යළි වරද්දා ගන්න එපා!
Posted on February 11th, 2019

ආචාර්ය නාලක ගොඩහේවා උපුටාගැණීම  මව්බිම

යහපාලන ආණ්ඩුව ලෙස ජනතාව විසින් වත්මන් ආණ්ඩුව හඳුන්වන්නේ කිසිසේත්ම එහි නියම අර්ථයෙන් නොව එහි විරුද්ධ අර්ථයෙන් යැයි කිවහොත් බොහෝ දෙනකු ඒ සමඟ එකඟ වනු ඇත. නමුත් සංකල්පයක් වශයෙන් ‘යහපාලනය’ හෙවත් ඉංග්‍රීසියෙන් කිවහොත් ‘ට්ර්ණීර්ණීච් ට්ර්ණීඍඡ්අව්ඒව්ඛ්ඡ්’ නරක දෙයක් නොවේ. නමුත් වරද නම් ලංකාවේ දේශපාලනයට මේ වචනය හඳුන්වා දුන් අය එය නිවැරැදිව විග්‍රහ නොකිරීමය. සාමාන්‍ය ඡන්ද දායකයාට අනුව යහපාලනය යනු හොරු ඇල්ලීමයි. ඔවුන්ට ඒ අදහස ඔළුවට දැම්මේ එකල විපක්‍ෂයයි. යහපාලනයට ඡන්දය දුන්නේ හොරු අල්ලන්න බවත් තවම ඒ කාර්යය නිමා නැති බවත් හවුල් ආණ්ඩුවේ දේශපාලනඥයන් කියනු අපට තවමත් අසන්නට ලැබේ. මෙය සම්පූර්ණ වැරැදි විග්‍රහයකි.

2015 ජනාධිපතිවරණයේදී යහපාලනයට ඡන්දය දුන් ජනතාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැකිය. පළමු කොටස හුදෙක්ම තම දේශපාලන මතය පොදු අපේක්‍ෂකයා වටා රොක් වූ හංස සන්ධානයේ විවිධ පක්‍ෂවලට ඇති පක්‍ෂපාතිත්වයන් මත ඡන්දය දුන් අයයි. දෙවැනි කොටස හුදෙක්ම දේශපාලන වේදිකාවල, සමාජ ජාලාවල, පාර තොටේ සාකච්ඡා වූ ඕපාදූප අනුව පසුගිය ආණ්ඩුව කෙරෙහි ඇති කරගත් වෛරයකින් හෝ අප්‍රසාදයකින් පොදු අපේක්‍ෂකයාට ඡන්දය දුන් අයයි. යහපාලනය යනු හොරුන් ඇල්ලීම යැයි සිතන්නේ බොහෝ දුරට මේ කණ්ඩායමයි. තුන්වැනි කොටස යහපාලනය යන සංකල්පය තරමක් දුරට හෝ නිවැරැදිව වටහාගෙන පවතින පාලන ක්‍රමයේ සැබෑ ධනාත්මක වෙනසක් බලාගෙන පොදු අපේක්‍ෂකයාට ඡන්දය දුන් අයයි. මේ කණ්ඩායමට බොහෝ දුරට අයත් වූයේ තමුන්ගේම කියා දේශපාලන මතයක් නැති පාවෙන ඡන්ද ගොඩට අයිති වන වෘත්තීයමය සුදුසුකමක්, ව්‍යාපාරික හැකියාවක්, උගත්කමක් ඇති පිරිසකි. ඔවුන්ගෙන් බහුතරය මධ්‍යම පාන්තිකයන් හා ඉහළ මධ්‍යම පාන්තිකයන් යැයි කිවහොත් නිවැරැදිය.

මේ කියන තුන්වැනි කොටස බලාපොරොත්තු වූයේ අද යුරෝපයේ බොහෝ රටවල දක්නට ලැබෙන ආකාරයේ දේශපාලනයකි. යහපාලනය තුළින් ඔවුන් මූලිකවම බලාපොරොත්තු වූ තේමාවන් කිහිපයක් අපට හඳුනා ගත හැකිය.

ජනතා සහභාගිත්වය, සැමට සාධාරණ නීතිය, විනිවිද භාවය, වගවීම, කාර්යක්‍ෂම ජනතා සේවය, සමාජ සාධාරණත්වය, සමානාත්මතාව, පොදු එකඟතාවන්ට ගරු කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, දූෂණය පිටුදැකීම. මේ කිසිදු අපේක්‍ෂාවක අපට වරදක් දැකිය හැකිද? නැත. එසේ නම් වැරැදුණේ කොතැනද? වරද ඇත්තේ යහපාලනය යන සංකල්පයේ නොව යහපාලනය රටට ගෙන ඒමට තෝරා ගත් කණ්ඩායමේයි.

2015 ජනවාරි වෙනසත් සමඟ බලයට ආ 2015 අගෝස්තු මැතිවරණයෙන් තවදුරටත් ස්ථාවර වූ රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුවට ඉහත කී එක කරුණක්වත් වැදගත් වූ බවක් නොපෙනේ.

ඔවුන්ට අවශ්‍ය වූයේ කුමන හෝ උපක්‍රමයකින් හෝ බලය ලබා ගැනීමත් ඉන්පසු කවර හෝ උපක්‍රමයකින් බලයේ රැඳී සිටීමත් පමණි. යහපාලනය යනු ඔවුන් මැතිවරණ සමයේ ජනතාවගේ ඇස් වැසීමට යොදාගත් කඩතුරාවක් පමණක් විය.

පසුගිය වසර 3 පුරා ජනතාව අත්විඳි පාලන ක්‍රමය ගොඩනැඟීමට දායක වූ ප්‍රධාන බලවේගය වූයේ අගමැතිවරයාය. ජනාධිපතිවරයාගේ තීරණ ක්‍රියාත්මක නොකිරීම හෝ ප්‍රමාද කිරීම හරහා ආණ්ඩුව ජනාධිපතිවරයාට අපහාස කළ අවස්ථා කිහිපයක්ම ජනතාවට මතකය. ඒ අනුව මෑතක් වනතුරු අගමැතිවරයා ප්‍රමුඛ කල්ලියක් විසින් පියවරෙන් පියවර රටට කරමින් සිටි විනාශය නැවැත්වීමට ජනාධිපතිවරයාගෙන් වූ දායකත්වය වචනවලට සීමා වී තිබිණි. රජයේ නිසි බලධරයා අගමැතිම විය.

අද දුම්මල ගසාවත් අගමැතිවරයා එළවා ගත නොහැකි තත්ත්වයක් රටට උදා වී ඇත්තේ ජනතාවගෙන් බහුතරය එදා දැන හෝ නොදැන ගත් ඒ වැරැදි තීන්දුව නිසාය.

වාසනාවකට මෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු තමන් විසින් දිගින් දිගටම අගමැතිවරයා ආරක්‍ෂා කිරීමේ අනර්ථකාරී ප්‍රතිඵල ජනාධිපතිවරයාට කලක් ගතවන විට වැටහෙන්නට පටන් ගෙන තිබිණි. වත්මන් ආණ්ඩුව පවතින ආකාරයෙන් ඉදිරියටත් පවත්වාගෙන ගියහොත් 2020 වන විට අනිවාර්යයෙන්ම ආණ්ඩු වෙනසක් ජනතාව විසින් සිදුකරන බව පළපුරුදු දේශපාලනඥයකු වන ජනාධිපති සිරිසේන මහතාට වැටහීම පුදුමයක් නොවේ. බලය සඳහා එකට සිටියත් හදවතින් දේශීයත්වය අගය කරන ජනාධිපතිවරයා අගමැතිවරයාගේ පරගැති මානසිකත්වයට අකැමැති වූ බවද නිසැකය. 2018 ඔක්තෝබර් මාසයේ 26දා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී, රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකමින් ඉවත් කොට මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කොට රනිල් සතුව තිබූ 2/3ක පාර්ලිමේන්තු බලය බිඳ දමන්නට ජනාධිපති සිරිසේන මහතා ක්‍රියා කළේ ඒ නිසා බව පැහැදිලිය. ජනාධිපතිවරයාගේ මේ උත්සාහයේ පළමු පියවර සාර්ථක වුවද ශේ‍ර්ෂ්ඨාධිකරණයේ තීන්දුවක් නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යෑමේ අවස්ථාව රටට අහිමි විය.

දැන් ගැටලුව වී ඇත්තේ ඊළඟට පැවැත්වෙන මැතිවරණය කුමක්ද යන්නයි. ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව අනුව මේ වසරේ මහ මැතිවරණයකට ඇති ඉඩකඩ ඉතා සීමිතය. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරන සාධක රැසක් ඇති අතර පාර්ලිමේන්තුවේ 2/3ක් අනුමැතියෙන් වෙනසක් නොවුවහොත් ව්‍යවස්ථානුකූලව 2020 මාර්තු මසට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමක් බලාපොරොත්තු විය නොහැකිය.
ඡන්දවලට බය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව මොන උපක්‍රමයකින් හෝ පළාත් සභා ඡන්ද මේ වසරේ නොපවත්වා කල් මරන බව අද කොයි කාටත් පැහැදිලිය. මැතිවරණ කොමසාරිස්ම කියනා ආකාරයට ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ මැතිවරණ කල් දැමීම කර ඇත්තේ නීති ගැටයක් භාවිතයෙනි. ගැටය ලිහන්න නම් පාර්ලිමේන්තුව පනත් සංශෝධනයක් කළ යුතුය. එහෙත් ආණ්ඩුව මැතිවරණ මඟහරින මානසිකත්වයකින් සිටිනා නිසා එවැනි සංශෝධනයක් ඔවුන් විසින් ගෙන ඒමේ ඉඩකඩ බොහෝ අඩුය.

එසේ නම් අපට බොහෝ දුරට ස්ථීරව බලාපොරොත්තු විය හැක්කේ ජනාධිපතිවරණයකි. 2019 වසරේ දෙසැම්බර් 9දාට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුමය. ඊට පෙරද මේ වසර තුළ ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණය කැ¼දවීමේ බලය ජනාධිපතිවරයා සතුය.

දේශපාලන කරළියේ කුමක් වුවත් රට ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය කුමන ආකාරයක නායකත්වයක්ද, කුමන ආකාර පාලන තන්ත්‍රයක්ද යන්න පිළිබඳව බුද්ධිමත් සංවාදයක දැඩි අවශ්‍යතාවක් අදට පැනනැඟී ඇත. මහින්ද රාජපක්‍ෂ රජය ඉවත් කොට පත් කරගත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අසාර්ථක වූ පමණින් ජනතාව යළිත් 2014ට පෙර බලයේ සිටි කණ්ඩායම එම ආකාරයෙන්ම පිළිගැනීමට සූදානම්ද? එසේත් නැත්නම් රනිල් – මෛත්‍රි හවුල් ආණ්ඩුව විසින් පොරොන්දු වූ නමුත් ඉටු නොකළ යහපාලන රාජ්‍ය තන්ත්‍රය සැබැවින්ම රටට උදා කළ හැකි අලුත් නායකත්වයක් සොයා ගන්නවාද යන ගැටලුව ඉදිරියේදී මතු වනු නොඅනුමානය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ රටේ 30 අවුරුදු යුද්ධයක් අවසන් කළ, ඇසට පෙනුණා පමණක් නොව සියලු සමාජ, ආර්ථික දර්ශකවලින්ද තහවුරු වූ පැහැදිලි සංවර්ධනයක් මේ රටේ ඇති කළ බවට විවාදයක් නැත. එහෙත් මේ ලිපියේ මුලින් සඳහන් කළ යහපාලන මූලධර්ම දෘෂ්ටි කෝණයෙන් බැලූ කල පසුගිය ආණ්ඩුවේ අඩුපාඩු තිබුණු බවද අප පිළිගත යුතුය. එසේ නොවන්නට ජනතාවගෙන් බහුතරයක් 2015දී පසුගිය පාලන තන්ත්‍රය ප්‍රතික්‍ෂේප කරන්නට හේතුවක් නොතිබිණි. එසේ නම් රටට ඉදිරියේදී අවශ්‍ය වන්නේ මෙතෙක් පැවැති සෑම ආණ්ඩුවකම හොඳ නරක තර්කානුකූලව විමසා බලා රටට වඩාත් ගැළපෙන පාලන ක්‍රමයක් හඳුන්වා දිය හැකි නායකත්වයකි.

ඒ නායකත්වය රටේ ප්‍රධාන පක්‍ෂ ඕනෑම එකක හෝ කිහිපයක සහායෙන් බිහි වීමේ අවස්ථාව ඇත. එහෙත් එය පවතින දේශපාලන පක්‍ෂ කොතරම් දුරට ස්වයං විවේචනයට සූදානම්ද යන්න මත බොහෝ දුරට ර¼දා පවතිනු ඇත. එසේ නොකර සැබෑ ධනාත්මක වෙනසක් මේ රටේ පාලන තන්ත්‍රය තුළ සිදු කිරීම අපහසුය. කවුරු බලයට ආවත් පමණ ඉක්මවා ගිය පවුල් පාලනය, දූෂණය, ඒකාධිපතිත්වය යනාදිය ජනතාව දීර්ඝකාලීනව නොඉවසන බව පැහැදිලිය. සැබෑ යහපාලන මූලධර්මවලට ඇති කැමැත්ත සමාජය තුළ ඉදිරියටත් ඒ ලෙසින්ම පවතිනු ඇත්තේ ඒ නිසාය.

අනාගතයේ බිහිවන පාලන තන්ත්‍රයක් තුළ මුලින්ම කී යහපාලන මූලධර්මවලට අමතරව ජාතික අභිමානය, දේශීය සංස්කෘතියට ගරු කිරීම, දේශීයත්වයට ප්‍රමුඛතාව වැනි ගුණාංගද සම්මිශ්‍රණය වූවා නම් එය රටට වඩාත් ගැළපෙනු ඇත.

ඉදිරියේදී එළැඹෙන මැතිවරණවලදී ද වෙන දා මෙන් තමුන් ඉදිරියේ ඇති අවස්ථාවලින් එකක් තෝරා ගන්නට ජනතාවට සිදුවන නිසා කුමක් හෝ ආණ්ඩුවක් බලයට පත්වනු ඇත. නමුත් මැතිවරණයක් එන තුරු බලා නොසිට රටට අවශ්‍ය කුමක්දැයි යන සංවාදය දැන් සිටම ආරම්භ විය යුතුය. ඒ සඳහා මේ රටේ විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, සාහිත්‍යධරයන්, දේශපාලනඥයන් යන සියලු දෙනාටම වගකීමක් ඇත.

ඇමෙරිකාවේ සුප්‍රකට ජනාධිපතිවරයකු වූ ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් මෙසේ කියා ඇත. ‘දේශපාලනයේ අහඹු සිදුවීම් නැත. සියල්ල සිදුවන්නේ කාගේ හෝ සැලසුමකට අනුවයි.’

ජනාධිපතිවරණයට දින නියම කරන්නට පෙර අපේක්‍ෂකයා කවුද යන වාදය එතරම් බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. මීළඟ තරගය පැවැත්වෙන්නේ රටට ආදරය කරන්නන් හා රටට ද්‍රෝහිකම් කරන්නන් අතරය. පොදු සතුරාට විරුද්ධව තම ප්‍රබලම අපේක්‍ෂකයා ඉදිරිපත් කිරීම රටට ආදරය කරන්නන්ගේ වගකීම වනු ඇත. දැන් තියා එම අපේක්‍ෂකයා කවුද, කවුරු සුදුසුද, කවුරු නුසුදුසුද කියා ප්‍රකාශ කරන්නන් කරන්නේ තම කණ්ඩායම තුළ භේද වැපිරවීම පමණි. ඒ සියල්ල පෞද්ගලික න්‍යාය පත්‍ර මත සිදු වන්නක් බව පැහැදිලිය.

 

4 Responses to “යළි වරද්දා ගන්න එපා!”

  1. Dilrook Says:

    The candidate who loves the nation will promise to abrogate 13A. If not candidate promises that, it means none of them care for the nation. In that event a true patriotic candidate must contest with the promise of abrogating 13A and unifying Sri Lanka again. If Gotabaya is unable to promise the abrogation of 13A, the patriotic camp will be divided between true patriots and political patriots.

  2. Christie Says:

    What India did in 2015 is the same what India did in 1956.

    India got Banda in 1951 and financed him and provided him with the policies and political process.

    It was Moral corruption then. India was very successful then in getting Sir John Kotalawala the then Prime Minister as a morally corrupt man. Monks were used to attack Kotalawala.

    In 2015 it was financial corruption and India used Sobitha a Buddhist monk to do lead the attack.

    In addition to that Nanasara was used to alienate Muslims and Christians from Mahinda.

    Most of the people cannot see what is happening to us Sinhalese.

    We don’t know what India and Indians here will do.

    They might use the same recipe again as the Tamil block vote will be higher than the last one.

  3. Ancient Sinhalaya Says:

    For Mother Lanka (in one piece), Sinhalese race and Buddhism to survive, all patriotic Sinhalese should wipe out
    these anti Sinhalese, anti Sri Lanka, anti Buddhist, minority worshiping, Mother Lanka dismembering, Buddhism
    destroying, Buddhist monks/war heros imprisoning, Mother Lanka surrendering (foreign powers), Constitution-tweaking in minorities’ favour, corrupt, lying, thieving, murderous (Sinhalese Buddhists only) traitor thugs of the UNPatriotic_rats party.

    Since traitor alugosuwa (to Sinhalese Buddhists, Sri Lnka and Buddhism only) thambi mudiyanselage jr@, these
    traitor thieves haven’t done anything at all. Development? Never heard the word. What development? We are
    here to plunder, plunder and plunder and disappear for a few years to enjoy the loot then come back with a
    brand new set of promises to fool Sinhala (Buddhist) modayss. This has been these thieves’ MO since thambi
    mudiyanselage jr@.

    What’s more since thambi mudiyanselage jr@’s time, its traitor nephew, traitor chief die hard catholic token
    Buddhist bay gal karaya mega thief mega thakkadiya walking crime bomb (against Sinhalese Buddhists,
    Sri Lanka and Buddhism only) Batalande wa(n)dakaya Pol Pot r@ni_leech wickrama Sinhala killer has always
    been at the helm or thereabouts to do the damage to please UNPatriotic_rats’ ardent supporters tamils, mussies,
    catholics, india and the west. Even when bandit queen whisky swigging traitor was at the helm, wa(n)dakaya had
    a free rein since the traitor woman is friendly with the traitor chief. It was same, when MR came. He also turned
    a blind eye towards wa(n)dakaya’s treacheries, robberies, murders etc. etc. since he had a portuguese wife. So
    wa(n)dakaya had its treacherous, murderous, lying ways and got away with them all this time. But it’s going to change after the next elections since a lot of Sinhalese (Buddhists) now have realised token Buddhist’s murderous,
    treacherous, lying, thieving, minority worshiping, Mother Lanka dismembering activities. So wa(n)dakaya
    almost certain to jump the ship soon after the elections or face public hanging is all patriotic Sri Lankans’ wish.

    Traitor anti Sinhalese, anti Buddhist, anti Sri Lanka, minority worshiping, Mother Lanka dismembering
    UNPatriotic_rats’ treacheries are endless.
    *brutally massacring Buddhist jaathidhrohee vermins’ party followers by portuguese police top brass
    Batalande camp, headless bodies in town centres, rivers etc. 60,000+ gone. A Buddhist cull!
    *dragging the catholic tigers of tamil drealam war for 30 years saying the terras werre invincible. MR came the
    terras were running for their lives. 100,000+ gone. Mainly Buddhists. A Buddhist cull!
    *giving half the country to die hard catholic token Buddhist traitor chief catholic buddy barrel man hitler mala
    paharan on a plate in 2005 with the CFA in 2005
    *sending Millennium City intelligent officers to catholic tigers bullet to expedite the drealam project by Pol Pot
    *creating ever Mother Lanka hating, Mother Lanka dismembering diasporats by thambi mudiyanselage jr@
    *sending 600+ policemen in the est by traitor alugosuwa (to Sinhalese Buddhists, Sri Lanka and Buddhism only)
    lk porisada @
    *breaking into CB with die hard catholic token Buddhist’s catholic buddy maha horandran and steal Rs 5585 billions
    *abolishing state pension by wa(n)dakaya soon after the elections to make them beg on street after retirement
    *imprisoning Buddhist monks/war heroes to please tamils, mussies, india and the west
    *stopping teaching Buddhism and history in schools to tamils, mussies and catholics
    *implementing 13, 13A by trator thambi mudiyanselage jr@ to break up the country. Today mini thieves’ dens
    every 50 miles whose only job is plunder, plunder and plunder
    *what wa(n)dakaya & co did with porguese police is done today by portuguese judiciary appointed by wa(n)dakaya.
    Anything constitutional done, it can always run to the judiciary and get it turned in its favour.
    *giving citizenship to 650,000+ to estate tamils who were in the process of repatriation under patriotic Sirima B
    for their votes by thambi mudiyansealge jr@. Today their numbers are millions and produce tea not many countries want to buy. Up country destrouyed.
    *Expediting urther destruction of Buddhist temples etc. in the east and north by tamils and mussies by turning a
    blind eye to the traitor foreigners atrocities for their votes.
    *giving ministerial posts corrupt, Mother Lanka destroying mussies who set fire to court house in Mannar and who
    destroyed Wilpaththu for fast multiplying mussies’ votes.
    *encouraging pathalayin, drug lords who reward the UNPatriotic_rats thieving deshapaluwan

    List of treacheries of traitor UNPatriotic_rats goes on and on. The only question we have to ask is, what more these
    traitor lying, thieving, murderous (Sinhalese Buddhists only, not a war crime or a crime at all while killing/hurting tamils or mussies is) have to do to stop you supporting these deshapaluwan?

  4. Ancient Sinhalaya Says:

    Please click on at least one of the following links to see these traitors’ activities in full.

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress