ඇත්තටම මැතිවරණ කොමිෂම ස්වාධින නැති නිසයි මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ඉල්ලා අස්වෙන බව ප‍්‍රකාශ කරන්නේ.
Posted on January 31st, 2019

අද (31) දින ඒකාබද්ධ විපක්ෂය  මාධ්‍ය සාකච්ඡුාවට සහභාගි වූ නියෝජිතයින්

 පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙහාන් සේමසිංහ මහතා
පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා

  • වහාම එක්නැලිගොඩ, ලසන්ත වික‍්‍රමතුංග ඝාතකයින් රට හමුවේ හෙළි කරන්න
  • එජාපයට මාද්‍යවේදින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හොද ඉතිහාසයක් තියෙනවා.
  • එජාප රජයන් යටතේ රිචඞ්ද සොයිසා, පේ‍්‍රමකිර්ති අල්විස්, එච්. ඊ. තේවිස් ගුරුගේ, ප‍්‍රභාත් ජිනදාස, මහින්ද බණ්ඩාර, ලක්ෂ්මන් පෙරේරා වගේ ලයිස්තුවක්ම තියෙනවා
  •  ආණ්ඩුව කෘෂිකරම්ය විනාශ කිරීමට පිඹුරුපත් සකසමින් සිටින්නේ

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙහාන් සේමසිංහ මහතා

මේ ආණ්ඩුව දිගින් දිගටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝණය කරමින් සිටිනවා. පළාත් පාලන මැතිවරණය ජනතාවට දෙන්න ආණ්ඩුවට වසර දෙකහමාරකට වැඩිකාලයක් ගත වුනා. ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ ජනතාව ආණ්ඩුවට බල කරලයි මේ මැතිවරණය දිනාගත්තේ. එහිදී එවකට රජය නියෝජනය කරපු සෑම පාර්ශ්වයක්ම අන්ත පරාජයකට ලක්වුනා. දැන් උත්සාහ කරන්නේ පළාත් සභා මැතිවරණය නොතබා ඉන්නයි. මැයි 31ට පෙර පලාත් සබා මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිතුමා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරපු කතාවක් මාධ්‍යයේ පළවුනා. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාත් නොවැම්බර් මස 09ට පෙර මැතිවරණය නොපැවැත්වුවොත් ඉල්ලා අස්වෙන බව නිවේදනය කළා. ජනතාවත් දිගින් දිගටම මැතිවරණය බලාපොරොත්තුවෙන් ඉන්නවා. එවැනි අවස්ථාවක තවත් මැතිවරණය කල් දා ගැනීමේ උත්සාහයක් අපි දකිනවා. අගමැතිවරයා වෙනුවෙන් මේ නිවේදනය කරන්නේ සභානායකවරයායි. මැතිවරණය ස`දහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවාලූ. පක්ෂ නායක රැුස්විමක් කැදවන්න අගමැතිවරයා තීරණය කරපු බව සභානායකවරයා නිවේදනය කරනවා. ඒ වගේම මේ රටේ ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයින් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරන්න කියනවා. පක්ෂ නායක රැුස්වීමක් පවත්වන්නේ මොකටද? ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කරපු තීරණයත්, කැබනට් මණ්ඩලය ගත්ත තීරණයත් අභිබවා යන්න පක්ෂ නායකයින්ට පුලූවන්ද? මේ හදන්නේ 2017 වසරේ සැප්තැම්බර් 22 කරපු විජ්ජාව නැවත කරන්නයි. පාර්ලිමේන්තුව තුළ රූකඩ ලෙස හැසිරෙන මන්තී‍්‍රවරුන්ගේ ඡුන්දයෙන් පළාත් සභා ඡුන්දය දින නියමයකින් තොරව කල් දා ගත්තේ එදායි. පක්ෂනායක රැුස්වීමක් පවත්වලා කරන්න හදන්නේ ඒදේම තමයි. වර්තමාන රජයට මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නැහැ. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ඉල්ලා අස්වෙන බවට කරපු ප‍්‍රකාශය සම්බන්ධයෙන් අපේ එක`ගතාවයක් නැහැ. නමුත් මොකක්ද ඒ ලබාදෙන පණිවිඩය. ස්වාධීනයි කියන මැතිවරණ කොමිෂමට කිසිසේත් මැතිවරණය පවත්වන වකවානුවක් ප‍්‍රකාශයට පත්කරන්නත්, මැතිවරණයක් පවත්වන්නටත් බැරිබව නේද මේ කියන්නේ? සුජිව සේරසිංහ කැබිනට් නොවන ඇමැතිවරයාගේ කි‍්‍රයාකළාපය සම්බන්ධයෙන් අපි ඉන්නේ දැඩි විරෝධයකයි. එතුමාට මහ බැංකු බැදුම්කර සිද්ධියේදී දුරකතන පණිවිඩ සම්බන්ධයෙන් චෝදනා එල්ල වි තිබෙනවා. ඒ මුදල්වලින් මැතිවරණයක් මෙහෙයවීම වගේම විදුලි දුම්රිය සම්බන්ධයෙනුත් චෝදනාවක් එල්ල වී තිබෙනවා. එතුමා පැහැදිලිව කිව්වා එජාපයට මැතිවරණයක් තියන්න අවශ්‍යතාවයක් නැහැ කිව්වා. අපේ ආණ්ඩුවක් තියෙන නිසා අපියි මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දු කරන්නේ. කියලා එතුමා පැහැදිලිව කිව්වා. මැතිවරණය තියන්න අවශ්‍ය නිතිමය පදනම පාර්ලිමේන්තුවේ හදන්න ඉඩ නොදෙන්නයි මේ අයගේ සූදානම. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් බලයට ඇවිත් යපාලනය කි‍්‍රයාත්මක කරනවා කියලා මුලික ගුණාංග සියල්ල විනාශ කරලා ඒකාධිපති වියරුවෙන් කටයුතු කිරිම ගැන අපි කණගාටු වෙනවා. වජිර අබේවර්ධන මහතාත් 2015 ජනවරමට අනුව මැතිවරණ පවත්වන බව ප‍්‍රකාශ කරලා තියෙනවා. කුමන්ත‍්‍රණකාරී ජනබලයකින් තමයි ඒ ආණ්ඩුව පිහිටවූයේ. ඒ ආණ්ඩුවට මැතිවරණ කල් දාන්න ජනතාව වරමක් ලබාදීලා නැහැ. මේ රටේ උද්ගත වි ඇති දරුණු අර්බුද අනුව රජය සම්බන්ධයෙන් මිණුම් දණ්ඩක් ලබා ගැනීමට දැනටත් අවුරුද්ධයි මාස කිහිපයක් ප‍්‍රමාද වෙලා තියෙන පළාත් සභා මැතිවරණය පවත්වන්න. මේ වසරේ විසුරවීමට නියමිත පළාත් සභාවලත් මැතිවරණය තියන්න. ආණ්ඩුව ජනාධිපතිවරණයක් ගැන කතා කරමින් ඉන්නවා. ඒක නීත්‍යාණුකූලව මේ වසරේදී පැවැත්වෙයි. අපි කියන්නේ ජනාධිපතිවරණය පැවැත්වීම වගේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමත් අවශ්‍යයි.එක පැත්තකින් ව්‍යවස්ථාව ගෙනත් මැතිවරණ කල්දාන අතරේ මොන බලපෑම ආවත් අපි කරන දේ කරනවා කියන පණිවිඩයයි ආණ්ඩුව රටට දෙන්නේ. එහෙම කරපු කිසිම ආණ්ඩුවක් දීර්ඝකාලීනව පැවැතිලාත් නැහැ. නැවත මැතිවරණයකින් දිනලත් නැහැ. මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ඒකාධිපති ස්වරුපයෙන් බව හොදින්ම පැහැදිලියි.

එක්නැලිගොඩ හා ලසන්ත වික‍්‍රමතුංග ඝාතන මේ ආණ්ඩුව නැවතත් කරළියට ගෙනත්. ජනාධිපතිවරණය පවත්වලා අවුරුදු හතරයි. මහ මැතිවරණයපවත්වලා අවුරුදු තුනක් වෙනවා. මේවන තුරු ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ දුන්න පොරොන්දුව ඉටු කරලා නැහැ. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා කරුණාකරලා එක්නැලිගොඩ ලසන්ත වික‍්‍රමතුංග ඝාතකයින් රටට හෙලි කරන්න කියලා. ඇයි මේ ඝාතකයින් හෙළි කරන්න තවත් ප‍්‍රමාද වෙන්නේ. සමාජය තුළ මේ අයගේ ඝාතනයන්ට සම්බන්ධ වූවන් සම්බන්ධයෙන් මතයක් තියෙනවා. එජාපය මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. මෙතෙක් කල් මේ ඝාතකයින් හෙළි නොකිරීමට හේතුව රටට හෙලි කරන්න. මේ පරික්ෂණ වාර්තාව ජනතාව හමුවේ තැබුවා නම් බන්ධනාගාරගත වෙන්න සිද්ධ වෙන්නේ වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙකුට හා ඇමැතිධූරය අහිමි වෙලා ජනාධිපතිතුමා එක්ක මන්තී‍්‍රධූරයක් ගන්න අරගල කරන මන්තී‍්‍රවරයෙක්. එජාපයට මාධ්‍යවේදින් මර්ධනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. බහුතරයක් අද අයට අමතක වෙලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහින් මාධ්‍යවේදින් කණ්ඩායමක් ලෙස පෙනී සිටි පිරිසක් මේ අයගේ ඝාතන සම්බන්ධයෙන් හෙළිදරව් කරන්න කියලා ඉල්ලීමක් කළා. අපි ඔවුන්ටත් කියනවා කරුණාකරලා රනිල් වික‍්‍රමසිංහගේ කණ්ඩායමෙන් බලන්නේ නැතිව අගමැතිවරයාත්, සුමන්දිරනුත් කලූ මාධ්‍ය ලෙස ඔබව විවේඡුනය කරද්දි සුදු මාධ්‍ය ලෙස මාද්‍ය ආරක්ෂා කරන කණ්ඩායමක් ලෙස පෙනී සිටියාද? නැහැ. දේශපාලන බංකොලොත්භාවය වහ ගන්න මේ ඝාතන සම්බන්ධයෙන් කතා කිරීම නතර කරලා සත්‍ය රටට හෙළී කරන්න. එජාප රජයන් යටතේ රිචඞ්ද සොයිසා, පේ‍්‍රමකිර්ති අල්විස්, එච්. ඊ. තේවිස් ගුරුගේ, ප‍්‍රභාත් ජිනදාස, මහින්ද බණ්ඩාර, ලක්ෂ්මන් පෙරේරා වගේ ලයිස්තුවක්ම තියෙනවා. එක්තරා ජනාධිපති ආර්යාවක් නෙට්බෝල් කී‍්‍රඩාවේ නිරතව සිටින අවස්ථාවක එතුමියගේ ඡුායාරූපයක් ගත්ත කියලා විමල් සුරේන්ද්‍ර මාධ්‍යවේදියාට ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුනා. මේ දේවල් සම්බන්ධයෙන් අවධාරනයෙන් ඉන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

ඒ වගේම අද වෙන කොට ශී‍්‍ර ලංකා රේගුව අකුරට වැඩකිරීත්‍ම් කි‍්‍රයාදාමයක නිරත වෙනවා. රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස විශ‍්‍රාමලත් නාවික හමුදාවේ නිලධාරියෙක් පත්කිරිමයි මේ ප‍්‍රශ්නයට හේතුව. යුද්ධය සමයේ දිසාපතිවරුන් විදියට හමුදා නිලධාරීන් පත් කිරීමේදී එය හමුදාකරණයක් ලෙස හදුන්වා මේ විදියට සිවිල් නිලධාරීන් සිටින තැනකට හමුදා නිලධාරීන් පත්කිරීම සාදාරණද? මේපත් කරලා තියෙන නිලධාරියා කවුද? අවුරුදු 100ට වඩා වැඩි මහා ඉතිහාසයක් වෙනස් කරමින් තමයි මේ පත් කිරීම වෙන්නේ. රේගුවේ හැමදාමත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදියට පත්කලේ පරිපාලන නිලධාරියෙක් හෝ රේගු නිලධාරියෙක්. මේ උත්සාහයම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටත් කි‍්‍රයාත්මක කරන්න උත්සාහ කළා. නිලධාරියෙක් පිටින් ගෙනත් පත් කරන්නයි හැදුවේ. ඇයි මේ. මේ නැවතත් එල්. ටී. ටී. ඊ සංවිධානය වෙනුවෙන් ඔවුන් ෂතුටු කරන්න කරන පත්විමක්. ති‍්‍රවිද හමුදාවට එරෙහිව සාක්ෂි දුන් අය යි මේපත්කරන්නේ. එල්. ටි.ටී. ඊ ය වෙනුවෙන් තිළිණ ලබාදිමක් මේ කරමින් සිටින්නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කරපු පත්කිරිමට එරෙහිව අධිකරණයට ගිහින් තාවකාලිකව ඒ පත්කිරීම නතර කරගෙන තිබුණත්, රේගුව සම්බන්ධයෙන් එවැනි පියවරක් අරන් නැහැ. මංගල සමරවිර හා වත්මන් ආරක්ෂක ලේකම්වරයා අතර සබදතාවයේ ප‍්‍රතිඵලයක් තමයි මේ. හමුදා නිලධාරීන් 11ට නඩු පවරන බව ආරක්ෂක ලේකම්වරයා කිව්වා.තවත් තියෙනවා නම් තොරතුරු දෙන්න කිව්වා. එල්. ටී.ටී.ඊ වෙනුවෙන් පෙනී සිටින්නන්ට තිලිණ දෙන බවත් මෙයින් ප‍්‍රකාශ වෙනවා
එජාපය ඩි. එස්. සේනානයක, ඩඞ්ලි සේනානයක මහත්වරුන්ගේ කාලයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් මහත් සේවයක් කළා. අද ඒ තත්ත්වය නිර්මාණය වෙලා නැහැ. අද සේනා දළඹුවා නිසා කෘෂිකර්මය විනාශ වෙමින් තිබෙනවා. වෙනත් ශාඛාවලටත් සේනා දළඹුවා ඇවිත්. බඩඉරිගු ආනයනය කිරීම හරහා මේ දළඹු විශේෂය බිහිවුනා කියලත් කියනවා. බඩඉරිගු වෙනුවෙන් ගත්ත නිරෝධායන සහතිකය රටට ඉදිරිපත් කළ යුතුයි. ආණ්ඩුව හැමදාමත් වන්දි දෙන බව කියනවා විතරයි. 2018 යල කන්නයෙත් මේ විදියට රුපියල් 40000ක වන්දියක් දෙන බව කිව්වට ඒ වන්දිය ලැබුණු කෙනෙක් නැහැ. අදත් කියනවා රුපියල් 40000ක වන්දියක් දෙනබව. ඒවා තීන්දු විතරයි. මේ වන්දි ලබාදීම 40000ට සිමා නොකර බඩඉරිගු වගා නොකිරීම හරහා ඇති වන පාඩුවත් ගණනය කරලා වන්දි ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.

සේනාදළඹුවා වී වගාවටත් ක‍්‍රමයෙන්පැමිණ තිබෙනවා. මේ වෙද්දි වි අස්වැන්න නෙලමින් තිබුණත් ආණ්ඩුව වි මිලදී ගැනීමේ ක‍්‍රමවේදයක් තවමත් සකසා නැහැ. වී මාෆියාවේ වගේම සහල් මාෆියාවේ සිටින කලූකඩ මුදලාලිට තුට්ටු දෙකට වි මැලදී ගන්න පරිසරයයි මේ සකස් කරමින් තිබෙන්නේ. සහල් මිල 80 සිට 100 දක්වා විවිධ මිල ගණන් වල තිබුණත් ගොවියාගෙන් මිලදී ගන්නේ 30ට. මෙ ්කලූ කඩ මුදලාලිට අවස්ථාවය දෙන්නේ. වි අලෙවි මණ්ඩලය කි‍්‍රයාත්මක විය යුතුයි.සහතික මිලක් දිය යුතුයි.මේ ආණ්ඩුව සහතික මිල ගැන ප‍්‍රකාශ කරනවා මිසක් සහතික මිලට වී මිලදී ගත්තේ නැහැ කවදාවත්. දැන්වත් වී මිලදී ගැනීමට වි අලෙවි මණ්ඩලය කි‍්‍රයාත්මක විය යුතුයි. නැත්නම් කලූකඩ මුදලාලි සකී‍්‍රය වෙනවා. ජවිපේ 2015දී රට පෙරට හාල් 60ට කියලා පෝස්ටරයක් රට පුරා ඇලෙව්වා. දැන් හාල් 100 ට යන තත්ත්වයක් ඕබේ ආණ්ඩුව විසින් ඇති කරලා තියෙන අවස්ථාවක ඔබ ඇයි නිහ`ඩව සිටින්නේ? මේක රටේ බරපතල ප‍්‍රශ්නයක්. කෘෂිකර්මය විනාශ කිරීමයි මේ කරමින් සිටින්නේ. එජාප ඇමැතිවරු කියනවා කෘෂිකර්මාන්තයට හොදම කාලය මේ ආණ්ඩුව සමයලූ.
අවසන් මහ බැංකු වාර්තාව 2017දියි ඉදිරිපත්වෙලා තියෙන්නේ. 2014 ට සාපෙක්ෂව 2017 දි ලොකුලූණූ වගා කළ බිම් ප‍්‍රමාණය 56%කින් අඩු වෙලා. නිශ්පාදනය 47%කින් අඩුවෙලා. උදු වගාකළ බිම් ප‍්‍රමාණය 26%ක් අඩු කරලා. නිෂ්පාදනය 25%ක් අඩු වෙලා. මිරිස් වගා කළ බිම් ප‍්‍රමාණය 22%ක් අඩුයි. කව්පි වගා කළ බිම් ප‍්‍රමාණය 42%ක් අඩුයි. නිශ්පාදනය 43%ක් අඩුයි. තල 38%ක් බිම් ප‍්‍රමාණය අඩුයි. 45%ක් නිෂාපාදනය අඩුයි. මුං ඇට 35%ක් වගා කරපු බිම් ප‍්‍රමාණය වගේම නිෂ්පාදනයත් අඩු වෙලා. රටකජු 12%ක් බිම් ප‍්‍රමාණය අඩුවෙන කොට නිෂ්පාදනය 11%ක් අඩු වෙලා. ඒ අනුව රජය උපක‍්‍රමශීලීව සියලූ දේ ආනයනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. රට විනාශ නොකර හරි පාලකයෙක් පත් කර ගන්න ජනතාවට අවස්ථාව දෙන්න. පොඩි කාලේ හැංගි මුත්තන් කළාට දේශපාලනයේ හැංගි මුත්තන් නොකර වහාම මැතිවරණයක් පවත්වන්නයි කියලා අපි අගමැතිතුමාට කියනවා.

  •  ස්වාධීන කොමිෂන් සභා කිව්වට එක කොමිෂන් සබාවක්වත් ස්වාධින නැහැ
  • ප‍්‍රශ්නවලට එකම විසදුම මැතිවරණයකින් ආණ්ඩුව වෙනස් කිරිම පමණයි.
  •  මහ බැංකුව කොල්ලකනවට වඩා බරපතලයි මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතිය කොල්ල කන එක.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා

දළඹුවෙක්, කුරුමිණියෙක් මර්දනය කරගන්න බැරි මේ ආණ්ඩුව අවුරුදු තිහක යුද්ධය මේ දක්වා පැවතුනා නම් කොහොමට හිටීද? දැන් එක එක ප‍්‍රවෘත්ති එනවා. එක එක්කෙනාට ඕන විදියටලූ මැතිවරණ තියන්නේ. අපි අල්ලස් කොමිෂමට පැමිණිලි 10ක් අරන් ගියත් එකක්වත් ගන්නේ නැහැ. ස්වාධීන කොමිෂන් සභාවක් කිව්වට අපිට නම් ස්වාධීන බවක් පේන්නේ නැහැ. පොලිස් කොමිෂම පත්කර ගත්තාත් පොලිස්පතිරයා හා පොලිස් කොමිෂම කි‍්‍රයාත්මක වෙන ආකාරය අපි දකිනවා. පොලිස්පතිවරයා ව්‍යවස්ථාදායක සභාවටත් කැදවූවා. මේ ආණ්ඩුව හා ඇමැතවරුයි පොලිස්පතිවරයා හසුරුවන්නේ. සංවර්ධනය නැත්තට නැති වෙලා ආර්ථිකය විනාශ වෙලාතිබුණත් මේ අයට කියන්න දෙයක් තියෙනවා. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ඉල්ලා අස්වෙන්න හදනවා. එතුමා ඉල්ලා අස්වෙන එක නෙවෙයි වෙන්න ඕනේ. ඉබ්බන්ගෙන් පිහාටු ගන්න එක ලේසියි. මේ ආණ්ඩුවෙන් මැතිවරණ ගන්න එක ලේසි නැහැ. ඒකනේ අර එජාපයත් විවේඡුනය කරලා පසුපෙල චණ්ඩියෙක් වගේ ඉදලා පස්සේ කැබිට් නොවන ඇමැතිධූරයක් ගත්ත සුජිව මහත්තයා ඇවිත් කියන්නේ අපිට ඕන වෙලාවටයි මැතිවරණය තියන්නේ කියලා.

මහ බැංකුව කොල්ලකනවට වඩා බරපතලයි මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතිය කොල්ල කන එක. මේ ප‍්‍රකාශයෙන් අපිට පේන්නේ එතුමාගේ සරම උස්සලා මුහුණ වහ ගත්තා වගේ. ජනාධීපතිවරණයක් ගැන මේ අය කතා කළාට ජනාධිපතිවරයාට කැමැති දවසටයි මැතිවරණයක් තියෙන්නේ. මහ මැතිවරණයට විරුද්ධව අධිකරණයට ගියා. අදටත් මේ ආණ්ඩුව ස්ථාවර නැහැ. දෙමළ ජාතික සන්ධානය හා ජවිපේ එක විපක්ෂයක් විදියට හැදුනොත් ආණ්ඩුව පරදිනවා. අපි දවස් 52ක් ආණ්ඩුව මංකොල්ල කෑවේ නැහැ. ක්ෂනිකව මැතිවරණයට ගියා. දැන් පළාත් සභා මැතිවරණයයි මැතිවරණ කාලසටහනේ ඉදිරියට ඇවිත් තියෙන්නේ. මේ අය හරි ආසයි ජනාධිපතිවරණය තියලා ඒ අයගේ කෙනෙක් ජනාධීපතිකර ගන්න. පාර්ලිමේන්තුව තුළ තියෙන ප‍්‍රශ්නය විසදා ගන්න ක‍්‍රමාණූකූලව මැතිවරණවලට යන්න ඕනේ. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මැතිවරණවලට සූදානම්.පළාත් සභාවල මේ වෙද්දි ගැටලූ. පිස්සු බලූ එන්නත මේ ආණ්ඩුවේ අය ගහගෙනද මන්දා රෝහල්වල එන්නත හිගයි කියලා ආරංචි පැමිණෙමින් තිබෙනවා. ඒනිසයි කොමිෂන් සභාවලට මුවා වෙලා කොමිෂන් සභා ඉදිරියට දාගෙන මැතිවරණ නොතියා ඉන්න බැහැ. විජිත හේරත් කියනවා ජනාධිපතිටලූ මැතිවරණය තියන්න අයිතිය තියෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයට තිබුණු සම්ප‍්‍රධාය දැන් නැහැ. එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය කොහෙද? එතුමාම තමයි සුසන්තිකාටත් වැඩිය වේගෙන් ගිහින් විශ්වාසභංග යෝජනාවක් භාරදුන්නේ. දැන් ලැජ්ජාවක් නැතිව කියනවා ජනාධීපතිට දැන් තමන්ගේ බලතල භාවිතා කරලා මැතිවරණයකට යන්න පුලූවන් කියනවා.
රේගුවේ ප‍්‍රශ්නය නිසා වරාය ගුවන්තොටුපල අකර්මන්‍ය වෙලා. මේ හරහා විදේශ විනිමය රටට ලැබෙන්නේ නැහැ. මේකට ආණ්ඩුව වගකියන්න ඕනේ. මේක ඒ තරමට අදක්ෂ ආණ්ඩුවක්. අපි ජනතාවත් රටත් දැනුම්වත් කරනවා. මැතිවරණය දිනාගන්න අපි අධීකරණයටත් යනවා. මැතිවරණයකින් ආණ්ඩුවක් හදපුවාම අපිට වැඩපිළීවෙලක් දැක්මක් ඇතිව රට ඉදිරියට ගෙනියන්න හැකියාව ලැබෙනවා. අපේ කාලයේ හිටපු ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරින් බුද්ධීමත්ව කටයුතු කළා. තියෙන ප‍්‍රශ්නවලට එකම විසදුම මැතිවරණයකින් ආණ්ඩුව වෙනස් කිරිම පමණයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress