ඇමැතිවරු පත්කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට නිසා ජාතික ආණ්ඩුවක් ගැන අපි කතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.
Posted on February 8th, 2019

මාධ්‍ය නිවේදනය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ

අද (08 ) දින මාධ්‍ය සාකච්ඡුාවට සහභාගි වු නියෝජිතයින්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ධ මහතා
පාර්ලිමේන්තු මන්ත‍්‍රී තාරක බාලසූරිය මහතා
හිටපු පලාත් සභා මන්ත‍්‍රී ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා

ජාතික ආණ්ඩුවක් ගැන කියමින් කරන්නේ ජනතාවගේ ප‍්‍රශ්න යටපත් කරන එකයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී තාරක බාලසූරිය මහතා
ආණ්ඩුවේ බහුතරය පාර්ලිමේන්තුව ඉදිරියේ අබියෝගයට ලක්වීමක් සිදුවුනා. ජාතික ආණ්ඩුවක් හැදීමේ යෝජනාවක් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම් වුනා. ජාතික ආණ්ඩුවක් හදනවා නම් වැඩිම මන්ත‍්‍රී සංඛ්‍යාවක් සිටින පක්ෂයක් ස්වාධීන කණ්ඩායම් හෝ වෙනත් පක්ෂ ඒකතු විමක් අවශ්‍යයි. ඒක පක්ෂයක් එක්ක ඒකතුවෙලා ජාතික ආණ්ඩුවක් හදන්න වරමක් නැහැ. අනික් පැත්තෙන් මේ කරන්න සූදානම් වුනු වැඬේ සදාචාරය ගැනත් අපි බලන්න අවශ්‍යයි. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයෙන් පත්වුනු මන්ත‍්‍රීවරයා කොහොමටත් ආණ්ඩුවේ ඇමැතිධූරයක් දරන කෙනෙක්. රටේ මේ තරම් ප‍්‍රශ්න තියෙන වෙලාවක මේ මන්ත‍්‍රීවරයා එක්ක ජාතික ආණ්ඩුවක් හදන ඒක සාධාරණයිද කියලා දෙවරක් සිතන්න වෙනවා.

මේ සම්බන්ධයෙන් අපි තවදුරටත් කතා කිරීමත් අවශ්‍ය නැහැ. ජාතික ආණ්ඩුවක් හැදුවත් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමාට බලයක් තියෙනවා කැබිනට් ඇමැතිවරැු පත් නොකර ඉන්න. මේ විදියට ජාතික ආණ්ඩුවක් ගැන කතා කරන්නෙත් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරන්නයි. සේනා දළඹුවා ගැන සුමාන දෙකක් කතා කළා. අද රැුකියා නැතිව උපාධිධාරින් 73000ක් ඉන්නවා. කම්කරුවන්ට රුපියල් 1000ක් ඉල්ලපු සටන රුපියල් 40ක පඩි වැඩිවිමකට ලක්කරලා යට ගසන්න සුදානම් වෙනවා.රේගුවේ ප‍්‍රශ්නය නිසා බිලියන 12ක පමණ අලාභයක් වෙලා. කෝප් කමිටු වාර්තාවේ ශ‍්‍රී ලන්කන් එයාර් ලයින් අක‍්‍රමිකතා ගැනත් සදහන් වෙනවා. පිළිකා සදහා භාවිතා කරන බෙහෙතක් ගැනත් සදහන් වෙනවා. මැතකදී ඇමැතිවරයෙක් වියට්නාමයෙන් ගම්මිරිස් ගෙනත් විශාල අක‍්‍රමිකතාවයක් සිදුවෙනවා. මේ අතරෙයි මොවුන් ජාතික ආණ්ඩුවක් ගැන කතා කරන්නේ. මිළග ජනාධිපතිවරණයකදි පරාජය වෙන බව හොදින්ම දන්න නිසා මේ කාලය තුල තමන්ගේ පාක්ෂිකයින්ට කීයක් හෝ සොයා ගැනීමේ අවකාශය හදන්නයි මොවුන්ගේ උත්සාහය තියෙන්නේ. මේ ආණ්ඩුව හැකි ඉක්මනින් ගෙදර යැවීමට අපි පියවර ගත යුතුයි.

ආවා කල්ලියේ තරුණයා කිව්වේ ඒ තරුණයින් මුහුණ දුන්න අසාධාරණයයි.
අනාගතයේ ගොඩනැගෙන රජයකට ඒ තරුණයන්ට සාධාරණත්වයක් ඉෂ්ඨ කරන්න හැකි විය යුතුයි. කිරිපිටි සම්බන්ධයෙන් බුද්ධික පතිරන මන්ත‍්‍රීවරයා කළ හෙළිදරව්ව නොසලකා ඉන්න බැහැ. කුමන්ත‍්‍රණවලින් ආණ්ඩු පෙරලූවට, කුමන්ත‍්‍රණවලින් මිනිස්සුන්ට වහ කවන්න රාජිතලාට ඉඩ දෙන්න බැහැ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ධ මහතා

ආණ්ඩුව නැවතත් ගැට ගසා ගෙන කැබිනට් ඇමැතිධූර වැඩිකරගෙන කෙසේ හෝ අයවැය සම්මත කරගන්න කුමන හෝ පාර්ශවයක් සම්බන්ධ කර ගන්නයි උත්සාහය. ගැට ගහගන්න සූදානම් වෙන්නේ දැනටත් ඇමැතිධූරයක් දරන අලි සහිර් මවුලානා මහතාවයි. ඒතුමා නියෝජනය කරන මුස්ලිම් කොංග‍්‍රසය දැනටත් එජාප ආණ්ඩුවත් එක්කයි ඉන්නේ. අලූතෙන් ජාතික ආණ්ඩු සංකල්පයක් ගෙන ඒ්මේ අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් කියලා තියෙන විදියට මේ ආණ්ඩුවට අමාත්‍යධුර 30ට වැඩි කරන්න බැහැ. හැබැයි අමාත්‍යධූර 30ට වඩා වැඩි කරගත්තේ නැත්නම් මේ ආණ්ඩුවට යන්න බැහැ. රාජපක්ෂ භීතිකාව නිසා රාජපක්ෂවරු මර්දනය කරන්නයි 19 වැනි ව්‍යවස්ථාව ගෙනාවේ. දැන් එ 19 වැනි ව්‍යවස්ථාවම මේ අයට පාරාවළල්ලක් වෙලා ඇවිත්.

රටක රාජ්‍ය නායකයාට රට අර්බුදවලින් ගොඩගන්න විධායක බලය අවශ්‍යයි. දැන් රටේ ආර්ථික, මත්ද්‍රව්‍ය අර්බුද ඇති වෙලා. මේවාට තනි තීන්දු තීරණ අරන් පාර්ලිමේන්තුවත් ඒක්ක සාමුහිකව වැඩ කිරීමේ බලයපක්ෂ වලට කෑලී කෑලි දීලා. අද ජවිපෙ විරුද්ධ වුනොත් , දෙමළ සන්ධානය විරුද්ධවුනොත් තීරණ ගන්න බැහැ. මේ නිසා කවුරු හෝ අල්ලගෙන ජාතික ආණ්ඩුවක් අටවන්නයි සූදානම. අපිට ආරංචියි ශ‍්‍රීලනීපයේ අයවත් ගන්න හදනවා කියලා.ඒක එ අයගේ දේශපාලන ජිවිතය ගැන ඒ අය ගන්න තීරණයක්. රටේ ජනතාවට මොනවාද ලැබෙන්නේ කියන දෙයයි අපිට වැදගත්. ජනතාව බලන් ඉන්නේ ඔවුන් වෙනුවෙන් කුමක් සිදුවෙයිද කියලයි. රටපුරාම සිටින ජන වර්ගයා වෙනුවෙන් මොනවාද වුනේ කියලා ආවා කල්ලිය කියන එකේ තරුණයා එළිපිටම කතා කළා. ඒ තරුණයින්ට සිදුවුනු අසාධාරණය ගැනයි එළිපිටම කිව්වේ. ඒ තරුණයාට අවස්ථාව දුන්න මාධ්‍ය ආයතනයට අපි ස්තූති කරනවා. අනෙක් මාධ්‍ය ආයතනත් එවැනි දේ කරන්න. අපේ තරුණ මන්ත‍්‍රීවරු වගේම ගමේ ජන්න අලූත් තරැුණයා කැමැති නැහැ අපේ බෝතලයට වැටෙන්න. ඒ අය උත්සාහ කරන්නේ ඒ අයගේ බෝතලයට අපිව දාගන්නයි. ඒකේ වැරැුද්දක් නැහැ. ගතානුගතික දේශපාලනය කවුරැුත් කැමැති නැහැ. කදුකරයේ තරුණයා දේශපාලනික සූදානමක් නැතිවයි කොළඹට ආවේ. උතුරේ කල්ලි හැදුවා කියපු තරුණයා මාධ්‍යට ආවා. එදා ජවිපේ කල්ලි හදද්දි, ප‍්‍රභාකරන් කල්ලි හදද්දි ප‍්‍රසිද්ධ මාධයයට ආවේ නැහැ. මේ තරුණයා ඇවිත් කිව්වා අපි ඉල්ලන්නේ රටෙන් භාගයක් නෙවෙයි. නිදහසයි කියලා. මේ ආන්ඩුවට හෝ හැදෙන ආන්ඩුවට ඒ තරුණයාට සාධාරණයක් කරන්න බැරි වුනොත් අපි කරන දේශපාලනයෙන් වැඩක් නැහැ.
විදුලි සෝපානයේ හිර වුනාද හිර කළාද අපි දන්නේ නැහැ. අපිට ඒ සිද්ධියත් සැක සහිතයි. මොකද පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ සිද්ධ වුන දේවල් බැලූවම එහෙම හිතෙනවා. කතානායකවරයා විපක්ෂයේ පැත්තෙන් ඇවිත් මයික් එකක් අරන් හඩ අනුව සම්මත කිරීම් කළා. මන්ත‍්‍රීවරුන්ගේ ඡුන්දය හොරට ගැනපු පාර්ලිමේන්තුවක් මේක. අපි එළියට ගියාමයි රටේ අදහස් දැන ගන්න ලැබෙන්නේ. සුමන්දිරන්ගේ සම්බන්ධන්ගේ අදහස නෙවෙයි දමිල ජනතාවගේ අදහස වෙන්නේ. අද සුමන්දිරන්, සම්බන්ධන් ,චාල්ස් මේ සියලූ දෙනා බෙදිලා. ගමට වැඩ කරන්න අවශ්‍යාතව තියෙන දෙමල සන්ධනායේ මන්ත‍්‍රීවරු කියන්නේ මේවාට අත ඔසවලා අපිට ගමට යන්න බැහැ කියලයි. ඒ නිසයි මේ අයට ජාතික ආන්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ගේන්න බැරි වුනේ. මොන ආන්ඩු ගෙනාවත් මේ ආන්ඩුවේ අවසන් හුස්ම බින්දුවයි මේ වැටෙන්නේ. කාලානුරූපීව මැතිවරණ දිය යුතුයි. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව කතානායකවරයාව දැනුවත් කරලා තියෙනවා මැතිවරණයසම්බන්ධනේ කිසිවක් කරන්නේ නැහැලූ. මැතිවරණය තිබ්බේ නැත්නම් ඉවත් වෙන බවත් සභාපතිවරයා කියනවා. එදි හිටපු අයට මැතිවරණ වැඩි නිසා ආතතිය කිව්වා. පලාත් සබා මැතිවරණය කැමැති ක‍්‍රමයකට තියන්න. අගමැතිවරයාටයි මැතිවරණය ගෙන ඒමේ කටයුත්තට මුල් වෙන්න වෙන්නේ. අද ජනතාවගේ ප‍්‍රශ්න කතා කරන්න කෙනෙක් නැහැ. පළාත් සභාමන්ත‍්‍රීවරු නිකම්ම පුද්ගලයෙක් වෙලා.

බුද්ධික පතිරණ නියෝජ්‍ය ඇමැතිවරයා විදේශිය කිරිපිටි වල මෙලමයින් හා සත්ව කොටස් කළවම් කරලා මුදා හරින බව හෙළි කළා. මේ ප‍්‍රකාශය එක්ක පාර්ලිමේන්තුව එක තැනකට ආවා. එදා මෙවැනිම තත්ත්වයක් ඇති වුනාම පැවැති ආණ්ඩුවට අබියෝගයක් එල්ල වුනා. වෛද්‍යවරු මහාචාර්යවරු මේ ගැන අනාවරණය කරමින් එළියට ආවා. ආන්ඩු වෙනසත් එක්ක ඒ අනාවරණය නැවතුනා. අපේ ජනතාව කුඩා දරුවන් මේ කිරිපිටි පානයකරලා තියෙන්නේ. ඒ තුළ මොනතරම් ලොඩ රෝග ආබාධ මතුවුනාද කියලා ගණනය කරලා නැහැ. බුද්ධික පතිරණ මහතා මොන දේශපාලන මතය දැරුවත් ඒකරපු අනාවරණය සම්බන්ධයෙන් අපි ස්තූතිවන්ත වෙනවා.හැබැයි රාජිත උන්නැහේ ඇවීත් කියන්නේ එහෙම වෙන්න බැහැ කියලයි. බුද්ධික පතිරණ ඇමැතිවරයාගේ අමාත්‍යංශයේ කටයුත්තක් තමයි මෙවැනි දේ පරීක්ෂා කිරීම. පාර්ලිමේන්තුවේ ක‍්‍රියාශීලි ඇමැතිවරයෙක්. හොද දේ කරන සියලූ දෙනා අගයනවා. රාජිත ගේ මොනවාද අගයන්න තියෙන්නේ. බැලූවොත් තියෙන්නේ චෝදනා. බුද්ධිකට එවැනි චෝදනා නැහැ. රාජිත ගේ කතාව නිකම්ම නිකම් කට කැඩුනු කතාවක් විතරයි. හැබැයි බුද්ධිකගේ කතාව සොයා බැලිය යුතු කතාවක්. කතිකාවක් ඇති විය යුතුයි. ජනාධිපතිවරයා වහාම මේ කිරිපිටි ආනයනය කරන වැඩපිළිවෙල නතර කරලා දේශිය කිරිපිටිවලින් රට ස්වයංපෝෂිත කළ යුතුයි. බහුජාතික සමාගම්වල ඔඩොක්කුවෙ ලගින රාජිතලාට ජනතාව ගැන ආදරයක් නැහැ. ගර්භනි මාතාව ගැන කුඩා දරැුවා ගැන රටේ පරපුර ගැන මේ අයට ආදරයක් නැහැ. පිළිකා සම්බන්ධයෙන් වෙනත් රටවල ප‍්‍රතික්සේප කරලූ ඔසු ගෙන්වීම් ගැන මෙතුමට විරුද්ධව නඩු දාලා තියෙනවා. කුමන්ත‍්‍රණවලින් ආණ්ඩු පෙරලන්න පුලූවන්. ඒ වුනාට කුමන්ත‍්‍රණවලින් ජනතාවට වහ කවන්න සුදානම් නැහැ. අපි කොන්දේස් විරහිතව බුද්ධික වෙනුවෙන් පෙනී සිටිනවා.ජනතාවට වහ පෙවීම නවත්වා ගන්න අපි පෙනී සිටිනවා.

චන්ඩියෙක් නැති හන්දියේ නොන්ඩියාත් චන්ඩියෙක්
මැකෝ මෑන් මසකට වරක් ඇවිත් ත‍්‍රාසජනක කතාවක් කරනවා.

හිටපු පළාත්සභා මන්ත‍්‍රී ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා

අද පෙබරවාරි 8. තව මාස අටකින්.දින 240කින් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. ආන්ඩුවට මේ සංශෝධනයෙන් පැන යන්න පුලූවන් වෙන්නේ 20 වැනි සංශෝධනය සම්මත කර ගත්තොත් විතරයි. ආන්ඩුව දැන් පණ අදින තැනට ඇවිත්. සරල බහතරයකින් අයවැයවත් සම්මත කර ගන්න බැරි තැනකට ආන්ඩුව පත්වෙලා. ජනාධිපතිවරණයක් කැදවන්න මැතිවරණ කොමිෂම පියවර ගනියි කියලා අපි හිතනවා.
චන්ඩියෙක් නැති හන්දියේ නොන්ඩියාද චන්ඩියා වේ කියලා අපේ ගම්වල කතාවක් තියෙනවා. කතාවට එහෙම කිව්වට පළාත් සභාවේ මහ ඇමැතිවරයෙක් නොමැති අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය නොමැති පළාත් සභාව ක‍්‍රියාත්මක නොවන අවස්ථාවක ආන්ඩුකාරවරයාට හෝ ප‍්‍රධාන ලේකම්වරයාට අමාත්‍ය මණ්ඩලයේ බලතල පවරා ගන්න බැහැ. පළාත් සභාවේ දැනට සිදුවෙන කටයුතු නීති විරෝදීයි. මේ පළාත් සභා හයේ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් එළැඹෙන සදුදා අපි අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරනවා. පළාත් සභා මන්ත‍්‍රී සංසදය විදියට. ඒ වගේම මේ ගෙවුනු වසර හතරේ ¥ෂණ සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපතිතුමාගේ විශේෂ කොමිෂමටත්, පළාත් සභාවේ ක‍්‍රියාකාරකම් නීතී විරෝධීයි කියන පදනමේ ඉදන් පැමිණිලි කරනවා. මේ පළාත්හයේ ආණ්ඩුකාරවරුන්ටත්, නිලධාරීන්ටත් අපි කියන්නේ ආණ්ඩුවේ වැරදි හෝදන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා කියලයි.

මැතිවරණ කොමසාරිස්වරයා ත‍්‍රාස ජනක කතාවක් කලා. මමත් හුරේ පාරක් දැම්මා. ඊට පස්සෙයි මතක් වුනේ එතුමා මාසයකට වරක් මෙවැනි කතාවක් කරලා ගිහින් එතුමාගේ කාර්යාලයේ හැංගෙන බව. අපි පුංචි කාලයේ සුපර්මැන්ලා, බැට් මෑන්ලා දැක්කා. දැන් ත‍්‍රාස ජනක චිත‍්‍රපටිය පෙන්වන්නේ අපේ රටේ ඉන්න මැකෝ මෑන්. දැන් චිත‍්‍රපටිය නතර කරලා අපිට අපේ මැතිවරණය ලබා දෙන්න.

ගම්මිරිස් ගොවියාට රටේ මැති ඇමැතිවරු කරපු විනාශය අපි දැක්කා. අපේ ගම්වල ගොවියෝ අසාධාරණයක්වුනේ. ඒනිසා සමස්ත ගම්මිරිස් ගොවියාගෙන් සමාව ගන්න අතරේ ගොවින්ට මේ ආන්ඩුව වන්දි ගෙවන්න අවශයයි.

මාධ්‍ය – පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්න බව කියා තිබුණා

ප‍්‍රමිත බණ්ඩාර – ඉදිරි සති දෙක ඇතුළත අධිකරණයට යන්න සූදානම්. ඒ සදහා අවශ්‍ය දේවල් සභාපති ජී. එල් පිරිස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිද්ධ වෙනවා.
මාධ්‍ය – ම¥ෂ්ගේ සිද්ධියේ දකුනේ රාජ්‍ය තාන්ත‍්‍රික බලපතක් හිමි පුද්ගලයෙක් සිටින බව කියනවා. බන්ධනාගාර පොලිස් නිලදාරීන් ඉන්නවාලූ. ජනතාව කාවද විශ්වාස කරන්නේ
ඉන්දික අනුරුද්ධ – නීතිය හා සාමය ජනාධිපතිවරයා යටතට ගත්තට පස්සේ වුනු විශේෂ සිද්ධියක් මේක. මේකට සම්බන්ධ වූවන් කවුද, බලපත හිමි කෙනා කවුද කියන දේ තව සතියක් දෙකක් ඇතුළත හෙලි වෙයි

මාධ්‍ය – මෙතැන පොලිස් බන්ධනාගාර නිලධාරින් හිටියා කියනවා. රටේ නිතියක් කෝ

ඉන්දික අනුරුද්ධ – ඒක තමයි අපි අවුරුදු හතරක ඉදන් කියන්නේ නීතිය වල් වැදිලා කියලා. අපි දන්නවා නේ පාතාලය හිස එසවූයේ කවදා ඉදන්ද කියලා. ඒවායේ ආනිසංස තමයි අද දකින්න තියෙන්නේ. පාතාලය බය කාටද කියලා ඇහුවොත් කියන්නේ ගෝථාභය රාජපක්ෂට. අපි තරුණ දේශපාලනයෝ විදියට පාතාලයට මත්ද්‍රව්‍යයට කැමැති නැහැ. කොන්දේසි විරහිතව ඒවා වැලැක්විම සදහා අපේ සහාය දක්වනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress