වහාම මහ මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුව ශක්තිමත් කොට ජනතා ප්රශ්න විසදන මෙන් ඉල්ලා කිළිනොච්චිය නගරයේ විරෝධතාවයක්
Posted on November 28th, 2018

දිනසේන රතුගමගේ

වහාම මහ මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුව ශක්තිමත් කොට ජනතා ප්රශ්න  විසදන මෙන් ඉල්ලා කිළිනොච්චිය නගරයේ 28 දා විරෝධතාවයක් පැවැත්වූහ.

කිළිනොච්චියේ කාක්කා හන්දියෙන් ආරම්භ වු මෙම විරෝධතා පෙළපාලිය -9 මාර්ගය ඔස්සේ කිලිනොච්චිය නගරය දක්වා ගමන් කොට නගරයේදී  විරෝධතාවය පැවැත්වුණි.

කිළිනොච්චිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නියෝජිතයින් හා සාමාජිකයින් එක්ව මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කොට තිබුණි.

‍ජනතා මතයට ගරු කරමින් වහාම මැතිවරණයක් පවත්වන ලෙසට විරෝධතාකරුවෝ ඉල්ලීම් කළ අතර පක්ෂක්ග්‍රාහී කථානායක වහාම ඉල්ලා අස්විය යුතු බවටද විරෝධතාකරුවන් ඉල්ලීම් කළහ.

විරෝධතා වැඩසටහනට උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා සහ කිළිනොච්චියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නියෝජිතයින් හා සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress