ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය අතර සාකච්ඡෘ මැදදි කඩා දැමීමට අපි පියවර ගන්නේ නැහැ.-මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා
Posted on April 9th, 2019

අද (08) දින පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය හමුව

අද (08) දින පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති, මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති, මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය අතර සාකච්ඡෘවල අනාගතය මේ වෙද්දි කාගෙත් කුතුහලයට ලක්වෙලා තියෙන්නේ. පාක්ෂිකයින්ගෙන් අපිට දුකතන ඇමැතුම් රැසක් එනවා. අපි මෙතෙක් සාකච්ඡා වට දෙකක් පැවත්වුවා. තුන්වන සාකච්ඡාවට අප්‍රියෙල් 10 වැනිදා දින නියම වෙලා තියෙනවා. අපි ප්‍රශ්නයකින් පැනලා යන්නේ නැහැ. සාකච්ඡා මැදදි කඩා දැමීමට අපි පියවර ගන්නේ නැහැ. දිගටම සාකච්ඡා පවත්වනවා. බැරෑරුම් ප්‍රශෟනයක් තිබෙන බව කාටත් පැහැදිලියි. ප්‍ස්බරා වගේ වැලි ගොඩක ඔලුව හංගාගෙන යථාර්ථයට මුහුණ නොදීම අපේ පක්ෂයේ ප්‍ර්‍රතිපත්තියක් නෙවෙයි. ශ්‍රීලනීපයේ අයත් එක්ක ප්‍රශ්නයට පිළීතුරක් සෙවීම තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ කුමවේදය. අප්‍රියෙල් 10 වැනිදා පවත්වන සාකච්ඡාව ඒ සදහා අවස්ථාවක් කර ගන්න පුලුවන්.

අයවැය ලේඛණය අප්‍රියෙල් පස් වෙනිදා තුන්වැනි වර කියනව අවස්ථාවේ එජාප විරෝධී ජනතාව තුල බලාපොරොත්තුවක් තිබුණා. තීරණාත්මක යමක් වෙයි කියලා හිතුවට දැන් ඒ විශ්වාසය කැඩිලා. ඒ විදියට විශ්විසයක් ගොඩනැගෙන්න හේතු තිබුණා.මේක තමයි මේ රජයේ අවසාන අයවැය. ජනාධීපති මැතිවරණයක් මේ වසෙර් පැවැත්වෙනවා. ශක්තිමත් ජනාධිපතිවරයෙකු යටතෙයි මිළග අයවැයක් පාර්ලිමේන්තුවට එන්නේ. අයවැයක් පරාද නම් ආන්ඩුවේ කාලය අවසන්. විපක්ෂයේ අය මේ සදහා එක් වෙයි කියලා හිතුවත් ජනතාවගේ හිත් කඩා වැටිමක් වුනා. විරුද්ධ පක්ෂ්‍ය එක ස්ථාවරයක සිටින අවස්ථාවක සුලු පක්ෂවලට ධෛර්යක් ලැබෙනවා. එවැනි විශ්වාසයක්නිර්මාණය වෙමින් පැවතුනත් මේ කණ්ඩායමේ තීරණයත් එක්ක ඔවුන් අධෛර්යමත් වුනා.

දෙවැනි වර කියැවීමේදී අපි අතින් සිදුවුනු අතපාසුව නිවැදි කරන්න අපි අවංක උත්සාහයක් ගන්න බවත් ශ්‍රීලනිප සමහරෙක් කියලා තිබුණා. ඒකට තුන්වැනිවර ඡන්ද කියැවීමේදි අවස්ථාව ලැබුණත් එයින් ප්‍රයෝජන නොගෙන චේතනාන්විතව මග හැරියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ කිසියම් සංස්කෘතියක් විශ්වාස මාලාවක් යටතේ ගොඩනැගුණු දෙයක්. පක්ෂයේ තීරණ උඩින් අරන් ඒ තීරණ පාක්ෂිකයා පිට පටවන පක්ෂයක් නෙවෙයි. බිම් මට්ටමෙන් අවශ්‍ය දේ සොයා බලා තීරණගන්න පක්ෂයක්.

අයවැය ලේඛණයට ඡන්දය නොදී පාර්ලිමේන්තුවට නොපැමිණ සිටිම සාධාරණිකරණයකරන්නේ කොහොමද. ආන්ඩුවට තියෙන ආර්ථක දර්ශනයේ මූලික සිද්ධීන්ත මොනවාද. ඒවා රට පිළීගන්නවාද කියලා මෙයින් පේනවා. පිළීගත් දේශපාලන පක්ෂයක් මොන පනතක් සම්බන්ධයෙන් ඡන්දය නොදි සිටියත් අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව පැත්ත පළාතට එන්නේ නැහැ කියන්නේ සුවිශේෂි තත්ත්වයක්. ජනතාවට වගකියන පක්ෂයක් එවැනි දේ කරන්නේ නැහැ. අප්‍රියෙල් පස් වෙනිදා පාර්ලාමේන්තුවේ නොසිටි ප්‍රබල චරිත විවාදය අවස්ථාවේ අයවැය ලේඛණය පතුරු ගහන පුකාශ නම් කළා. කායත් මේ ගැන වැද විවාද කරන්න බැහැ. කරපු කතා හා තිරණාත්මක අවස්ථාවේ ක්‍රියාමාර්ගය අතර මූලික පරස්පරතාවයක් තිබෙන බව පැහැදිලියි. කතාව කෙරුවාව කරන්න තියෙන අවස්ථවයි ඡන්දය. වාචිකව ප්‍රහාර එල්ල කරලා පාර්ලිමේන්තුවට නොපැමිණ සිටියාම ඒ වචනවල අගය මොකක්ද.මේ අය සමගයි අපි සාකච්ඡා පවත්වන්නේ. ඒ නිසා ප්‍රශ්නය මග ඇරලා ප්‍රශ්නයක් නැහැ කියන තැන ඉදන් සාකස්ෂ ාකරන්න සූදානම් නැහැ. ප්‍රශ්නයෙන් මග හැරිමට අපිට කිසිම වුවමනාවක් නැහැ. මේ ක්‍රියාමාර්ගය ගත්තේ මොන හේතුව නිසාද. මෙයින් උද්ගත වන දේට අපි කොහෙමද මුහුණ දෙන්නේ කියලා සාකද්ධා කළ යුතුයි. එදි ගත් ක්‍රියාමාර්ලයෙන්පස්සේ මේ රජයේ සියලු දේට ශ්‍රීලනිපය සම අනුග්‍රාහයකයින්. වගකීම බෙදා ගන්නවා.එජාපයට තමන්ගේ හානිකර අයවැය ලේඛණය සම්මත කරගැනීමට මාර්ගය සකසා දිමයි කලේ. මේ රජයේ විනාශ කාරී වැඩපිළීවෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා එල්ල වෙනවා. අපි සමග එකග වෙන සියලු මන්ත්‍රීවරු අයවැය ලේඛණයට එරෙහිව ඡන්දයප්‍රකාශ කළා. මේක ආරම්භය පමණයි. අඛණඩව කරගෙන යන වැඩපිළිවෙලක් මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකත්වෙයන් බැසිල් රාජපක්ස මහතා සකස් කර තියෙනවා. අයවැයට එරෙහිව ඡන්දය දීලයි මේ වැඩපිළීවෙල පටන්ගන්නේ. අයවැයට විරුද්ධව කතා කළා වගේම අයවැයට විරුද්ධ වෙලා ඊළගට කරන්නේ මොනවාද. දිවයිනේ සැම ප්‍රදේශයකම මහජන නියෝජිතයින් අපි මුණ ගැසුණා. ගම්මාන 25000ක් ආවරණය වෙන විදියට ගම සමග පිළිසදරක් වැඩපිළීවෙල අපි කරගෙන යනවා. ඒ සමගම දිප ව්‍යාප්තව තරුණ, කාන්තා සම්මේලන පවත්වමින් තිබෙනවා. ඊට පස්සේ පොදුජන පෙරමුනේ සම්මේලනය පවත්වනවා. අද සාකච්ඡා කරලා නිගමනයකට එන්න බැරිව හෙටට කල්දාල ඒ විදියට දිගින් දිගටම විසදන්න අමාරු වාද විවාද විශ්ලේෂණ අවශ්‍ය කරුණක් විදියට අපි මේක සැලකුවේ නැහැ. අපි ක්ෂණිකව මෙයට විරුද්ධ වුනා. අපේ මන්ත්‍රීවරු අතර ප්‍රතිවිරැද්ධ මතයක් ඇතිවුනේ නැහැ.

මේ ප්‍රශ්නයට පිළිතුරක් දිම එතරම් ලේසි වුනේ ඇයි. මේ රජයට සහාය දෙන්න හේතුව මොකක්ද. රජයක මූලික වගකීම ජනතාවට විදුලි බලය හා ජලය සපයා දීමටවත් නොහැකි බෙලහින රජයක් මොකටද. එවැනි පිඩනයක් ජනතාවට ලබා දෙන රජයක්, ඒ පිඩනය තුළින්වුවත් කොමිෂ ගහන රජයක්. කොමිස් ගහන අවස්ථාව හිතාමතා සපයා ගත්ත රජයක්. මේ සියල්ල නිසා ජනතාව තුල නැගීගෙන පිළීකුළ හොදින්ම පැහැදිලියි. මැතිවරණ නැති රජයක්. ජනතාව කෙළින්ම ගෙදර යවන්න තිරණය කරලා තියෙන බව හොදින්ම දන්නවා. චේතනාන්විතව මැතිවරණ නොපවත්වන වාතාවරණයක, දරා ගන්න බැරි පීඩනයට ජනතාව පාරට බහින අවස්ථාවේ පොලිස් සපත්තුවෙන් අමානුෂිකව ශීෂ්‍යයින්ට පහර දෙන රජයකට අපි පක්ෂ වෙන්න අවශ්‍යයද. මේ අත්තනොමතික බලතල තවත් වර්ධනය කර ගන්න පොලිස් රාජ්‍ය සදහා ජනතාව මර්ධනය කිරීමේ එවැනි පනතක් ලෝකයේ කොහෝවත් නැහැ. එවැනි රජයක් ගැන අපි දෙගිඩියාවකින් පස්වෙන්නේ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නිලධාරින්ට ඇමරිකාවට පය තියන්න දෙන්නේ නැහැ කියනවා. ඇමරිකාව ස්වකීය හමුදාවන් දිවි හිමියෙන් ආරක්ෂා කරද්දි අපේ රජය දොරටු විවර කරනවා ඇවිත් ජාත්‍යන්තර අධිකරණ හදන්න කියන රජයකට පක්ෂ වෙනවාද විපක්ෂ වෙනවාද ගෙදර ඉන්නවාද කියලා හිතන්න දෙයක් අපිට නැහැ. හම්බන්තොට තෙල් පිරිපහදුවට තව වසරක් යනතුරු ආයෝජනයක් කරන්න බැහැ කියනවා. අපේ රටේ ජනතාවට දැන් එක් දෙයක් සක්සුදක් සේ පැහැදිලියි. එජාප රජය ගෙදර යවන්න නායකත්වයක් දෙන්න හැකියාව තියෙන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට පමණයි කියලා දැන් ජනතාව තේරුම් අරන් ඉන්නවා. කතාවට පමණක් සීමා නොවී ක්‍රියාවෙන්ද කටයතු කරන්නේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ කියලා දැන් ජනතාව පිළිගන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

මේ දිනවල  නියමිත වේලාවට කළින් නැගිටලා නා ගන්න වෙනවා. වේලාසන ඇදුම අයන් කරලා තියාගන්න වෙනවා. විදුලිය කපන බව කියලා තියෙන වෙලාවට නෙවෙයි විදුලිය කපන්නේ. පැය තුනක් කපනවා කියන නිසා පැය තුනකින්  පස්සේ විදුලිය එයි කියලා බලන් හිටියත් විදුලිය එන්නේ නැහැ. නමුත් රවි කරුණානයක ඇමැතිවරයා කියනවා 10 වැනිදායින් පස්සේ ජිවිතේට විදුලිය කපන්නේ නැහැලු. සිංහල අලුත් අවුරුද්දට පවත්වන  අවුරුදු උත්සවයකට ගිහින් හොදම බොරුව තරගයට ඉදිරිපත් වෙලා කියන්න තිබුණ බොරුව ඇමැතිවරයා වේලාසනම කිව්වා. 10 වැනිදා වෙද්දි ජිවිතේට විදුලිය කපන්නේ නැහැ කියන්නේ ජිවත් වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එකනේ. මේ ඇමැතිවරයා ප්‍රායෝගිකව දන්නේ නැහැ 10 වෙනිදා වෙනකල් විදුලිය කැපුවම කරගෙන ආපු ස්වයං රැකියාවක්වත් කරගන්න බැරිව මිනිස්සු නන්නත්තාර වෙලා හොම්බෙන් යනවා කියලා. සිංහල අවුරුද්දට ඇදුම් මහන කෙනාට විදුලිය නැතිව මැෂිම කරකවා ගන්න බැහැ. ගෙදරට වතුර නැහැ. ගමේ කඩවල ශීතකරණයේ තියෙන දේවල් දියවෙලා මස්මාලු කුණූ වෙනවා. එහෙම වුනාම සිංහල අලුත් අවුරුද්දක් ගැන ජනතාවට හිතන්නවත් බැහැ. මේ ආන්ඩුව 10 වෙනිදා ඉදන් විදුලිය දෙන්නේ කොහොමද. තුර්කි පාවෙ දැවිතෙල් බලාගාරයෙන් විදුලිය ලබා ගන්න සුදානම් කියලා අද මාධ්‍ය වාර්තා පළවෙලා තියෙනවා. දැන් මේ කැබිනට් පේපර් එක දාන්නයි සූදානම. කැබිනට් පේපර් එක තවම දාලා නැතිවුනාට තුර්කියෙන් නැව ඇවිත්. තුර්කියෙන් නැව එන්න නම් තුර්කිය ලංකාව ගැන මොනතරම් අවධානයෙන් ඉදලාද බලන්න. තුර්කිය ලංකාව ගැන මොනතරම් හිතනවාද බලන්න. කැබිනට් පේපර් එකෙන් තුර්කියෙන්ම  විදුලිය මිලදි ගන්න කියන්න ඉඩක්නැති වුනත් තුර්කියෙන් නැව ඇවිත්. තුර්කියට ලංකාවේ මිනිස්සු ගැන හිත වුනුවෙලා. නැව ආවාට පස්සේ කැබිනට් පේපර් එක දානවා. විදුලිය කැපිම අස්සේ මේ දේවල් මොනතරම් සංවිධානාත්මක විදියට වෙනවාද බලන්න. රුපියල් 15ට ගන්න පුලුවන් විදුලි ඒකකය රුපියල් 32ට ගන්නවා. අවුරුදු 4ක් තිස්සේ බලයේ හිටියට මේ ආණ්ඩුවට වගකිමක් තිබුනේ නැද්ද විදුලි ප්‍රශ්නයක් ඇති වුනොත් කරන්නේ මොකක්ද කියලා. රටට වෙනසක් කරන්න ආපු මේ යහපාලන ආණ්ඩුවට දැක්මක් තිබුනේ නැද්ද. දැක්ම තිබුනේ මෙහෙ ලයිට් නිවෙන කොට තුර්කි නැවට අඩගහන්න තමයි. තුර්කි නැව ඇවිත් කැලනිතිස්ස බලාගාරය හරහා ලංකාවට විදුලිය දෙන කොට ලයිට් පත්තුවෙනවා වගේම මේකේ ඉන්න උන්නැහේලාට කොමිස් කුට්ටි කුට්ටි ලැබෙනවා. මේ අයට නත්තල් කන්න පුලුවන් වෙනවා. අපි බලමු 10 වෙනිදා වෙද්දි ලයිට් දෙන්නේ කොහොමද කියලා.

අද විදුලි බල ඇමැතිවරයා මුලින් මුදල් ඇමැති. අද මුදල් ඇමැතිවරයා හිටපු මුදල් ඇමැතිවරයාට චෝදනා එල්ල කළා.ඒ නිසා විදුලිබල ඇමැතිවරයා කල්පනා කරන්න ඇති මම මොකටද මුදල් ඇමැතිවරයාට දෙවැනි වෙන්නේ කියලා. අපේ මුලු රට වටේම මුහුද. දෙවියන්ගේ පිහිටෙන් අපි රටට දියලුණු ටික වෙනත් රටවලින් ගෙන්වනවා. රට වටේට මුහුද තිබුණත් අපේ මුදල් ඇමැති මාලු ටික ගෙන්වනවා. සියඹලා ගස් යට වැටිලා වැටුනු ඒවායින් අලුතෙන් පැලත් එනවා. එහෙව් රටේ සියඹලාත් 2018 වර්ෂයේ මෙරටට ගෙන්වලා. රටේ හැමදේම ආනයනය කරන කොට විදුලි බල ඇමැතිවරයා හිතන්න ඇති මම මොකටද දෙවැනි වෙන්නේ කියලා විදුලිබලයත් ආනයනය කරන්නේ. රටට අවශ්‍ය විදුලියත් ආනයනය කරන රටක් බවට පත් වෙලා. මිනිස්සුන්ට එදිනෙදා ජිවිතය ගත කරගන්න බැරි තත්ත්වයකට රට පත් කරලා ඉවරයි.

අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ ශ්‍රීලනිපමන්ත්‍රීවරු කිහිපදෙනෙක් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කිරිම ගැන අපේ ස්තූතිය පළ කරනවා. රට ගැන හිතලා මේ ආන්ඩුවට විරුද්ධ වෙන්න තියෙන හැම මොහෙතෙකම විරුද්ධ වෙනවා නම් මහජනතාව ඔවුන් දිහා සැලකිල්ලෙන් බලනවා. මේ ආනෟඩුව ජනතා ද්‍රෝහි, ජනතාවට එපා වුනු ආණ්ඩුවක්. ගෙදරක දානයක් තිබුණම එකී නොකී ආපු නාපු සියලු දෙනාට පින් දෙනවා වගේ මේ ආන්ඩුවට විරුද්ධ වෙනව හැමෝටම පිනක් ලැබෙනවා. ඒ තරමට මේ ආන්ඩුව දේශද්‍රෝහීයි. ශ්‍රිලනීප මන්ත්‍රීවරු බහුතරයක් ඡන්දය නොදි හිටියා කියන්නේ ජනතාවට ද්‍රෝහීකම් කරන ආන්ඩුවට පක්ෂ බවයි.

පහුගිය මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුනු මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය දුන්නා. ඒ අය පරදින බව දන්නවා. ගියපාරත් පැරදුනු අයනේ. මිනිස්සු මේ සියලු දෙනා නැවත ගමට එනකල් බලන් ඉන්නවා. ගම තමයි තින්දුව ගන්නේ. අපි දැක්කා ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේඛර කිව්වා අයවැය පරාජය කරන්න විපක්ෂයට වැඩපිළීවෙලක් තිබුනේ නැති බව. මෛත්‍රීපාල සිරිසේන මහතා ආන්ඩුව විසුරුවා හුරියේ මේ ආන්ඩුව තව දුරටත් තිබුනොත් රට විනාශ වෙන බවයි. ඒ නිසා මේ ආන්ඩුව ගෙදර යවන්න පියවර ගැනීමයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුණ විපක්ෂයේ අපි ලද සැනින් මේ ආණ්ඩුව ගෙදර යවන්න සුදානම්.

අයවැය ගැන වෙලෙද දැන්වීම් පත්තරවල පිටු පිරෙන්න දැම්මා. මේවා කියවලා ගම්වල මිනිස්සු කියන දේ බලාගන්න පුලුවන් ගමට ගියානම්. පිපාසය නිවාගන්න වතුර බවුසරය එනකල් ඉන්න වෙන්නේ  නැහැ කියලා වෙලද දැන්වීමක් දාන්නේලයිට් කපලා තියෙන වෙලාවේ. ලයිට් කපන්න කලින් ජල සම්පාදනයේ අයට ජෙනරේටර් ඔන් කරගන්න බැරිවුනාම වතුර බටෙන් වතුර එන්නේ නැහැ. ඒ වගේ වෙලාවට මෙහෙම දැන්විම් දාන විගඩම් ආණ්ඩුවක් තියෙන්නේ.රජයේ රෝහල්වලට ගිහින් ජෙනරේටර් තියෙන රෝහල් ගාන බලන්න. සියයට 90ට ජෙනරේටර් නැහැ. ඒ රෝගීන් වතුර විදුලිය නැතිව ඉන්නේ. ගමේ පාසලේ දූපතුන්ට පෝෂණීය කිරි විදුරුවක් කියලාත් දැන්විමක් දානවා. අමාත්‍යංශයකියනවා ආනයනය කරන කිරිවල රෝගකාරක 24ක් තියෙනවා කියලා.මේ කිරි වීදුරුව 2018 අයවැයෙත් මේ විදියටම තිබුණා.

රණවිරුවන්ගේ අභිමානය සුරකින්න කැපවුනු අයවැයක් තියලාත් වෙලද දැන්වීමක් තිබුණා. මේ ආන්ඩුව තරම් රණවිරුවන්ට සලකපු ආන්ඩුවක් ඉතිහාසයේ නැහැ. රට බේරාගත්ත රණ විරුවෝ ‌බෙල්ලෙන් අල්ලන් ගිහින් වැලිකඩ දැම්මා. .තමන්ගේ විශ්‍රාම වැටුප ඉල්ල ගෙන ආපු ආබාධිත රණවිරුවන්ට එලවා එලවා ගහලා රණ විරුවන්ගේ අභිමානය සුරකින්න කැපවුනු අයවැයක් කියලා දැන්විම් දානවා. රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් තමයි මේ අභීමානය දීලා තියෙන්නේ.

අපේ දරුවන්ට ඔක්ස්පර්ඩ්, ක්‍රේම්බිජ් වගේ විශ්ව විද්‍යාල වරම් කියලාත් දැන්වීමක් තිබ්බා. දැන්වීම දාපු දවසේම දරුවන්ට එලවා එලවා ගැහුවා.විශ්ව විද්‍යාල දරුවන්ට වැඩුපුරම ගැහුවේ මේ ආණ්ඩුවයි. සිසුවියන් 14ක් යවන්න දැන්වීමක් දාලා අපේ රටේ විශ්ව විද්‍යාල දරුවෝ අයිතිවාසිකම් ඉල්ලපුවාම සලකන හැටි අපි දැක්කා. මුලින්ම නාවනවා. කන්න දෙනවා. පස්සේ රෝහලටත් ගෙනිහින් දානවා. මේ ආණ්ඩුව ගැන කතාකරන්න දෙයක් ඇත්තෙම නැහැ.

මැතිවරණ කොමසාරිස්වරයා පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න තිරණය කරලා තියෙනවා කියලා ජනාධිපතිවරයාට ලිපියක් යවලා තියෙනවා. ඒක හොදයි. මේ ආන්ඩුව ජනතා මැතිවරණවලට බයයි. පාර්ලිමේන්තුවේ ඇතුලේ ඔලුගෙඩි ඡන්දයකට විතරයි මේ ආණ්ඩුව බය නැත්තේ. වරදාන පූජාවට්ටි හරියට දෙන ආන්ඩුවක්නේ. අපේ අයවැය තියෙන්නේ පස්වෙනිදා කියලා වරදාන පූජාවට්ටි දීලා වැඩේ කරගන්න පුලුවන්. අද පළාත් සභා ඡන්දය තියාගන්න ශ්‍රේෂ්ඨාදිකරණයට යන්න වෙලා. ඒවුනාට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේනම් වෙලාවටත් කළින් මැතිවරඛ තිබ්බා.

මැතිවරණ කොමිෂමේ කෙනෙක් හිටියා. එතුමා අධීකරණයට ගියානේ පහුගිය ආන්ඩුව අවස්ථාවේ. මම මේ එතුමා හොයනවා. ඒ වුනාට හොයාගන්න නැහැ. එදා ඒ විදියට අධිකරණයට ගියා නම් අදත් පළාත් සභා මැතිවරණය වෙනුවෙන් එතුමාට අධීකරණයට යන්න වෙනවානේ. දැන් අයවැයේ ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා. අද දවස වෙද්දි රෝහල් වැඩ වර්ජනය. රාත්‍රියේ දුම්රිය වැඩ වර්ජනය. රටපුරා ඉන්න ඉංජිනේරුවරයොත් කොළඹට එන්න ඉන්නේ ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නයකට. 10 වැනිදාට රවී විදුලිය දීලා උච්ච වෙන්න හදනවා. වැටුප් නැහැ කියලා විදුලි ඉංජිනේරුවෝ මොනවා හරි කලොත් මේ රවි නීච වෙනවා.

මාතර සිට බෙලිඅත්තට අභිනව දුම්රිය මාර්ගය විවෘත කරමින් ආන්ඩුව අලුත් ගමනක කියලා දැන්වීමක් දාලා.

මේ ආණෟඩුවේ ලැජ්ජා නහරයයි හිරිකිත නහරයයි දෙකම කපලා. දකුණට දුම්රිය මාර්ගයක් ගෙන ගියේ කවුද. කොට්ටාව අන්තර් හුවමාරුව ගෙනාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒවුනාට අගමැතිතුමා ගිහන් අම්මා තාත්තාගේ භූදලේ වගේ විවෘත කරනවා. මේ ආන්ඪුව තමන් මුල්ගල තියලා තමන් හදලා ජනතා අයිතයට පත්කරපු එක වැඩක් තියෙනවාද. තව ටික කාලකෙින් මංගල සමරවීරගේ වැසිකිලි ටික නම් පෙන්වන්න පුලුවන්.

අපි විපක්ෂයේ ඉදන් කරන අන්තිම මැයි රැලිය මෙවර කරනවා. අති දැවන්ත ජන සහභාගීත්වයකින් කරන මේ රැළීයට ආන්ඩුවෙන් බැට කන ජනතාවගෙන් පීරෙනවා. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂ හා වෘත්තීය සමිති මේ අවස්ථාව සාර්ථක කරගන්න එකතු වෙලා ඉන්නවා.

මාධ්‍ය – ඇමරිකානු අධීකරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එන්තර වාසියක් දුන්න බවක් සමාජ මාධ්‍ය වාර්තා කරනවා. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් ගොනුකර නඩුවක් සම්බන්ධයෙන්.

රෝහිත අබේගුණවර්ධන – අනාගතයේ රට ගැන හිතලා තීන්දුවක්ගන්න යන වෙලාවක ඔය වැගේ අරළු බුළු එනවා. නමුත් රටේ ජනතාව ඔහු එනතෙක් බලාගෙන ඉන්නවා.

ජී. එල්. පිරිස්- පුරවැසිභාවය අත හරින්න හදන විට බලහත්කාරයෙන් තියාගන්නේ මොන රටද. ඔහු පුරවැසිභාවය අස්තකර ගන්න තිරණය කරනවා නම් බලකරලා පුරවැසිභාවයේ තියාගන්නේ මොන රටද . ඒක මානව හිමිකම්වලට ජාත්‍යන්තර නීතියට ගැලපෙනවා

මාධ්‍ය – ඒ නඩු කටයුත්ත අවසන් වෙනතුරු පුරවැසිභාවය අහෝසි නොකර ඉන්න පුලුවන් නේද

ජී. එල්. පීරිස් – කොයි විදියේ නඩුවක්ද, ඒකට හරයක් තියෙනවාද.මොන චේතනාවෙන්ද  නඩු පවරන්නේ කියලා බලන්න වෙනවා. නඩුවක් දාපු පමණින් පුරවැසිභාවය ඉවත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ සම්ප්‍රධායක් ලෝකේ නැහැ. මේක පළිගැනිමක්

රෝහිත අබේගුණවර්ධන – ආණ්ඩුව පෙරලීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා කිහිප වරක් ඇමරිකාවට ගිහින් ආවා. අද ලංකාදිප පුවත්පත වාර්තා කරනවා ද්විත්ව පුරවැසිභාවය අහෝසිකරගෙන ඔහු නැවත 10 වැනිදා ලංකාවට එනවා කියනවා. එතුමා මිට කළින් ඇමරිකාවට යන අවස්ථාවල ඔය කියන දේ කරන්න තිබුණා. මේ සියල්ල පිටුපස ඉන්නේ යහපාලන ආන්ඩුව

ජි. එල්. පීරිසි – සිතාසියක් නිකුත් කරද්දි මොන සිද්ධියක් සම්බන්ධයෙන්ද සිතාසියක් ඉදිරිපත් කරන්නේ කියලා හිතනවා. අද ඊයේ සිදුවුන දෙයක් නම් එහෙම සිතාසියක් නිකුත් කරන්න පුලුවන්. අවුරුදු 10ට පමණ පෙර වුනු දෙයක් සම්බන්ධයෙන් මේ විදියට වෙන්නේ ඇයි. අධිකරණය කූඨ අරමුණ ඉටු කරගන්න ඉඩ සලසන්නේ නැහැ.

මාධ්‍ය – ලංකාවේ වුනු දෙයක් සම්බන්ධයෙන් ඇමරිකාවේ නඩු දාන්න පුලුවන්ද.

ජි. එල්. පීරිස් – නැහැ. ශ්‍රී ලංකා ආන්ඩුක්‍රම ව්‍යවසථාවට අනුව අධීකරණ බලය කිුයාත්මක කරන්නේ ශ්‍රි ලංකාවේ අධීකරණයයි.

මාධ්‍ය – නමුත් ඔහුට ද්විත්ව පුරවැසිභාවය තියෙනවානේ

රෝහිත අබේගුණවර්ධන – ලංකාවේත් ඔය සම්බන්ධයෙන් පරීක්ෂණ කලානේ. මේ රජය ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂපාත රජයක්ද. අවුරුදු හතරයි මාස තුනක් එවැනි දෙයක් තිබුණා නම් හොයා ගන්න තිබුණා නේ.

ජි. එල්. පිරිස් – අධීකරණ පද්ධතිය වැරදි අරමුණට යොදා ගනී නම් ඒ නඩුව පැවරීමේ ක්‍රියාවත් සාපරාධි ක්‍රියාවක්. මේ කරන පුද්ගලයින්ට විරුද්ධව යම් යම් නිතිමය ක්‍රියාමාර්ග ගන්න ඉඩ තියෙනවා.

මාර්ග – අයවැය පරාජයෙ කරන්න ඡන්දය නොදි සාකච්ඡා පවත්වලා තේරැමක් තියෙනවාද

රෝහිත අබේගුණවර්ධන -ජනාධිපතිවරණයකදි ජනතාව ඉන්නේ කදවුරු දෙකකයි. මේ කදවුරු දෙකේදි රටට ආදරයට කරන කදවුරේ අපි හිටගන්නවා. රට විකුණන් කන අය එජාපයත් එක්ක හිට ගන්නවා.ගමේ මනුස්සයා හිටගන්නෙත් රටට ආදරේ කරන කදවුරත් එක්කයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress