ජාතිය බටහිර ගැත්තන්ගේ නොව පරම්පරාවෙන්ම උරැම අපටම බව පෙන්නමු. රට රැකීමට පෙල ගැසෙමු.

මිතුරන් අතර බෙදාගන්න.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක සිඩ්නි නුවර සිට

2018 නොවැම්බර් 10වනදා

2 Responses to “(ලවුඩ්)ස්පීකර් සංදර්ශණ නොහොත්  අනවශ්‍ය බහුතරයකට උඩගෙඩිදීම (Quest for unnecessary majority)”

  1. Hiranthe Says:

    Thank you for your view and looking after Mother Lanka.

    Now the champions of Democracy will tell that the Calling for a Parliamentary Election is also undemocratic.

    Right thing done at the right time. MS would not have thought the situation will drag onto this stage of dissolving the parliament and calling for fresh election in which the major advantage is to Pohottuwa.

    MR should be careful not to accommodate the dirty and cunning people like Mahinda Amaraweera, SB, Nimal Siripala, Dilan, bold guy who rented the Rajagiriya building for agriculture ministry, Appachi malo, Yapa, Dayasiri etc etc.

  2. ranjit Says:

    Thank you Tissa for supporting the truth by being in Australia. This is the view of the majority here. It’s shame to call these rascals butterflies because butterflies are very beautiful and innocent. These beggars are not butterflies but ponnayas (Gays) who ruined our country, economy and everything including srilankan way of life. They should be behind bars for the crimes done against our people and the country for last three and half years. We all should appreciate the president irrespective of party politics for taking that courageous decision to remove the western darling Ranil the old goat. Now we can sleep well thinking of tomorrow. I hope majority approve the president’s decision to dissolve parliament. Bravo dear patriots let’s get United to bring a decent Sinhala Buddhist government as Murali our cricket legend said to give the poor three meals a day and to give good education and shelter for all. This is our land so let’s make it great again by sacrificing our time and energy with sincere 💓 heart for every citizen to live in peace and freedom.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress