හිටපු අගවිනිසුරුගේ ස්වාමිපුරුෂයාට 5 වසරක සිර දඬුවමක්
Posted on November 26th, 2018

 Lanka Lead News

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් හට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) වසර 05ක අත්හිටවූ සිර දඬුවම් නියම කරනු ලැබුවේය.

ඒ නොවටිනා මිළකට සීමාසහිත ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමෙන් ජාතික ඉතිකිරීමේ බැංකුවට පාඩු සිදුකළ බවට ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාවට වැරදි කරමිනි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් හිටපු ජාතික ඉතිරි කිරීමේ සභාපති ප්‍රදීප් කාරියවසම්ට වසර 05 ක සිර දඬුවම් නියම කර එය වසර 05 කට අත්හිටවූ අතර ඊට අමතරව රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද නියම කරනු ලැබුවේය.

යම් හෙයකින් දඩ මුදල නොගෙව්වොත් ඒ සදහා ඔහුට වසර දෙකක සිර දඬුවම් නියම කරන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේය.

ප්‍රදීප් කාරියවසම් යනු හිටපු අගවින්සුරු ශිරානි බණ්ඩාරනායකගේ ස්වාමිපුරුෂයායි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress