මන්නාරමේ සමූහ මිනී වළේ කැණීම්කටයුතු සොයා බැලීම පිණිස ශ්රී ලංකාවේ සිටින ජර්මන් තානාපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිනේ
Posted on November 28th, 2018

දිනසේන රතුගමගේ

 මන්නාරමේ සමූහ මිනී වළේ කැණීම් කටයුතු සති දෙකක කාලයකට තාවකාලිකව නතර කොට 27 දා පෙරවරුවේ යළි ආරම්භ කරණ අවස්ථාවේදී එහි කටයුතු සොයා බැලීම පිණිස ශ්‍රී ලංකාවේ සිටින ජර්මන් තානාපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින ජර්මන් තානාපති ජෝන් රොහොඩ් (Jorn Rohde) මහතාට මන්නාරම සමූහ මිනී වළේ මෙතෙක් සිදු කෙරුණු කටයුතු පිළිබදව කැණීම් කටයුතු වල නියැලී සිටින වෛද්‍ය ෂාමින්ද රාජපක්ෂ මහතා විසින් විස්තර කොට දෙන ලදී.

මන්නාරම සමූහ මිනී වළේ 106 වෙනි දිනයට කැණීම් කටයුතු සිදුකෙරෙන විට මේ ස්ථානයෙන් මිනිස් ඇටසැකිළි 239 ක් හමු වී ඇති බවත් ඒවායින් 18 ක් ඉතා කුඩා ළමුන්ගේ  මිනිස් ඇටසැකිළි බවත්  මෙහිදී ප්රකාශ කොට තිබේ.

මෙම කැණීම් කටයුතු වලදී කීස්ම පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් කීස්දු අන්දමක බාදාවක් හෝ බලපෑමක් නොමැති බවත් ඇති එකම ප්රශ්නය මාස් මෝසම් වර්ෂාව පමණක් බවත් කැණීම් කටයුතු බාර නිලධාරීන් ජර්මන් තානාපතිවරයාට දැණුම් දී ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress