දේශපාලන පලිගැනීම්, අසාධාරණකම් නීතීවිරෝධි කටයුතු හා වංචා දූෂණ සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයෙන් නීතී උපදේශන සේවාවක්
Posted on January 31st, 2019

මාධ්‍ය නිවේදනය විපක්ෂ නායක කාර්යාලය

 2015 වසරේ සිට මේ දක්වා සිදු කොට ඇති දේශපාලන පලිගැනීම්, අසාධාරණකම් නීතීවිරෝධි කටයුතු හා වංචා දූෂණ සම්බන්ධයෙන් ගතහැකි පියවර පිළිබදව නීතී උපදේශන සේවාවක් පස්වන විධායක ජනාධිපති හා විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කිරිමට කටයුතු සූදානම් කොට ඇත.

 ඒ අනුව 2019 පෙබරවාරි මස 06 වන දින සිට සෑම බදාදා දිනකම සවස 01.00 සිට 05.00 දක්වා අංක 30, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවත, කොළඹ – 07 පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ මෙම නීති උපදේශන සේවාව පැවැත්වේ.

 2015 න් පසු වර්ථමාන රජයෙන් අසාධාරණවලට, පළිගැනීම්වලට ලක්වූ සැමට ඒ පිළිබදව ගතහැකි නීතීමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමටත් එම කාලය තුළ රජයේ ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථාපිත මණ්ඩලවල සිදුවී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ද එකී ආයතන මගින් අසාධාරණකම් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද තොරතුරු වෙතොත් අවශ්‍ය පියවර ගැනීම සදහා එම තොරතුරු ලබාදීමට අපේක්ෂා කරන සියලුම දෙනාහට සෑම බදාදා  දිනකම ප.ව. 01.00 සිට 05.00 දක්වා ඉහත ලිපිනයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණිමට හැකි බව කාරුණිකව දන්වමි.  

 

රොහාන් වැලිවිට

විපක්ෂ නායක මාධ්‍ය ලේකම්

2 Responses to “දේශපාලන පලිගැනීම්, අසාධාරණකම් නීතීවිරෝධි කටයුතු හා වංචා දූෂණ සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයෙන් නීතී උපදේශන සේවාවක්”

  1. Randeniyage Says:

    Shouldn’t allow judges to withdraw without credible reason.

    අගමැති රනිල්ට එරෙහි පෙත්සමෙන් විනිසුරු දීපාලි විජේසුන්දර ඉවත් වෙයි
    January 31, 2019

    අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම විභාග කෙරෙන විනිසුරු මඬුල්ලෙන් අභියාචනාධිකරණ වැඩබලන විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉවත්ව තිබේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික ආයතනවල කොටස් හිමිකාරීත්වය දරමින් ලාභ උපයන බවට හා ඊට අදාල වත්කම් බැරකම් හෙලි නොකිරීම යන චෝදනා යටතේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබුණි.

    ඊට අදාල අභියාචනාධිකරණ පෙත්සම අද(31) කැඳවූ අවස්ථායේ විනිසුරුවරිය කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත අදාල පෙත්සම් විභාගයෙන් තමා ඉල්ලා අස්වන බවයි.

    මේ හේතුවෙන් පෙත්සම් විභාගය හෙටට කල් තැබුණි.

    පෙත්තම්කාර කොළඹ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල මහත්මිය පවසා සිටින්නේ ඉහත කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එරෙහිව ක්වෝ වොරොන්ටෝ රිට් අඥාවක් ලබා දෙන ලෙසයි.

  2. Hiranthe Says:

    This is a big drama!!!

    MR has fallen to a level of playing to the Gallery.

    What action he will take against the corrupt? This is just taking public on a ride similar to what My3 is doing.

    Has he just waken up? How about the Ministers who had big deals during his ruling period?

    Be honest to Mother Lanka please!!

    We don’t have a good leader like you. We expect you to be different and only working with love to this blessed land. Bullshitting will destroy you again since everything happening down here is observed closely by the deities who protect this land.

    Only thing is they don’t want to interfere.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress