ව්‍යවස්ථාව ගැන බොරු කියා මහා විහාරය රැවටීමට පුළුවන්ද
Posted on January 9th, 2019

මතුගම සෙනෙවිරුවන්

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තවමත් සකස් කර නොමැති බව ජනාධිපති තුමා ප්‍රකාශ කර තිබුණි. ආණ්ඩුව පැත්තෙන් ද ලැබෙන්නේ  ද එම උත්තරයයි.චම්පික ඇමතිවරයා පවසන්නේ නව  ව්‍යවස්ථාවක් සෑදීමට මන්ත්‍රී වරු 225 දෙනාම එකඟ වූ අතර පක්ෂ කීපයකින් ඉදිරිපත් කරන ලද  ව්‍යවස්ථා යෝජනා නවයක් අතුරු කමිටු වාර්තා හරහා ඉදිරිපත් කර ඇති බවයි.ඒවා පාර්ලිමේන්තුවේ විවාද කොට අවසාන කෙටුම්පත සාදන බවද ඔහු පවසා ඇත. 2015 දී යහපාලන ආණ්ඩුව පත් වූ දා සිටම ඔවුන් ගේ මූලික අභිප්‍රාය වී තිබුණේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට සම්මත කර ගැනීමයි. රටේ වෙන ප්‍රශ්ණ කොතෙක් තිබුණද ආර්ථිකය කඩා වැටුණද ස්වභාවික විපත් පැණ නැගුනද ඒවා ප්‍රමුඛ තැනට ගන්නට යහපාලකයන් උනන්දු වී නැත. ඔක්තෝබර් 26 බල පෙරළියට පදනම් වූ එක් කාරණයක් වන්නේ ව්‍යවස්ථාව හරහා රට බෙදෙන ක්‍රියාවලිය වුවත් නැවත බලයට පත් වූ දාසිටම ඔවුන් ගේ ප්‍රධාන ප්‍රකාශය වී ඇත්තේ පෙබරවාර් 04 වන් දාට ප්‍රථම නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ගේන බවයි.මෙහිදී ජනතාවට ප්‍රශ්ණයක් වී තිබෙන්නේ පාර්ලිමේන්තු ගැට යොදා ගනිමින් කාටත් හැංගි හොරා අවසාන කොටුම්පත සම්මත කර ගැනීමට තිබෙන ඉඩකඩ ගැනයි.

          රටේ කොටසක් වෙන් කොට ගෙන වෙනමම පාලනයක් ගෙන යෑම පිණිස ප්‍රභාකරන් විසින් මෙහෙයවූ ජන ඝාතක යුද්ධය ප්‍රධාන වශයෙන් සිංහලයන්ට එරෙහි වූවක් විය. උතුරු සහ නැගෙනහිර පළාත්වල ජීවත් වූ සිංහළයන් එළවා දමා බියට පත් කර ඔවුන් පදිංචි වූ ඉඩම් කොටි මහ විරු පවුල් වලට බෙදා දී තනි දෙමළ ප්‍ර දේශයක් බවට පත් කර ගැනීමේ අදිටන රටේ ආරක්ෂකයන් වන ත්‍රිවිධ හමුදාව මුල් වී පරාජය කළ ආකාරය අපි දනිමු.එහෙත් එහි ජීවත් වූ සිංහල සුළුතරයට සාධාරණයක් ඉටු නොවීය. ඉඩම් සම්පූර්ණයෙන්ම ආපසු නොලැබිණ. ඇතැම් විට පදිංචියට යන්නට පාලකයන් ගෙන් අවසර නොලැබිණ.ඒ වෙනුවට උතුරේ අවතැන් වූ දෙමළ සහ මුස්ලිම් ජනතාවට සිය ඉඩම් ආපසු ලැබිණ. හමුදාව විසින් පරිහරණය කළ ඉඩම්ද නිදහස් කෙරිණ.ඒ අතරේ විදෙස් සමාගම් වලට ඉඩම් පවරා දෙන ඉඩම් කොල්ලයක්ද ඇරඹිණ. යහපාලන රජය බලයට පත් වූ පසු ඉඩම් ගැනීමට විදේශිකයන්ට තිබූ යම් යම සීමාවන්ද ඉවත් කෙරුණි. මෙහි අරමුණ කුමක්ද භූමිය පිළිබඳ සාධකය කේන්ද්‍ර කොට විදේශිකයන්ට එම ඉඩම් අත්පත් කර ගැනීමට ඉඩ හැරීමයි . සිංහල බහුතරය එහි විසීමෙන් ඇතිවන බාධාව දෙමළ දේශපාලනඥයන් ගේ උසි ගැන්වීමෙන් ඉවත් කරනු ලැබූ පසු උතුරු සහ නැගෙනිහර සිටින දෙමළ සහ මුස්ලිම් ජනතාව යොදා ගෙන ඔවුන්ගේ නව යටත් විජිත ව්‍යාපෘති ඉදිරියට ගෙන යා හැකිය. බෞද්ධ වෙහෙර විහාර  වලට  නව පණක්  දී නැවත ගොඩ නන්වන ලද්දේ හමුදාව විසිනි. පෙර කී නව යටත් විජිත ව්‍යාපෘති වලට ඒවා බාධාවක් වෙයි. එසේම දෙමළ ජනතාව ඉදිරියේ දී ක්‍රිස්තියානි කර ගැනීමටද බාධාවක් වෙයි. හින්දු ජනතාව සහ බෞද්ධයන් එකට එක් වුවහොත් සීමා පැනවෙන බව ඔවුහු දනිති.

      රටේ ව්‍යවස්ථාව තුළ ඒකීය බව එක වගන්තියෙන් තබා ගෙන අනෙක් පණත් මගින් සහ චක්‍ර ලේඛන මගින්ද බලහත්කාරයෙන්ද භූමිය බෙදා දැක්වීම නව යටත් විජිත උපායයි. ව්‍යවස්ථා ප්‍රතිපාදන එහෙ මෙහෙ කර ගැන්ම කාරක සභා අවස්තාවලදී අමාරු කාරණයක් නොවන බව කීප වරක්ම යහපාලන රජය පෙන්වා දී ඇත. එවිට සිංහලයා රවට්ටා ඒකීය බෝඩ් ලෑල්ල තබා මදය වෙනස් කර ගැනීමට පිළිවන. කොයිතරම් පක්ෂ යෝජනා සහ මහජන අදහස් පැමිණියද ජයම්පතී වික්‍රමරත්න උත්සාහකරන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් හංගා ඉදිරිපත් කරලීමටයි. ජිනීවා යෝජනා වලින්  රජයේ අත කරකවා ඇත්තේ උතුර සහ නැගෙනහිර බෙදා වෙන්කරලීමේ කටයුත්ත බාධාවකින් තොරව කර ගැනීමටයි.ඒසේ කර නැතැයි ජනපති වරයා පුන පුනා පැවසුවද ඔහුත් වංචනිකයෙකු බව අප කීප වරක් කියා ඇත. මේ දිගේලි කරන්නේ නව යටත් විජිත උපාය මාර්ගයයි.රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක එහි දාසයන් වෙති. සුමන්තිරන් එහි ප්‍රතිපත්ති සම්පාදකයෙකි.

      අගමැතිවරයා ගේ නව ආණ්ඩුව පත් වීමෙන් පසු මහා විහාරයට ගොස් කළ පළමු ප්‍රකශය නම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන වගන්තිය ඉවත් කරන්නේ නැති බවයි. එහෙත් උතුර සහ නැගෙනහිර ස්වයංපාලනයකට මග විවර වුවහොත් උතුරේ බුද්ධ ශාසනය පවතින්නේ නැත. දැනටමත් එහි බුදු පිළීම තැබීමට සීමා පණවා ඇත. මුලතිව් කුරුඳු මලේ පුරාවිද්‍යා රක්ෂිතය මැනුම් කිරීමට ගිය පුරාවිද්‍යාවට ගෙම්බර් දමා පළවා හැර ඇත. මුලතිව් මහේස්ත්‍රාත් තමන්ට අයිති නැති ප්‍රතිපාදන වලින් පුරා විද්‍යාව ප්‍රශ්ණ කරයි. ඒ අතරේ මුලිතිව් අවට නෙදුන්කර්නි වල අවට මහවැලි ඉඩම් වල පදිංචි වන්නට සිටි සිංහලයන්ට මහවැලිය අයිති ජනපති වරයා විසින් තහංචි පණවා ඇත. සිංහලයන්ට ඉඩම් ලබා නොදේ.ඒවායේ පන්සල් අලුත් වැඩියා කරගන්නට ඉඩ නොදේ.ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම යටතේ එවකට පැවති ආණ්ඩුව පිළිගත් තත්ත්වය නම් උතුර සහ නැගෙනහිර ප්‍රදේශ වල උසාවි කටයුතු දෙමළ භාෂාවෙන් කළ යුතු ආකාරයයි.එය එලෙසම ඉටු විය.අදටත් උතුරේ හෝ නැගෙනහිර කිසිම උසාවියකින් සිංහල නඩු පිටපතක් ලබා ගැනීමට නොහැකිය. ඉඩම් රෙජිස්ටාර් විසින් නිකුත් කරන බොහෝ ලේඛන දෙමළෙන් පමණක් ලැබේ. එවිට මෙම පළාත් වල තිබෙන විහාරස්ථානයන්හි කටයුතු කිසිවක් සිංහල බසින් කර ගෙන යෑමට ඉඩ සැලසෙන්නේ නැත. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේනුතව ආදී රජයේ ආයතන විසින් කර ගෙන යන කටයුතු සිංහල ඉංග්‍රීසි සහ දෙමළ බසින් පවත්වා ගෙන පැමිණියද නව ව්‍යවස්ථා යෝජනා පරිදි පළාත් සභා සමගාමී ලැයිස්තුව ඉවත් කළහොත් මධ්‍යම රජයේ රැහැන ලිහා වැටේ. එවිට ඓතිහාසික සිද්ධස්ථාන යන් සියල්ල හින්දු හෝ මුස්ලිම් කෝවිල් සහ පල්ලි බවට පත් කර ගැනීමට කිසිම බාධාවක් නැත. පසුගිය දිනවල මුලතිව් අධිකරණයට ඉදිරිපත් වූ දෙමළ නීතී වේදීන් ගේ තර්කය වූයේ මේ සිද්ධස්ථාන සියල්ල හින්දු කෝවිල බවයි.

          අධිකරණ තීන්දුවකින් පසු බලය අත්හරින ලද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ට අනතුරුව යලි පත්වූ රනිල් වික්‍රමසිංහ රජය අධ්‍යපන නියෝජ්‍ය ඇමතිවරිය ලෙසට විජයකලා මහේෂ්වරන් පත් කරගත්හ. ඇය පසු ගිය කාලයේ දී ජාතිවාදී ප්‍රකාශ කරමින් හුරතල් වූ හැටි අපට මතකය.අමිත් වීරසිංහට ක්‍රියාත්මක නීතිය ඇය වෙනුවෙන් බලපැවැත්වූයේ නැත. එසේම සිංහල බෞද්ධයන්ට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් සිටි අසාද් සාලි මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයෙන් පිදුම් ලබා තිබේ. උතුරු පළාත දෙමළ පළාතක් ලෙසට පිළිගත්තා සේ එහි ආණ්ඩුකාර ලෙසට සුරේෂ් රාඝවන් මහතා පත් කර තිබේ.ඒ අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තිබූ බෞද්ධ හා පාළි විශ්ව විද්‍යාලයත් භික්ෂු විශ්ව විද්‍යාලයත් එයින් ඉවත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය යටතට පත් කර තිබේ. නමුත් පූනානි හි ශරියා විශ්ව විද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන අති බවද දැන් ගන්නට ඇත. යහපාලන රජය බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය හිමි කර දෙනේනේ එලෙසය. අධ්‍යාපන ආමාත්‍යංශය යටතට පත් කර ඇති බෞද්ධ විශ්ව විද්‍යාල තුළ සංහිඳියා වැඩ පිළිවෙල් ක්‍රියාක්මක කිරීමටත් ෂරියා ආයතන තුළ මූල ධර්මවාදය ක්‍රියාත්මක කිරීමටත් දැන් හැකිය.එසේම විජයකලා මන්ත්‍රීවරිය ගේ බලපෑම් මත උතුරේ පාසල් වල ඉගැන්වෙන ඉතිහාසය ඊලාම් ඉතිහාසය වන්නටද ඉඩ ඇත.එවිට නාගදීපය නයිනතිවු ලෙසටද කදුරුගොඩ විහාරය කන්දරෝඩෙයි ලෙසටද දෙමළ ළමුන් ගේ මනස් වලට යෑමට ඉඩකඩක් විවර වේ.

        අස්ගිරි මල්වතු උභය විහාරීය මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු එම විහාරයන්හි කාරක සංඝ සභාවන් හි  ගෞරවනීය නායක හිමිවරුන්ට මේ යථාර්ථය තේරුම් ගැනීමට එතරම් අපහසු නැත.ඉතිහාසය පුරාවටම ජාතියේ ශාසනයේ මුර දෙවතාවුන් වහන්සේලා වන එතුමන්ලා සෘජුවම මේ ගැටළු දේශපාලකයන් ගෙන් විමසන්නේ නම් තව දුරටත් රැවටීම් වලට ඉඩක් නැත. මේවාට ආණ්ඩු පක්ෂය විපක්ෂය කියා වෙනසක් නැත. ඒ සියල්ලන්ගේ ම මතය පැහැදිලිවම විමසිය යුතුය. රටේ එකීය බවත් විධායක ජනපති ධූරයත් බුද්ධ ශාසනයත් යනු වෙන් වෙන්ව පවතින දේ නොවේ.එකක් දුබල වුවහොත් අනෙක් සියල්ල කඩා වැටේ.පක්ෂ දේශපාලනය නොව දළදා වහන්සේ මුල් තැනේලා සලකා රට එක සේසත් කළ යුතු බව අප නිරතුරුවම ප්‍රකාශ කරන්නේ ඒ නිසයි.

මතුගම සෙනෙවිරුවන්

3 Responses to “ව්‍යවස්ථාව ගැන බොරු කියා මහා විහාරය රැවටීමට පුළුවන්ද”

  1. Hiranthe Says:

    Malwathu Asgiri Maha nayakas do not have 1/10 of patriotism which Cardinal Malcolm Ranjith has.

    He has objected openly for foreign interference while Maha nayakas are always pleasing everybody.

    Soma Hamuduruwo, Bellanvila hamuduruwo were timely removed from the front by the separatists. Sobitha Hamuduruwo was taken for a ride and they used him for brining Yahaps and then ditched him. He passed away in utter frustration with the Yahap team.

    If he had survived, he would be in the war front defending Mother Lanka now. That is why they got rid of him too.

    We have to take care of Ven. Cardinal Malcolm Ranjith since he can be the next target of the separatist camp.

  2. Christie Says:

    Hiranthe. Cardinal Malcom Ranjith is the next target of India.

  3. Ratanapala Says:

    Malwatte and Asgiriye are only landed proprietors living off the fat of the land. They enjoy the benefits afforded to these two temples by the kings but have sold or leased out most of any value with no possibility of return – these include land adjacent the Holy Temple of the Tooth in the Kandy City.

    Malwatte Thibotta is clearly a UNPer – a Bathgotta of no mean repute. He has no view other than the view of Ranil.

    Have the people of Sri Lanka ever listened to a Bana Sermon by any of these worthies. Lord Buddha roamed North India alwasy on foot for 45 years disseminating His Dhamma. These worthies will never step outside their temples without their chauffeur-driven their Benz Cars. Have anyone seen them out in the country going out to meet ordinary people? Only thing we see is politicians parading outside their temples to get their blessings.

    I cannot understand what blessings these politicians can get from these religious leaders for they are the most ignorant religious leaders of the world. The only thing they understand is their privileges and nothing else. They have time and again abused the high office they have been afforded by the Sri Lanka Buddhist Establishment. At the moment Cardinal Malcolm Ranjith has a better understanding of the importance of the Buddhist Establishment than these highly overrated worthies.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress