වංචාකාරී දූෂිත පුද්ගලයෙකු ආරක්‍ෂක ලේකම් කිරීම නිසා ජාතික ආරක්‍ෂාව බිඳවැටුනා
Posted on April 28th, 2019
මාධ්‍ය නිවේදනයයි All Ceylon Railway Employees’ General Union
රජයේ භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් හා ජනතාව සතු මුදල් පුද්ගලික පරිහරණයට යොදගන්නා වංචාකාරී දූෂිත පුද්ගලයෙකු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් බවට පත්කිරීම නිසා ජාතික ආරක්‍ෂාවට ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල වී ඇත. පසුගිය පාස්කු ඉරිදා එනම් අප්‍රේල් 21 දින කතෝලික පල්ලි කීපයකට හා ප‍්‍රධාන පෙලේ හෝටල් කීපයකට මෙන්ම තවත් ස්ථාන කීපයකටම එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය මගින් ගම්‍ය වන්නේ ජාතික ආරක්‍ෂාවේ බිඳවැටීම බව අවධාරණය කර සිටිමු.
ජාතික ආරක්‍ෂාව භාරව කටයුතු කළ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, හේමසිරි ප‍්‍රනාන්දු මහතා, ජාතික ආරක්‍ෂාව පිළිබඳ මෙලෝ අවබෝධයක් නැති පුද්ගලයෙකු බව, ඔහුගේම ප‍්‍රකාශවලින් රටට දැනගැනීමට හැකි වූ බවත්, ජාතික ආරක්‍ෂාව පිළිබඳ සොයා බලනවාට වඩා, තමා සතු ජාවාරම් පිළිබඳව සොයා බැලීමට කටයුතු කළ බවත් ඉතා පැහැදිලිය.
දුම්රිය දෙපාර්තමේන්තුව ස-තු ”වෛස්රෝයි ” (Viceroy) නමින් හැඳින්වෙන විශේෂ සුඛෝපභෝගී දුම්රිය ධාවනය කිරීමේදීත් ”වෛස්රෝයි 2 ” (Viceroy – 2) විශේෂ සුඛෝපභෝගි දුම්රිය මැදිරිය ධාවනය කිරීමේදීත්, T-1-515
දරණ විශේෂ රේල් කාර් රථය ධාවනය කිරීමේදීත්, කොළඹ කොටුව දුම්රිය ස්ථානය පරිශ‍්‍රයේ ඇති රේල් ටුවර්ස් කාර්යාලය පවත්වාගෙන යාම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් තුන්කෝටි තිස් අට ලක්‍ෂයකට (33800000/=) ආසන්න මුදලක් හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් ගෙවිය යුතුව ඇත. දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ මැදිහත් විම අනුව ප‍්‍රවාහන අමාතයාංශයේ හිටපු ලේකම් වරයාගේ මැදිහතවීමෙන්, ඉන් රුපියල් එක් කෝටි දස ලක්‍ෂයකට (11000000/=) ආසන්න මුදලක් ගෙවීමට හේමසිරි ප‍්‍රනාන්දු මහතා එකඟ කරගෙන තිබුනත්, එම මුදල හෝ ඉතිරි මුදල් තවමත් කොටස් වශයෙන් හෝ ගෙවා නැත. එමෙන්ම මහජන බැංකුවේ සභාපති වශයෙන් කටයුතු කරන කාල සීමාව තුල එම තනතුරේ අධිකාරි බලය යොදාගෙන මහජන බැංකුව සතු රුපියල් මිලියන 300 ක් අවභාවිතාවට ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව සතු භූමිය හා ගොඩනැගිලි යොදාගනිමින් හා ආරක්‍ෂක ලේකම් ධූරයේ බලතල පාවිච්චි කරමින් නාවික හමුදා නිලධාරීන් යොදාගෙන ජාතික කෞතුකාගාරයක් නමින් වෙනම ම ජාවාරමක් කරමින් ඇත. දුම්රිය ආඥා පනතට පටහැනිව දෙපාර්තමේන්තුවේ නම යොදා ගනිමින් කිසිදු අනුමැතියකින් තොරව Railway Museum Guarantee Ltd නමින් සමගමක් පවත්වාගෙන යමින් ඇත. මුදල් මත පදනම්ව ඒ සඳහා ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ඇතැම් දේශපාලන නායකයන්ගේද ආශීර්වාදය ලැබී ඇත. සතියේ සෑම දිනකම රජයේ ආරක්‍ෂාව සහිතව, හේමසිරි ප‍්‍රනාන්දු මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ගතකරන කාලයට වඩා වැඩි කාලයක් දුම්රිය අංඟන වල ගතකළේය. දුම්රිය නිලධාරීන්ට නියෝග දුන්නේය. දුම්රිය ගැන පොත් අළෙවි කළේය. ඔහුගේ ජාවාරම් වලට ජනාධිපති වරයා ද උදව්කර ඇති බවද දැනගැනිමට ඇත. එබැවින් රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ අවධානය යොමු කරනවාට වඩා වැඩි කාලයක් හා වැඩි අවධානයක් මෙම ජාවාරම් ගැන සෙවීමට හේමසිරි ප‍්‍රනාන්දු මහතා කටයුතු කළේය. මීට අමතරව ටෙලිකොම් ආයතනයේ සභාපති වශයෙන් කටයුතු කිරීමේදීත්, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙස කටයුතු කිරීමේදීත්, මහජන බැංකුවේ සභාපති වශයෙන් සිටියදී මහජන බැංකුව ඩිජිටල් කරණය කිරීමේදීත්, දූෂිත මුදල් ගණුදෙනු රාශියක් සම්බන්ධයෙන් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ නම පුවත්පත් වල ඕනෑතරම් පලවී තිබුණි.
සනාථ කළ හැකි දූෂිත මුදල් ගණුදෙනු හා ජාවාරම් ගොන්නක් පිළිබඳව කරුණු අනාවරනය වී තිබියදීත්, අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් අයි.එච්.ඒ. මහනාම මහතා සේවයෙන් ඉවත් කිරීමෙන් පසු ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානියා බවටත්, ඉන්පසු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙසත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබුවේ හේමසිරි ප‍්‍රනාන්දු මහතාය.
අමාත්‍යාංශ ලේකම් වරයෙක් හැම විටම පරිපාලන සේවයේ පළපුරුදු නිලධාරියෙකු විය යුතුය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් හැම විටම ජාතික ආරක්‍ෂාව පිළිබඳ හසල දැනුමක් හා පළපුරුද්දක් ඇති නිලධාරියෙක් විය යුතුමය. ඒ කිසිවක් ගැන නොසලකා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා සමග ඇති පුද්ගලික ඇයිහොඳයිකම පමණක් සලකා දූෂිත ජාවාරම් කාරයෙකු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර ගැනීම නිසා රටට ඇතිවී තිබෙන තත්වය ඉතා බරපතලය. රාජ්‍ය නිලධාරියෙකුට ව්‍යාපාර කිරීමට අවසරයක් නොමැත්තේ අන්කිසිවක් නිසා නොව, නිරවුල් මනසකින් යුතුව, යුක්තිය සහගතව අදාල තනතුරෙහි රාජකාරී වගකීම කාරයක්‍ෂමවත් අනලස්වත් අවංකව නිසි පරිදි ඉටුකිරීමේ අවශ්‍යතාව නිසාය. හිරගෙදර සිටිය යුතු පුද්ගලයින්ට රජගෙදර රැකවරණය ලබාදීමෙන් ජනාධිපති වරයා මුළු රටම ඛේදජනක තත්වයකට පත්කර ඇත. රටේ ජනජීවිතය අවුල්සහගත තත්වයකට පත්කර ඇත. රාජ්‍ය සේවය විනාශකර ඇත. රටේ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය සුනුවිසුණුකර ඇත. එවන් තත්වයක් තුල හේමසිරි ප‍්‍රනාන්දු මහතාට ආරක්‍ෂක ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමට උපදෙස් දීමෙන් පමණක් ප‍්‍රශ්නයට විසඳුම් නොලැබුණු ඇත. එහෙත් මේ තත්වය තුල හෙට දවසේ හේමසිරි ප‍්‍රනාන්දු මහතා විදේශ තනතුරකට හෝ වෙනත් රජයේ වගකිවයුතු තනතුරකට පත්නොවේයැයි කිව හැක්කේ කාටද?.
එසේ නොවන්නටනම්, හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ සියළු ජාවාරම් ගැනත්, දූෂිත මුදල් ගණුදෙනු ගැනත් වහාම පරීක්‍ෂාකර ඔහුට එරෙහිව නීති මගින් කටයුතු කළ යුතු බවත් අවධාරනයෙන් පෙන්වා දිය යුතුය.
ස්තූතියි.
මෙයට, විශ්වාසීය,
එස්.පී.විතානගේ
ප‍්‍රධාන ලේකම්,
April 28th, 2019 at 4:57 am
Most of the high ranking positions in our country requires the approval of India.
I have observed this from the fact of appointing the Police Commissioner as soon Sirisena was installed by India with the Indian Parasites block vote.
I am sure this man had more instructions from Indian interests.