මොහොමඩ් සහරාන් හෂීම්
Posted on April 23rd, 2019

වෛද්‍ය රුවන්  එම් ජයතුංග

මොහොමඩ්  සහරාන් හෂීම් 
නුඹගේ දෙවියන් නොඅදහන 
 මිත්‍යාදෘෂ්ටිකයන් පිරිසක්  
මරාගෙන මැරී යාමට නුඹ සිතුවාද ?

ස්වර්ගයට ගොස්  
කන්‍යාවන් දහසය දෙනෙකුගේ  
පහස ලබමින්  
කිරි සහ මීපැණි  බීමට 
නුඹ සිතා සිටියේද ?    

මධ්‍යකාලීන යුගයේ  
ආගමික අන්තවාදීන් විසින්  
ඔටු සම් වල ලියූ ප්‍රලාප 
ශුද්ධ වූ දේව වාක්‍ය  කියා නුඹ සිතුවාද ?  

මිනිස් බෝම්බයට බිළිවූ  
අහිංසක මිනිසුන් ගේ  ලෙයින් තෙත් වී ගිය  
රත් පැහැවූ පොළව නුඹ දුටුවේද ?  

ඔවුන් ගේ ඥාතීන්  
වියෝග දුකින්  
නඟනා විළාප  
නුඹට නොඇසුනේද ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress