ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය සාකච්ඡාව
Posted on February 11th, 2019

අද දින (11) මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වු නියෝජිතයින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

පක්ෂයේ පරිපාලන ලේකම් ‌ෙරේනුක් ‌ෙපෙරේරා 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා

ඉන්දියාවේ බැංගලෝර් නගරයේ වාර්ෂික සමුලුවක විශේෂ ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වුනා. ඉන්දියාවේ උප ජනාධිපති වෙන්කයියා නයිදෝ ඉන්දීය රජය නියෝජනය කරමින් සහභාගි වුනා. මිට අමතරව ඉන්දියාවේ විද්වතුන් රැසක් මෙයට සහභාගි වුනා. මේ රටේ අනිවාර්යයෙන් ජාතික මැතිවරණයකින් වෙනසක් වෙන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව රජයක් බිහිවන බවත් ඔවුන් දැඩිව විශ්වාස කරනවා. අපි ඒ අයට කිව්වා අපේ එකම අත්සාහය බලය ලබා ගැනීම නොවන බව. පැවැති රජය පරාජය කර ආන්ඩු බලය ලබා ගැනීම වගේම අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සැලසුම් සහගතව සකස් කිරිමත් අපේ විශේෂ ප්‍රයත්නයක්. බිම් මට්ටමෙන්ම ඉස්මතුවන අදහස් අනුව අපේ ප්‍රතිපත්ති සැකසීමයි අපේ අරමුණ.බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරැන් හමුවුනා. මේක මුලු රටම ආවරනය වන විදියේ වැඩපිළීවෙලක්. ඩෙල්ප් දිවයානේ උප සභාපති අපේ පක්ෂ්යේ. යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු රැසක් ආවා. ගම සමග පිලිසදරක්, ජාතික මහා සම්මේලනය සදහා සූදානම් විම, ගමේ ආර්ථික හා භූගෝලීය පසුබිම, ගමේ යෝජනා පත්‍රය, ගමේ දේශපාලන පසුබිම පිළිබද තොරතුරු මෙන්ම 2019 මැතිවරණයට පියවරෙන් පියවර සූදානම් වීම ආදිය සම්බන්ධයෙන් අපේ පාක්ෂීකයින් සමග සාකච්ඡා කෙරෙනවා. ඒ වගේම පක්ෂයේ ගිනුම් වාර්තාව සියලුම පක්ෂ සාමාජිකයින්ට ලබා දිමක් සිද්ධ වෙනවා. අපේ ගිනුමේ මිලියන 21ක් ඉතිරියක් තියෙනවා. ගිනුම් වාර්තා සිය සාමාජිකයින්ට ලබාදිමක් සිදුවෙන්නේ පළමු වතාවටයි. වෙනත් පක්ෂ ලයිට් බිල පවා ගෙවා ගැනීමට නොහැකිව සිටි අවස්ථා තියෙනා.

මේ රජයේ අයවැය ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. රටට අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්. තව මාස අටකින් මැතිවරණයක් පැවැත්වෙන්න නියමිතයි. ඒ කාලය රජය ජනතාව වෙනුවෙන් යමක් කරයි කියලා හිතන්න බැහැ. මේ රජයට එකතු වුනු එක්සත් ජාතික පෙරමුන හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර එකගතාවයක් තිබුනා. දැන් මේ කණ්ඩායම් වෙන් වෙලයි තියෙන්නේ. එක්සත් ජාතික පෙරමුනේ තියෙන්නේ සුලුතර රජයක්. ඒ නිසා මේ අයට දමිල සන්ධානය මත යැපෙන්න සිදු වෙනවා. ජාතික රජයක් සැදීමේ හාස්‍ය ජනක උත්සාහයකත් මොවුන් නිරත වුනා. ජනතාව ඒ අත්සාහය ප්‍රතික්ෂේප  කරන නිසා නෙවෙයි ඒ උත්සාහය අත් හැරියේ. ඒ සදහා අවශ්‍ය ඡන්ද නැති විම නිසයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනාවක් සම්මත කරලා මැතිවරණයකට යන්න. අපි සූදානම් එවැනි යෝජනවාකට. එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ නායකත්වය දිමටත් අපි සූදානම්.

ඒ අතරේ අයවැය ලේඛණය ඉදිරිපත් කරන විට ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැඩපිළීවෙලට මුදල් වෙන්කරන්න එපා. පසුගිය අයවැයෙන් දසලක්ෂ දහතුන් දහසක් වියදම් කලාට කිසිදු වැඩක් වුනේ නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාවේ වගකිම කිසිවෙක් භාරගන්නෙත් නැහැ. මහින්ද රාජපක්ෂ හතාගේ නායකත්වයෙන් පිහිටුවන රජයේ ප්‍රමුඛ අරමුණක් වන්නේ 19 වැනි සංශෝධනය ඉවත් කිරිමයි. මේ සංශෝධනය ඉදිරිපත් කලේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ අරමුනින්. නමුත් කතානායකගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යවස්ථා කමිටුව ඒ අරමුණ ඉටු කරන බව පේනනේ නැහැ. අද විනිසුරන් පත්කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. කතානායකතුමා ව්‍යවස්ථා කවුන්සිලයේ දී ප්‍රකාශයක් කරමින් සදහන් කලේ මේ රටේ විනිසුරන් පත්කිරීමේදී ජ්‍යේෂ්ඨත්වය පමණක් සලකා බලන්නේ නැහැ කිව්වා. මිනුම් දණ්ඩ ජ්‍යේෂ්ඨත්වය පමණක් නම් ව්‍යවස්ථා කමිටුවක් මොටකද කියලා ඇහුවා. 19 වැනි සංශෝධනයේ පත්කිරීම් කරන රිති පැහැදිලිව සදහන් වෙනවා. කිසිම පත්වීමක් නිර්දේශ කිරීමට පෙර ඒ සදහා භාවිතා කරන රිති ගැසට් නිවේදනයකට ඇතුලත් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවත් ඒ සදහා කවුන්සිලයේ සභාපතිවරයා කටයුතු කරලා නැහැ. ජනාධිපතිතුමා ජේෂ්ඨ විනිසුරැවරයෙකුගේ නමක් යවනවා නම් ඔහුට විරුද්ධව චෝදනාවක් එල්ල වෙලා නැතිනම් ජනාධිපති වගකීමෙන් එවන නම ප්‍රතික්ෂේප කරන්න හේතු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වයට එය හානියක්. නිතීඥ සංගමයත් මේ සම්බන්දයෙන් සිය අදහස් දක්වා තිබෙනවා. ජනතාව වගේම පාර්ලිමේන්තුවත් ඊට හේතු දැන ගැනීමේ අවහ්‍යතාවය තියෙනවා. අපේ රජයක් යටතේ 19 වන සංශෝදනයේ අරමුණ නිසි පරිදි ඉටුවන අපේ සංශෝධන කිහිපයක් ඉදීරිපත් කරනවා.

ව්‍යවස්ථා කවුන්සිලයට හිතුවක්කාර ලෙස තිරණ ගැනීමේ හැකියාවක්  නැහැ. පත්කිරීම්වලට අදාල රිති ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කරන තුරු පත්කිරීම් නොකරන තත්ත්වයක් ඇතිකරන්න අපි පියවර ගන්නවා. සභාපති විදියට කතානායකවරයාගේ බලතල වල වෙනසක් අවශ්‍ය බව අපි විශ්වාස කරනවා.  පහුගිය අවුරුදු තුනේ අත්දැකීම් තුල අපි දකිනවා මේ ක්‍රමවේදය සකසනවා. වඩාත් සතුටුදායක විදියට සිවිල් සමාජය නියෝජනය කරන පුද්ගලයින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඇතුළත් කිරීමට අපි කටුයුතු කරනවා. 19 සංශෝධනය ගැන පුරසාරම් දෙඩුවා. අද ඒහි ප්‍රතිඵල සතුටුදායක නැති නිසා ඒහි මුලික වෙනසක් විය යුතු බව අපි විශ්වාස කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

මේ ආණ්ඩුව ඉදිරියට යාමට නොහැකිව අනාථ වෙලා ඉන්නේ. අතර මග නැවතිලා. මාර්තු මාසයේ 05 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. මේ ආන්ඩුවේ පැවැත්ම තියෙන්නේ ඇමැතිධූර මතයි. ඒ් නිසා ජාතික ආණ්ඩු සංකල්පය කියලා මොකක් හෝ අටවා ගන්න හදනවා. ජාතික ආන්ඩුවක හිටපු නිසා වැජඩ කරන්න බැරි වුන බව පක්ෂයේ මහ ලේකම්වරයාම කිව්වා. දැන් තනියෙන් හදා ගත්ත ඒක තියෙද්දි මොකටද ජාතික ඒකක්. දැන් පක්ෂය ඇතුලේ ඇමැතිධූරවලට ගැටුමක් ඇති වෙලා. අයවැයට සහාය දෙන්න නම් අපිට ඇමැතිකම් අවශ්‍ය බව පක්ෂය ඇතුලේ අය කියනවා.ආන්ඩුවේ ඉන්න ඒක මන්ත්‍රීවරඑයෙක් ඒක්ක ජාතික ආන්ඩු යෝජනාවක් ගේන බව කිව්වා. ලබන සතියේ දාන්න හිටපු යෝජනාවත් අකුලගෙන තියෙන්නේ. දැන් බලන්නේ කොහොම හරි ගැට ගහගන්න. අපේ ආන්ඩුව කියාගෙන සිටීම විතරයි ඔවුන්ගේ ඒකම බලාපොරොත්තුව. අපි ඒ් සදහා ඉඩ තියෙන්නේ නැහැ. මහින්ද රාජපක්ස මහතා ඒක්ක අපි ඒ් සටන ගෙනියනවා. ජනාධිපතිවරණයට පෙර නියත වශයෙන්ම පළාත් සභා ඡන්දයක් ඒනවා. පළාත් පාලන ඡන්දය තියලා වසරක් පිරුණා. සභා පිහිටුවලා දැන් අවුරුද්දක්. ප්‍රදේශීය සභා ඡන්දය මෙහෙම දිනුවා නම් පළාත් සභා ඡන්දය කොහොම දිනයිද කියලා ආන්ඩුව භය වුනා. ඒ් නිසා ඡන්දය තිබ්බේ නැහැ. ඡන්දය නොතියා ඉන්න ජනතා විමුක්ති පෙරුමනේ සම්පූර්ණ සහාය හිමිවුනා.

ඒජාප ආන්ඩුවෙන් අපි අහන්නේ පළාත් සභා ඡන්දය පවත්වන්න දැන් තියෙන බාධකය මොකක්ද. ජනාධිපතිතුමා පළාත් සභා ඡන්දයට ලෑස්තියි. පළාත් සභා විෂය තියෙන්නේ ආණ්ඩුව යටතේ. දින දෙකක් මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ නැතිව කල් දැම්මා. අපිට සමුපකාර ඡන්දයක් හරි දෙන්න. අපි ඒ්කටත් ආසයි. ඒ් තරම් තෙරපීමෙන් මිනිස්සු ඉන්නේ.  මේ ආණ්ඩුව ඡන්ද කල් දාන ආන්ඩුවක් විදියට ඉතහාසයට ඒක් වෙනවා.

මේ ආන්ඩුව කපිතාන් කෙනෙක් නැති නැවක් වගේ. කැප්ටන් කෙනෙක් නැති වුනොත් හුලං හමන පැත්තට නැව යනවා. ඒ් වගේ තමයි මේ ආන්ඩුවත්. මේ තුගින් රටේ ආර්ථකය කඩා වැටිලා. දවස ගානේ මත්ද්‍රව්‍ය කිලෝ ගණන් වලින් ඇහෙන්නේ. දැන් කුඩුවලින් රොටි පුච්චනවාද මන්දා. කොකේන් වගේ නොයෙක් නම් වලින් මත්ද්‍රව්‍ය රට පුරා යනවා. නාදුනන තුවක්කුකරැවෙක් කියලා ඇවිත් මහදවාලේ මිනී මරනවා. මේ අවුරුද්ද ලැබුවාට පස්සේ මිනී මැරුම් කීයක්ද කියලා බලන්න. පුද්ගලික ව්‍යාපාරිකයාගෙන් අහන්න. දවසකට කීයත් කර්මාන්ත ශාලා වැහෙනවාද බලන්න. ජිවන වියදම අහස උසට. ඒක දවසකට ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ඩි. අයි . ජි නාලක අල්ලගත්තා. ඊට පස්සේ අල්ලගත්තා සේන දළඹුවා. සේනා දළඹුවා ඒහෙට මෙහෙට පැන පැන ඉන්න කොට ඔන්න ආවා මාකදුරේ මධූෂ්. දැන් දළඹුවා කොහෙද දන්නේ නැහැ. හෙට අන්ද්දා වෙද්දි තව එකක් ඒයි. ආන්ඩුව තමන්ගේ දෙයක් කරගෙන යනවා. ආන්ඩුවක් කරන්න බැරි වුනාම අගමැතිවරු ඇමැතවරු අස් වෙනවා. මේ අයව ගෙනියන්න වෙන්නේ බල්ලෝ නාවන විදියට.

මධූෂ්ව බෙදා ගන්න බැරිව දගලනවා කට්ටිය. මම ඇල්ලුවේ කියනවා. කිරිඇල්ල අන්නැහේ කියනවා අපි කේ.පි වගේ ගේන්නලු හිටියේ. එතුමාගේ බාප්පගේ පුතා වෙන්න ඇති. හරියට චූටි බබෙක් ගේන්න හිටියා වගේ. අද හිටපු පොලිස් ඇමැති කියනවා මෙය අපේ ආන්ඩුවේ සැලසුමක් අනුව ක්‍රියාත්මක වුනු ඒකක්ලු. කුඩු ටික නම් ඒ් ආන්ඩුවෙන් ආවා. මධූෂ් පැන්නා කිව්වා නම් මේ කටවල් ටික ඔක්කොම වැහෙනවා. අපි නෙවෙයි ඇල්ලුවේ කියයි. මේ ආන්ඩුවට ඉදිරියට යාමේ හැකියාවක් නැහැ. ජනතා විමුක්ති පෙරමුනේ ලාල් කාන්ත කියනවා 20 ගේන්න බැරිනම් අපේ ජනාධිපති අපේක්සකයෙනක් ඉදිරිපත් කරනවාලු. හොද යෝජනාවක්. රටට හොදම දේ කරපු අය නම් ඉදිරිපත් කරන්න අපේක්ෂකයෙක්. ඒ්කෙන් බලාගන්න පුලුවන් තමන් එක්ක ඉන්න ජනතාව කොයි තරම්ද කියලා. ලාල් කාන්ත කිව්වාට අනිත් අයනම් මේක කියන්නේ නැහැ. රට ඉල්ලන්නේ කොන්ද කෙලින් තියාගෙන නීතියට රට හදන්න පුලුවන් නායකයෙක්. අපි ඒ්කට ලැහැස්තියි.

ප්‍රශ්න – මදූෂ්ට ඒ් රටේදි දඩුවම් දීලා අපේ රටට ගෙනත් නැවත දඩුවම්කරන්න ඔබලා සූදානම්ද

රෝහිත අබේගුණවර්ධන – මේ රටවල් දෙකක්. රටවල් අතර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. අපි තවම ඒ් සම්බන්ධයෙන් නිතිමය තත්ත්වය දන්නේ නැහැ. ඒ් රටේ සිදුවෙන දේ මාධ්‍යටවත්  සියයට සියයක් වාර්තා වෙන්නේ නැහැ. යම් විදියකින් ඒ් රටේත් මේ රටේත් වැරදි කලා තිබෙනවා නම් ඒ් වැරදිවලට දඩුවම් ලැබිය යුතුයි. මත්ද්‍රව්‍ය අපේ රටට විනාශයක්.

ප්‍රශ්න – ඒ් රටේ නීතියට අනුව ලිහිල් දඩුවමක් ලැබිලා  නැවතත් රටට ගෙන්වා ගත්තොත් මේ වෙද්දි ඔහුට නිසි දඩුවම්ලැබෙයිද

රෝහිත අබේගුණවර්ධන – මේ ආන්ඩුව කෙරෙහි සත පහක විශ්වාසයක් නැහැ. මේ ආන්ඩුව පුලුවන්කමක් ඇත්නම් ආන්ඩුව රැක ගන්න මදූස්ගේ කරේ වුනත් ඒල්ලෙයි.

ජී. එල්. පිරිස් මහතා – නිතියේ මූලධර්මයක් තියෙනවා ඒකම වරදට දෙවතාවක් දඩුවම් කරන්න බැහැ කියලා. මධූෂ්ට විරුද්ධව ඩුබායි රටේ චෝදනාවක් නගලා දඩුවමක් දුන්නොත් අයෙත් මේ රටේදී ඒ් වරදට දඩුවම්කරන්න බැහැ. ඩුබායි රටතුල වුනු වරදකටයි අත් අඩංගුවට ගෙන තියෙන්නේ. ඒ් පිලිබද පුර්ණ බලතල ඒරට අධිකරණයට තියෙනවා. මෙහෙට ඒවනවාද ඒහෙ උසාවි හරහා නඩුව අහනවාද කියන දේ ඒ් රටයි තීරණය කරන්න අවශ්‍යයි.

ප්‍රශ්න – ඔබලාගේ රජයක් බිහිවෙලා තියෙන කාලයක් උදා වුනොත් මදූෂ්ට දඩුවම් දෙනවාද

රෝහිත අබේගුණවර්ධන- ඔවු 2020 කියන්නේ නව ආන්ඩුවක්. නව ජනාධිපතිවරයෙක්. රටේ මිනිස්සු සැමට ඒක‌ සේ නිතියට සලකන නායකයෙක් මතුවෙන තුරැ බලන් ඉන්නවා. ඒවැනි කෙනෙක් 2020 බිහි වෙනවා.

ප්‍රශ්න – ශ්‍රීලනිපයේ දුමින්ද දිසානායක කියනවා ඒ් අය වත්මන් ජනාධිපතිවරයාවම ඉදිරිපත් කරන බවයි.

රෝහිත අබේගුණවර්ධන – දුමින්ද දිසානයකට ඒතුමාගේ පක්ෂය ගැන කියන්න අයිතිය තියෙනවා. අපිට අපේ පක්ෂය ගැන කියන්න අයිතිය තියෙනවා. නමුත් පොදු ඒකගතාවයක් මත එඔය කියන දෙයක් වෙලා නැහැ. ලංකාවේ වැඩිම ජනතාවක් කැමැත්ත පළකරපු එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසා පොහොට්ටුව ඒක්ක සංන්ධාන ගත වෙන්න වෙනවා.

ජී. එල් පිරිස් – අපේ පක්ෂය වෙනුවෙන් තිරණ ගැනීමේ බලය කිසිවෙක්ට පවරා දී නැහැ. ඒ්ක අපේ පක්ෂයේ අයිතියක්. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අපි තීරන ගන්නවා.

ප්‍රශ්න – මේ දවස්වල සන්ධාන ගතවිම්ක ගැන සාකච්ඡා වෙනවා. වත්මන් ජනාධීපතිවරයා රටට දැනෙන දෙයක් කරන බව දැන් කියැවෙනවා. වැරදිලාවත් ඒතුමා ආවොත් ඒතුමාට සහාය දෙන්නේ නැතිද

රෝහිත අබේගුණවර්ධන – ඒතුමාගේ අතින් වෙන හොද වැඩ හොදයි කියනවා  වගේම වැරදි වැඩ වැරදියි කියනවා. කා ඒක්ක සන්ධානගත වුනත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අනන්‍යතාවයට හානියක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ‍

ජි. ඒල්. පිරිස්  – පක්ෂයට ඡන්දය දුන් ජනතාවගේ අනන්‍යතාවය රැක ගෙනයි අපි තිරණ ගන්නේ.

ප්‍රශ්න – බුද්ධික ප.තිරණ කියනවා ආනයනික කිරිවල උ!රු තෙල් තියෙන බව කිව්වාම කතානායකවරයා කියනවා මන්ත්‍රිවරුන්ට දෙන්නේ පිරිසිදු ඒළකිරි කිව්වා

රේණුක පෙරේරා – ඔබ ඔය ප්‍රශිනේ අහන්නේ නාටකයේ මැදින්. තිරපිටපත මුල තියෙන්නේ කිරිපිටි සමාගම් මිල 170කින් වැඩි කරන්න ඉල්ලීමක් කිරිම. රජය මුනිවත රකින අතරේ රජයේම ඇමැතිවරයෙක් කියනවා කිරිවල උ්‍රරු තෙල් තියෙනවා කියලා. මුස්ලිම් ජනතාව කිරි භාවිතය සම්පූර්ණයෙන් අත් හරිනවා. දරැවන්ට ගැඹිනි මව්වරැන්ට හොද නැහැ කියන මතය ඒළියට ඒනවා. කතානායකවරයා කියනවා මන්ත්‍රීවරැන්ට නම් ප්‍රශ්නයක් නැහැ. දෙන්නේ කල්කිරි කියලා. අපිට තියෙන ප්‍රශෟනය නම් මිල මිට පෙර සිනි මිල වැඩි කිරීමේදීත්, පැනි බිම මිල වැඩි කිරීමේදීත් ඇමැතිවරයා කිව්වේ දියවැඩියා රෝගය වැලැක්වීමේ පියවරක් කියලයි. අරක්කු මිල වැඩි කලෙත් ඒ් විදියටයි. කිරි මිල වැඩි කරන්න කරන දෙයක් වෙන්නත් පුලුවන්. කතානායකවරයා කල යුත්‍රවන්නේ මේ කිරිපිටි පරික්ෂා කරන්න කියලා උපදෙස් දෙන්නයි. මේ වෙද්දි කිසිම පරික්ෂණයක් කරලා නැහැ. අපිට හිතෙනවා මිල වැඩි කරන්න කරන නාට්‍යයේ රගපෑමක්ද කියලත්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress