මහ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයේ ප්‍රථම ජාතික සමුළුව
Posted on November 26th, 2018

අනුප පැස්කුවල් කැඳවුම්කරු

2018.11.26
වර්තමානයේ උද්ගත වී ඇති අර්බුදය හමුවේ, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට අනුකූල ව පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට සිය නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට අවස්ථාවක් ලබා දිය යුතු බව ඉතා පැහැදිලි ය. එහෙත් විවිධ පාර්ශව අධිකරණ ක්‍රියාමාර්ගවලට පවා යොමුවෙමින් ජනතාව ගේ පරමාධිපත්‍ය බලය යටපත් කිරීමට උත්සාහ දරන බව පෙනේ. තානාපතිවරුන් කිහිප දෙනකු ද ජනතාවට මහ මැතිවරණයක් සඳහා හිමි වූ අවස්ථාව අහිමි කිරීමට අනිසි බලපෑම් එල්ල කරමින් සිටිනු පෙනේ.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මඟින් ක්‍රියාත්මක වන්නේ ජනතා පරමාධිපත්‍යයි. මහජනතාව ගේ ඒ පරමාධිපත්‍ය බලය මහජනතාව විසින් පවරනු ලැබූ ආයනත හරහා ම උදුරා ගන්නට තැත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් සේ අපි දකිමු. ඒ නිසා දිවයිනේ වැඩසිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පූජ්‍ය පක්ෂය, බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් ඇතුලූ සකල විධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මහ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය පිහිටුවනු ලැබූ අතර එහි ප්‍රථම ජාතික සමුළුව 28 වන බදාදා සවස 3.30 ට කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි, අස්ගිරිපාර්ශවයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමි, රෝහණ පාර්ශවයේ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංස නාහිමි හා ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ඌව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ප්‍රේමලාල් ද සිල්වා, ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති ආනන්ද රණසිංහ, සිනමාවේදී සුමිත්‍රා පීරිස්, සංගීතවේදී විශාරද ජගත් වික්‍රමසිංහ, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණ වෘත්තික ලසන්ත වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය වසන්ත දේවසිරි, දේශීය ව්‍යවසායක සමන්ත කුමාරසිංහ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය චරිත හේරත්, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්ම මහත්මීන් අදහස් දක්වනු ඇත.

විමසීම් : 0714288220 / 0716369828

One Response to “මහ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයේ ප්‍රථම ජාතික සමුළුව”

  1. Christie Says:

    I spoke to some one on :0714288220.

    It is unfortunate these are the type of people who are leading the innocent Sinhalese. No question the guy just had a Parippu meal.

    අනේ මහත්තයෝ යන්නකො පොඩිගමනක් රටපුර පොඩි බත් මුලකුත් බැඳගෙන.

    කොහෙගියත් ඉන්නෙ ඉන්දියානු පරපෝසිත දෙමලු. මලයාලි, පාර්සි, බෝරා වගෙ 1792කෙන් පස්සෙ ඉන්දියාඑන් ආපු අපිව අදත් හූරගෙන කන අපිව කුලහීනයන් ලෙස සලකන අපි මහපොලවෙන් ත්‍රන් වෙනකන් බලාගෙන් ඉන්න උන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress