ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාව
Posted on January 11th, 2019

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ

අද  දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්
• පාර්ලිමේන්තු මන්තී්‍ර ජානක වක්කුඹුර මහතා
• පාර්ලිමේන්තු මන්තී්‍ර කාංචන විජේසේකර මහතා
• පාර්ලිමේන්තු මන්තී්‍ර ඉන්දික අනුරුද්ධ මහතා
• දකුණු පළාත් සභා මන්තී්‍ර ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා
• නැගෙනහිර පලාත් සභා මන්තී්‍ර ඩබ්. ඩී. විරසිංහ මහතා

• මාධ්‍යයට කළ නින්ජා තර්ජනය හෙළා දකිනවා.
• මාධ්‍යයෙන් ටෙලිනාට්‍ය පෙන්වපු නිසයි මේ නින්ජා නිලියෝ ප්‍රසිද්ධ වුනේ.
• තෙල්මිල සූත්‍රයක් නැති බව අපි අදත් කියනවා.

පාර්ලිමේන්තු මන්තී්‍රී ජානක වක්කුඹුර මහතා
නින්ජා විදියට මාධය ආයතන ඉදිරියට ඇවිත් තර්ජනය කළ පිරිසක් අපි දැක්කා. අපි එය හෙළා දකිනවා. අගමැතිතුමා පහුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේ දී කිව්වා මේ රටේ තියෙන කලූ මාධ්‍යයක් ගැන. ජනතා විමුක්ති පෙරමුනේ බිමල් රත්නායක මහතාත් ජනවාරි 8 වැනිදා කලූ මාධයයක් ගැන කිව්වා. ඒ දෙගොල්ලෝ කියපු දේ තමයි නින්ජාවරු මාධ්‍ය ඉස්සරහට ගිහින් කලේ. සමහරු මේ කට්ටිය යවලත් හෙළා දකිනවා. අපේ කාලයේ වුනු සමහර දේවල් සම්බන්ධයෙන් අපි රජයක් ලෙස සමාව ගත්තත් අපිට ගහනවා. මේ අගමැතිවරයා පළවෙනි වතාවට මාධ්‍යයට තර්ජනය කළා නෙවෙයි. අපි දැක්කා විශAවාසභංග යෝජනාව පැරදුනු වෙලාවේ සිරස මාධ්‍ය ආයතනය ඉදිරියට ගිහින් පැය ගානක් රතිඤ්ඤා ගැහුවා. අපිට කොයි මාධ්‍යයත් එක හා සමානයි. ආණAඩුවක් කරද්දි ආණ්ඩුවේ හො`ද විතරක්ම මාධ්‍යයෙන් අහන්න ලැඛෙන්නේ නැහැ. කිසියම් වැරදි දෙයක් වෙනවා නම් එය ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා.
ටෙලි නාට්‍යවල ලොකු චරිතවත් නොවන අය අපි දැක්කා මාධ්‍යයට තර්ජනය කරන්න ඇවිත් ඉන්නවා. මාධ්‍ය ආයතන ටික නොතිබුණා නම් ඔය ටෙලි නාට්‍ය පෙන්වන්න තැනක් නැහැ. ඔබේ නාලිකාවලින් ප්‍රසිද්ධ වුනු අය තමයි දැන් මාධ්‍යයට ගහන්න ඇවිත් ඉන්නේ. අපි වුනත් තරුණ මන්තී්‍රවරු විදියට යම් ප්‍රසිද්ධියක් ලැබුවා නම් ඒ ප්‍රසිද්ධිය ලැබුනේ මාධ්‍යයයෙන්. මාධ්‍ය මේ වගේ නැති කාලෙක අපිට ප්‍රසිද්ධියක් ලැබුනේ නැහැ. අපි ආණAඩු බලයේ හිටපු දින 51 දි මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ගැන කතා කළා. අරලිය ගහ මන්දිරයට මාධ්‍යකරුවන්ට එන්න කියලා අඩලා අපේ ඒවා දාන්න කිව්වා. දැන් තමන්ට අවස්ථාව දුන්න අයට ගහන්න අරන්.
රටේ ආර්ථීක ප්‍රශ්නය ඇති වුනේ දින 51 ආණAඩුවෙන් කියලා අගමැතිතුමා කියනවා. ඒ අය අවුරුදු තුනහමාරක් ආණAඩු කරද්දිත් ඇඩුවා. දැන් දින 51 අල්ලගෙන අ`ඩනවා. බැදුම්කරෙන් රටට වුනු හානිය ගැන එක වචනයක්වත් පාර්ලිමේන්තුවේදි කිව්වේ නැහැ. ආනA`ඩුවට දුවන්න බැරි නිසා ආයෙත් අපිට බනින්න අරන්. පහුගිය 20 වැනිදා ලෝක වෙලෙ`දපොලේ බොරතෙල් මිල වැඩිවුනා. මේ අය කියන තෙල්මිල සූත්‍රයට අනුව නම් බොරතෙල් මිලවැඩිවුනාම තෙල් මිල වැඩි වෙන්න ඕනේ. එහෙම නම් මේ අය තෙල් මිල අඩු කලේ කොහොමද? ඒ කියන්නේ පහුගිය පාර තෙල්මිල අඩු කලේ මිල සුත්‍රයකින් නෙවෙයි. අපි කිව්වා තෙල්මිල සූත්‍රයක් නැති බව. මේ අය මහින්ද රාජපක්ෂ මහත්තයා තෙල්මිල අඩුකළ නිසා තෙල්මිල අඩු කිරීමයි කරන්නේ. රටේ ජනතාව වෙනුවෙන් හදපු මිල සුත්‍රයක් නැති බව අපි දැනුත් කියනවා.
පාර්ලිමේන්තුව කඩිමුඩියේ ව්‍යවස්ථාවදායක මණ්ඩලයක් කරගත්තා. හරිනම් දින තුනකට කළින් දැනුම් දෙන්න ඕනේ. නියෝජ්‍ය කතානායක කිව්වා ඒක අපි තීන්දු කළාලූ. ඒ අයට හිතෙන හිතෙන විදියට හැමදේම කරන්නේ ආණ්ඩුව බලයට පත්කරගන්න දෙමළ සන්ධානයට දුන්න පොරොන්දු ඉෂAඨ කරන්නයි. අගමැතිතුමා තමන්ගේ යටතට උතුරු සංවර්ධනය භාරගත්තේ දෙමළ සන්දානයේ මන්තී්‍රවරු තමන්ගේ පැත්තේ සංවර්ධනය අපිම කරගන්නවා කියපු නිසයි. දැන් අගමැතිතුමා ඒ සල්ලි ටික දෙමළ සන්ධානයට දෙනවා ඔයාලට ඕනේ විදියට වැඩකරගන්න කියලා. ආණ්ඩුව ජනතාව වෙනුවෙන් නෙවෙයි මේ මහන්සි වෙන්නේ. තව මාස 10කින් ජනාධිපතිවරණයක් එනවා. දැනුත් ව්‍යවස්ථාවක් හදනවා කියලා රටට මතයක් ගෙනියනවා. සියලූ ආගමික නායකයෝ මේ රට ඛෙදන වැඩපිළීවෙලට කැමැති නැහැ. මන්තී්‍රවරුන්ට ජනතාව ඉදිරියට යන්න වෙනවා. රට ඛෙදන ව්‍යවස්ථාවට අත ඔසවලා ජනතාව ඉදිරියට යන්න ආයෙත් ඒ අයට බැහැ.

• මාධ්‍යට අත තියන්නේ ආණAඩුවක අවසානය ආවම.
• ව්‍යවස්ථාවක් කියන්නේ අද හදලා හෙට වෙනස් කරන්න පුලූවන් දෙයක් නෙවෙයි.
• මේ පාර්ලිමේන්තුවට ජනතාව දුන් ජනවරම අහෝසි වෙලා
• ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිඛෙද කෙරෙන යෝජනා පොළොවේ යථාර්ථයක් එක්ක ගැලපෙන්නත් ඕනේ
• එජාප විරෝධී සටනේ ප්‍රමුඛයා පොදුජන පෙරමුණයි.
• ජනාධිපතිවරණ අපෙක්ෂකයා තෝරා ගැනීමේ දි පාක්ෂිකයින්ගේ මතය අනුව විය යුතු බව අපි අපේ නායකයින්ටත් අවධාරනය කර සිටිනවා.
පාර්ලිමේන්තු මන්තී්‍ර කාංචන විජේසේකර මහතා
මාධ්‍ය ආයතන ඉදිරිපිටට එජාපයේ හා ජවිපේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කරපු තර්ජනය අපි හෙළා දකිනවා. මේ තර්ජනය කිරීමට වටපිටාව හැදුවේ රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් දිවුරුම් දීලා පාර්ලිමේන්තුවේ කළ පළවෙනි කතාවෙන්. මාධ්‍ය ආයතන හිමිකරුවන්ට චෙක්පත් ලෑස්ති කර ගන්න කිව්වා. අනුර කුමාර, බිමල් රත්නායක වගේ ජවිපේ අයත් මාධයට විවිධ දේ කිව්වා. ඊයේ තර්ජනය කිරීම්වලට මුල්වුනේ සමාජවෙබ් අඩවි හරහා මඩ ගහපු දැන් මාධ්‍ය අයිතිකරුවන් වී සිටින පිරිස්. අපේ ආණAඩු කාලයේ වැරදිවෙලා තියෙනවා. මාධ්‍යට අත තබන්නේ ආණAඩුවක අවසානය ආවම.
ව්‍යවස්ථාව පිළීබද කතිකාවත් ඇති වෙලා තියෙනවා. අපි මේ ගැන ප්‍රශ්න කළාම කිව්වේ මේ ගැන අනියම් බියක් ජනතාව තුළ ඇති කරන්න එපා කියලයි. ඒ වුනාට අද දවසේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය වෙනස් කරලා අද පාර්ලිමේන්තුවේ විශේෂඥ කමිටුවේ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
දෙමළ ජාතික සන්ධානය ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වෙන දේ පැහැදිලිය සුමන්දිරම් මන්තී්‍රවරයා පවසා තිඛෙනවා. ඒ විශෙAෂඥ කමිටුවේ අයත් පෙනි හිටියේ ඛෙදුම්වාදය වෙනුවෙන්. රටක ව්‍යවස්ථාවක් ගොඩනැගෙන්න ඕනේ සංවාදයකින්. ව්‍යවස්ථාවක් කියන්නේ අද හ`දලා හෙට වෙනස් කරන්න පුලූවන් දෙයක් නෙවෙයි. 78 ව්‍යවස්ථාවට එරෙහිව මොන තරම් මිනිස්සු එළියට බැස්සත් අද වෙනතුරු බැරිවෙලා තියෙනවා වෙනස් කරගන්න. අපි පොදුජන පෙරමුණ විදියට විශAවාස කරන්නේ මේ පාර්ලිමේන්තුවට ජනතාව දුන් ජන වරම අහෝසි වෙලා තියෙන්නේ. එජාපයේ මන්තී්‍රවරුන්ම චෝදනා කළා මේ පාර්ලිමේන්තුවේ විකිණෙන මන්තී්‍රවරු ඉන්න බවට. අපිට බරපතල සැකයක් තියෙනවා මොවුන්ගේ අවශ්‍යතාව සදහා තානාපති සංවිධාන හා නොයෙකුත් ක්‍රමවේද ඔස්සේ මුදල් ලබා දීමේ හැකියාව තියෙනවා නම් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ හැකියාව තියෙනවාද කියන සැකය අපිට තියනවා. අලූත් ව්‍යවස්ථාවක් ගේනවා නම් නව පාර්ලිමේන්තුවක් පත්කරලා ඒ දේ කරගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
මීළග ජනාධිපති අපේක්ෂකයා පිලිබද නිරන්තරයෙන් ප්‍රශ්න නැගෙනවා. පළාත් පාලන මැතිවරණයේදි ශී්‍ර ලංකා නිදහස් පක්ෂයට 14% ජනවරමක් ලැබිලා තියෙනවා. ඒ 14% ජනවරම නියෝජනය කරමින් මීළ`ග ජනාධිපතිවරයා ලෙස මෛතී්‍රපාල සිරිසේන මහතා පොදුජන පෙරමුනේ සහායෙන් පත්විය යුතු බව මහින්ද සමරසිංහ ප්‍රකාශයක් කළා. කල්පනා කරලා බැලූවම විවිධ අදහස් තියෙන්න පුලූවන්. ශී්‍රලනීපයට වගේම පොදුජන පෙරමුණටත් ඒ වගේ යෝජනා තියෙන්න පුලූවන්. සන්ධානයක් නිර්මාණය වෙනවා නම් ඒ සන්ධානයේ පක්ෂවලට යෝජනා තියෙන්න පුලූවන්. පොලොවේ යථාර්තයක් එක්ක ඒ යෝජනා ගැන සිතිය යුතුයි. ශී්‍ර ලංකා නිදහස ්පක්ෂය 14% ගන්න වෙලාවේ හිටපු කීදෙනෙක් දැන් ශී්‍රලනිපයත් එක්ක ඉන්නවාද කියලා හිතලා බල්ලනත් ඕනේ. මහින්ද රාජපක්ෂ මහතායි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා. මේ රටේ බහුතර ජනතාව නියෝජකය කරන මතය අපෙක්ෂකයා තෝරා ගැනීමේදි සැලකිල්ලට ගත යුතු බවයි අපි විශAවාස කරන්නේ. ශී්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා විදියට 2015 ජනවාරි 08 වැනිදා මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරපු අයම විපක්ෂයේ අපේක්ෂකයා වුනා. ඒ නිසා මේ නම් යෝජනා කරන අය ඊළගට විපක්ෂයේ බලකනු වෙන්න පුලූවන් කියන සැකය අපිට තියෙනවා. පොදුජන පෙරමුණයි එජාප විරෝධී සටනේ ප්‍රධාන පක්ෂය විදියට කටයුතු කලේ. ඒ පක්ෂයේ මතය තරුණයින්ගේ මතය නියෝජනය විය යුතුයි. ඒ නිසා අපි අපේ පක්ෂයේ නායකයින්ටත් අනතුරු හ`ගවනවා. එහෙම නොවුනොත් ඡන්ද පෙටිටයේ ඡන්ද ගණන් කරද්දි එක දෙක අතර කරට කර ඡන්දයක් තියෙයි. අපි මේ ගැන සාකච්ඡා කළ යුතුයි. පොලොවේ යථාර්තය එක්ක අපේක්ෂකයා තේරිය යුතුයි.

• හෙට වෙද්දි මාධ්‍ය ආයතන ආරක්ෂා කර ගන්න ජනතාව ඉදිරියට එනවා
• අද දේශපාලනය ටිකක් හරි සදාචාරවෙලා තියෙන්නේ මාධ්‍ය නිසයි.
• මේ ආණ්ඩුව නංගි පෙන්නලා අක්කා දෙන නිසා ව්‍යවස්ථාව ගැන ජනතාවට කියන දේවල් ඇත්ත නෙවෙයි.
• මැතිවරණ දිනපොතේ පෙරලිලා තියෙන්නේ පළාත් සභා මැතිවරණයයි.
• ජනාධිපතිවරණ අපෙක්ෂකයා ලෙස මහින්ද මෛතී්‍ර ජනපතිවරු දෙපළ තීරණයක් ගනියි.

පාර්ලිමේන්තු මන්තී්‍ර ඉන්දික අනුරුද්ධ මහතා
මාධ්‍යයට තර්ජනය කිරීම පිළිකුල් සහගත කි්‍රයාවක්. හෙට මොන මාධ්‍ය ආයතනයට එයිද කියලා දන්නේ නැහැ. හෙට වෙද්දි මාධ්‍ය ආයතන ආරක්ෂා කර ගන්න ජනතාව ඉදිරියට එනවා. බැදුම්කර වංචාව එළියට ගත්තේ මාධ්‍යයි. මේ වංචාව වහගන්නයි ඕනේ. අගමැතිතුමා කලූ ාධ්‍ය කියන කොට මලික්ගේ පන්තියට යන ජේ. වි. පි කට්ටියත් කලූ මාධ්‍ය කියනවා. ලසන්ත වික්‍රමතුංග කරපු දේමයි රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියාත් කලේ. එතුමාව මරලා මුහුදට දැම්මා.
පාලිත තෙවරප්පරෙැමගෙන් ප්‍රශ්න කළා නම් කියයි පහුගිය කාලේ මාධ්‍යවේදින්ට වුනු දේවල්. අද දේශපාලනය ටිකක් හරි සදාචාරවෙලා තියෙන්නේ මාධ්‍ය නිසයි. දිනපතා මාධ්‍ය හමු තියලා ජනතාව දැනුවත් කරන අය විදියට අපි මාධ්‍ය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. අපේ මාධ්‍ය සුරකින හමුදාව ගෙනාවොත් මුහුණු වහගෙන ආපු අයට මොනා වෙයිද?
බුද්ධාගම වෙනුවෙන් වෙනත් යෝජනාවක් ගෙනාවොත් කළින්ම විරුද්ධ වෙන්නේ මරික්කාර්ලූ. මේ ආණ්ඩුව නංගි පෙන්නලා අක්කා දෙන අය කියලා අපි දන්නවා. කුරුණෑගල පොල් කඩපු අය ගෙනිහින් පාසල් කම්කරු සේවය දැම්මා. ඒ අයගෙන් වැඩේ කෙරෙන්නේ නැති නිසයි දෙමල ජනතාවට සැකයක් තියෙන්නේ. ආණAඩුව කරන්න ඕනේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන එකයි. උතුරේ තරුණයාට දෙන්න ඕනේ රැකියාව දකුනේ තරුණයාට දුන්නාම වෛරයක් ඇති වෙනවා.නැගෙනහිර සංවර්ධනය කරන්න ඕනේ කිව්වාම අරක්කු හදන කර්මාන්තශාලාවක් දැම්මා.
මේ අගමැතිවරයා ගේන කෙටුම්පත් යෝජනාවලින් මොනවා කරයිද දන්නේ නැහැ. රසායනික අවි සම්බන්ධ පනතට යෝජනා ගේන වෙලාවේ ශී්‍රදරන් මන්තී්‍රවරයා කිව්වා අපේ හමුදාව රසායනික අවි භෘවිතා කලාලූ. ඇටි කෙහෙල් කාපු උඩගුවෝ වගේ ආණAඩුවෙව්කට්ටිය හිටියා. දෙමළ සන්දණාය කියන්නේ අද ආණAඩුවේම පාර්ශAවයක්. තව කල් තියෙනවා. තවත් ප්‍රමාද නැහැ.මේ සම්බන්ධයෙන් කටයුතු කරන අයට පුලූවන් අපේ හමුදාවන් එහෙම දෙයක් කලේ නැහැ කියන්න. මේ කතා කරන්නේ ජාත්‍යන්තරයට. මේ කතා කරන්නේ ඩොලර්වලට. ඒ රටවලට දරුවන්ව අධ්‍යාපනයට යවන්න.
ඒ අතරේ දැන් අපේක්ෂකයෝ හොයනවා.පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න කල් තියෙනවා කිව්වා නම් දැන් මැතිවරණ දිනපොතේ පෙරලිලා තියෙන්නේ පළාත් සභා මැතිවරණයයි. අපි තවමත් අපෙක්්ෂකයා හෝ පාට ලකුණක් ගැන කතා කරලා නැහැ. මේ රටේපක්ෂයක් වෙනුවෙන් තින්දු තිරණ ගන්න පුලූවන් අවසාන මැතිවරණයේ ජයට මූලිකත්වය දුන්න නායකයා මේ කි්‍රයාවලියට නායකත්වය ගන්න ඕනේ. ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේදි ශී්‍ර ලංකා පොදුජන පෙරමුණ විශේෂ වෙනවා. ජනාධිපතිවරණ අපෙක්ෂකයා ලෙස මහින්ද මෛතී්‍ර ජනපතිවරු දෙපළ තීරණයක් ගනියි. අපිට කණ්ඩායම් රැස්වීමේදී පැහැදිලිවම මෛතී්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා සදහන්කළා නැවත ජනාධිපතිවරණයට එන්නේ නැති බව.

• පොදුජන පෙරමුනේ පළාත්සභා සන්සදය ඉදිරි මැතිවරණය තර`ග කිරිම සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා.
• එක එක මැතිවරණ ලකුණුවලින් මැතිවරණයට එන්න අපි සූදානම් නැහැ.
• අපිත් එක්ක සංවාදයක් නැතිව ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන අදහස් දක්වන්න එපා කියලා ශී්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

දකුණු පළාත් සභා මන්තී්‍ර ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා
මාධ්‍ය ආයතන ඉදිරිපිට කරපු තර්ජනය හෙළා දකිනවා. ආණAඩුව ඉදිරියේදි මාධ්‍ය මර්ධනය සදහා මීට වැඩි කි්‍රයාමාර්ග ගනියි කියලා අපි හිතනවා.ඒගැන අපේ අප්‍රසාදය ප්‍රකාශ කරනවා. පොදු ජන පෙරමුනේ පළාත්සභා සන්සදය ඉදිරි මැතිවරණය තරග කිරිම සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා. අපි පරිනත වැඩපිළීවෙලක් තියෙන දේශපාලන පක්ෂයක්. එක එක මැතිවරණ ළකුණුවලින් මැතිවරණයට එන්න අපි සූදානම් නැහැ. පළාත් පාලන මැතිවරණය ඓතිහාසික ජයක් ගත්තේ පොහොට්ටුවෙන් තරග කරලයි. අපි අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට ගරු කරනවා. අපේ මතයට කන් දෙන්න කියලත් ඉල්ලා සිටිනවා. ශී්‍ර ලංකා නිදහස් පක්ෂය ශී්‍ර ලංකා පොදුජන පෙරමුණ ගැට ගහගෙන ඉදිරි ජනාධීපතිවරණ අපේක්ෂකයා ගැන විවිධ අදහස් දක්වනවා. අපෙත් එක්ක සන්වාදයක් නැතිව මෙවැනි බොළ`ද ප්‍රකාශ කිරීමෙන් වළකින්න කියලත් අපි ශී්‍රලනීපයෙන් ඉල්ලා සිටිනවා.
අද වෙද්දි පළාත් සභා හයක් අකී්‍රයයි. පළෘත් සභා විෂ්යය්න්ට මුදල් වෙන් කිරීමේදී අයවැය හරහා පමණයි. අවුරුද්දකුක් මාස හතරක් පළාත් සභා හයක ධූරකාලය අවසන් වෙලා නිසා සංවර්ධන කටයුතු වගේම පඩු නඩි ගෙවීමත් ව්‍යවස්ථා නිරෝධීයි. නීති විරෝධීයි. ප්‍රජාතන්ත්‍රවාදය නිතිය යහපාලනය ගැන නම් කතා කරනවා. නැත්නම් 13 ව්‍යවස්ථාව සුදු අලියෙක් කියලයි අපිටත් කියන්න සිද්ධ වෙන්නේ. රටේ බලය ඛෙදීමෙනුත් සිද්ධ වෙන්නේ මෙවැනිම දෙයක්.

• පහුගිය කාලයේ ඇති වුනු සිද්ධි එක්ක පොදුජන පෙරමුණ වැටිලා කියලා හිතනවා නම් ඒක වැරදියි.
• අපේ පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා අපේ ජයග්‍රහණය ආපස්සට හරවා ගන්නේ නැතිව පොදුජන පෙරමුණ විදියට තර`ග කරමු කියලා.

නැගෙනහිර පළාත් සභා හිටපු මන්තී්‍ර ඩබ්.ඩී. වීරසිංහ මහතා
ආණAඩුව මැතිවරණ සිතියම හකුළලා. පුලූවන්නම් ජනාධිපතිවරණයක් ගේන්නලූ. මේ රටේ පළාත් සභා හයක් විසුරුවලා. පළාත් වල ප්‍රශ්න විසදගන්න විදියක් මිනිස්සුන්ට නැහැ. ගමේ මිනිහාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසකිම් උදුරාගෙන තියෙන මේ වෙලාවේ කයිවාරු නොගහ අගමැතිවරයාට පුලූවන් රටේ ප්‍රජාත්නත්ත්‍රවාදය ආරක්ෂා කරලා මැතිවරණය තියන්න. පළාත් පාලන ආයතන වැඩිම ගණනක් අපි දිනුවේ ආණAඩු බලය නැතිවයි. පහුගිය කාලයේ ඇති වුනු සිද්ධි එක්ක පොදුජන පෙරමුණ වැටිලා කියලා හිතනවා නම් ඒක වැරදියි. අපේ පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා අපේ ජයග්‍රහණය ආපස්සට හරවා ගන්නේ නැතිව පොදුජන පෙරමුණ විදියට තරග කරමු කියලා.
අද ඩොලර්වලට යටවෙලා මාධ්‍යට තර්ජනය කරන්න නලූ නිලියෝ ලෑස්තියි. මහ බැංකු හොරකම වරාය විකිනීම ගැන කතා කරපු මාධ්‍යට තර්ජනය කරනවා නම් ආන්ඩුවේ දේවලූත් විවේඡනය කරන්න. අපි දැඩිව පිළිකුල් සහගතව ඒ කි්‍රයාව හෙළ දකිනවා. තමන්ට ඩොලර් ලැබීම වෙනුවෙන් පෙනි නොසිට ජනතාව වෙනුවෙන් පෙනි සිටින්න. රගපාලා කියක් හරි හොයාගත්තාට කමක් නැහැ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress