ජර්මන් ජාතික පවුලක් 27 දා යාපාන්යේ කෝපායි ප්රදේශයේ පැවති මහවිරු උළෙලකට සහභාගීවෙයි
Posted on November 28th, 2018

දිනසේන රතුගමගේ

යාපනයේ සංචාරයක් සදහා පැමිණ සිටි ජර්මන් ජාතික පවුලක් 27 දා යාපාන්යේ කෝපායි ප්රදේශයේ පැවති මහවිරු උළෙලකට සහභාගී වූහ.

මේ සිදුවන දේ පිළිබදව ඔවුන් විපරම් කොට බලද්දී යාපනයේ වැසියන්ගෙන් ඔවුන්ට දැනගැනීමට ලැබී ඇත්තේ යුද්ධයේදී විශාල දෙමළ පිරිසක් මරුමුවට පත් වූ බවත් ඔවුන් සිහිපත් කරමින් මේ උළෙල පවත්වන බවත්ය.

මේ ජර්මන් පවුලේ ගෘහමූලිකයාගේ සීයා හා ආච්චි ජර්මන් යුද්ධයෙන් මියගොස් ඇති බව ඔවුන් පවසා මේ වසරේ මළවුන් සැමරීමේ අවස්ථාවකට සහභාගී වීමට නොහැකි වූයේ ඔවුන් ශ්රී ලංකාවේ සංචාරය කළ නිසාවෙන් බවද ප්රකාශ කොට තිබේ.

අනුව ඔවුන්ටත් මළවුන් සිහි කිරීමට අවස්ථාවක් සලසා දෙන මෙන් සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ජර්මන් පවුලටද මළවුන් වෙණුවෙන් දැල්වීමට සූදානම් කොට තිබූ පහනක් ඔවුන්ට ලබා දී තිබේ.

කෝපායි ප්රදේශයේ පැවති එම මහවිරු උළෙල අවසන් වනතුරුම එම ජර්මන් පවුල රැදී සිට මහවිරු උළෙල සමරා තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress