අලුත් අවුරුද්දට අලුත් සිතුවිල්ලක් …
Posted on April 11th, 2019

“ඊමේල් ශ්‍රීලංකා” group

පිංවත් ඔබ උදෑසන, එසේත් නැතිනම් රාත්‍රියට, කායික පිරිසිදුභාවය ඇතිකරගෙන, තෙරුවන් සරණ පිහිටලා, උතුම් පංචසීලය සමාදන්වන අවස්‌ථාවේදි, පිංවත් ඔබ ජීවිතයට එකතුකොට ගන්නේ,සද්ධාවත් දානයත් ශීලයත් කියන අර්ථයන් තුන පමණක්‌මයි. මේ තත්ත්වය හරිම අවාසනාවක්‌. අතීතයේ වැඩසිටි රහතන්වහන්සේලා පහන් දැල්ලක්‌, පිරිසිදු රෙදිකඩක්‌, පරවීයන ලස්‌සන මලක්‌, බිඳී ගිය සිල්පදයක්‌ කමටහන් කොටගෙන ආර්ය ශ්‍රද්ධාවත්, ආර්ය ශීලයත්, ආර්ය සමාධියත්, ආර්ය ප්‍රඥාවත් මතුකොටගන්න දක්‍ෂ වුණා.. නමුත් අපි තවමත් දිනපතා බුදු සමිඳුන්ට පහන් ආලෝකයන් දල්වමින්, ලස්‌සන සුවඳ මල් පූජා කරමින්, තෙරුවන් කෙරෙහි සද්ධාවත්, දානයත්, ශීලයත් කියන අර්ථයන් ළඟ නැවතී සිටිනවා. මේ දුර්වලතාවයට ප්‍රධානම හේතුව, උතුම් සද්ධර්මය නුවණින් මෙනෙහිකර දැකීමට ඇති අදක්‍ෂභාවයයි.

පිංවත් ඔබ ලබන්නාවූ සිංහල අලූත් අවුරුද්දේ පටන් මොනම හේතුවක්‌ නිසාවත්, දිනපතා සම්බුද්ධ වන්දනාව සිදුකොට, පංචශීලය සමාදන්ව, මෛත්‍රී, සමාධි භාවනාවන් ප්‍රගුණකොට, සප්තබොඡ්ජංග ධර්මයන්ගේ ආශ්වාදයට බැඳී, ඉරියව්වෙන් නැගීසිටින්න එපා. සෑම විටම සප්තබොඡ්ජංග ධර්මයන් තුළින් සකස්‌ කොට දුන්, නොවිසුරුණු, උපේක්‍ෂා සහගත සිතින් සප්ත බොඡ්ජංග ධර්මයන්ගේම අනිත්‍යභාවයත්, පිංවත් ඔබ සකස්‌කොටගත්තා වූ සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවයත් එක විනාඩියක්‌ හෝ නුවණින් දකින්න. ගිහි පිංවතුන්ලා තමන්ට ලැබෙන විවේකය අනුව සිදුකරන කෙටි බුද්ධ වන්දනාවේදී හෝ ඔබ තුළ සකස්‌වෙන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, සමාධිය කියන ධර්මතාවයත්, ආර්ය ශ්‍රද්ධාවත්, ආර්ය ශීලයත්, ආර්ය සමාධියත් තුළින්, ආර්ය ප්‍රඥාවක්‌ බවට පත්කොටගන්න දක්‍ෂ වෙන්න. මේ දක්‍ෂභාවය තුළයි පිංවත් ඔබ යම් දවසක පහන් දැල්ලක ආලෝකයේ අනිත්‍යභාවය දැකලා, ලස්‌සන මලක්‌ පරවෙනවා දැකලා, පිරිසිදු රෙදිකඩක්‌ කිළිටිවෙනවා දැකලා, චතුරාර්යසත්‍ය ධර්මයන් අවබෝධ කොට ගැනීමට අවශ්‍ය, විදර්ශනාමය ආර්ය ප්‍රඥාවට මාර්ගය දියුණු කොටගන්නේ.

එමනිසා පිංවත් ඔබ ‘මට සමාධිය, ප්‍රඥාව නැහැ’ය කියන විචිකිච්ඡා සහගත සිත , ‘මට ප්‍රඥාව ලැබීමට පාරමිතා මදි’ය කියන මෝහ මූලික සිත දුර්වලකොට, සමාධිය ප්‍රඥාව ප්‍රගුණ කිරීම වයසට යනතෙක්‌ කල්දමන්නේ නැතිව, දිනපතා පිංවත් ඔබ සිදු කරන සම්බුද්ධ වන්දනාව තුළිනුත්, ආර්ය සමාධියක්‌, ආර්ය ප්‍රඥාවක්‌ ජීවිතයට එකතුකොටගෙන, ප්‍රමාදී භාවයට පත්වූ ලෝකය තුළ, අප්‍රමාදීභාවයට පත්වූ දක්‍ෂයෙක්‌ වෙන්න.

පිංවත් ඔබ මේ මොහොතේ පටන්, අලුත් විදිහට සිතන්න පුරුදුවෙන්න. පිංවත් ඔබ උදෑසන බුද්ධ වන්දනාව සිද්ධකරලා පංච ශීලය සමාදන් වන විට, ඔබ නොහඳුනන, නමුත් ඔබ තුළ සකස්‌ වෙන ධර්මතාවයන් තිබෙනවා. එම ධර්මතාවය තමයි සප්තබොඡ්ජංග ධර්මයන්. පිංවත් ඔබ බුද්ධ වන්දනාව සිදුකරන කොට ඔබ තුළ සකස්‌වෙන සති, ධම්මවිජය, වීර්යය, ප්‍රීති, පස්‌සද්ධි, සමාධි, උපේක්‍ෂා කියන ධර්මයන් මුලින්ම හඳුනාගන්න ඕනේ. පිංවත් ඔබ සම්බුද්ධ වන්දනාව කරනකොට, සිල් සමාදන් වෙනකොට, දන් පූජා කරනකොට ඔබ තුළ වැඩෙන සප්ත බොඡ්ජංග ධර්මයන්ගේ සමාධිය, උපේක්‍ෂාව කියන අර්ථයන්ගෙන් ගතහැකි විදර්ශනාමය ශක්‌තිය, ජීවිතයට එකතුකොටගන්නේ නැහැ. පිංවත් ඔබ සම්බුද්ධ වන්දනාවෙන් අනතුරුව ඔබ තුළ සකස්‌ වෙන, සමාධිය උපේක්‍ෂාව ආශ්වාදයක්‌ හැටියට විඳීමටයි ඔබතුළ කැමැත්ත සකස්‌වෙන්නේ.

පිංවත් ඔබ අහලා ඇති සමහර පිංවතුන් කියනවා ‘බුද්ධ වන්දනාවෙන් පස්‌සේ, මගේ සිත හරිම සැහැල්ලූයි’ කියලා. ‘පසලොස්‌වක පොහොය දවසට, ශිල් පවාරණය කළාට පස්‌සේ, මගේ සිතට හරිම සැහැල්ලූවක්‌ දැනෙනවා’ය කියලා. ‘ධර්ම දේශනාව ශ්‍රවණය කළාට පස්‌සේ හරිම සැහැල්ලුවක්‌ දැනෙනවා’ ය කියලා. මේ ඔබ ප්‍රකාශ කරන ‘සිතට හරිම සැහැල්ලුවක්‌ දැනෙනවා’ ය කියන අර්ථය, සප්තබොඡ්ජංග ධර්මයන්ගේ ආශ්වාදයයි. පිංවත් ඔබ තුළ බුද්ධ වන්දනාවෙන් අනතුරුව සකස්‌වෙන මෙම සමාධිමත් උපේක්‍ෂාසහගත සිත, දක්‍ෂ ආකාරයෙන් කළමනාකරණය කරගැනීමට ඔබ තුළ ඇති අදක්‍ෂභාවය නිසාම, හුඟක්‌ පිංවතුන් බුද්ධ වන්දනාව අවසානයේ ඇතිවන සමාධිමත් සිතේ ආශ්වාදය විඳිමින්, ඒ ආශ්වාදය අවසානයේ පංචනීවරණ ධර්මයන්ට අයිති කාමච්ජන්දයන් දෙසටම යොමුකර ගන්නවා. ඉහත වැරැද්ද පිංවත් ඔබ අතින් මෙහෙම සිදුවී තිබෙනවා නම්, මේ ලබන්නාවූ සිංහල අලූත් අවුරුද්දෙදි, එම අතීත වරද නිවැරදි කරගන්න දක්‍ෂ වෙන්න.

පිංවත් ඔබ දිනපතා තෙරුවන් සරණ පිහිටලා, පංචශීලය සමාදන්වෙලා, බුද්ධ වන්දනාව සිදුකරලා, ඔබතුළ සකස්‌වුණ ශ්‍රද්ධාවත්, ශීලයත්, දානයත් කියන අර්ථයන්, සම්බුද්ධ වන්දනාවෙන් අනතුරුව, ඔබ තුළ සකස්‌වෙන සප්ත බොඡ්ජංග ධර්මයන්ට අයත් සමාධිමත් සිතින්, නොවිසිරුණු සිතින්, බුද්ධ වන්දනාව කළ ඉරියව්වෙන් මොහොතක්‌ සිටිමින්ම, බුදුරජාණන් වහන්සේත්, ධර්ම රත්නයත්, සංඝ රත්නයත්, අනිත්‍ය වන ධර්මතාවයන්ම බව නුවණින් දකින්න. බුදුසමිඳුන්ට පූජා කළා වූ පූජාවන් තුළින් ලැබෙන සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. බුද්ධ වන්දනාව හේතුවෙන් සකස්‌වුණ, සප්තබොඡ්ජංග ධර්මයන්ට දිය හැකි ශ්‍රේෂ්ඨම ආයෝජනය ලබාදෙන්න ඔබ දක්‍ෂ වෙන්න.

බුද්ධ වන්දනාව සිදුකිරීමේදී, උතුම් පංචශීලය සමාදන් වීමේදී, සැබෑම අර්ථය විය යුත්තේ, ඉහත ධර්මයන් තුළින් සමාධිමත්, නොවිසුරුණු සිතක්‌ මතුකොට ගැනීමටයි. පිංවත් ඔබ මතුකොටගත් සමාධිමත් සිතින්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, ශීලයත්, දානයත් තුළින් ලැබෙන සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දකින තැන, ඔබ සිදුකරන බුද්ධ වන්දනාව තුළිනුත්, පිංවත් ඔබට ආර්ය ශ්‍රද්ධාවක්‌, ආර්ය ශීලයක්‌, ආර්ය සමාධියක්‌, ආර්ය ප්‍රඥාවක්‌ මතුකොට ගැනීමට හැකියාව තිබෙනවා. පිංවත් ඔබ දිනපතා සිදුකරන සම්බුද්ධ වන්දනාව තුළිනුත්, මෙතරම් විදර්ශනාමය ශක්‌තියක්‌ ජීවිතයට එකතුකොට ගැනීමට හැකියාව තිබියදී, පිංවත් ඔබ සම්බුද්ධ වන්දනාව සිදුකර අවසානයේ ‘සිත හරිම සැහැල්ලූයි’ කියමින්, ඔබ තුළ වැඩුණු සප්තබොඡ්ජංග ධර්මයන්ගේ ආශ්වාදය බැඳී, කෑම මේසයේ වාඩිවෙන්න යනවා නම්, නින්දට යනවා නම් එය හරිම අවාසනාවක්‌ වෙනවා. මේ අවාසනාවන්ත දැක්‌ම නිසා, ගෙවීගිය ජීවිත කාලය පුරාවට ඔබ සිදුකළ සම්බුද්ධ වන්දනාවන්හිදී පමණක්‌, මොන තරම් විදර්ශනාමය අවබෝධයක්‌, ඔබ ජීවිතයට අහිමිකොටගෙන තිබෙනවාද කියලා මොහොතක්‌ මෙනෙහි කරන්න.

ඒ වගේමයි පිංවත් ඔබ, ලබන්නා වූ අලූත් අවුරුද්දෙදි ඔබ තුළ සකස්‌ වුණ කුසල් සිතත්, අකුසල් සිතත්, රැකුණු සිල් පදයත්, බිඳුණු සිල් පදයත් දෙකම විදර්ශනාවෙන් මතුකොට දැකීමට ඔබ දක්‍ෂ වුණොත්, සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය තුළින් දැකීමට ඔබ දක්‍ෂ වුණොත්, කුසල් අකුසල් සංස්‌කාරයන් දෙකම ඉදිරියේදී, සෑම නිමේෂයකම ඔබ ආර්ය ප්‍රඥාව ජීවිතයට එකතුකොගැනීමේ ක්‍රියාන්විතයේ යෙදුණා වෙනවා. මේ ආර්ය ප්‍රඥාව, ආර්ය සමාධිය, ආර්ය ශීලය, ආර්ය ශ්‍රද්ධාවෙන් පෝෂණය වෙලයි තිබෙන්නේ. මේ උතුම් විදර්ශනාමය දැක්‌ම තුළයි, ලෝකයේ පහළ වූ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනාකොට වදාළ, උතුම් ධර්මරත්නයේ සැබෑම අර්ථය වන, අකුසල් දුරුකරගන්න, කුසල් ධර්මයන් වඩන්න, කුසලයන් අකුසලයන් තුළින් රැස්‌වෙන සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්නය කියන උතුම් ධර්මරත්නයේ අර්ථය මුහුවෙලා තිබෙන්නේ.

මේ උතුම් අර්ථය නිවැරදිව ජීවිතයට එකතුකොටගත් පිංවතාමයි, ලෝකයේ දුර්ලභම බුද්ධෝත්පාද කාලයක, උතුම් ශ්‍රී සද්ධර්මයේ ප්‍රයෝජනය අර්ථවත්ව ජීවිතයට එකතුකොටගත් දක්‍ෂයා බවට පත්වන්නේ. ලබන්නා වූ සිංහල අලූත් අවුරුද්දේ, පිංවත් ඔබට ලැබිය හැකි, පිංවත් ඔබ විසින් තවකෙනෙක්‌ වෙනුවෙන් ලබාදිය හැකි මීට වඩා වටිනා අලූත් අවුරුදු තෑග්ගක්‌ නොමැති බව නුවණින් තේරුම් ගන්න පිංවත් ඔබ දක්‍ෂ වෙන්න.

ලබන්නා වූ අලුත් අවුරුද්දේ ඔබේ පුතා, දුව, ඔබට ටිකක්‌ අකීකරු වුණොත්, ඔබ ඒ ගැන සිතලා අකුසල් රැස්‌කොට ගැනීමට අවශ්‍ය නැහැ. මම අතීතයේ මගේ දෙමාපියන්ට අකීකරු වී ඇතැයි සංස්‌කාර අනුව සිතා ගලපාගන්න. එවිට තම දරුවාගේ අකීකරුභාවය තුළිනුත්, ආර්ය ප්‍රඥාවයි පිංවත් ඔබ එකතුකොටගන්නේ. ඔබ ඉදිරියට පැමිණෙන හැම කැමති, අකමැති, විඳීමක්‌ කෙරෙහිම සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය මතුකොට දකිමින්, ඔබතුළ ඇතිවෙන උපේක්‍ෂා සහගත සිතත් අනිත්‍යවූ සංස්‌කාරයක්‌ම බව දකින්න දක්‍ෂවෙන්න.

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතු වාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා !

3 Responses to “අලුත් අවුරුද්දට අලුත් සිතුවිල්ලක් …”

  1. Hiranthe Says:

    Is this Rajagiriye Ariyagnana Hamuduruwo?

    He looks shining and radiating meththa.. He must be a Arahath living today.

  2. Christie Says:

    International Truth and Juatice Project has failed to keep Gota in USA with their case filed in a California Court; whhich is the biggest Indian ghetto in USA. This project is headed by Yasmin Sooka an Indian Colonial Parasite from South Africa and people like Frances Harrison from UK a British sucker of Indian Empire. This is another loss for Indian Union, Indian Empire, Indian intelligence services. Indian Colonial Parasites, Indian Parasites, Indian Lobby in the West and Indian suckers like Francis Harrison. ITJP no, +44 (0) 7946488089. This woman who worked for Amnesty International, BBC etc is an anti Sinhala and pro Indian woman. Works with Indian Colonial Parasite Yasmin Sooka an Indian Colonial Parasites from South Africa and Ceylon etc.
    We the victims of Indian imperialism and colonialism should unite and stan up to India and Indian Parasites out of India. See what India has done to the natves of Andaman and Nicobar Islands.
    BBC a British apparatus have to look after thr Parasites who sucked the wealth from the tropical colonies and gave some to the British. It is time to decolonize Indian Colonies specially the African ones like Durban South Africa where Indian Colonial Parasites like Yasmin Sooka are making millions.

    International Truth and Juatice Project has failed to keep Gota in USA with their case filed in a California Court; whhich is the biggest Indian ghetto in USA. This project is headed by Yasmin Sooka an Indian Colonial Parasite from South Africa and people like Frances Harrison from UK a British sucker of Indian Empire. This is another loss for Indian Union, Indian Empire, Indian intelligence services. Indian Colonial Parasites, Indian Parasites, Indian Lobby in the West and Indian suckers like Francis Harrison. ITJP no, +44 (0) 7946488089. This woman who worked for Amnesty International, BBC etc is an anti Sinhala and pro Indian woman. Works with Indian Colonial Parasite Yasmin Sooka an Indian Colonial Parasites from South Africa and Ceylon etc.
    We the victims of Indian imperialism and colonialism should unite and stan up to India and Indian Parasites out of India. See what India has done to the natves of Andaman and Nicobar Islands.

  3. Hiranthe Says:

    @ Christie,

    I heard that in India they do a special pooja once a year gathering 100’s or 1000 people and at the end of the long ritual, they burn a model of Sri Lanka.

    Is this true?

    If that is the case, why our governments keeping quiet?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress